වසර හැට ලක්ෂයක් තුළ මානව පරිණාමය

මානව පරිණාමය යනු වානරයන් බඳු පූර්වජයන්ගෙන් ජනයා උත්පාදනයට තුඩු දුන් වෙනස පිළිබඳ දීර්ඝ ක්රියාදාමයයි. සියළුම ජනයාට පොදු කායික හා චර්යාමය ගති ලක්ෂණ වානරයන් බඳු පූර්වජයන්ගෙන් උත්පාදනය වූ බවත්, දළ වශයෙන් වසර මිලියනයක් තිස්සේ පරිණාමය වූ බවත් විද්‍යාත්මක සාක්ෂිවලින් පෙන්නුම් කරයි.
පුරා මානව විද්‍යාව(Paleoanthropology) යනු මානව පරිණාමය විද්‍යාත්මකව අධ්‍යයන කිරීමයි. අපේ විශේෂයේ විශ්ව එමෙන් තත්ත්වය විදහා පාන ගති ලක්ෂණවල මූලාරම්භය ඉන් විභාග කෙරේ. මානවයන් සහ අනෙකුත් විශේෂයන්ගේ ජාන, ශරීර ස්වරූපය, භෞතවේදය සහ චර්යාව අතින් ඔවුනොවුන් අතර ඇති සමානකම් මෙන් ම අසමානකම් අවබෝධ කර ගැනීම මෙම ක්ෂේත්රයට අදාළ වෙයි. මානව කායික හා චර්යාවන්ගේ මූලයන් පිළිබඳව පුරා මානව විද්‍යාඥයෝ සොයා බලති. සියළු ජනයාගේ විභවයන්, නැඔුරුවීම් සහ සීමාවන් පරිණාමයෙන් හැඩ ගැස්වී ඇති ආකාරය හෙළදරව් කර ගැනීමට ඔවුහු උත්සුක වෙති.
මානව ෆොසිල මගින් අපට දැක්විය හැක්කේ කුමක් ද?
මුල් කාලීන මානව ෆොසිල සහ පුරා විද්‍යාත්මක අවශේෂ(archeological remains) මෙකී ආදිකාලීන අතීතය ගැන වඩාත් ම වැදගත් හෝඩුවාවල් සපයයි. මෙකී පුරා විද්‍යාත්මක අවශේෂ අතරට අස්ථි කොටස්, මෙවලම් හා ආයුධ සහ (පා සටහන්, ලිප් ගැන සාක්ෂි හෝ සතුන් මස් කිරීමේ දී අස්ථි මත ඇති වූ සළකුණු වැනි) වෙනත් සාක්ෂි ද ඇතුළත් ය. මුල් යුගයේ ජනතාව ඉතිරි කළ, සාමාන්‍යයෙන් මෙම අවශේෂ වැළලී, ස්වාභාවික ව සුරක්ෂිත වේ. අනතුරුව ඒවා පොළොව මතුපිටින් (මෙසේ තිබෙන විට වැස්සට, ගංගා ජලයට හා සුළං ඛාදනයට නිරාවරණය වේ) හෝ පොළොව කැනීමෙන් සොයා ගත හැකිවෙයි. ෆොසිලගත අස්ථිි අධ්‍යයනය කිරීමෙන් විද්‍යාඥයෝ මුල් කාලීන මානවයන්ගේ ශාරීරික පෙනුම මෙන් ම එය වෙනස් වූ ආකාරය ගැන උගනති. අස්ථි ප්‍රමාණය, හැඩය සහ මාංශ පේශී මගින් ඉතිරි කර ඇති සළකුණු අපේ පූර්වගාමිකයන් එහා මෙහා ගිය හැටි, ආයුධ අල්ලාගෙන සිටි හැටි මෙන් ම දීර්ඝ කාලයක් මුළුල්ලේ ඔවුන්ගේ මොළ ප්‍රමාණය වෙනස් වූ ආකාරය අපට කියා දෙයි.
එකල ජනයා තැනූ දේවල් හා එම දේවල් විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබූ ස්ථාන පුරා විද්‍යාත්මක සාක්ෂි ලෙස හඳුන්වනු ලැබේ. මෙම ආකාරයේ සාක්ෂි අධ්‍යයනය කිරීමෙන් මුල් කාලීන මානවයන් ආයුධ තැනූ සහ භාවිත කළ ආකාරයන් ඔවුන් සිය පරිසරයන් තුළ ජීවත් වූ ආකාරයන් පිළිබඳ ව පුරා විද්‍යාඥයන්ට අවබෝධයක් ලබා ගැත හැකි ය.
මානවයන් සහ අපේ පරිණාමීය ඥාතීන්
මානවයන් යනු ප්රිමාවේස් වර්ගයේ සත්වයෙකි. නූතන මානව විශේෂය වන හෝමෝ සේපියන්ස් (Homo sapiens), තවත් ප්රිමේටස් කණ්ඩායමක් වන වානරයන් හා ඉතා සමීප සබඳතාවක් ඇති බව ශාරීරික හා ජානමය සමානතා මගින් පෙන්නුම් කෙරේ. නූතන මානවයන්ට හා (පිග්මි චිම්පන්සියන් ලෙස හඳුන්වනු ලබන බොනබෝ ඇතුළුව) අප්‍රිකාවේ මහා වානරයන්වන චිමිපන්සින් සහ ගෝරිල්ලන්ට මෙයට වසර මිලියන හයත් අටත් අතර පැරණි කාලයක ජීවත් වූ පොදු පූර්වජයෙකු ඇත.
මානවයන් මුලින්ම අප්‍රිකාවේ පරිණාමය වූ අතර මානව පරිණාමයේ වැඩි කොටසක් සිදු වුනේ එම මහද්වීපයෙහි ය. වසර මිලියන 6 ත් 2 ත් අතර පෙර කාලයක ජීවත් වූ මුල් යුගයේ මානවයන්ගේ ෆොසිල සම්පූර්ණයෙන් ම ලැබෙන්නේ අප්‍රිකාවෙනි. ආදී මානවයන් මුල් වාතවට අප්‍රිකාවෙන් පිටව ආසියාවට සංක්‍රමණය වන්නට ඇත්තේ සමහර විට වසර මිලියන 2 ත් 1.8 ත් අතරතුර කාලයක විය හැකිය. ඔවුන් යුරෝපයට ඇතුල් වන්නේ තරමක් ප්‍රමාදව පසු කලෙකය. ඒ වසර මිලියන 1.5 ත් 1.8 ත් අතරතුර කාලයකදී ය. නූතන මානව විශේෂ ලෝකයේ බොහෝ ප්‍රදේශවල ජනාවාස පිහිටුවා ගන්නේ ඊට බොහොමත් පසු කාලයක ය. නිදසුනක් දක්වතොත් ජනයා මුලින් ඕස්ටේ්රලියාවට එන්නට ඇත්තේ බාගදා පසුගිය 60,000 වසර ඇතුළත ය. ඇමරිකාවට නම් පසුගිය වසර 15,000 ඇතුළත ය.
ආදී මානව විශේෂ 15 සිට 20 දක්වා සංඛ්‍යාවක් විද්‍යාඥයන් බොහෝ දෙනෙකු විසින් වර්තමානයේ හඳුනාගනු ලැබ ඇත. කෙසේ වෙතත්, මෙම විශේෂයන් එකිනෙකාට සම්බන්ධ වන්නේ කෙසේ ද යන්න ගැන හෝ කුමන විශේෂයක් මියගොස් නෂ්ටප්රාප්ත වූයේ ද යන්න ගැන විද්‍යාඥයන් අතර එකඟත්වයක් නොමැත. ආදී මානව විශේෂ බොහොමයක්ම – ඇත්ත වශයෙන්ම ඔවුන් අතුරෙන් බහුතරය – ඔවුන්ගෙන් පැවත එන්නන් ඉතිරි කර නොමැත. ආදී මානවයන් අතරින් එක්තරා සුවිශේෂ විශේෂයක් හඳුනාගෙන වර්ගීකරණය කරනු ලබන්නේ කෙසේ ද යන්න මෙන් ම ඒ සෑම විශේෂයකම පරිණාමය හා නෂ්ටප්‍රාප්තියට බලපෑවේ කුමන සාධකයක් ද යන්න ගැනද විද්‍යාඥයන් අතර වාද විවාද පවතී. ආවේනික මානව ගති ලක්ෂණ අතුරෙන් මුලින්ම හඳුනා ගනු ලැබූවකි, ද්විපාදකතාව. කියන්නේ දෙපයින් ඇවිදීමේ හැකියාවයි. එය වසර මිලියන 4 කට පෙර පරිණාමය වූවකි. විශාල සහ සංකීර්ණ මොළයක් කිබීම, ආයුධ තැනීමට හා පාවිච්චි කිරීමට ඇති හැකියාව, භාෂාවක් පාවිච්චි කිරීම සඳහා ඇති ධාරිතාව වැනි වැදගත් මානව ගති ලක්ෂණ වැඩි දියුණු වූයේ වඩාත් මෑතකය. සංකීර්ණ සංකේතමය ප්රකාශනය, කලාවන් සහ සූක්ෂම සංස්කෘතික විවිධත්වය ඇතුළුව වැඩි දියුණු කළ බොහෝ ගති ඉස්මතු වූයේ ප්‍රධාන කොටම පසුගිය වසර 100,000 තුළය. කෘෂි කර්මාන්තයේ ආරම්භයන් සහ මුල්ම ශිෂ්ඨාචාරයන්ගේ නැගීම ඇති වූයේ පසුගිය වසර 12,000 තුළය. මානව පරිණාමය ගැන ස්මිත් සෝනියන් ආයතනයේ පර්යේෂණ කිහිපයක් ගැන තතු ලිපියකින් පසුව සාකච්ඡා කරමු.
THE SMITHSONIAN’S NATIONAL MUSEUM OF NATURAL HISTORY හි Human Evolution ලිපිය ඇසුරෙනි
ප්‍රතිචාරයක් ලබාදෙන්න