විදු නැන නුවණ – Science Literacy for All

සර්ප බිය අපට සහජයෙන් එන්නක් නොවේ

 

අප ළදරුවන් ව සිටි කාලය නැවත මතක් කර ගැනීමට හැකි නම් ඒ අවධියේ අප සර්පයන්ට බොහෝ බියෙන් සිටි බවක් මතක ද? සර්පයන්ගෙන් බොහෝ දෙනෙක් විෂ ඝෝරය. ඇතැම් සර්පයන් දෂ්ඨ කළ විට ජීවිතය පවා නැති වෙයි. එහෙයින් සර්පයන් ගැන අපට ස්වභාවිකව ම බියක් ඇති වීම අරුමයක් නොවේ යයි සාමාන්‍යයෙන් මතයක් පවතී. ඒත් මේ බිය අපට එන්නේ සර්පයන් ගැන අප වැඩෙත් ම දැන උගෙන ගන්නා කරුණු කාරණා හේතු කොටගෙන යයි ද මතයකි. ළදරුවන් සර්පයන්ට බියක් නොදක්වන බවට දැනටමත් ඇති සාක්ෂි දැන් නව අධ්‍යයනයකින් ද තහවුරු වී තිබේ. ළදරුවෙකු සමග කාමරයක අපි සර්පයෙකු හා මකුළුවෙකු දැමුවා යැයි සිතමු. ළදරුවා උන් සමග සෙල්ලම් කිරීමට තැත් කරයි ද? නැතහොත් උන්ගෙන් හැකි තරම් ඈත්ව සිටීමට තැත් කරයි ද?

මෙය ඇත්තට ම උප කල්පිත ප්‍රශ්නයක් නොවේ. බිය ගැන අධ්‍යයනයේ යෙදෙන පර්යේෂකයෝ දැනටමත් මේ ගැන ක්‍රියාකාරීව සොයා බලමින් සිටිති. පිර වූ සතුන්ට වඩා සැබෑ සතුන් ගැන කුඩා දරුවන් වැඩි උනන්දුවක් දක්වන බව දැනටමත් විද්‍යාඥයන්ට අනාවරණය වී ඇති කාරණාවකි. මෙම සතුන් සර්පයන් හෝ මකුළුවන් වූයේ වී නමුත් උනන්දුවේ අඩුවක් නොවන බව ඔවුන්ගේ මතයයි. බිය ගැන අළුත් දැනුම් සැපයීමට මේ ආකාර අධ්‍යයනවලට හැකි වෙනවා පමණක් නොව බිය අපට දැනෙන්නට පටන් ගන්නේ කෙලෙස ද කොයි කාලයේදී ද යන්න ගැන කරුණු හෙළි කිරීමට ද සමත් වෙයි.

Western (wandering) garter snake (Thamnophis elegans), southern Okanagan valley, British Columbia

සර්පයන්ට ඇති බිය ලොව වඩාත් ම බහුල එමෙන් වඩාත් ම තීව්‍ර බිය අතුරෙන් එකකි යයි ඇමරිකාවේ චාලට්ස්විල් හි වර්ජිනියා සරසවියේ භීතිය පර්යේෂිකා ජුඩි ඩිලෝච් පවසයි. ඇය මෙම අධ්‍යයනයට සම්බන්ධ නොවූ අයෙකි. සරල එමෙන් ම වඩාත් ප්‍රචලිත මතය වන්නේ මිනිස් අපට සර්පයන් කෙරෙහි ස්වභාවික බියක් ඇත යන්න ය. මෙහි පිටුපස ඇති තර්කය වනුයේ සර්පයන් මාරක විෂ සහිත නිසා බියෙන් වෙළී උන්ට ප්‍රතිචාර දක්වන ආකාරයට අප පරිණාමය වී ඇති බවයි. මෙයට අනුකූල බවක් පෙන්නුම් කරමින්, 11 මසක් වයසැති බිළිඳුන්ට සර්පයන්ගේ අනුරූප පෙන්වනු ලැබුවේ එක්කෝ බිය සිතෙන කටහඬක් සහිතව ය. නැතිනම් සතුට දැනෙන කටහඬක් සහිතව ය. බිළිඳුන් වැඩි වේලාවක් සර්ප අනුරූප දෙස බලා සිටියේ බිය සහිත කටහඬ ඇසෙද්දී බව එහිදී පෙනී ගියේය. බිය සිතෙන මුහුණු හා සතුට දක්වන මුහුණු යොදා ගනිමින් සිදු කළ තවත් පර්යේෂණයකින් ද හෙළි වූයේ මේ හා සමාන ප්‍රතිඵලය. එම අධ්‍යයන වලින් ගම්‍ය කරනුයේ බිළිඳුන් සර්පයන්ව බිය හා සම්බන්ධ කරන බවයි.

කෙසේ වෙතත්, එම අධ්‍යයනයන් සාක්ෂි මගින් තහවුරු නොකරන ලද ඒවා නොවේ. ඇරත්, බිළිඳුන් සැබැවින් ම සර්පයන්ට බිය නම් උන් සමග එකට ගත කරන්නැයි බිළිඳුන්ගෙන් ඉල්ලා සිටිය නොහැක්කක් බව නව අධ්‍යයනයට සම්බන්ධ පර්යේෂකයන්ගේ මතයයි. නව අධ්‍යයනයෙන් සිදුවන්නේ ළදරුවන් සර්පයන්ට දක්වන ප්‍රතිචාරය නැවත ඇගයීමකට ලක් කිරීමයි. එහි කතුවරයන් කණපිට හැරවීමට අදහස් කරන්නේ ළදරුවන් (එනිසාම පසු කලෙක වැඩිහිටියන් ද) ස්වභාවිකව සර්පයන්ට බියක් දක්වන්නේය යන අදහසයි.

snake 2

සර්පයන් හා අලි ඇතුන් දැක්වෙන, හඬ පටයේ භය හිතෙන හා සතුට දැනෙන හඬවල් සහිත වීඩියෝ පට ළදරුවන්ට පෙන්වීමට සලස්වා ඔවුන් ඊට මනෝ විද්‍යාත්මක වශයෙන් දක්වන ප්‍රතිචාරය පර්යේෂකයන් විසින් මැන බලන ලදී. ඊළඟට පර්යේෂකයන් කළේ බිළිඳුන්ගේ ප්‍රතිචාරය සොයා බැලීම පිණිස ඔවුන් තිගැස්වීමකට (startle) ලක් කිරීමයි. මෙකී තිගැස්වීමේ විපරම සඳහා මෙහිදී යොදා ගනු ලැබුවේ වීඩියෝව නරඹමින් ඉන්නා අතරේ බලාපොරොත්තු නොවන වේලාවක එනම් අනපේක්ෂිත ව දීප්තිමත් ආලෝක කදම්භයක් යොමු කිරීමයි. ළදරුවන් ඒ වනවිටත් බියට පත් වී සිටියේ නම් මෙවැනි තිගැස්සීමක් වඩා තීව්‍ර වෙයි. වැඩිහිටි අපගේ අත්දැකීමකට සම කර බැලුවොත් බියජනක චිත්‍රපටයක් නරඹමින් අප සිටිනා විට වෙනත් දෙයකින් තිගැස්සීමක් ඇතිවූ විට අධිකව බිය වන්නා සේය. “ඇත්තට ම අපට පෙනී ගියේ බිය දැනෙන හඬ පටයක් සහිතව සර්පයන් දැක්වෙන වීඩියෝ නරඹන විට පවා මෙවැනි තිගැස්සීමේ ප්‍රතිචාරය තීව්‍ර නොවූ බව යයි” අධ්‍යයනයේ සම කතුවරිය වන ජර්සි සරසවියේ වෙනෙසා ලොබියු කියයි. වෙන වචන වලින් කියතහොත් සර්පයන්ට බිළිඳුන්ගේ අවධානය යොමු වී තිබුණේ නමුදු එයින් ඔවුන් බියපත් නොවූ බව යයි ඇය පෙන්වා දෙයි. එම බිළිඳුන්ගේ හෘද ස්පන්දන වේගයෙන් ද එය සනාථ වී ඇත.

කෙසේ වෙතත්, ළදරුවන් සර්පයන් කෙරෙහි විශේෂ උනන්දුවක් දක්වන බව නම් තහවුරු වී ඇත්තකි. නිදසුනක් දක්වතොත් සර්පයන් නොමැති ඡායාරූප බොහොමයක් අතර සර්ප ඡායාරූපයක් ද තබා සිදු කරන ලද අධ්‍යයන වල දී පෙනී ගොස් ඇත්තේ ළදරුවන් ඡායාරූප අතුරෙන් වහා සර්ප ඡායාරූප සොයා ගන්නා බවයි. මෙම උනන්දුව පසු කලෙක බිය ගැන ඉගෙනීමට උපකාරී වෙනවා විය හැකි යයි පෙන්වා දෙන ලොබියු සර්පයන්ට හා මකුළුවන්ට ඇති බිය සංස්කෘතිකමය වශයෙන් හුරු පුරුදු වී ස්ථාපිත වන්නක් බව කියයි.

POPE'S PIT VIPER  Trimeresurus popeiorum Venomous Uncommon Generally encountered at night above an elevation of 800 metres.. Image shot 2008. Exact date unknown.

කෙසේ වෙතත්, මිනිසා එවැනි සහජ බියක් සහිතව පරිණාමය නොවීම හොඳ දෙයකැයි ඇය අදහස් කරයි. ඊට හේතු වශයෙන් ඇය දක්වන්නේ අළුත් දේවල් සෙවීමට බිළිඳුන් දක්වන උනන්දුව (එවැනි සහජ බියක් නැති කම නිසා) හීන නොවී තිබෙන අතරම යම් දෙයක් අන්තරයාකාරී යැයි දැනෙන විට ඊට බිය වීමට ඉක්මනින් පුරුදු වීම සඳහා සංස්කෘතිකමය පුරුද්ද මග පෑදීමයි.

BBC Earth – When you were a baby, you were not scared of snakes

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: