විදු නැන නුවණ – Science Literacy for All

පියෙකුගේ මරණය දරුවන්ගේ ලිංගික ජීවිතයට බලපෑම් ඇතිකරයි ද?

දෙමාපියන්ගෙන් එක් අයෙකු මරණයට පත්වීමෙන් පසුව දරුවන්ට වැඩිපුර ලිංගික පරිණත බවක් ලැබෙයි ද? පරිණාමීය තර්ක පදනම් කර ගනිමින් ඇතම් විද්‍යාඥයෝ ඒ බව අනුදකිති. එහෙත්, මේ සම්බන්ධයෙන් සිදු කරන ලද විශාලතම අධ්‍යනයන් අතුරෙන් එකකින් කියැවෙන්නේ එම බලපෑම් රඳා පවතින්නේ මව හෝ පියා මිය ගිය ආකාරය අනුව යනුවෙනුයි. දෙමාපියන්ගෙන් කෙනෙකු අහිමිවන දරුවන් සීඝ්‍රයෙන් වර්ධනය වෙතැයි පරිණාමීය මනෝ විද්‍යාඥයෝ අනාවැකි පළ කරති. මව හෝ පියාගේ වියෝව මගින් සංඥා කරනු ලබන්නේ ජීවිතයේ ඉදිරි මග අසීරු විය හැකි බවයි. එහෙයින් ප්‍රශස්ත ප්‍රජනන උපාය මාර්ගයක්(optimal reproductive strategy) මුදා හැරිය යුතුවේ: ඔව්, හැකි තරම් ඉක්මණින් පුළුවන් තරම් දරුවන් ලබාගන්න: මන්ද ඔබද දෙමාපියන් මෙන් කලින් ජීවිතයෙන් සමුගැනීමට ඉඩ ඇති හෙයිනි. මෙය එක්තරා අන්දමක “භාවීකථන-අනුවර්තන ප්‍රතිචාරයකි.”( predictive-adaptive response) මේ පිළිබඳ වෙනත් නිදසුන් සත්ව රාජධානියෙහි දැකගත හැකිය. මීට උදාහරණයක් දක්වතොත් අඩු කාලයක් අව්වේ ගත කරන ක්ෂීරපායියන්ගේ මවකගේ ඇතැම් පැටියෙකු ඝනකම ලෝම වර්ධනය කර ගනී.

කෙසේ වෙතත්, දෙමාපියන් අහිමිවීම හා ලිංගික ක්‍රියාකාරීත්වයට අදාල ව මානවයන් තුළ භාවීකථන  අනුවර්තක ප්‍රතිචාරයක් ඇත්නම් එය ඔප්පු කිරීම අසීරු ය. දෙමාපිය දෙදෙනාගෙන් අයෙකු දික්කසාද වීම හෝ අතහැරයෑම සහ දූවරුන් කලින් මල්වරවීමට පටන් ගැනීම, ලිංගික සම්බන්ධකම් කලින් ඇතිකර ගැනීම සහ අන්තිමේ දී වැඩි ළමුන් ගණනක් බිහි කිරීම අතර ධනාත්මක සහසම්බන්ධයක් ඇති බව අධ්‍යයන ගණනාවකින් සොයා ගනු ලැබ ඇත. (මේ අධ්‍යයන බොහෝමයක් ම පියා අහිමිවීමට සම්බන්ධයි) (ඔසප්වීම හා දරු උපත් නිසාවෙන් පිරිමි ළමුන්ට වඩා ගැහැනු ළමුන්ගේ ලිංගික වර්ධනය හා ක්‍රියාකාරීත්වය නිරික්සුම පහසු ය) කෙසේ වෙතත්, ප්‍රචණ්ඩත්වය, ධුලක හෝ මන්දපෝෂණය වැනි පරිසරාත්මක සාධක වෙන්කොට ගැනීම පහසු නැත. මේ පරිසර සාධක සියල්ලම පාහේ දරුවන් දෙමාපියන් සමග හවුල්ව අත්දැකීමට ඉඩ තිබෙන ඒවා ය. එපමණක් නොව පවුල අත්හැර දැමීමට දෙමාපියනට බලපාන ජානමය සාධක ද තිබෙන්නට පුළුවන. සිය ලිංගික චර්යාවන් කෙරෙහි බලපෑම් ඇති කරමින් ඒවා දරුවන් තුළ ඉදිරියටත් පැවතිය හැකිය.

670px-Cope-With-Your-Father's-Death-(for-Young-People)-Step-3මෙම අවුල්කාරී තත්ත්වයන් මග හරවා ගැනීම පිණිස එස්ටෝනියාවේ විද්‍යාඥයන් දෙදෙනෙක් ස්වභාවික පරීක්ෂණයකට(a natural experiment) යොමු වූහ. ජෛවී විද්‍යාඥ පීටර් හොරැක් සහ මනෝ විද්‍යාඥ මාකස් වැල්ගේ මෙම දෙදෙනායි. ඊට මග පෑදුවේ එස්ටෝනියාවේ ම වෙනත් ජෛවී විද්‍යාඥයෙකුගේ දත්ත පදනමකි. ජුවාන් අවුල් නම් මෙම ජෛවී විද්‍යාඥයා 1930 ගණන් වලට විසූ එස්ටෝනියානු ජාතිකයන් වර්ධනය වූ ආකාරය පිළිබඳ ව දත්ත මහත් සැලකිල්ලෙන් එකතු කිරීමට පටන් ගත් අතර 50,000 කගේ පමණ වර්ධන දත්ත එකතු කෙරිණ. දෙවන ලෝක සංග්‍රාමය ආරම්භ වීමෙන් පසුව අධ්‍යයනයට අදාල ගැහැනු ළමුන්ගෙන් බොහොමයකගේ පියවරුන් සටනේ දී මියගොස් තිබුණි. විද්‍යාවේ යහපත තකා සිය දත්ත සම්භාරය ඉතිරි කර තබමින් අවුල් 1994 දී මිය ගියේය. ‘ මුල් අධ්‍යයනයේ  පුද්ගලයන්ගේ නම් සහ උපන් දින සඳහන් කර තිබීම නිසා අපට පහසුවෙන් පුද්ගලයන් හඳුනා ගැනීමට හැකි වුණා.’ යයි හොරැක් පවසයි. ඔවුනට කිරීමට තිබුණේ පහසු දෙයකි. එනම් මේ පිරිසගේ දරුවන් සංඛ්‍යාව සටහන් කර තිබූ එස්ටෝනියාවේ ජනලේඛනය විමසා බැලීම පමණකි. පර්යේෂකයන් දෙපළට මෙම සංඛ්‍යාවෙන් ගැහැනු දරුවන් 1678 ක් තෝරා ගැනීමට හැකිවිය. ඉන් 12% කගේ ම පියවරුන් සංග්‍රාමයේ දී මියගොස් තිබිණ. පෙර කිව් අන්දමට භාවීකථන අනුවර්තක ප්‍රතිචාරයක් වී නම් පියවරුන් අහිමි නොවූ සම වයසේ පසුවන අනෙකුත් එස්ටෝනියානු ගැහැනු ළමුන්ට වඩා පියවරුන් අහිමි වූ ගැහැනු ළමුන් ඉක්මනින් මල්වර වී වැඩියෙන් දරුවන් බිහිකළ යුතු ව තිබුණි. එහෙත් මේ දෙදෙනාගේ අධ්‍යයන ප්‍රතිඵල මෙකී සිද්ධාන්තය අඩපණ කිරීමට ඉවහල් වේ.

 

හොරැක් සහ වැල්ගේ වාර්තා කරන අන්දමට, යුද්ධයේ දී පියවරුන් මිය ගිය යුවතියන් ඉක්මනින් මල්වර වූයේ වත්, වෙන අයට වඩා කලින් ඔවුන්ගේ පළමු දරුවා බිහි වුනේ වත් නැත. ඇත්ත වශයෙන් ම කලින් මතයට පටහැණි ව, පියා වියෝ වූ යුවතියන් සිය ජීවිත කාලය තුළ ලැබූ දරුවන් සංඛ්‍යාව සාමාන්‍ය පියා ජීවතුන් අතර සිටි යුවතියන්ට වඩා ඇත්තට ම මදක් අඩු විය (1.73ට 1.43 වශයෙනි). තවද දරුවන් නොමැති වීමට ඇති ඉඩකඩ 7% කින් වැඩිවිය.

ඉතින්, දික්කසාදය නිසා දෙමාපියන් අහිමි වූ විට යුවතියන් ලිංගිකව පරිණත වන බව අධ්‍යයන ගණනාවකින් හැඟ වෙද්දී දෙමාපියන් මරණයට පත් වීමෙන් වෙනස් බලපෑමක් ඇතිවන්නේ ඇයි? එක හේතුවක් විය හැක්කේ පරිණාමීය වශයෙන් බලපෑමක් නොමැති කම විය හැකියි. දික්කසාද වීම නිසා පියා අහිමිවීමෙන් ඇති වෙනවාටත් වඩා ආර්ථික බලපෑමක් මුළු පවුල මත ම පැටවෙන බව පෙන්වා දෙන හොරැක් දරුවන් ලැබීම වියදම් යන කාර්යයක් බව පවසයි. බාගදා පිය වියෝවෙන් දුකට පත් යුවතිය ජීවිතය සම්බන්ධයෙන් නැණවත් තීරණයක් ගන්නවා විය හැකියි.

evil-dead-tree

කෙසේ වෙතත්, පරිණාමීය සාධකය ඉස්මතු කරන පර්යේෂකයන් තම මතය අත්හැර නැත. දික්කසාදය හා මරණය බටහිර සංස්කෘතියේ දී එකිනෙකට වෙනස් ප්‍රජනන උපාය මාර්ග සංඥා කරන බව 1982දි ඉදිරිපත්වූ අදහසකි. ඇරිසෝනා සරසවියේ පරිණාමීය මනෝ විද්‍යාඥ බෲස් එලිස් පෙන්වා දෙන අන්දමට භාවීකථන අනුවර්තන ප්‍රතිචාරයක් ඇත්නම් දික්කසාදය හෝ වෙන්වීම නිසා පියා නොසිටී නම් ප්‍රජනන උපාය මාර්ග වේගවත් කිරීමටත්, පියා නැත්තේ මියගොස් නිසාවෙන් නම් ලිංගික ක්‍රියාවන් සහ ප්‍රජනනය පසු වී ආරම්භ වීමටත් බලපායි. එසටෝනියානු අධ්‍යයනය ‘කදිමට මුල් සිද්ධාන්තය අභිසරණය කරයි’ බෲස් එලිස් කියා සිටී.

Science AAAS News හි Does a father’s death impact the sexual activity of his children  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: