ක්ෂීරපථය ගැලැක්සියේ මධ්‍යය හෙවත් මන්දාකිණි කේන්ද්‍රය II ෙකාටස. ප්‍රථම කොටස 2016 ජනවාරි 27දා පළවිය.
හවායි දූපතේ මවුනා කියාහි පිහිටි මීටර් 10යේ කෙක් (Keck) ටෙලස් කෝපය බෙහෙවින් වැදගත් වන්නේ එමගින් අපට ආලෝකයෙන් අඩු හෙවත් අඳුරු වස්තු (faint objects) දෙස බැලීමට අවකාශ ලැබෙන හෙයිනි. මෙම ආසන්න අධෝරක්ත අනුරූපනයෙන් අපට දැක ගැනීමට හැකි වී ඇති පරිදි අපේ ගැලැක්සිය වන ක්ෂීර පථ මන්දාකිණියේ මැද ආලෝක වර්ෂයක දුර ඇතුළත තාරකා සිය ගණනක් ඇති බව හෙළි වී තිබේ. මෙය සැබැවින්ම පුදුමය දනවන සුළුය. අපේ සූර්යයා සහ අල්ෆා සෙන්ටූරි අතර දුර ආලෝක වර්ෂ 4.3ක් බව මදකට මතකයට නගා ගන්න. ඒ කියන්නේ අපට ආසන්නම තරුව සෙවීම සඳහා ආලෝක වර්ෂ 4.3ක් යා යුතු බවයි. එහෙත් මන්දාකිණි මධ්‍යය ප්‍රදේශයේ ඇතුළත ආලෝක වර්ෂ එකක දුරක තාරකා සිය ගණනක් තිබේ. මෙම තාරකාවලින් බොහොමයක් තරුණ ඒවාය. ඒවායේ වයස් සීමාවන් ගතහොත් වසර මිලියන දහයටත් අඩුය. කෙසේවෙතත්, ඒවායේ ප්‍රභවය පැහැදිලි නැත.
මන්දාකිණි කේන්ද්‍රය වටා මධ්‍යම චාප තත්පර 1 ක් ආලෝක වර්ෂ 0.1 ක පමණ හෝ නක්ෂත්‍ර ඒකක 8,000කට අනුරූපවෙයි. කෙක් (Keck) ටෙලස්කෝපය සහ අනෙකුත් ටෙලස්කෝප යොදා ගනිමින් 1995 වසරේ සිටම මෙකී තාරකාවල ස්ථානගතවීම් නිරීක්ෂණය කරනු ලැබ ඇති අතර ඒවා චලනය වන්නේ දැයි බැලීම පිණිස ඉතා නිවැරදි මිනුම් ලබා ගැනීමට ද හැකි වී තිබේ. මින් සමහරක් Saggittarius A* වටා කක්ෂීය චලනයක් පැහැදිලිව පෙන්නුම් කරයි.
මෙම තාරකාවල චලනයන් අපට කියන්නේ Saggittarius A* ස්ථාන ගතවී ඇති තැන අති දැවැන්ත යම් දෙයක් ඇති බවයි. ඇත්ත වශයෙන්ම, SO-2 නම් තාරකාව සඳහා වසර 16 ක් සහිත සම්පූර්ණ කක්ෂයක් සහ SO-102 නම් අඳුරු තාරකාව සඳහා වසර 11.5 ක කක්ෂයක් ද මන්දාකිණි කේන්ද්‍රය වටා නිරීක්ෂණය කරනු ලැබ ඇත. SO-102 තරුව Saggittarius A* ට ආසන්නතම අවස්ථාවේ දුර නක්ෂත්‍ර ඒකක 260 පමණකි. මෙම තාරකාවේ කක්ෂීය ප්‍රවේගය තත්පරයකට කිලෝමීටර 5,000 කි.
මෙම තාරකාවල චලනයන් පදනම් කරගෙන සලකන විට Saggittarius A* නම් මෙකී වස්තුව නක්ෂත්‍ර ඒකක 20ක් තරම් පමණ වන අරයක් ඇතුළත අපේ සූර්යයා මෙන් මිලියන 4ක ස්කන්ධයක් ඇති බව පෙනී යයි. ඒ කියන්නේ, පෘථිවිය හා සෙනසුරු ග්‍රහයා අතර දුර මෙන් දෙගුණයකි. එවැනි අඩු අවකාශයක් තුළ ඒ සා ස්කන්ධයක් ගැබ්විය හැක්කේ කළු කුහරයක පමණකි. සූර්ය ස්කන්ධ මිලියන 4 ක කළු කුහරයක් ගත් විට එවැනි වස්තුවක නක්ෂත්‍ර ඒකක 0.1 ක පමණ අරයක් සහිතව සීමා චක්‍රයක් (event horizon) ඇත.
කළු කුහරයක් වටා ඇති සීමා චක්‍රය එම කළුතුහරයේ සිට ඇති දුර නියම කරයි. එහි මිදුම් ප්‍රවේගය, ආලෝකයේ වේගයට වඩා වැඩිය. එම අරයේ දී හෝ ආසන්නයේ දී කිසිම දෙයකට කළු කුහරයෙන් ගැලවිය නොහැක. මන්ද ආලෝකයේ වේගයට වඩා වැඩි වේගයකින් කිසිම දෙයකට ගමන් කළ නොහැකි හෙයිනි. එවැනි දෙයක් සතුව මහා දැවැන්ත ගුරුත්වයක් ඇත. මන්දාකිණි කේන්ද්‍රයේ කළු කුහරයට ඉතා ආසන්නයෙන් පසුකර යන තාරකාවක් උදම් ක්‍රියාවලියකින් අවුල් වී යා හැකි අතර ඇතුළට කඩා වැටෙන ද්‍රව්‍ය මගින් එම කළු කුහරය වටා උපවයන තැටිය නමින් හැඳින් වෙන දිලිසෙන ද්‍රව්‍යමය තැටියක් මූලික වශයෙන් නිර්මාණය කරයි.
ආසන්න අධෝරක්තයේ දී Saggittarius A* අඳුරුය(දුබලය). Saggittarius A* ප්‍රබල නොවන, කෙටි හදිසි පැතිරුම් (නිපාතන) සහිත වූයේ වී නමුත් එය මෑතක දී තාරකාවක් ගිලදමා ඇති බවට සාක්ෂි නොමැත. එලෙස එය අපේ අපේක්ෂාවන් හා ගැලපේ. මන්ද කීවොත්, උදම් බලපෑමෙන් කළු කුහරයක්, තාරකාවක් කඩා බිඳ දැමීමේ සිද්ධියක් ඇති නොවෙතැයි මන්දාකිණි කේන්ද්‍රයේ දී තාරිය ඝනත්වය පදනම් කරගෙන අප බලාපොරොත්තුවන හෙයිනි. එවැන්නක් ඇතිවන්නේ සෑම වසර 100,000 වරක් පමණයි.
Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්