විදු නැන නුවණ – Science Literacy for All

විද්‍යාව, ලෝකාවබෝධයට මුල්වන අන්දම

ලෝකය පිළිබඳ මානව වර්ගයාගේ දැනුම පුළුල් කිරීමටත් මෙන් ම ඇත්තවශයෙන්ම ලෝකය වෙනස් කිරීමටත් විද්‍යාව අති විශාල වශයෙන් දායක වී ඇත. විද්‍යාව මෙම සාර්ථකත්වය අත්පත් කරගෙන ඇත්තේ කෙසේ ද යන්න තේරුම් ගැනීම මෙන් ම විද්‍යාව යොදා ගන්නා ක්‍රමවේද අවබෝධ කරගැනීම ඕනෑම විද්‍යා අධ්‍යාපනයක අත්‍යවශ්‍ය කොටසකි. විද්‍යාවේ ස්වභාවය පිළිබඳව ඉගැන්වීම ගැන සාර්වත්‍රිකව පොදු එකඟතාවක් නැතත්, දැනුවත් පුරවැසියෙකු අවබෝධ කරගත යුතු විද්‍යා ව්‍යාවසායෙහි ස්වලාක්ෂණික ගැන නම් දැඩි එකඟතාවක් ඇත. නිදසුනක් දක්වතොත්, නිරීක්ෂණය(observation), උපන්‍යාසය(hypothesis), අපෝහනය(deduction) හා අවසාන නිගමනය (conclusion තීන්දුව), ගැන එක් තනි විද්‍යාත්මක ක්‍රමයක් ඇත යන මතය  මූලිකව ම වැරදිය. මෙය අද වනතුරුත් බොහෝ පෙළපොත් මගින් වපුරනු ලබන මිත්‍යාවකි. විද්‍යාඥයන් නිගාමි තර්කනය යොදා ගන්නා බව සත්‍යයකි. එහෙත් ඒ අතරම ඔවුහු රටාවන් ගැන සොයා බලති; විවිධ වස්තූන් වර්ග කරති; යළි යළිත් සිදු කරනු ලබන නිගමන තුළින් සාමාන්‍යකරණයට එළfඔති; එමෙන් ම වඩාත්ම යහපත් පැහැදිලි කිරීම විය හැක්කේ කුමක්ද යන්න ගැන අනුමානය කිරීමේ ක්‍රියාදාමයක නිරත වෙති. මෙලෙස, විද්‍යාත්මක තර්කනයෙන් මැවෙන චිත්‍රය රේඛීය හා එකීය විද්‍යාත්මක ක්‍රමයක් මගින් මැවෙන රූපයට වඩා, වඩාත් සාරවත්ය, වඩාත් සංකීර්ණය එමෙන්ම වඩාත් විවිධය.

images (2)

කෙසේ වෙතත්, විද්‍යාඥයන් සියලුදෙනාම නිරත කරවීමට සමත් වන්නේ විචාරයේ සහ ක්‍රමවත් තර්කනයේ ක්‍රියාදමයක ය. ඔවුන්, එකිනෙකාගේ අදහස් විමසා බලන නිසාවෙන් එමෙන් ම දෝෂ, පළුදු ගැන සොයා බලන නිසාවෙන් විද්‍යාඥයන් අතර මතභේද හා වාද විවාද ඇතිවීම සාමාන්‍ය සිදුවීම් මිස ඒවා කැපී පෙනෙන හෝ අති විශේෂ සිදුවීම් නොවේ.

එ මතු ද නොව, ඕනෑම තනි විද්‍යාඥයෙකුගේ කාර්යයන් වල විශ්වාසනීයත්වය      තහවුරු කිරීම පිණිස විද්‍යාව සමපදස්ථ සමාලෝචනය කිරීමේ විධිමත් යාන්ත්‍රණයක් ස්ථාපිත කර ඇත. විද්‍යා ප්‍රජාව තුළ මනාව තහවුරු වන්නේ මෙකී සමාලෝචන හා විවේචනයට බඳුන් කිරීමේ ක්‍රියාදාමයට ලක් කිරීමෙන් පසුවත් පැවතිය හැකි අදහස්ය.

විද්‍යාව ක්‍රියාත්මක වන ආකාරය තේරුම් ගැනීමට නම් සප්‍රමාණ දැනුමෙහි(content knowledge); පරිපාටිගත දැනුමෙහි(procedural knowledge) සහ ඥානසම්බන්ධී දැනුමෙහි(epistemic knowledge) සංශ්ලේෂණයක් (synthesis) අවශ්‍ය වේ. පරිපාටිගත දැනුම යන්නෙන් දැක්වෙන්නේ තම සොයා ගැනීම්වල වලංගු බව සහ විශ්වාසදායක බව සහතික කරගනු වස් විද්‍යාඥයන් යොදා ගන්නා වූ ක්‍රමයයි. (control), ද්විත්ව අඳ පරීක්ෂා (double-blind trials ) සහ (වැරදි අඩු කිරීමේ ක්‍රම වැනි) අනෙකුත් පරිපාටි යොදා ගැනීමේ වැදගත්කම මෙන් ම යෝග්‍යතාව ද වටහා ගැනීම ඊට ඇතුළත් ය. ඒ ආකාරයෙන් බලන විට, පරිපාටිගත දැනුමෙන් බොහොමයක් ම විෂයපථයට(domain) සුවිශේෂී වන අතර උගෙනීමට හැකි වන්නේ විද්‍යාව තුළ පමණකි. පරිපාටිගත දැනුම “සාක්ෂි පිළිබඳ සංකල්ප” (concepts of evidence) වශයෙන් ද හඳුන්වනු ලැබේ.

ඥානසම්බන්ධී දැනුම යනු විද්‍යාවට ආවේනික වූ නිර්මිතයන් හා අගයන් පිළිබඳ දැනුමයි. නිදසුනක් දක්වතොත් නිරීක්ෂණ, උපන්‍යාසය, අනුමිතිය (inference) , ආකෘතිය (model මොඩලය). සිද්ධාන්තය හෝ හිමිකම(claim ) යන්නෙන් හැඟවෙන්නේ කුමක් ද යන්න වටහා ගැනීමත් සහ ඒවා අතර වෙනස්කම් පහසුවෙන් දකින්නට හැකියාවත් විද්‍යාව හදාරන්නෙකුට තිබිය යුතුය. නව විද්‍යාත්මක මත යනු පරිකල්පනයේ ඵල බව විද්‍යා අධ්‍යාපනයක් මගින් පෙන්නුම් කළ යුතුය. මේ අවධියේ එම ඵල පොදුවේ නිර්මාණය කරනු ලබන්නේ විද්‍යාඥයන් කණ්ඩායමක සහයෝගීතාවෙන් සිදු කරනු ලබන ප්‍රයත්න මගිනි. කුමන මත තව දුරටත් හඹා යෑම ප්‍රයෝජනවත් ද යන්න ස්ථාපිත කිරීම පිණිස එවැනි විද්‍යාඥයින්ගේ විචික්තීන් හෙවත් පරීක්ෂාවන්(critiques) සහ තර්ක විතර්ක මූලික වේ. සංකල්ප බොහෝ විට නොනැසී ඉතිරි වන්නේ දැනටමත් දන්නා දෙයට ඒවා ගැලපෙන (අනුසන්ධානය) හෙයිනි. එමෙන්ම, එක්කෝ ඒවා පැහැදිලි කිරීමට නොහැකි දේ පැහැදිලි කිරීම, තවත් නිරීක්ෂණ පැහැදිලි කිරීම හෝ නැතහොත් වඩාත් සරල හා මනහර       ආකාරයට පැහැදිලි කරන හෙයිනි.

What_is_Science_TxtCo_WordWEBබලාපොරොත්තු තැබිය හැකි යයි කලක් සැලකුණු එහෙත් කාලයේ පරීක්ෂාවෙන් අසමත් වුණු සංකල්ප වලින් විද්‍යාව සංතෘප්තය. ඊතර (ether) හෝ ජීවිතයේ  ජෛව   බලය (vital force of life) වැනි සංකල්ප ඊට නිදසුන් ය. මේ අනුව, ඕනෑම අළුත් සංකල්පයක් ආරම්භක වශයෙන් යාවත්කාලය. එහෙත් කාලය ගත් වෙත්ම, එය නැවත නැවත සිදුකරන පරීක්ෂණ හමුවේ නොනැසී පවතිද්දී එය තතුවක (fact) තත්ත්වය හිමිකර ගනී  –   එනම් පරමාණුවල පැවැත්ම මෙන් ප්‍රශ්න කළ නොහැකි එමෙන් ම අභියෝගයට ලක් කළ නොහැකි දැනුම් කොටසක් බවට පත් වේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ඇතිවන සිද්ධාන්ත සහ එම සිද්ධාන්ත නියෝජනය කරන මොඩල (ආකෘති) විද්‍යාඥයන් විසින්        සම්බන්ධතා පැහැදිලි කිරීමට හා පුරෝකතනයට යොදා ගනු ලැබේ. සිද්ධාන්තයක් මනාව පරීක්ෂා කරන ලද කල්හි එහි පුරෝකතනයන් විශ්වාසදායක ය. එය, විද්‍යාව පුළුල් පරාසයක තාක්ෂණ ශිල්පයන්ට හා ප්‍රතිපත්තිමය තීරණයන්ට ඉඩ සලසයි. වෙනත් වචනවලින් කියතහොත්, විද්‍යාව යනු හුදු තතු සරණියක් නොව අසීරුවෙන් ජයගත් දැනුම් කායක් මෙන්ම බලගතු මෙවලමක් ලෙස සේවය සලසන්නකි. මොඩල තැනීමෙහි යෙදීම මෙන්ම විචාරාත්මක හා සාක්ෂි පදනම් වූ තර්කණයෙහි යෙදීම, තමන්ගේ දැනුමෙහි තත්ත්වය සහ විද්‍යාව ක්‍රියා කරන්නේ කෙසේ ද යන්න ගැන තමන්ගේ අවබෝධය ආවර්ජනය කිරීම සඳහා ආරාධනා කරයි.

National Academy of Sciences හි  A Framework for K-12 Science Education: Practices, Crosscutting Concepts, and Core Ideas ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: