විදු නැන නුවණ – Science Literacy for All

මකුළුවන්ගේ ලෝකය

මකුළුවෙකු නොසිටි හෝ නොමැති නිවසක් සෙවීම කිසිවෙකු නොමළ නිවසකින් අබ ඇටයක් සෙවීම තරම්ම දුෂ්කර විය හැකිය. ඔවුන් එතරමටම සුලබ සත්ව විශේෂයකි. ඇත්තටම දැනට හඳුනාගෙන ඇති මකුළුවන් විශේෂ සංඛ්‍යාව 36,000ක් පමණ වේ. මකුළුවන් අයත්වන්නේ සන්ධිපාදකයන් ආත්‍රොපෝඩා වශයෙන් හඳුන්වනු ලබන අපෘෂ්ඨවංශිකයන්ගේ විශාල කණ්ඩායමකටය. සන්ධිපාධිත ගොඩට කෘමීන් ක්‍රස්ෙට්සියාවන් (crustaceans=කවචයන්), පත්තෑයින්, හැකරැල්ලන් මෙන්ම ජෝඩු පාද සහ සන්ධිවූ පාද සහිත (සන්ධිපාදක යන වචනයට පාදක වචනයෙනි තේරුම ඉන් කියැවේ.) සංඛණ්ඩ හෙවත් ඛණ්ඩිත (segmented) ශරීරයකින් හා පිටසැකිලිල්ලකින් ලාක්ෂණික තවත් සත්තු ද අයත් වෙති.

බොහෝ දෙදෙකු සිතා සිටින්නේ මකුළුවන් කෘමීන් ලෙසය. එහෙත් ඒ දෙවර්ගය සම්බන්ධවන්නේ බොහෝ දුරින්ය. මකුළුවන් ඊට වඩා සමීප ඥාතිත්වයක් දක්වන්නේ, ගෝනුස්සන්, කිනිතුල්ලන්, මයිටාවන් (mites) දිප්පයන් සහ පැහැදිලිව පෙණෙන ලාක්ෂණ ලෙස ජෝඩු හතරක් ලෙස සැකැසුණු පාද අටක් ඇති අනෙකුත් සන්ධිපාදකයන්ටය. මෙකී පාද අටක් සහිත සන්ධිපාදකයන් හඳුන්වනු ලබන්නේ ඇරැක්නිඩාවන් (arachnids) ලෙසටයි. කෘමීන්ට මීට වෙනස් මගක් ගනී. යුගල තුනක් ලෙස සැකසුණු පාද හයක් කෘමීන්ට ඇත.

tarantula-spider-edited

පාද අටට අමතරව, මාංශපාදංගය (Pedipalps) යනුවෙන් දැක්වෙන අතිරේක උපාංග යුගලයක් මකුළුවන්ට ඇත. මෘශපාදංගය තරමක් දුරට අත් වාගේ ය. වටාපිටාව සොයා බැලීමට මෙන්ම ගොදුර හෝ වෙනත් යමක් අල්ලා තබාගැනීමට ඒවා ඇරැක්නිඩාවන්ට උපකාරී වේ.  කෙසේ වෙතත් පාද අටක් තිබීම හා මාංශපාදංග තිබීමට අමතරව මකුළුවන්ට අදාළ තවත් බොහෝ ගති ලක්ෂණ ඇත. මෙහි සලකා බැලෙන්නේ ඉන් කිහිපයකි.

මූලික ශරීර කොටස් : මකුළුවන් සතුව සිරුරේ ප්‍රධාන කොටස් දෙකක් ඇත. ශීර්පෞරස  (cephalothorax) වශයෙන් ද හැඳින්වෙන පුර:කාය (prosoma) සහ අපර කාය යනුවෙන් ද දැක්වෙන උදරයයි(abdomen). මේ ශරීර කොටස් දෙක එක්කාසු වී ඇත්තේ වෘත්තය (pedicel) යනුවෙන් හැඳින්වෙන කෙටි, පටු නටුවකිනිනි(stalk) වෙනමම හිසක් නොමැති අතර පුර:කායේ තමයි මකුළුවාගේ ඇස් සහ විෂ ග්‍රන්ථි හා දළවලින් ද සමන්විත මකුළු හනුව (chelicerae) පිහිටා ඇත්තේ මකුළු දැල් මුදා හැරෙන කර්තනාංගය (spinnerets) නම් වූ අවයවය ඇත්තේ උදරයේ ඈත කෙළවරෙහිය.

ශරීර කොටස් සංඛ්‍යාව මකුළුවන් අනෙකුත් ඇරැක්නිඩාවන්ගෙන් හා සන්ධිපාදකයන්ගෙන් වෙන්කොට හඳුනාගැනීමට උදව් වේ. නිදසුනක් දක්වතොත් දිප්පයන් බොහෝ විට මකුළුවන් හා පටලවා ගත්තත් දිප්පයන්ට ඇත්තේ එක් ශරීර කොටසකි. එනම් උදරයයි. කෘමීන් ගේ සිරුරේ කොටස් තුනක් ඇත. ඒ හිස, උරස හා උදරය යනුවෙනි.

