විදු නැන නුවණ – Science Literacy for All

ජෛව තාක්ෂණය(Biotechnology)  පොදු ජනතාවගේ ඇසින්

DSC03700

ජෛව තාක්ෂණය වනාහි ප්‍රයෝජනවත්, හැකියා ලබා දෙන (enabling =සබල කරන) තාක්ෂණ එකතුවක් ලෙස දැකිය හැකි වේ. කර්මාන්ත, වානිජ හා පරිසර ක්ෂේත්‍රයන්හි පුළුල් එමෙන්ම විවිධ වූ භාවිතයන් සඳහා ජෛව තාක්ෂණය යොදා ගැනේ. ඓතිහාසික වශයෙන් ගත් කළ ජෛව තාක්ෂණය විකාශනය වුණේ විද්‍යාවකට වඩා කර්මාන්ත ශිල්පීන්ගේ කුසලතාවක් ලෙසය. මෙය බීර, වයින්, චීස් (කේජු) යනාදිය නිෂ්පාදනයන්හි දී වඩාත් කැපී පෙනෙයි. මේවායේ දී නිෂ්පාදන ශිල්පිය ක්‍රමය ගැන මනා වැටහීමක් තිබුණේ වී නමුත් අණුක යාන්ත්‍රණ දැනුමින් තොරවිය. මෑත කාලයේ, ක්ෂුද්‍ර ජීවවිද්‍යාව හා ජීවරසායන විද්‍යාව තේරුම් ගැනීමෙහිලා ඇති වි තිබෙන වර්ධනයන් සමගම මෙකී ආනුභාවිතව උත්පාදනය වු ක්‍රියාදාමයන් මනාව වටහා ගැනීමට හැකි වි තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඒවා වඩාත් දියුණු වී ඇත. සාම්ප්‍රදායානුකූල ජෛව තාක්ෂණ නිෂ්පාදන ගොන්නට දැන් ප්‍රතිජිවක, එන්නත්, තනිසෛල ප්‍රතිදේහ සහ තවත් බොහෝ දේ එකතු වී තිබේ. මේවා නිෂ්පාදනය වැඩි දියුණු කළ පැසවීමේ (fermentation) ක්‍රියාදාම සහ පශ්චාත් නිෂ්පාදන ක්‍රියාවලිය මගින් ප්‍රශස්ත මට්ටමකට ගෙන ආ ඒවාය.

slide01

ජෛව තාක්ෂණයේ මුල්(roots), ඈත අතීතයට ඇදී යන බව පැහැදිලිය. එමෙන්ම, සමාජයට බොහෝ වටිනාකමක් එක් කර දෙන අතිශය ලාභදායී, නූතන කාර්මික ප්‍රකාශ මාර්ගයකි. නිදසුන් වශයෙන් පැසවීම් (fermentation), ජෛවී ඖෂධ නිෂ්පාදන හා ආහාර කර්මාන්ත දැක්විය හැකියි. එසේ නම් මෑතක අවුරුදුවල මේ විෂය සම්බන්ධයෙන් පොදුජන දැනුවත් වීමක්, සැලකිල්ලක් ඇති වි තිබෙන්නේ ඇයි? ප්‍රධානතම හේතු සම්බන්ධවී ඇත්තේ අනුක ජෛව විද්‍යාවේ( molecular biology) විශේෂයෙන්ම  ජානමය ද්‍රව්‍ය ප්‍රතිසංයෝජනයට අදාළ DNA තාක්ෂණය (recombinant DNA or rDNA)  සමගය. මෙම තාක්ෂණය දැන් ජෛවී විද්‍යාඥයන්ට ජීව විද්‍යාත්මක ක්‍රියාදාමයන් ගැන කැපී පෙනෙන අවබෝධයක් සහ පාලනයක් ලබාදීමට සමත් වෙයි. කලින් සම්ප්‍රදායානුකූල අභිජනන ක්‍රම(traditional breeding methods) මගින් ළඟා කර ගැනීමට නොහැකි වූ ගති ලක්ෂණ හා කාර්ය සංයෝජනයක් නිර්මාණය කරමින්, සෛලවල උරුම කරගත හැකි ද්‍රව්‍ය(the heritable material) විවිධ වර්ගවල ජීවීන් අතරේ කෙළින්ම මැනීමට ඇති හැකියාව මෙකී තාක්ෂණ ශිල්ප ක්‍රම නිසා එන්ට එන්ටම වැඩිවෙයි.

textbook-of-biotechnology-4th-ed

මෙකී rDNA තාක්ෂණය හෝ ජානමය ඉංජිනේරු ශිල්පය විසිඑක්වන සියවසේ මුල කොටසේ වඩාත්ම විප්ලවකාරී තාක්ෂණය බවට පත්වීමේ හැකියාව වඩාත්ම ඉහළය. ජානමය ඉංජිනේරු විද්‍යාව, නූතන විද්‍යාවේ ශාඛාවක් ලෙස දැකීම එන්ට එන්ටම වැඩි වේ. එය සහජ (ප්‍රවේණිමය) ආබාධ හා දරුණු රෝග නිර්ණය හා සුවපත්  කිරීමට දායකවෙමින්  මිනිසුන්ගේ හා සතුන්ගේ භාවිතය උදෙසා අලුත් ජීව ඖෂධමය බෙහෙත් හා එන්නත්  වැඩි දියුණු කිරීමට, ක්ෂුද්‍ර ජීවීන් මෙන්ම ශාක සහ ගොවිපොළ සතුන් වැඩිදියුණු කළ හා විශේෂිත ආහාර නිෂ්පාදනය පිණිස විකරණයට(modifications) සහ පාරිසාරික හානිපූරණය හා සුරක්ෂණයට අවස්ථා සැපයීම වැඩිකිරීමට දායක වෙමින් වෛද්‍ය විද්‍යාව මත කැපී පෙනෙන බලපෑමක් ඇති කළ හැකිය.

ශාක හා සත්ව අභිජනනයේ දී නව තාක්ෂණ ක්‍රම වඩාත් වේගවත්ය. එමෙන්ම වැයවන මුදල ද සම්ප්‍රදායානුකූල වරණීය අභිජනන(selective  breeding) ක්‍රමවලට වඩා පහළ මට්ටමක පවතී. එපමණක් නොව අපේක්ෂිත විකරණයන් අඩු පරම්පරා ගණනකින් අත්පත් කර ගත හැකිය. ශාක අස්වැන්නෙහි පෝෂණමය ගුණය වැඩිකිරීමක් එන්ට එන්ටම වැඩිවන ලෝක ජනගහනයකට (2025 ට පෙර බිලියන 8 ක්) පාරිසරික වශයෙන් අඩු පිරිවැයකින් ආහාර සැපයීමට අපට ඇති හැකියාව සැලකිය යුතු ලෙස ඉහළ යයි. තවද, ශාක විශේෂයන්ට පලිබෝධක, නියං සහ ලවණතාවට එරෙහිව ප්‍රතිරෝධ එක්කිරීමෙන්, කලින් ශාක වර්ධනයට අයෝග්‍ය යයි සැලකුණු බිම් ප්‍රදේශවල ද භෝග බොහොමයක් වගා කිරීමේ හැකියාවාද සැලසේ. ජානමය විකිරණයට ලක් වූ (genetically modified -GM)) භෝග ක්ෂේත්‍ර පරික්ෂණ සංඛ්‍යාව ඝාතීය ලෙස වර්ධනය වෙයි. ලොව පුරා අඩු තරමින් 10,000 සිදු කර ඇති අතර අඩු තරමින් ආර්ථික වශයෙන් වාසිදායක භෝග () 80 ක් වත් ජානමය විකිරණ අත්හදා බැලීම් සිදු කර ඇත. 1997 වර්ෂය වන විට ලොව පුරා හෙක්ටයාර මිලියන 12.8ක අන්තර්ජානමය(transgenic) හෙවත් ජානමය විකිරණය කරනු ලැබූ භෝජ වගා කර තිබුණි. කෘෂිකර්මයේ අවධානය විය යුත්තේ ලෝකයේ ජනතාවට ප්‍රමාණවත්ව කෑම්බිම් සැපයීමයි. භෝග වගාවන්ගේ කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම වස් ජානමය ඉංජිනේරු විද්‍යාව යොදා ගැනීම ඊට එක් මගකි.

ජානමය ඉංජිනේරු ශිල්පය ගැන පොදු ජනතාවගේ දැනුවත්කම ගැන අපි තවත් තතු ලිපියකින් සාකච්ඡා කරමු.

Basic Biotechnology(Cambridge University Press) හි  Public perception of biotechnology ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: