ඊටා කැරීනා II කොටස

Posted by

ඊටා කැරීනා  ගැන අපි පසුගිය තතු ලිපියකින් සාකච්ඡා කළෙමු. ක්ෂිර පථය ගැලැක්සියේ පරිණාමය වූ අතිදැවැන්ත තාරකා අතරින් එකක් වන ඊටා කැරීනා අපගේ ඊළඟ අධිනවතාරාව (Supernova) වීමට ඉඩ ඇති තාරකා අතරේ ඉදිරියෙන්ම සිටින සුදුසුකම් ලාභියෙකු බව සඳහන් කෙරුනා මතක ඇති. එය දීප්ත  නීල විචල්‍ය (luminous blue variable) තාරකාවක් වෙනුවෙන් සැපයිය හැකි ප්‍රතිරූපකමය ප්‍රාග්දර්ශීමය (prototypical) නිදසුනකි. අපේ සූර්යයාගේ ස්කන්ධය මෙන් සිය ගණනටත් වඩා බෙහෙවින් වැඩි ඊටා කැරීනා වැනි  දීප්ත නීල විචල්‍ය        තාරකාවන්ට ඉතා බලගතු සුළං ඇත. ඒවායේ රත් විලයන හරය මගින් අති විශාල ප්‍රමාණයක් ශක්තිය නිපදවේ. කොපමණ නම් ශක්තියක් ද කීවොත් වායුව මත ශක්තිය මගින් ම විකිරණ පීඩනයක් ඇති කරයි. පීඩනය හදිසි පිටකිරීම් වලට (outbursts) මග පාදන්නේ කෙසේ ද යන්න අපැහැදිලිය.

ද්විධ්‍රැවීය පිටගැල්ම(bipolar outflow) රටා තාරකා විද්‍යාවේ අසාමාන්‍ය දේවල් නොවේ. හබල් 5 වැනි ඇතැම් ග්‍රාහීය නිහරිකා එවැනි ව්‍යුහ පෙන්නුම් කරයි. බාගදා මේ ආකාරයේ ව්‍යුහ ධවල වාමන තාරකාවේ චුම්බක ක්ෂේත්‍රය හේතුවෙන් හට ගන්නට ඇත. නැතහොත්, චුම්බක ක්ෂේත්‍රයට සහචර තාරකාවක් තිබෙන්නට ඉඩ ඇත. ඊටා කැරීනා වේ ද්විධ්‍රැවීය පෙති පැහැදිලි කිරීම වස් බොහෝ අදහස් ඉදිරිපත් වී තිබේ. එම අදහස්, එහි අසමමිතික පිපිරුම් පිටකිරීම්වල සිට ඊටා කැරීනා ව වටා පරිතාරීය(circumstellar) තැටියක් පිළිබඳ මතයක් දක්වා දිවේ.

මීට අමතරව, ඊටා කැරීනා යනු ද්වි්‍යාංගී වස්තුවක් බවට බලගතු සාක්ෂි ඇත. එහි වර්ණාවලි හා ආලෝක චක්‍ර විචල්‍යතාවන් වසර 5.5 ක ආවර්ථිතාවක් පෙන්නුම් කරයි. මෙයින් දැක්වෙන්නේ ඊටා තැරීනා ව ඇත්තටම සූර්ය ස්කන්ධ 30 ක යුගලයක් බව සහ එහි ප්‍රධාන සිරුර සූර්ය ස්කන්ධ 100 ක තාරකාවක් බවයි. ඒවා නක්ෂත්‍ර ඒකක 15 ක පමණ දුරකින් එකිනෙක වටා කක්ෂගතව ගමන් කරයි. හබල් අනුරූපයෙහි පවා ඇති අවිශදතාව හේතුවෙන් මේ මතය තේරුම් බේරුම් කරගත නොහේ.

ද්වි්‍යාංගී ගැල්ම වටා පිටස්තර උණුසුම් වායු වළල්ලක් චන්ද්‍රා අභ්‍යවකාශ ටෙලෙස්කෝපය මගින් ගනු ලැබු එක්ස් කිරණ අනුරූපයකින් හෙළිවේ. මෙම වළල්ල ආලෝක වර්ෂ 2 ක විශ්කම්භයකින් යුක්තයි. මෙකී වළල්ල තිබීමෙන් හැඟී යන්නේ වසර 1,000 කට වැඩි කාලයකට පෙර ඊටා කැරීනා වේ තවත් පිටාර ගැලීමක් ඇති වූ බවයි. එක්ස් කිරණ වලින් එය මෙපමණ දීප්තිමත් ව දිලිසෙන්නේ සමහර විට 1843 පිටාර ගැල්ම එතුළට වැදීමෙන් ඇති වූ අධි ප්‍රවේගී වායු කොටහකින් තාපනය වීමෙන් විය හැකිය.

etacar

1843 උද්වේගය ගවේෂණය කිරීම හරහා ම වුව ඊටා කැරීනා වඩාත් හොඳින් අවබෝධ කර ගැනීමේ හැකියාව සිත් අලවන සුළු ය. එවැනි පිපිරීමේ සිද්ධියක් ආලෝක දෝංකාරය (light echo) යනුවෙන් හැඳින්වෙන සංසිද්ධියක් තුළින් අධ්‍යයනය කිරීම සඳහා අපට ඵලදායි ලෙස කාලය හරහා ආපස්සට යා හැකි වේ. තාරකා ආසන්නයේ ධූලි කර්ණිකා මගින් ඒවාගේ ආලෝකය පරාවර්තනය කරන ප්ලෙයාඬේස් පරිවර්තන නිහාරිකාව මතකයට නගා ගන්න. ප්‍රභාවත් ම ලප පිහිටා ඇත්තේ තාරකාවල සිට ආලෝක වර්ෂ සුළු ගණනක් ඈතිනි. ප්ලෙයාඬේස් හි තාරකා අතරේ තාරකා ආලෝකය බොහොමත් ම දුරට නියතය. එහෙයින් නිහාරිකා ආලෝකය ද බොහොමත් ම දුරට නියතය.

ප්‍රභාව සැලකිල්ලට ගන්නා විට ඊටා කැරීනාගේ 1843 පිටකිරීමට , ‘ප්‍රයෝගකාර අධිනවතාරාව’ යනුවෙන් දැක්වෙන බොහෝ සෙයින් දීප්තිමත් පාර ගැලැක්සීය වර්ගයකට අයත් මූලාකෘතියක් ලෙස සැලකේ. මෙකී ප්‍රයෝගකාර හෙවත් අනුකාරක අධිනවතාරාව දුබල අධිනවතාරවක මෙන් උපරිම ප්‍රභාවක් අත්පත් කර ගනී. එහෙත් පසුව ඇතිවන තාරකාව පවතී. දීප්ත  නීල විචල්‍ය තරකාවන්ට සමාන පිටගැල්ම ඒවා සාමාන්‍යයෙන් ප්‍රදර්ශනය කරයි.

ඊටා තැරීනා, දීප්ත  නීල විචල්‍යයන් සහ අනුකාරක අධිනවතාරා පිපිරුම් බද්ධ වන්නේ කෙසේ ද? මෙම මාදිලියේ බන්ධන පිළිබඳ අපගේ අවබෝධය වර්ධනය කිරීමට එම ප්‍රශ්නය මහත් අභිපේරණයක් සපයයි. බාගදා අධිනව තාරවක් ලෙස ඊටා කැරීනා වේ ස්ඵෝටනය අපට වඩාත් හොඳින් පුරෝකථනය කළ හැකිය. එම සිදුවීම ඇති වන්නේ අවුරුදු ගණනකින් ද නැතහොත් වසර සිය දහස් ගණනක අනාගතයේ දී ද?

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.