ඇස් වෙනස් : බොහෝ මකුළුවන්ට ඇස් අටක් තිබේ. ඒවා පිහිටි ආකාරය ඒ ඒ මකුළු විශේෂිත කණ්ඩායම අනුව වෙනස් වේ. මකුළුවෙකුගේ ඇස් දෙස බැලීමෙන් පමණක්ම විශේෂඥයෙකුට මකුළුවෙකු හඳුනා ගත හැකි වේ. තවද කිව යුත්තකි. ඇස් ගණනාවක් තිබූ පළියටම මකුළුවන්ගේ ඇස්පෙනීම හොඳ යයි ඉන් නොකියැවේ. ඇත්තටම මිනිසුන්ගේ මිම්මෙන් මැන්නොන් මකුළුවන්ගේ ඇස් පෙනීම දුර්වලය. එහෙත් මකුළුවන්ට එය එතරම් අවාසියක් නොවේ. අඩුතරමින් කෑම සොයා ගැනීමේදීවත් එය අවාසියක් නොවේ. මන්ද දැල් වියන්නා වූ මකුළුවන්ට උගේ ආහාරය දැලටම ඇවිත් බාරවන බැවිනි. කෙසේවෙතත් මග බලා සිට ගොදුරු දඩයම් කරන මකුළු විශේෂයන්ට ඉස්තරම් ඇස් පෙනීමක් ඇත.

 

සේද විමන් බඳින්නන් : දැල් නිපදවීමට හැකියාව තියන එකම සන්ධිපාදිකයා මකුළුවා නොවේ. පට පණු සලබයා (silk moth larvae) වැනි ඇතැම් කෘමීහුද එසේ කරති. උදරය තුළ ඇති ග්‍රන්ථි මගින් දැල් නිපදවෙන අතර ඒවා සෑදී ඇත්තේ ප්‍රෝටීනවලිනි. දැල් නිපදවන එක් එක් ග්‍රන්ථින් සුවිශේෂී  කරාමකටකට යොමුවේ. එය කර්තනාංග ජෝඩු ගණනාව අතරින් එකකින් පිටතට විවෘත වේ. දැල් වියනු පිණිස මකුළුවා උගේ පස්සගාත් දෙකෙන් කරාම පොරොප්පයෙන් හෙමිහිට දැල් ඇද එළියට ගනී. විවිධ සේද ග්‍රන්ථ මගින් විවිධ උවමනා සඳහා විවිධ සේද නිපදවෙයි. නිදසුනක් ලෙස මැකිළිය බීජ කෝෂ නිපදවීම පිණිස වෙනමම දැල් නිපදවයි. සෑම මකුළුවෙක්ම නූල් නිපදවන නමුදු දැල්වියන්නේ සමහරුන් පමණි.

Spider 2

සංවේදී සංවේද : පාදවලින් රස බලන, හිසකෙස් තුළින් සවන් දෙන ජීවිතයක් ගැන ඔබට සිතෙන්නේ කුමක්ද? මකුළුවන් ගත කරන්නේ එබඳු  ජීවිතයකි. ඇත්තටම මකුළුවන් රස බලන්නේත් ගඳ සුවඳ බලන්නේත් උන්ගේ පාදවල ඇති විශේෂිත සංවේදක අවයව සහ මාංශ පාදාංග මගින්. අනික ඔවුන්ට ඇසෙන්නේ – වඩා නිවැරදිව කීවොත් කම්පනය දැනෙන්නේ සිරුරේ වැඩි කොටසක් පුරා පැතිර ඇති කෙස් හා ඉතා කුඩා සිදුරු තුළිනි. කම්පනයන්ට මකුළුවන්ගේ ඇති සංවේදිතාව ඉතා විශිෂ්ටය. නිදසුනක් බලමු. දැලට වදින්නේ සලබයෙක්ද නැතිනම් මැක්කෙක්ද ආදී වශයෙන්  ගොදුරු වර්ගය කුමක්ද යන්න මකුළුවාට වෙන්කොට හඳුනාගැනීමට පුළුවන. මෙම හැකියාව ‘අනතුරුදායක’ ගොදුරු ගැන ක්‍රියාකිරීමේදී අනුගමනය කළ යුතු උපාය සැලසුම් කරගැනීමට ඌට හැකියාව සලසයි. එක් අන්දමේ කම්පනයකින් තවෙකක් වෙන්කර හඳුනා ගැනීමට ඇති හැකියාව පෙම්කෙළියේ දී ද (courtship) ප්‍රයෝජනවත් වේ. යෝජිත මනාලයා බොහෝ විට ප්‍රථමයෙන් මැකිළියන්ගේ දැල් විශේෂයටම සුවිශේෂී වූ රටාවකට අදියි. එසේ නොමැතිව ඉවක් බවක් නැතිව උගේ දැලට ඇතුළුවන මකුළු මනාලයන්, ජෝඩුවීමට අවස්ථාව ලැබීම කෙසේ වෙතත් ඇගේ ගොදුරු බවට පත්වන්නේය.

Smithsonian Education හි   Under the spell of Spiders  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: