විදු නැන නුවණ – Science Literacy for All

ගෝලීය උණුසුම ඉහළ යද්දී හිම පතන වැඩිවන්නේ ඇයි?

හිම පතනයෙන්(snowfall) ඇමරිකා එක්සත් ජනපදයට පැමිණි පීඩා ගැන මේ දිනවල මුළු ලෝකයේම වාගේ අවධානය යොමු වී ඇත. ඒ එහි දරුණු බව නිසාම පමණක් නොවේ. ගෝලීය උණුසුම්වීම ගැන නිතර කතා බහ කෙරෙන අවස්ථාවක මෙවන් හිම පතනයක් ඇතිවන්නේ කොහොමද? කෙනෙකු තුළ කුහුලක් පමණක් නොව එක්තරා අන්දමක විමතියක් ද ඇති කරවන කාරණාවකි. ලොව එන්ට එන්ටම උණුසුම් වේ නම් හිම පතනය අඩු විය යුතු නොවන්නේද? මෙයට දිය හැකි පුදුමය දනවන පිළිතුර වන්නේ බොහෝ ප්‍රදේශවල එසේ නොවන බවයි. හිම සඳහා තෙත් වාතය අවශ්‍ය වේ. ඉතින්, වඩාත් උණුසුම් වායුගෝලයක තෙතමනය වැඩි බව අපි දනිමු.

හිම වැටීම සඳහා සීතල පැවතිය යුතු නමුත් එය වුවමනාවට වඩා වැඩි ශීතලක් විය යුතු නැත. හිමාංකයට වඩා අංශක කිහිපයක් පහළ යන විට තද හිම පතනයක් ඇතිවීමේ හැකියාව අඩු වේ. ඊට හේතුව ඉතා සීතල වාතය වඩාත් වියළි වන අතර එවන් වාතය, ඉහළට නැග වලාකුළු සෑදීමේ අවස්ථාව අඩුයි.

මෙලෙස පුළුල් අර්ථයකින් සලකා බලන විට වඩාත් උණුසුම් ලෝකයක් යන්නෙන් අදහස් කෙරෙන්නේ හිමපතනය සිදුවන දින අඩුවන බවයි. එහෙත්, එසේ හිම වැටෙන දිනවල තද හිමපතනයක් ඇති වේ. ධ්‍රැව ප්‍රදේශවලට වෙන්නට ඉතා දැඩි සීතලක් සහිත කලාපවල නම් හිම වැටෙන දින ගණන් ද වැඩි වේ.

rtr4ey8l-800x533

තදම හිමපතනයක් ඇතිවන්නේ ශිශිර කුණාටු(winter storms) පවතිද්දීය. ශිශිර කුණාටු ප්‍රධාන වශයෙන්ම බලගැන්වෙන්නේ සීතල හා උණුසුම් වා ස්කන්ධ අතර උෂ්ණත්ව වෙනස මගිනි. ඇමරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශයන්හි ඇතිවන වයඹදිය කුණාටු (nor’easter storms)නමින් හැඳින්වෙන කුණාටු අත්ලාන්තික් සාගරයෙන් එන උණුසුම් තෙත් වාතය හා කැනඩාවෙන් එන අධික ශීතල වාතය අභිමුඛවීමේ ප්‍රතිඵලයක් වශයෙනි.

අත්ලාන්තික් සාගරය වර්තමානයේ අසාමාන්‍ය ලෙස උණුසුම්ය. ඒ ගෝලීය උණුසුම්වීමේ එක්තරා මට්ටමක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙලෙස අසාමාන්‍ය ලෙස උණුසුම්වීම යනු ඒ මත වාතය සාමාන්‍යයට වඩා උණුසුම් හා තෙතමනයෙන් යුක්ත වන බවයි. වාර්තමාන හිම කුණාටු මෙතරම් දැඩි වීමට බලපාන සාධක අතුරෙන් එකකි. අපේ මේ ග්‍රහයා තව තවත් උණුසුම්වෙත්ම වයඹදිග කුණාටු මෙයටත් වඩා තව තවත් දැඩි වනු ඇතැයි යන්න විද්‍යාලෝක යේදී ඇසෙන පුරෝකථනයකි.

New Scientist හි Why a warmer world can mean more snowfall ලිපිය

උණුදිය ඉක්මනින් මිදෙනවාද?

Ice_cubes_openphoto

පුංචි කතාවක් එක්කම මේ ප්‍රශ්නයට පිළිතුරු සැපයිය හැකියි. කතාව පටන් ගන්නේ 1963 දී ටැන්සානියාවෙන්. එරට පාසල් ළමුන් පිරිසක් නිතර පාසලේ දී අයිස්ක්‍රීම් තැනීමට පුරුදුව සිටියා. ඔවුන් කළේ කිරි උණුකර සීනි සමග මිශ්‍ර කිරීමෙන් පසුව ප්‍රීසරයේ (අයිස් පෙට්ටියේ) දමන එකයි. ඔව්” ප්‍රීසරයේ දාන්න කලින් නිවෙන්න ඇරලා තමයි. දවසක් ඔය පන්තියේ හිටපු එරැස්ටෝ එම්පෙම්බා නමැති ළමයා කලබලේට උණුවෙන්ම මිශ්‍රනය ප්‍රීසරයේ දැම්මා. පුදුමයකට වගේ එම්පෙම්බාගේ මිශ්‍රණය අනෙක් අයගේ මිශ්‍රණයට වඩා ඉක්මනින් මිදුනා. උණුවතුර සීතල වතුරට වඩා ඉක්මනින් මිදෙන්නේය යන කාරණාව ඇරිස්ටෝටල් සමයේ සිටම එන්නක් වුණත් පුරුදු පරිදි පාසලේ ගුරුවරු එම්පෙම්බෝ නම් මේ 13 හැවිරිදි ශිෂ්‍යයාගේ කතාව විශ්වාස කළේ නැහැ. එහෙත් පසු කලෙක ඔහු භෞතික විද්‍යා මහාචාර්යවරයෙකු හා එක්ව 1969 දී මීට අදාළ පර්යේෂණ පත්‍රිකාවක් පළ කළා. මෙය ඉන් අනතුරුව කීප වතාවක්ම වෙනත් අය විසින් ද අත්හදා බලා ඇති අතර බොහෝ අවස්ථාවල මේ හා සමාන ප්‍රතිඵල ලැබී තිබෙනවා. මෙය හැඳින්වෙන්නේ එම්පෙම්බා ආචරණය (Mpemba effect) ලෙසයි. එහෙත් මේ සංසිද්ධිය සෑම වාරයක් පාසාම එකම ආකාරයට සිද්ධ නොවන නිසා එය විශ්වාසය තැබිය හැකි සංසිද්ධියක් ලෙස සැලකෙන්නේ නැහැ. ඇරැත් එසේ උණුදිය ඉක්මනින් මිදුනත් එසේ වන්නේ ඇයිද යන්න ගැනත් විද්‍යාඥයන් අතර එකසේ පිළිගන්නා පැහැදිලි කිරීමක් නැහැ.

මෙහි දක්වන්නේ වඩාත් ප්‍රචලිත මත අතරින් දෙකක් පමණයි. උණු වඩාත් ඉක්මනින් වාෂ්පීකරණය වෙයි. එවිට ස්කන්ධය අඩුවෙන අතර එනිසා මිදීම සඳහා තාපය අඩු වීම අවශ්‍ය වන්නේ අඩු වශයෙනි. කෙසේ වෙතත් ඉහත දැක්වෙන කාලගුණ සංසිද්ධියට වඩාත් ළංවන පැහැදිලි කිරීම මෙkak මෙය විය හැකියි. ජලය සිසිල් වෙද්දී සංවහන ප්‍රවාහයන් සහ උෂ්ණත්ව අනුක්‍රම (convection currents and temperature gradients) වර්ධනය වෙයි. උදා:- ශීඝ්‍රයෙන් සිසිල්වන උණුදිය වීදුරුවක් පුරාවටම වැඩි උෂ්ණත්ව වෙස්කම් ඇති අතර පෘෂ්ඨයෙන් වඩා ශීඝ්‍රයෙන් තාපය අහිමි වෙයි. එහෙත් එක හා සමානව  සිසිල් ජල වීදුරුවක උෂ්ණත්වය වෙනස්කම් අඩුයි. එනිසා සිසිල්වීමේ ක්‍රියාදාමය වේගවත් කිරීම සඳහා සංවහනයද අඩුය. එහෙත් මෙම අදහස ද සම්පූර්ණයෙන්ම සත්‍යාපනය (entirely verified) කර නැහැ.

Science Alert හි Why does hot water freeze faster than cold water? ලිපිය ඇසුරෙනි     


 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: