පළා ගිය තරුව, ශේටා ඔපියුචි (Zeta Ophiuchi)

Posted by

runaway-star

‘O’  වර්ගයේ තාරකාවල ජීවිත කාලය කෙතරම් නම් කෙටි ද කියතහොත් එය උපත ලද ධූලි වලාවෙන් හෝ තරු පොකුරෙන් ඈතක තිබී එවැන්නක් සොයා ගත හැකි වෙතැයි අපට අපේක්ෂා කළ නොහේ. කෙසේ වෙතත්, ස්කෝපියන් (ගෝනුස්සා) තාරකා රාශියේ (ඇල්ෆා ස්කෝපි හෙවත්) ඇන්ටාරේස් නම් ප්‍රභාවත් රතු සුපිරි යෝධයාට අංශක 15 ක් උතුරට වෙන්න .ධ.  වර්ගයේ තාරකාවක් වන ශේටා ඔපියුචි (Zeta Ophiuchi) ඇත්තේ සම්පූර්ණයෙන් ම හුදකලාවය. එහි ප්‍රභවය පිළිබඳ කදිම හෝඩුවාවක් ස්පිට්සර් අභ්‍යවකාශ ටෙලස්කෝපයෙන් ගත් අධෝරක්ත අනුරූපයකින් ලබා ගත හැකිය. එහි වයස, ප්‍රවේගය සහ එහි චලන දිශාව පදනම් කරගෙන පැවසිය හැක්කේ ඇන්ටාරේස් හි ස්ථානගත ඉහළ ස්කෝපියන් පොකුරෙහි සාමාජිකයෙකු ලෙස තාරකාව බිහිව ඇති බවයි.

පළාගිය තාරකා

ක්ෂීර පථය තැටියේ තාරකා සහ වායු වලා බොහොමයක චලනයෙහි මූලික සංඝටකය වන්නේ ගැලැක්සියේ භ්‍රමණය යි. මෙම චලනයේ දී අපේ සූර්යයා ද සහභාගී වන නිසා, ප්‍රවේගය මැනීම සාපේක්ෂ කාරණාවක් බවත්, එමෙන් ම සූර්යාට හෝ මන්දාකිණි මධ්‍යයට හෝ අවශේෂගත ස්ථානීය සම්මතය(Local Standard of Rest =      LRS) ලෙස සාමුහිකව විදහාපාන ලද අසල්වැසි තාරකා කණ්ඩායමකට හෝ සාමාන්‍යයෙන් යොමු කෙරන බවත් හඳුනාගැනීම වැදගත් වේ.

සූර්යයා, තත්පරයකට කිලෝමීටර 240 ක පමණ සාමාන්‍ය ප්‍රවේගයකින් මන්දාකිණි මාධ්‍යය වටා කක්ෂගතව ගමන් කරයි.   LRS  සාපේක්ෂව ගතහොත් සූර්යයා ගමන් කරන්නේ තත්පරයකට කිලෝමීටර 10 ක පමණ වේගයකිනි. මෙම ප්‍රවේගය සාමාන්‍යයෙන් හැඳින්වෙන්නේ ‘අසාමාන්‍ය ප්‍රවේගය’ (peculiar velocity) ලෙසටයි. සූර්යයාගේ අසාමාන්‍ය ප්‍රවේගය, ක්ෂීර පථය මන්දාකිණි තැටියේ අනෙකුත් තාරකා හා වායු වලාවන්ට ආකෘතිකය.

අපට වඩා ආසන්නව සලකා බැලුවොත් පෘථිවිය තත්පරයකට කිලෝමීටර 1 ක් තරම වේගයෙන් භ්‍රමණය වෙයි. ඇත්ත වශයෙන් ම සූර්යයාට මන්දාකිණි මධ්‍යයට තියෙන දුර සළකන විට රයිපල් උණ්ඩයක් ගමන් කරන වේගය මෙන් 200 ගුණයකටත් වැඩි ප්‍රවේගයකින් ගමන් කරන සූර්යයාට මන්දාකිණි මධ්‍යය වටා එක් තනි රවුමක් ගමන් කිරීම පිණිස වසර මිලියන 200 ක් ගතවෙයි.

සූර්යයා සහ එහි තත්පරයකට කිලෝමීටර 10 ක පමණ අසාමාන්‍ය ප්‍රවේගය හා  සංසන්දනය කරන විට එහි ආසන්නයේ ඇති තාරකා වලට සාපේක්ෂව පළා ගිය තාරකා විස්තර වන්නේ තත්පරයට කිලෝමීටර දහයේ සිට සියයක් දක්වා වූ ප්‍රමාණයෙන් මනිනු ලබන අසාමාන්‍ය ප්‍රවේගයන් ඇති තාරකාවන් ලෙසට ය.  O සහ B වර්ගයේ තාරකා අතුරෙන් සියයට 15 ක් පමණ පළා ගිය තාරකාවන් ය. බොහොමයක් තාරකා පොකුරු වලින් එපිටට චලනය වන බවක් පෙන්නුම් කරයි.

මෙකී අධි-ප්‍රවේග පළා ගිය තාරකා කණ්ඩායම අතරත් තත්පරයට කිලෝමීටර 300 ටත් වැඩි තාරකා කිහිපයක් දැකිය හැකිය. මේසා ප්‍රවේගයක් ඇති විටදී තාරකාවකට ඇත්තට ම එහි මන්දාකිණියේ ගුරුත්ව ක්‍ෂේත්‍රයෙන් ගැලවිය හැකි වෙයි. මෙවන් අධි ප්‍රවේගයන් සහිත තාරකාවලට මන්දාකිණියෙන් බාහිර අවකාශය වෙත පැන යා හැකිය. මෙකී අධි-ප්‍රවේගයන් සහිත තාරකා බොහොමයක් මන්දාකිණි මධ්‍යයය කලාපය සමීපයෙන් පැමිණෙන බවක් පෙනේ.

එසේ නම් අප තාරකාවක අවකාශ ප්‍රවේගය මනින්නේ කෙලෙස ද? අප සාමාන්‍යයෙන් කරන්නේ ප්‍රවේගය, එහි සංරචක කොටස් දෙකට කැඩීමයි: අපේ දෘෂ්ටි රේඛාව හරහා ඇති තීර්යක් සංරචකය (transverse component) සහ අපේ දෘෂ්ටි රේඛාව දිගේ ඇති අරීය සංරචකයයි (radial component). මෙකී සංරචක දෙකට එකිනෙකට වෙනස් මිණුම් දඩු අවශ්‍ය වේ.

තීර්යයක් ප්‍රවේගය(transverse velocity) මනිනු ලබන්නේ එහි නියම චලනයෙනි(proper motion). කාලයක් තිස්සේ තාරකාව ආකාශය හරහා සිදු කරන කෝණික චලනය මෙකී නියම චලනය යි. මෙය සෑම තාරකාවකට ම වාගේ ඉතා සුළු ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් අප නියම චලනය මනින්නේ වසරකට මිලිචාප තත්පර යන වශයෙනි. ඒවා ඉතා වේගයෙන් ගමන් කළත්,  ආසන්නයේ ඇති තාරකාවල පවා නියම චලනය ඉතා කුඩාය. තත්පරයකට කිලෝමීටර 10 ක තරම් වූ අසාමාන්‍ය ප්‍රවේගයන් එවැනි ඉතා කුඩා නියම චලනයන්ට මග පාදන්නේ කෙලෙස ද? ඉතාමත් සරල උත්තරය වන්නේ ‘තාරකා බොහෝ ඈත නිසාය’ යන්නයි.

තාරීය නියම චලනය ගතහොත් ආකාශයේ සැබෑ තාරකා සමූහයක් ගැන සලකා බලමු: නගුල (the Big Dipper). ප්‍රභාවත් තාරකා නගුල යනුවෙන් හඳුන්වන තාරකාවල           හැඩය වසර 200,000 වැඩි කාලයක් තිස්සේ සකස් කරමින් හා විකෘති කරමින් සිටියි. තාරකා රාශියක් (පංතියක්) එපමණ කාලයක් පවතින්නේ කුඩා නියම චලන හේතුවෙනි.

අසම්පාතය මෙන් ම දුර පිහිටි තාරකාවල ඒ ඒ සුවිශේෂී චලනයන් මිනීම දුෂ්කරය. තවද එවැනි සුවිශේෂී චලනයන් තීර්යයක් ප්‍රවේගයට පරිවර්තනය කිරීම පිණිස තාරකාව පිහිටි දුර ද දැන ගැනීම අවශ්‍ය වේ. මේ අනුව මෙකී අසාමාන්‍ය ප්‍රවේග සංරචකය, තීර්යයක් ප්‍රවේග සංරචකය සාමාන්‍යයෙන් මන්ද්‍රකිණියේ තාරකා මැනීමේ දුෂ්කරතම ඒවායි.

මෙහි තවත් කොටසක් ඊළග සතියක

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.