විදු නැන නුවණ – Science Literacy for All

පරාගණයේ යෙදෙන්නන්ගේ සේවය ඇගැයීම

                                                                            මෙහි මුල් කොටස ජනවාරි 18 දා තතුහි පළ විය

pollinationStratStrip

ශාකයකට ජෛවී පරාගණය ක්‍රියාවට නංවා ගැනීමට නම් පරාගණයෙහි යෙදෙන සතුන් ආකර්ෂණය කර ගත යුතු වේ. ඇහැට කනට පේන, අවට සුවඳ පතුරන ප්‍රමාණයෙන් විශාල මල් මේ කාර්යය මනාව ඉටු කරයි. ඇතැම් මල්වල පෙති රටා සහිතය. එය කෙබඳුද කීවොත් මහ මාර්ගයක බිමෙහි ඇඳ ඇති ඉරිමෙන්ය. මල් පෙතිවල රටා, පරාගණයෙහි යෙදෙන්නන්ට මල වෙත මග පෙන්වන මඟ සලකුණුය. ඕකිඞ් වර්ගවල ඒවා කරා එන මීමැස්සන්ගේ ගෑවෙන පරිදි කුඩා, ඇලෙන සුළු පරාග පරිණාමය වී ඇත. මීමැසි ඕකිඞ් (Bee orchids නමින් දැක්වෙන) විශේෂය පිරිමි මීමැසි පරපෝෂිතයන් ආකර්ෂණය කර ගැනීම පිණිස ස්ත්‍රී මීමැසි පෙනුමක් අනුකරණය කරයි. බඹරුන් මාර්ගයෙන් පරාගණය සිදුකරගන්නා ඇතැම් ඕකිඞ් වර්ග ස්ත්‍රී බඹර බාහිර හෝමෝන (external hormones – pheromones) අනුකරණය කෙරෙන සුවඳ විහිදුවයි.skunk_cabbage_lg

මීමැස්සන්ට අමතරව තවත් බොහෝ සතුන් මල්වලට ආකර්ෂණය වෙති. සිය දිගු හොට යොමු කළ හැකි නල හැඩැති රතු හෝ තැඹිලි වර්ණ මල්වලට. ගුමනකුරුල්ලෝ ඇදී එති. කුණප භක්ෂක (carrion eaters) මැස්සන් ආකර්ෂණය කර ගැනීම පිණිස පුෂ්ප, කොළ පැහැ ස්වභාවයක් ගැනීමට හා කුණු ගඳක් නිකුත් කිරීමට පෙළඹෙයි. සළඹයන් සාමාන්‍යයෙන් පරාගණය කරන්නේ රාත්‍රියේ පිපී තිබෙන, මල්පැණි බහුලව ඇති   පුෂ්පයන්ය. වවුලන් සොයා යන්නේ අඹ, පේර වැනි පළතුරු සුවඳැති, රාත්‍රියේ පිපෙන මල්ය. කුරුමිණියන්  රසකාරක  සුවඳක් සහිත මල්වලට වැඩි මනාපයක් දක්වන බවක් පෙනී යන අතර spicebush නිදසුන් ලෙස දැක්විය හැකිය. තවද කුරුමිණියන් එම මල්වල පෙති කා දමන බවද පෙනී යයි. පැණි ලෙවීම සඳහා බුරුසුවක් වැනි දිවක් සහිත ගිරවුන් ද, මුරුසිදිවයිනේ පාම් – වැනි ශාක පරාගණයෙහි යෙදෙන නිල් වලිගයක් ඇති දිවා කාල හූනන්ද අසාමාන්‍ය පරාගණිකයන් අතර වේ.

images (5)

මල්වලින්, මල් මකරන්දය තිළිණ වශයෙන් ලබා ගැනීම පිණිස පරාගණිකයෝ ඔවුනොවුන් හා බොහෝ විට තරග වදිති. ස්මිත්යෝනියානු ආයතනයේ කෘමි විද්‍යාඥ ආචාර්ය ඩේව් රූබික් මැක්සිකෝවේ දේශික මී මැස්සන් කෙරෙහි එරටට හඳුන්වා දෙනු ලැබූ අප්‍රිකානු ඝාතක මීමැස්සන්ගේ බලපෑම ගැන වසර 17ක් තිස්සේ පර්යේෂණ පැවැත් වූවෙකි. ඝාතක අප්‍රිකානු මීමැස්සන් ද හඹා යන්නේ දේශික මීමැස්සන් සොයන මල් පැණි මූලයන්ම බව ඔහු සොයා ගත්තේය. අප්‍රිකානු විශේෂය කොපමණ බහුල ද කොපමණ කාර්යක්ෂම පරාගණිකයන්ද කීවොත් දෙවර්ගයම මනාපය දක්වන ශාක විශේෂයෙහි ප්‍රජනනය බෙහෙවින් ඉහළ දැමීමට සමත් වූ බව රූබික්ට පෙනී ගියේය. මෙලෙස තරගයක් තිබුණේ වී නමුත් අවසාන ප්‍රතිඵලය වූයේ දෙපාර්ශ්වයට අවශ්‍ය ආහාර සැපයුම ඉහළ යාමයි.

සමහර සත්ව විශේෂ පරාගණිකයන් වශයෙන් ඉටුකරන සේවය නිසියාකාරව ඇගැයීමකට ලක්ව නැත. තවත් ස්මිත්සෝනියානු කෘමි විද්‍යාඥයකු වන ආචාර්ය ක්‍රිස්ටියන් තොම්ප්සන් මැස්සන් ගැන අධ්‍යයනයේ යෙදී සිටින අතර මැස්සන් කැපී පෙනෙන පරාගණිකයන් බව පෙන්වා දෙයි. මැස්සන්, ලූණු, ස්ට්‍රෝබෙරි, කැරට්, ඇපල්, සලාද, තක්කාලි හා බඩඉරිඟු ඇතුළුව කෘෂිකාර්මක බෝග 100කට අධිකව පරාගණය කරන බව සොයා ගෙන තිබේ. පෘථිවිය මත මැසි විශේෂවලින් නම් කර ඇත්තේ සියයට දහයකට  අඩුවෙන් බව ඇස්තමේන්තු කර තිබේ. ඔවුන් අතර වැදගත් පරාගණිකයන් බොහොමයක් සිටීමටද ඉඩ ඇති අතර ඔවුන් ඒ ආකාරව අපේ ආහාර සැපයුම කෙරෙහි තීරණාත්මක බලපෑමක් ඇති කළ හැකි වේ.

විනාශ අභිමුඛ පරාගණිකයෝ

පරාගණිකයන් බොහොමයක වනගත ගහණ අඩුවෙමින් පවතී. මීට හේතු සාධක එතරම් පැහැදිලි නැත. එහෙත් ඔවුන්ගේ අඩුවීයාම ලෝකයේ බෝග සැපයුම කෙරෙහි විශාල බලපෑමක් ඇති විය හැකි බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. එහෙයින් ඔවුන් උත්සාහ  කරන්නේ එසේ වීමට හේතුමෙන්ම ඉන් ඇතිවන ඵලවිපාක හොඳින් තේරුම් බේරුම් කර ගැනීමටය. මල් හටගන්නා කාලය සහ කෘමීන්ගේ ක්‍රියාකාරිත්වය අතර ඇති සියුම් සම්බන්ධතාව කෙරෙහි දේශගුණික බලපෑම එවැනි එක කාරණාවකි.

මෙකී සත්ව පරාගණිකයන්ගේ වැදගත්කම සැලකිල්ලට ගනිමින් පරාගණකයන් ආරක්ෂා කිරීම පිණිස සංවිධානද ලොව පිහිටුවා ඇත. උතුරු ඇමරිකානු පරාගණිකයන් සුරැකීමේ ව්‍යාපාරය (North American Pollinator Protection Campaign) එවැන්නකි. Pollinator Partnership පරාගණිකයන් ගැන වෙහෙසෙන තවත් සංවිධානයකි‍. Pollinator Partnership (පරාගණිකයන් සජීවීම) සහ Pollinator Partnership ෙවතින් ද  පරාගණකයන් ගැන තවත් වැදගත්  තොරතුරු ලබා ගත හැකිය.

Smithsonian National Museum of Natural History හි  Pollinators ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: