විදු නැන නුවණ – Science Literacy for All

ෆොසිල් අධ්‍යයන විද්‍යාවට (Paleontology) කෙටි හැඳින්වීමක්

Television Programme ‘ DINOSAUR PLANET ‘
Christian Slater narrates an animated journey through time, beginning with the story of a lone female velociraptor trying to survive in
Asia’s Gobi Desert.

පුරා තත්ත්ව විද්‍යාව (පාෂාණීය ධාතු විද්‍යාව යනුවෙන් ද හැඳින් වේ.) හෙවත් පොසිල අධ්‍යයන විද්‍යාව ක්‍රියාදාම ගණනාවක් මත රඳා පවතී. මුල්ම ක්‍රියාදාමය වැළලෑමයි(burial). පාෂාණ ඉතා කුඩා අංශු මගින් අස්ථි වැළලී යාම මෙම ක්‍රියාදාමය ලෙස දැක්විය හැකියි. දෙවැනි ක්‍රියාදාමය නැතිනම් ක්‍රියාවලිය හැඳින්වෙන්නේ පාෂාණිභූතවීම හෙවත් ෆොසිලවීම ලෙසටයි. වැළලී ගිය අස්ථිය ගල් බවට පත් කරන රසායන විපර්යාසයන් මාලාව ඉන් හැඟ වේ. නිරාවෘතිය හෙවත් නිරාවරණය (exposure) තුන්වැනි ක්‍රියාදාමයයි. කාලය ඉක්මයත්ම, ගල් වූ පාෂාණ අංශු ක්ෂය වී යාමෙන් හෝ චලනයවීමෙන් වසර මිලියන ගණනකට පසුව එකී වැළලී ගිය අස්ථි අනාවරණය වෙයි. පාෂාණී ධාතු  විද්‍යාවම ගතහොත් එය ද වෙනස් වර්ගයක ක්‍රියාදාමයකි. ඉන් කියැවෙන්නේ ෆොසිල සොයාගැනීමේ හා දැමීමේ සුපරීක්ෂාකාරී එමෙන්ම සිත් බඳින ක්‍රියාදාමයයි.

Fossil 1

පාෂාණභූතවීම හෙවත් ෆොසිල ගතවීම (fossilization) ඛාදනයේ සහ නිධි සාධනයේ චක්‍රය තුළ සිදුවන්නකි. මෙම චක්‍රය කලින් ආපේක්ෂාකළ හැක්කකි. (හාවිකථනීයයි.) එමෙන්ම ගලා යන ජලය හා පෘථිවි කබොල්ල (crust) තරමට පැරණිය. සුළඟින් හා ජලයෙන් පාෂාණ ඛාදනය වන අතර ඉතා කුඩා කැබලිවලට බිඳෙයි. එම කුඩා කැබලි, සිහින් කැට ලෙස සුළඟින්ද අවසාධිත (sediments) ලෙස ජලයෙන් ද රැගෙන යනු ලැබේ. මෙම කොටස් ඒවා රැගෙන යනු ජලය හෝ සුළඟ මගින් දමා යනු ලබන ගං පත්ලේ හෝ කඳු පාමුළ තැන්පත් වේ. වසර මිලියන ගණනාවක් තිස්සේ මෙසේ එකතුවන අවසාදිත මත ඇතිවන අති දැවැන්ත පීඩනය මගින් එකී අවසාදිත පාෂාණ හැටියට බැඳ තබනු ලැබේ. ශල්ක (), බඩගල්, වැලිගල් හා හුණු ගල් අවසාදිත පාෂාණ වර්ගය. මෙකී අවසාදිත පාෂාණ සුළඟට හා ජලයට නිරාවරණය වූ විට ඒවා ඛාදනය වීමට පටන් ගෙන ලිහිල් අංශු හෝ මණ්ඩි සෑදෙන අතර චක්‍රය අඛණ්ඩව සිදුවෙයි. ජිවි ද්‍රව්‍යවල පාෂණිභූතවීම හෙවත් ෆොසිලකරණය ඉහත කී ඛාදන හා නිධිසාධන චක්‍රය ඇතුළත සිදුවෙයි.

ෆොසිල ගත ඩයිනසෝර අස්ථි වසර මිලියන ගණනාවක් පැරණි ඒවා නිසා ඩයිනසෝර ශේෂයන් ෆොසිලකරණය වූ ආකාරය හඳුනාගැනීමෙන් ෆොසිලකරන ක්‍රියාදාමය ප්‍රායෝගිකව වටහා ගත හැකි වන්නේ ය. පෘෂ්ඨවංශික සතකු ගොඩබිමේදී මියැදුණු විට එම සත්වයාගේ මළකුණ සාමාන්‍යයෙන් කසළශෝධක සතුන් විසින් ඉරා ඇද දමා කැබලි කැබලිවලට කඩා දමනු ලැබේ. කෙසේ වෙතත් මළ කුණ ඉක්මනින් ම මඩ හෝ පස් තුළ වැළලී ගියේ නම් පොසිල ගතවීමේ අවස්ථාවක් ඊට හිමිවන්ට ඉඩ තිබේ. එය ක්ෂණිකව විනාශ වී යන අන්දමට නිරාවරණය වී නොතිබීම ඊට හේතු සාධක වේ. ඩයිනසෝරයෙකු ගං ඉවුරක මියැදුනොත් නැතිනම් ගංවතුරෙන් ඩයිනසෝර මළ කුණක් ජලාශයට රැගෙන යනු ලැබුවොත් ගංගාවේ ඇති මඩ හා රොන් මඩ මගින් සෙමින් එම සතාගේ සිරුර වැසී යනු ලැබේ. මළකුණ මත අවසාදිත එකතුවෙද්දී මළකුණු එන්ට එන්ටම ගං ඉවුරේ ගැඹුරට වැළලෙනු ඇත. නැතිනම්, ගං පත්ලේ සිනිදු වැල්ලෙන් වැසී යනු ඇත. සත්වයාගේ සිරුරේ මෘදු කොටස් – අවයව, මස් පිඩු හා සම සීඝ්‍රයෙන් දිරා පත් වේ.

එහෙත් අවසාදිතවල ආරක්ෂාව යටතේ සත්වයන්ගේ අස්ථි එලෙසම පවතින්ට පුළුවනි. වසර මිලියන ගණනාවක් යද්දී එක්කාසුවන අවසාදිත මගින් ගලා යන ජලය ඩයිනසෝර අස්ථි මත බලපෑම් ඇති කෙරේ.  එම අස්ථිවල ඇති රසායනවලින් සමහරක් ජලය මගින් දියකර හරින අතර වෙනත් රසායනවලින් ඒවා ප්‍රතිස්ථාපන වේ. අස්ථිවල ඇති නව රසායන අස්ථියේ හැඩය හා ප්‍රමාණය සුරක්ෂිත කරන නමුත් ඊට නව මුහුණුවරක්, රසායනික සැකසුමක් ලබාදෙයි. සමහර අවස්ථාවල අස්ථිය එම රසායනික මගින් පාෂාණීභුත කරනු ලබන්නේ සතා ජීවත්ව සිටියදී තිබුණාට වඩා අස්ථිය ඝන හා බර බවට පත්කරවමින් ගල්කරවමිනි. ‘නව’ පාෂණීභූත අස්ථිය සාමාන්‍යයෙන් මුල් අස්ථියෙහි හැඩයම ඇති අතර අස්ථිය තුළ රුධිර නාල සඳහා වූ ඉඩකඩ පවා එලෙසම තිබෙන තරමට මුල් අස්ථියට සමාන වේ. කාලය ගතවත්ම, අස්ථිය වැළලී ඇති අවසාදිතයන්ට  ජලය මගින් ඛනිජ එකතු කිරීමට පුළුවන. ඛනිජ, අවසාදිත එකට බැඳ තබන මැලියමක් ලෙස ක්‍රියාකරයි.  අස්ථිය වටා ඇති මෙම අවසාදිත හයිවී පාෂාන බවට පත් වේ. සත්වයාගේ ෆොසිල ගත අස්ථි වටකරගෙන දැන් තිබෙන්නේ එම පාෂාණයයි.

ෆොසිලකරණ ක්‍රියාදාමයේ වෙනත් නැම්මක් ද ඇති විය හැකිය. එහිදී සිදුවන්නේ, ඩයිනසෝරයාගේ ශේෂයන්ගේ අච්චුවක් ඉතිරිව, අස්ථි විනාශ වී යාම යි. සිනිදු අවසාදිත මගින් අවසාදිත වැසී ගියා යයි සිතමු. අවසාදිත හයිවීමට පටන් ගන්නා  අතර මඩ හෝ මැටි මෙන් සතාගේ අවශේෂයන්හි අනුරූපයක් සැකසේ. මෙලෙස මෙකී අවසාදිත තුළ තැන්පත් වී ගත වන වසර මිලියන ගණන්වලදී එම අවශේෂයන් දියවී යා හැකි නමුත් ඒවායේ අනුරූප පාෂාණ බවට හැරවුනු අවසාදිතවල නොමැකී පවතී. එලෙස සෑදෙන අනුරූපය හෝ මුද්‍රාවද අවශේෂයන්ගේ ෆොසිලයකි. එ මතු ද නොව, එමගින් පාෂණීධාතු විද්‍යාඥයන්ට () තොරතුරු සම්භාරයක් ලබා ගත හැකිවේ. ඩයිනසෝර සැකිල්ලෙන් මෙන්ම එය වටකොට ගෙන ඇති පාෂණයෙන්ද වැදගත් තොරතුරු ලබා ගත හැකි යයි පාෂණධාතු විද්‍යාඥයෝ විශ්වාස කරති. මේ අනුව අපට මෙලෙස කිව හැකියි:  පාද ලාංඡනයක් පෙන්වීමෙන්  මේ මාදිලියේ ෆොසිල අපට ඉතා ඉපරණි පාදයක් ගැන කරණු කියාදෙයි.

අවසාදිත පාෂාණයෙහි ව්‍යුහය අවසාදිත තැන්පත් කරන ලද ජලය පිළිබඳ තොරතුරු සපයයි. අවසාදිතයේ  කණිකාවල ප්‍රමාණයෙන් ජලයේ වේගය මිනිය හැකිය. සෙමින් ගලන ජලය හේතුවෙන් අවසාදිතවල කණිකා සිදුම් වේ. වේගය ගැන ජලයට ශක්තිය ඇති නිසා වඩා විශාල අංශු ගෙන යා හැකිවේ. මේ අනුව. සත්ව අවශේෂය සොයා ගනු ලැබුවේ සෙමින් ගලන ජලයෙන් තැන්පත් කෙරුණු සිහින් කණිකා සහිත අවසාදිතවල නම් ඩයිනසෝරයා මිය යන්නට ඇත්තේ ජලයට නුදුරු තැනක යයි අනුමාන කළ හැකියි. ෆොසිල අධ්‍යයනය රහස් පරීක්ෂා ගවේෂණ මෙන් අපූරුය. අපි ඒ ගැන වෙනත් තතු ලිපියකින් සලකා බලමු.

Smithsonian Institution: Office of Elementary and Secondary Education හි  Digging Up Dirt:How Paleontologists Bring Dinosaurs Back to Life ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: