විදු නැන නුවණ – Science Literacy for All

ජලයෙහි තත්ත්වයට බලපාන ස්වාභාවික හා මිනිස් ක්‍රියාකාරකම්

ජලයේ ඇත්තේ මොනවා ද?

මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී තවත් ප්‍රශ්න කිහිපයක් සම්බන්ධ වෙනවා. එම ජලය බීමට තරම් සුදුසු ද? මිනිස් ක්‍රියාකාරකම් නිසා බලපෑම් වලට ලක්ව ඇති ගංගා සහ අභ්‍යන්තර ජලාශවල මත්ස්‍යයන් ඇතුළු අනෙකුත් ජලජ ජීවින්ට යහතින් ජීවත් විය හැකි ද? ජලයේ තත්ත්වය කුමක් ද? මෙම ප්‍රශ්නයට පිළිතුරු සැපයීමේ දී, ජල තත්ත්වය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද? එය තීරණය වන්නේ කෙලෙසද ජල තත්ත්වය කෙරෙහි බලපාන ස්වාභාවික ක්‍රියාදාම සහ මානව ක්‍රියාකාරකම් මොනවාද යන්න ගැන අවබෝධයක් ඇතිකර ගැනීම උපකාරී වේ.

ජලයෙහි තත්ත්වයයන්නෙන් අප අදහස් කරන්නේ කුමක් ද?

තෝරා ගනු ලැබූ භෞතික, රසායනික හා ජීව විද්‍යාත්මක ගුණාංග පදනම් වූ කිසියම් නිශ්චිත ප්‍රයෝජනයක් සඳහා ජලයෙහි යෝග්‍යතාව මැනීම ජලයේ තත්ත්වය ලෙස කල්පනා කළ හැකිය. ජලයේ තත්ත්වය නිර්ණය කිරීම පිණිස විද්‍යාඥයෝ ප්‍රථමයෙන් උෂ්ණත්වය, ද්‍රාවණය වී ඇති ඛනිජ අන්තර්ගතය සහ බැක්ටීරියා සංඛ්‍යාව වැනි ජලයෙහි ගුණාංග මැනීම හා විශ්ලේෂණය සිදු කරති. අනතුරුව කිසියම් නිශ්චිත ප්‍රයෝජනයක් හෝ භාවිතයක් සඳහා ජලය යෝග්‍යය ද යන්න තීරණය කරනු වස් තෝරා ගනු ලැබු ගුණාංග සංඛ්‍යාත්මක ප්‍රමිතීන් හා මාර්ගෝපදේශ සමග සංසන්දනය කරනු ලැබේ.

Water Q3

ජලයෙහි තත්ත්වය මනිනු ලබන්නේ කෙසේ ද?

ජල තත්ත්වයේ ඇතැම් අංග ගංගාවේ හෝ ලිඳ ඇති තැනදීම නිර්ණය කළ හැකිවේ. මේවා අතර, උෂ්ණත්වය, ආම්ලතාව (pH අගය ), දිය වූ (ද්‍රාවණය වූ) ඔක්සිජන් සහ විදුලි සන්නයන බලය (ජලයේ දියවී ඇති ඛනිජ පිළිබඳ වක්‍ර දර්ශකයකි) ඒ ඒ රසායන පිළිබඳ විශ්ලේෂණ සාමාන්‍යයෙන් සිදු කෙරෙන්නේ පර්යේෂණාගාරයක දීය.

ස්වාභාවික ක්‍රියාදාම ජලයෙහි තත්ත්වයට බලපාන්නේ කෙලෙස ද?

ජලයේ ස්වාභාවික තත්ත්වය ස්ථානයෙන් ස්ථානයට මෙන් ම සෘතු අනුව ද දේශගුණය අනුව ද වෙනස් වේ. තවද එය ගමන් කරන පස් සහ පාෂාණ අනුව ද ජල තත්ත්වය වෙනස් වේ. වර්ෂාපතනයෙන් හෝ හිමපතනයෙන් ලැබෙන ජලය පොළොව මතුපිටින් මෙන්ම භූමිය හරහා ද ගමන් ගන්නා විට ජලය පසෙහි හා පාෂාණ වල ඛනිජ දියකර හරියි; මුල් හා පත්‍ර වැනි කාබනික ද්‍රව්‍ය හරහා වෑස්සෙයි; එමෙන් ම ඇල්ගී, බැක්ටීරියා සහ අනෙකුත් අණ්වික්ෂීය ජීවින් හා ප්‍රතිචාර දක්වයි. තවද ජලය මගින් ශාක සුන්බුන් මෙන්ම වැළි, රොන්මඩ සහ මැටි ද ගංඟා ඇලදොළ වෙත රැගෙන යාමෙන් ඒවායේ ජලය ‘මඩ වූ ’ හෝ බොර වූ ගතියක් ගනී. විල් වැනි ජලාශ සහ ගංඟා, ඇල දොළ වැනි දිය පහරවල ජලය වාෂ්පිකරණය වන විට ඉතිරිව ඇති ජලයේ දිය වී තිබෙන ඛනිජ වඩාත් සාන්ද්‍ර ගතවේ. මෙකී ස්වාභාවික ක්‍රියාදාම සෑම එකකින් ම ජලයෙහි තත්ත්වය සහ ජලය ප්‍රයෝජනයට ගැනීමට ඇති හැකියාවන් වෙනස් කරයි.

Water Q2

මානව ක්‍රියාකාරකම් ජලයේ තත්ත්වයට බලපාන්නේ කෙසේ ද?

නාගරික හා කාර්මික සංවර්ධනය, ගොවිතැන, පතල් කැනීම, ෆොසිල ඉන්ධන දහනය, ගංගා, ඇලදොළ මාර්ග වෙනස් කිරීම, සතුන් ආහාර ගැනීමේ මෙහෙයුම් මෙන් ම මිනිසුන්ගේ වෙනත් ක්‍රියාකාරකම් මගින් ස්වාභාවික ජලයේ තත්ත්වය වෙනස් විය හැකිය. ජලයෙහි තත්ත්වය මත මානව ක්‍රියාකාරකම්වල බලපෑම ගැන නිදසුන් දක්වන්නේ නම්, බව බෝග වගාවන්ට, කෙත්වතු හා උද්‍යාන වලට යොදන නයිට්‍රජන් සහ පොස්පරස් පොහොර ගැන සැලකිල්ල යොමු කරන්න. මෙම ශාක පෝෂක ද්‍රව්‍ය පහසුවෙන් ම වර්ෂා ජල හෝ හිමපතන ආපධාවයන් (runoff) මගින් ද්‍රාවනය විය හැකිය. දිය පහර හා ජලාශ වෙත රැගෙන යනු ලබන අතිරේක පෝෂණ කොටස් ඇල්ගී බහුලව වර්ධනය වීම දිරිගන්වයි. මෙය ජලයේ ඔක්සිජන් මට්ටම් පහළ හෙලීමට මෙන් ම මත්ස්‍ය මරණවලට මග පාදයි. ඖෂධ වර්ග, රෙදි සේදීම සඳහා යොදා ගන්නා ද්‍රාවක හා ඛනිජ තෙල් වැනි නාගරික හා කාර්මික කාර්යයන්හී දී යොදා ගනු ලබන රසායන ගංගා ඇල දොළ වල මෙන් ම භූගත ජලයෙහි ද තිබී සොයා ගනු ලැබ ඇත. මිනිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සැලසීම වස් ස්ථාපිත කර ඇති පවතින ප්‍රමිතීන් හා මාර්ගෝපදේශ ඉක්මවා නොයන්නේ වී නමුදු දශක ගණනාවක් තිස්සේ භාවිත කිරීමේ හේතුවෙන් පලිබෝධ නාශක ගංගා ඇල දොළ හා භූගත ජලයෙහි දැන් ඉතා බහුලව ව්‍යාප්ත වී ඇත. ඇතැම් පලිබෝධ නාශක වසර 20 සිට 30 දක්වා කලක් තුළ භාවිත කර නැති වූවද ඒවා තවමත් මත්ස්‍යයන් තුළ සහ ගං පත්ලේ අවසාදිත අතර තිබී සොයා ගනු ලැබ ඇත. එය මානව සෞඛ්‍යයට, ජලජ ජීවිතයට හා මත්ස්‍යයන් ආහාරයට ගන්නා වන ජීවීන්ට හානිකරවීමේ විභවයක් සහිත මට්ටමකින් පවතී.

Water Q4

කොපමණ නම් රසායන අද භාවිතයේ ඇති ද කීවොත් මිනිසුන්ගේ සෞඛ්‍යයට හා ජලජ ජීවිතයට ඇති අවධානම නිර්ණය කිරීම සංකීර්ණ කාර්යයකි. එපමණක් නොව, රසායන වල මිශ්‍රන සාමාන්‍යයෙන් ජලයේ හමු වී ඇතත් රසායන මිශ්‍රන සම්බන්ධව සෞඛ්‍ය පදනම් කර ගත් ප්‍රමිති හා මාර්ගෝපදේශ පිළියෙල වී නැත. පානය කිරීම සඳහා සුදුසු ජල තත්ත්වය රසායන විශ්ලේෂණයකින් පමණක් ම තහවුරු කළ නොහැක. සාමාන්‍යයෙන් මිනිසුන්ගේ සහ සතුන්ගේ බඩවැල් වල දැකිය හැකි බැක්ටීරියා ජලයෙහි ද පැවතීම සංඥා කරන්නේ රෝග ඇති කරන ව්‍යාධිකාරක ද තිබීමට ඉඩ ඇති බවයි. කාන්දුවීම් සහිත පූති වලවල් (septic tanks) අපජලය පිරියම් මුදාහැරීම් හා සත්ව අපද්‍රව්‍ය මාර්ගයන් ව්‍යාධිජනකවලට අප පරිහරණයට ගන්නා ජලයට එක්විය හැකිය.

UNITED STATES GEOLOGICAL SURVEY Science for a changing world  හි  A Primer on Water Quality ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: