විදු නැන නුවණ – Science Literacy for All

වසර මිලියන ගණනක් ගියත් දැකිය හැකි නව මානව වකවානුවක(anthropocene) සලකුණු

තවත් වසර මිලියන ගණනක් ගතවෙද්දී අපේ මේ ශිෂ්ටාචාරය සහමුලින්ම විනාශව ගොස් තිබුණද, අප ජීවත් වූ ආකාරය පිළිබඳ සංඥා, සලකුණු අපේ පෘථිවි ග්‍රහයාගේ භූවිද්‍යාත්මක වාර්තාවෙහි සුරැකිව පවතිනු ඇත. අප පෘථිවිය මත ඇති කර තිබෙන බලපෑම, සුවිශේෂී භූ විද්‍යාත්මක වකවානුවක් ( distinct geological epoch) පෙන්නුම් කරන බවට වුවමනාවටත් වඩා සාක්ෂි දැන් ලැබී තිබේ. මේ වකවානුව ඇරඹෙන්නේ 20 සියවස මැද දී ය. තතු මගින් මේ පිළිබඳ අනාවරණයක් කළා අපේ නිත්‍ය පාඨකයන්ට මතක ඇති. ඒ 2016-01-12 තතු මගිනි. මෙසේ වසර මිලියන ගණනක් ගියත් ඉතිරිවන සලකුණු හතක් විද්‍යාඥයන් විසින් හඳුනාගනු ලැබ ඇත. ඒවා මෙහි සඳහන් කරන්නේ අපට නිවහන වී ඇති මේ ග්‍රහලෝකය කෙරෙහි අපේ වර්තමාන ක්‍රියාකාරකම් හා චර්යාවන් කොයිතරම් බරපතළ ආකාරයකට බලපාන්නේ දැයි නැවත සිතා බැලීම පිණිසය.
1. න්‍යෂ්ටික අවි
අපේ යුද ව්‍යායාමයන්, පෘථිවි ග්‍රහයා මත නොමැකෙන සලකුණු තැබීමට සමත්ව ඇත. 1945 ජූලි 16 දා ප්‍රථම න්‍යෂ්ටික අවිය නිව්මැක්සිකෝවේදී පුපුරුවා හැරීමෙන් ඉතා පුළුල් ප්‍රදේශයක් හරහා රේඩියෝ නියුක්ලීඩ එනම් අතිරික්ත ශක්තියක් සහිත පරමාණු තැන්පත් කෙරිණ. 1952 සිට වඩාත් පිපුරුම් ශක්තියක් ඇති තාප න්‍යෂ්ටික අවි(thermonuclear weapons) පරීක්ෂණ පැවති අතර එමගින් කාබන් 14, ප්ලුටෝනියම් 239 වැනි සමස්ථානිකවල වෙසෙසි අනන්‍යතා ලකුණක් ගෝලීය වශයෙන් ඉතිරිකර තබා ඇත.
2. ගෝලීය උණුසුම්වීම
මානවීය හෙවත් මිනිසා මූලික ව ඇතිවුණු දේශගුණික විපර්යාස අපේ වකවානුව පිළිබඳ පැහැදිලි සලකුණකි. ග්‍රින්ලන්තයේ අයිස් කඳන්වලට (ice cores) රස්නය දරා ගත හැකි නම්, පෘථිවියේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඞ් අංශ 0.6 සිට 0.9 දක්වා ප්‍රමාණයකින් ඉහළ නැගි බව ඒවායේ අඩංගු ඔක්සිජන් සමස්ථානික මගින් පෙන්නුම් කරනු ඇත. මෙම ප්‍රමාණය, මීට කලින් වකවානුව වන හොලෝසීන වකවානුවේ පැවති ස්වාභාවික විචල ්‍ය ට වඩා වැඩිය. සාමාන්‍ය ගෝලිය මුහුදු මට්ටම් පසුගිය වසර 115,000 කාලයේ කිසිම අවස්ථාවක පැවතියාට වඩා ඉහළය. එමෙන්ම සීඝ්‍රයෙන් තවත් ඉහළ යයි. මෙයද අනාගතයේදී සොයා ගැනීමේ හැකියාව ඇත්තකි.
3. මහා නෂ්ටප්‍රාප්තවීම
ගෝලීය මට්ටමේ දැවැන්ත විපර්යාසයන් මගින් හටගත් මහා නෂ්ටප්‍රාප්තවීම් භූවිදයාත්මක අවධි ගණනාවක ආරම්භය සහ අවසානය සලකුණු කර ඇත.
ඇතැම් පුරෝකතනයන්ට අනුව, අප ගමන් කරමින් සිටින්නේ පෘථිවි ඉතිහාසය තුළ හයවැනි මහා නෂ්ටප්‍රාප්තවීමේ සිද්ධිය කරාය. මෙහිදී ඉදිරියට එන ශත වර්ෂවලදී විශේෂයන්ගෙන් හතරෙන් තුනක් නැතිවී යාමට නියමිතයි.
නව මානව වකවානුව ආරම්භ වීමත් සමගම විශේෂ බොහෝමයක්ම හදිසියේම අතුරුදන් වී ඇති බව අනාගත පාෂාණිධාතු විද්‍යාඥයන්ට ෆොසිල වාර්තාවලින් පෙනී යනු ඇත.

4. ෆොසිල ඉන්ධන
අපේ ෆොසිල ඉන්ධන චර්යාවන්, අනාගතයේදී පැහැදිලිවම වෙන්කොට හඳුනාගැනීමට හැකි වනු ඇත. ඉතිරිව පැවතෙන ඇන්ටාක්ටිකා අයිස් කඳන් (ice cores) වෙතොත්, මීට පෙර වසර මිලියන 65 ක කාල පරාසයකදීට වඩා වර්තමානයේ අපේ කාබන් විමෝචන අනුපාත ඉහළ බව පෙන්නුම් කරනු ඇත.
එමෙන්ම වායුගෝලයේ කාබන් 12 සහ කාබන් 13 සමස්ථානික අතර ඇති අනුපාතය ද අප වැඩිකරගෙන තිබේ. මේ බව හුණුගල් (හිරි ගල්), ගස් වලයන් (tree rings = ගසක වයස දැක්වෙන වසරකට එකක් බැගින් වැඩෙන වළලු) සහ ෆොසිල ගත අස්ථි හා කවච මගින් සොයා ගැනීමට පුළුවන.
5. අලුත් ද්‍රව්‍ය
3500
ප්ලාස්ටික් සහ ඇලුමේනියම් එහි මූලද්‍රව්‍යමය ස්වරූපයෙන් කාර්මික විප්ලවයට පෙර දැන සිටියේ නැත. අප දැන් මූලද්‍රව්‍යමය ඇලුමිනියම් මෙටි්‍රක් ටොන් මිලියන 500ක් නිපදවා ඇති අතර වසරක් පාසා ප්ලාස්ටික් මෙටි්‍රක් ටොන් මිලියන 500ක් නිපදවයි.
Tokyo, Japan
විසිවැනි සියවසේදී අප වඩාත්ම බහුලව භාවිත කරන ගොඩනැඟිලි ද්‍රව්‍ය බවට කොන්ක්‍රීට් පත්විය. අප මේ වන විට කොන්ක්‍රීට් මෙටි්‍රක්ටොන් බිලියන 56 ක් පමණ නිපදවා ඇති අතර එම ප්‍රමාණය මිහිපිට සෑම වර්ග මීටරයක් මත කොන්ක්‍රීට් කිලෝග්‍රෑමයක් ඇතිරීමට ප්‍රමාණවත්වය.
මෙකී ද්‍රව්‍යවල අවසාදිත නව මානව වකවානුව පිළිබඳ පැහැදිලි සලකුණක් වනු ඇත.
6. පොහොර
(කෘතිම) පොහොරවලට පින්සිදුවන්නට පසෙහි නයිට්‍රජන් සහ පොස්පරස් මට්ටම් සූක්ෂම වගා ක්‍රම හරහා පසුගිය ශත වර්ෂයේදී දෙගුණ වී තිබේ. හොලෝසීන වකවානුව හා සසඳන විට දැන් පරිසරයට පොස්පරස් මුදා හැරෙන්නේ දෙගුණයක වේගයෙනි. එමෙන්ම, නයිට්‍රජන් ප්‍රමාණය 120%කින් වැඩි වී තිබේ.
7 වෙනස් වූ භූ විද්‍යාව
250px-Pokhara_nepal_valley_1999_web
අප වැසි වනාන්තරයක කොටසක් විනාශ කරන සෑම වාරයකදීම අපි පෘථිවියේ භූ විද්‍යාව වෙනස් කරන්නෙමු. මේ වන විට අප පෘථිවියේ භූමි ප්‍රදේශයෙන් 50% වැඩියෙන් අපේ වුවමනාවන් සඳහා වෙනසකට භාජනය කර ඇත්තෙමු. වනහරණය (deforestation) ගොවිතැන, තෙල් ළිං කැණීම, පතල් කැණීම, ඉඩම් ගොඩ කිරීම, වේලි තැනීම සහ වෙරළබඩ ප්‍රතිසංස්කරණය යන සියල්ල අවසාදිත ක්‍රියාදාමයන් මත පුළුල් බලපෑමක් ඇති කරන අතර පාෂාණ ස්ථර පිහිටන ආකාරයට බාධා පමුණුවයි.
New Scientist( 16 January 2016) හි Seven signs of the anthropocene ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: