පුන් සඳ පායන නත්තලක්

Posted by

ග්‍රහක නොතකා පුන් සඳ පානේ නත්තල් සමරමු

ජේසු උත්පත්තිය සිහි කරමින් නත්තල සැමරීමට සූදානමින් සිටින කිතුනුවන්ට පමණක් නොව අප කාටත් දැක බලා හැකි සුවිශේෂී සිදුවීම් දෙකක් අද නත්තල් අහසේ දෘශ්‍යමාන වේ. 2003SD220  නම් ග්‍රහකය (asteroid) පෘථිවිය ආසන්නයේ ගමන් කිරීම ඉන් එක අන්තරීක්ෂ සංසිද්ධියකි. අනෙක, පූර්ණ චන්ද්‍රයා නත්තල් අහසේ පායා ඒමයි. 2003   220 ග්‍රහකය නම් ක්‍රි:ව: 2018 දී යළිත් වරක් පෘථිවිය ආසන්නයෙන් ගමන් කිරීමට නියමිත නමුත්, නත්තල් දා නැවත පුන් සඳක් පායා එන්න නියමිත ව ඇත්තේ 2034 වර්ෂයේ යයි නාසා ආයතනය කියයි.

Asteroid2003SD220

2003SD220  ග්‍රහකය පෘථිවියට ආසන්නයෙන් ම ගමන් කරන අවස්ථාවේ පෘථීවියට ඇති දුර කිලෝ මීටර මිලියන 11 ක් ඒ කියන්නේ සැතපුම් 6,787,600 ක් පමණ වේ. මෙම දුර චන්ද්‍රයා හා පෘථිවිය අතර දුර මෙන් 28 ගුණයක් තරම් ය. කෙසේ වෙතත් ග්‍රහකය දැක බලා ගැනීමට හැකි වන්නේ වෘත්තීමය සහ ආධුනික තාරකා වේදීන් ට පමණකි. මන්ද ඒ සඳහා අවශ්‍ය වන ටෙලස්කෝප හෙවත් දුරේක්ෂයන් භාවිත කිරීමට අවස්ථාව ඇත්තේ ඔවුනට පමණක් වීම ය. සුප්‍රකට බෙත්ලෙහෙම් තාරකාව මෙන් නොව පියවි ඇසට එය දැක බලා ගත හැකි නොවුනත් 2003SD220 ග්‍රහකය හුදු කුඩා කැබැල්ලක් හෝ අංශුවක් ම පමණක් නොවේ. එය දිගින් කිලෝ මීටර 2 කි. අභ්‍යවකාශය හරහා ගමන් කරන්නේ තත්පරයට කිලෝ මීටර 27 ක වේගයකින්.

නාසා ආයතනය පුරෝකතනය කරන පරිදි 2003SD220 ග්‍රහකය තවත් ශත වර්ෂ අඩු තරමින් දෙකකටවත් පෘථිවිය මත කඩා වැටෙන්නට හැකියාවක් නැත. එනිසා හෙට පමණක් නොවෙයි තවත් නත්තල් 200 ක් වත් සතුටින් ප්‍රීතියෙන් සැමරිය හැකියි. අනෙක මෙතෙක් මේ ග්‍රහකය පෘථීවියට මේ තරම් ආසන්නයෙන් ම ගමන් කරන්නේ මෙවර නමුත් ඉන් පෘථිවිය මත භූමි කම්පා හෝ වෙනත් බලපෑමක් ඇති කරතැයි බිය විය යුතු නැත. ‘එවැනි ප්‍රකාශ වල කිසිම සත්‍යයක් නොමැති අතර නොමග යවන සුළුයි. 2003SD220 ග්‍රහකය මීටත් වඩා ආසන්නයෙන් ගමන් කළත් භූමි කම්පා ඇති කරාවිය යන්න බෙහෙවින් සැක සහිතය’ යනුවෙන් එඩී ඉරිසාරි  Earthsky.org. වෙබ් අඩවියේ සඳහන් කර ඇත. ‘ පෘථිවිය මත කඩා වැටීමකින් තොරව ග්‍රහකයක් පෘථිවියට ආසන්නයෙන් ගමන් කිරීමෙන්ම භූ කම්පන ක්‍රියාකාරිත්වයක්(seismic activity) ඇතිවන බවට ඇත්තටම විද්‍යාත්මක සාක්ෂි නැහැ, එහෙත් මේ අවස්ථාවේ එවැන්නක් සිදු නොවන බව පැහැදිලියි’. අනෙක, අඟල් 8 ක (සෙ:මි:20) තරම් කුඩා දුරේක්ෂයකින් පවා ග්‍රහකය දැක බලා ගත නොහැකි යැයි ඉරිසාමි කියා සිටියි. ඉතින් නොපෙනෙන ග්‍රහකයක් ගැන නොසිතා සිත් සැහැල්ලුවෙන් නත්තල් අසිරිය විඳින එක තමයි තියෙන උචිතම කාර්යය.

ඇරත්, ග්‍රහකය නැතුවාට කාලයකට පස්සේ නත්තල් දිනයට පුන් සඳක් ඇවිල්ලා නිසා සිතේ සතුට තවත් වැඩි විය හැකියි. මන්ද මෙය දුර්ලභ සංසිද්ධියක් නිසයි. 1977 න් පසුව පූර්ණ චන්ද්‍රයා නත්තල් දා පායා එන්නේ මේ වසරේ දීයි. එය නැවත සිදුවන්නේ 2034 දීය. ‘ මෙවැනි සුවිශේෂී අවස්ථාවක පුන් සඳ දෙස බලා සිටිද්දී චන්ද්‍රයා කියන්නේ අපේ ආසන්න ම අසල්වැසි ආකාශ වස්තුවක් පමණක් නොවන බව සිත තබා ගැනීම ද වැදගත්.’ යනුවෙන් පවසන්නේ නාසා ආයතනයේ ගොඩාර්ඞ් අභ්‍යවකාශ ගමන් මධ්‍යස්ථානයේ ජෝන් කෙලර්ය. ‘පෘථිවියේ සහ චන්ද්‍රයාගේ භූ විද්‍යාත්මක ඉතිහාස කෙතරම් සමීප වශයෙන් එකිනෙකට බැඳී තිබෙනවාද යත් චන්ද්‍රයා නොවන්නට පෘථිවිය බෙහෙවින් වෙනස් ග්‍රහයෙකු වීමට ඉඩ තිබුණා.’

ඉතින් ඔබ සැමට ග්‍රහක නොදකින පුන් සඳ දකින සුභ නත්තලක් !

 

ScienceAlert යන වෙබ් අඩවියේ Look up! An asteroid will be zooming past Earth on Christmas Eve   ලිපිය  ඇසුරෙන් තතු මාණඩලිකයෙකු විසින් සකසන ලදී

 

 

 

 

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.