සැමට විදු නැන නුවණ – Science Literacy for All

සීකා(Zika) වයිරසයේ වගතුග හා පාඩම්

මදුරුවන්ගෙන් බෝවෙන රෝග ගැන කතා කරන විට ලංකාවේ අපට එකවර මතක් වෙන්නේ මාරාන්තික ඩෙංගු රෝගය ගැනයි. ඊට අමතරව බරවා හා මැලේරියාව ගැන අපේ අත්දැකීම් තිබේ. කෙසේ වෙතත් ප‍්‍රශ්නෝත්තර විලාශයෙන් තතු ගෙනෙන මේ කරුණු දැක්වීම අද ලෝකයේම අවධානය යොමු වී තිබෙන සිකා වෛරසය ගැනයි.
ප‍්‍ර : සිකා වෛරසය පැමිණියේ කොයිබින්ද?
පි : සිකා වෛරසය ප‍්‍රථමයෙන්ම වෙන්කොට හඳුනාගනු ලැබුවේ 1947 දීය. මුල් වරට එය විද්‍යාත්මක පති‍්‍රකාවක විස්තර කරනු ලැබුවේ 1952 දීය. අපි‍්‍රකාවේ සහ අග්නිදිග ආසියාවේ මෙය ඇතිවන බව කලක සිටම දැන සිටියේ නමුදු මෑතක දශකයක පමණ කාලය දක්වා විද්‍යාත්මක ලේඛනවල විස්තර කරනු ලැබ තිබුණේ අවස්ථා 15 වැනි සුළු සංඛ්‍යාවකදී පමණි. 2007 දී බටහිර ශාන්තිකර දූපතක් වන යැප් දූපතේ සිකා වෛරසය දරුණු ලෙස පැතිර ගියේ ය. ඉන් අනතුරුව සිකාව අනෙකුත් ශාන්තිකර දූපත් හරහා ප‍්‍රධාන පෙළේ චාරිකාවක යෙදී අවසානයේ ගොඩ බැස්සේ බ‍්‍රසීලයටයි. එතැනින් සිකාව දකුණු ඇමරිකාවේ අනෙකුත් කොටස්වලට, මධ්‍යම ඇමරිකාවට, මැක්සිකෝවට සහ කැරීබියන් දූපත් වෙත ද සීඝ‍්‍රයෙන් පැතිරෙන්නට විය.
ප‍්‍ර : මෙහෙම හදිසියේම ඉක්මනින් ව්‍යාප්ත වුණේ ඇයි?
පි : අපි‍්‍රකාවේ හා ආසියාවේ ද මේ අන්දමේ දරුණු මට්ටමේ හදිසි ව්‍යසන සමහරවිට ඇතිවන්නට ඇත. එහෙත්, එසේ වී තිබුණෙත් ඊට අවධානයක් යොමු වුණේ නැත්තේ විද්‍යාඥයන් ඒ ගැන එතරම් උනන්දුවක් නොදැක්වීම හේතු වෙන් විය හැකිය. එහෙත් වර්තමාන දැවැන්ත වසංගතය සිදුවෙතැයි අපේක්ෂාවෙන් සිටි සිද්ධියක් බදුය. කහ උණ වශයෙන් හැඳින්වෙන රෝගය බෝ කරන මදුරුවන් ලෙස ද හැූඳින්වෙන Aedes agypti මදුරුවන් අති විශාල සංඛ්‍යාවක් ලතින් ඇමරිකාවේ වෙසෙති. Aedes agypti සිකාව පතුරන ප‍්‍රධාන පෙළේ රෝග වාහකයෙකි. (ලොව පුරා වර්ධනය වෙමින් සිටින ආසියානු කොටි මදුරුවා (Asian tiger mosquito) වන A. albopictus ද රෝග වාහකයෙකු වෙතැයි විශ්වාස කෙරේ. ඊට අමතරව ඇමරිකාවේ කිසිවෙකුව තුළවත් මෙම වෛරසයට එරෙහිව ප‍්‍රතිශක්තියක් ගොඩ නැඟී නැත. සංචාර කි‍්‍රයා හේතුවෙන් තත්ත්වය තවත් දරුණු වේ. සාමාන්‍යයෙන් ් මදුරුවන් සිය ජීවිත කාලය තුළ මීටර් ගණනකට වඩා පියාසර නොකරයි. එහෙත් ආසාදිත පුද්ගලයන් කාර් බස් කෝච්චි හා අහස්යානාවලින් ගමන් කරද්දී සිකා ද නගරයෙන් නගරයට රටින් රටට යයි. සිකාව යම්කිසි ප‍්‍රදේශයකට පැමිණි විට මෙම සාධකවල එකතුවේ ප‍්‍රතිඵලයක් ලෙස සිකා ඉක්මනින් හා වඩාත් ඈතට ව්‍යාප්ත වේ.
_87828629_7402f72b-312e-4ec6-a0cc-26aedd3a6ca2
ප‍්‍ර : සිකා වෛරසය හේතුකොට ගෙන උප්පත්ති දෝෂවල ඉහළ යාමක් වෙතැයි අපි හොඳාකාරව දන්නවාද?
පි : නැත. සිකාවෙන් බොහෝම විපතට පත් බ‍්‍රසීලයේ ප‍්‍රදේශවල මයික්‍රොසෙපලි (microcephaly)හෙවත් ලඝු ශීර්ෂතාව නම් රෝග තත්ත්වය ඇතිව උපන් බිළිදුන්ගේ සංඛ්‍යාවේ තියුණු වැඩිවීමක් අත්දැකිය හැකි බවට පරිවේෂණීය සාක්ෂ්‍යය දැඩිව ඇත. මෙම රෝග තත්වය නිසා දරුවා සාමාන්‍ය ප‍්‍රමාණයට වඩා කුඩා හිසක් සහිතව උපදින හෙයින් මොළය නිසියාකාරව වර්ධනයවීම සිදු නොවේ. එහෙත් සිකා වෛරසයෙන් ආසාදිත ගර්භනීන් පිළිබඳව සිදුකරන මුල් රෝග පාලන අධ්‍යයනවල (case-control studies) ප‍්‍රතිඵල ලබාගැනීමට අඩුම තරමින් තව මාස කිහිපයක් ගතවෙයි. බ‍්‍රසීලයේ වෛද්‍යවරුන්ට මයික්‍රොසෙෆලි රෝගයේ වැඩිවීමක් ඇති බව පෙනී ගියේ සිකා ආසාදනය ක්ෂණිකව ඉහළ යාමෙන් පසුව ජූනි හා ජූලි මාසවල සිදු කළ ගර්භනීන්ගේ අතිධ්වනි තරංග(ultra-sound) පරීක්ෂණවලදීය. භ‍්‍රෑණ වෛද්‍ය විශේෂඥයෙකු වන මැනුවෙල් සැමෝ පෙන්වා දෙන අන්දමට දැන් ඔහුට දකින්නට ලැබෙන මොළ හානිය සයිටොමෙගලෝ (cytomegalo) වයිරසය හෝ රුබෙලා වැනි අනෙකුත් ආසාදනවලින් සිදුවන මයික්‍රොෆොලිවලට වඩා වෙනස්ය. ගර්භනී භාවයට පත් වූ විට සීකා වෛරසයෙන් ආසාදිත වූ ස්තී‍්‍රන් ගැන සොයා බලන අධ්‍යයනයක් සැමෝ සහ සගයන් විසින් ආරම්භ කරනු ලැබ ඇත. මෙහි ප‍්‍රතිඵල නිකුත්වීමට නියමිතව ඇත්තේ ලබන ගිම්හානය අවසානයේයි. බ‍්‍රසීලයේම වෙනත් ස්ථානවල හා කොලොම්බියාවේ මෙවැනිම තවත් අධ්‍යයන පටන් ගෙන ඇත.
ප‍්‍ර : විද්‍යාඥයන්ගේ අවධානය කඩිනමින් යොමු කළ යුතු ගැටලූ තිබේ ද?
පි : බොහොමයක්ම ඇත. මින් වඩාත්ම වැදගත් වන්නේ සිකා වෛරසයෙන් ආසාදිත වී ඇත්තේ කවුරුන්දැයි නිශ්චිතව නිර්ණය කිරීමයි. දැනට ඇති වඩාත්ම නිවැරදි පරික්ෂාව වන්නේ (රෝගියාගේ රුධිරයෙහි වෛරසමය RNA හෙළිකරන) මුල් රෝග ලක්ෂණ පහළ වී සතියක් ඇතුළත සිදුකරන ලේ පරීක්ෂාවයි. ඉන් අනතුරුව පර්යේෂකයන්ට රෝගීන්ගේ රුධිරයෙහි ප‍්‍රතිදේහ පරීක්ෂා කළ හැකියි. එහෙත් වර්තමානයේ සිකා ප‍්‍රතිදේහ සඳහා කෙරෙන පරීක්ෂාවන් ඩෙන්ගු සඳහා ප‍්‍රතිදේහ පරීක්ෂාවත් සමග සිරස් ප‍්‍රතිචාර දක්වයි. ඩෙංගු බසීලයේ සහ ලතින් ඇමරිකාවේ බොහෝ ප‍්‍රදේශවල බෙහෙවින් ප‍්‍රචලිත රෝගයකි. එහෙයින් ඒවායේ වැඩි හරියක සියලූ දෙනාටම පාහේ ප‍්‍රතිදේහ ඇත. එමනිසා මයික්‍රොසෙපලි සහිතව උපන් බිළිඳකු ජනිත කරන කාන්තාව සිය ගර්භණී අවස්ථාවේ මුල දී සිකා වෛරසය ආසාදිතව සිටියේ ද යන්න සෙවීම දුෂ්කරය.
zika
ප‍්‍ර සිකාවට එරෙහිව ලබා දිය හැකි ඖෂධ මොනවද?
පි : පසුගිය වසර වන තෙක්ම කිසිවක් නැත. ප‍්‍රති වෛරස ඖෂධයක් ගැන කිසිවකු උනන්දු නොවුනේ සිකාව දුර්ලභ එමෙන්ම හානියෙන් අඩු යයි සිතු නිසාවෙනි. වෛරසය පැතිර යාමට පටන් ගෙන ඇති දැන් වුවද මෙවැනි ඖෂධයක් සඳහා විශාල වෙළෙඳපළක් නැත්තේ, ආසාදිතයන්ට රෝග ලක්ෂණ බොහෝ අඩුවෙන් තිබීම හෝ රෝග ලක්ෂණ කිසිවක් නොමැති කම නිසාවෙනි.
ප‍්‍ර : සිකා වෛරසයට එරෙහි එන්නතක් බලාපොරොත්තු විය හැක්කේ කොයි කාලයේදී ද?
පි : අවුරුදු ගණනාවක් ගත වීමට පුළුවන. දැනටමත් කණ්ඩායම් ගණනාවක් සිකා වෛරසය අපේක්ෂක එන්නතක් සෑදීම ආරම්භ කර ඇත. මේ කි‍්‍රයාදාමයට කෙසේ වෙතත් මාස ගණනාවක් ගතවෙයි. එන්නත් නිපදවීමේ ප‍්‍රයත්න කිහිපයකටම පදනම දැනට පවතින එන්නතක්මයි. සුදුසු වෛරස අපේකෂක එන්නතක් හමුවූ විට එය මුලින් සතුන් යොදා පරීක්ෂාවට ලක් කළ යුතු වේ. එන්නත මිනිසුන්ට ලබාදිය හැක්කේ ඉන් අනතුරුවයි. මිනිසුන්ට ලබා දෙන එන්නත් කුඩා පිරිසක් යොදාගෙන සිදු කරන පරීක්ෂණවලින් මුල පිරේ. ඉන් පසුව වඩාත් පුළුල් අධ්‍යයන සිදු කොට නිෂ්පාදනය සාර්ථක දැයි නිගමනය කළ යුතුය. මේ කි‍්‍රයාදාමයට සාමාන්‍යයෙන් මාස 10 ක් 15 ක් ගත වේ. දැනට තිබෙන හදිසිය නිසා මෙම කාලය මදක් කෙටි කළ හැකි වුවත්, සිකා වෛරසයක් වානිජ මට්ටමින් එළ දැකීමට වසර 5 සිට 7 දක්වා කාලයක් ගත වනු ඇතැයි ඇ.එ.ජ. අසාත්මිකතා සහ බෝවෙන රෝග ජාතික ආයතනයෙහි(U.S. National Institute of Allergy and Infectious Diseases) අධ්‍යක්ෂ ඇන්තනි ෆොසි කියයි.
ප‍්‍ර : එහෙම නම් සිකා පැතිරයාම වැළැක්වීමට අපට කළ හැක්කේ කුමක්ද?
පි : මදුරුවන් මිනිසුන්ට විදීම නතර කිරීමයි. කුඩා ජල සංචිත ඉවත් කිරීමෙන් මදුරු ගහණයන් අඩු කිරීමට රටවල්වලට හා ප‍්‍රජාවන්ට කි‍්‍රයා කළ හැකිය. හිස් බෝතල්, මල් පෝච්චි, ඉවත දමන ලද ටයර වැනි මේ කුඩා ජල සංචිත මෙම ් මදුරුවන් බෝවෙන ස්ථානයි. මදුරුවන්ගේ ප‍්‍රහාරයට ගොදුරුවීම වැළැක්වීම පිණිස සියල්ලන්, විශේෂයෙන්ම ගැබ් ගැනීමට ඉඩ ඇති කාන්තාවන් කි‍්‍රයා කිරීම යෙහෙකි. ජනේලවලට තිර සවිකිරීම, සම වැසෙන සේ ඇදුම් ඇඳීම, කෘමි විකර්ෂක භාවිත කිරිම ඉන් කිහිපයකි. කෙසේ වෙතත් ඉතිහාසයේ පෙන්වා දෙන්නේ වසංගතය මත මදුරුවන් පාලනය කිරීමේ ප‍්‍රයත්න ඇතිකරන බලපෑම වැඩිම වුණොත් සාමාන්‍ය මට්ටමේ බවයි. එමෙන්ම දිගට පවත්වාගෙන යාම ද අසීරු බවයි.
635881210677938907-zika-virus
ප‍්‍ර : එහෙම නම් මදුරු පාලනයට වඩාත් හොඳ ක‍්‍රම තිබිය යුතුයි නේද?
පි : තවම නැහැ. හැබැයි දැන් ඊට මුල පිරී තිබේ. මෑතක ඇමරිකානු සමාගමක් මගින් මිලදී ගනු ලැබූ සුප‍්‍රකට ජෛවී තාක්ෂණ සමාගමක් දැනටත් සාර්ථක පියවරක් ඉදිරියට තබා ඇත. ඔවුන් වර්දනය කර ඇති එන්නතට සිය ජනිතයන් වැඩිවිය අවස්ථාවට ඒමට කලින් ් මදුරුවන් මරා දැමෙන ජාන අඩංගුය. මේ මදුරුවන්ගේ පිරිමි සතුන් අති දැවැන්ත ප‍්‍රමාණයක් වනගතව මුදා හැරිය විට ඔවුන් ඒවායේ ස්තී‍්‍ර ගහණය හා ලිංගිකව එක්වීමෙන් ගහණ වර්ධනයට පහරක් එල්ල කළ හැකිවේ.
තවත් මාර්ගයක පර්යේෂණ යෙදෙන කණ්ඩායමක් Aedes agypti මදුරුවන් වොල්බැචියා(Wolbachia) නම් බැක්ටීරියාව මගින් ආසාදිත කරනු ලැබේ. එවිට ඔවුන්ට රෝග බෝ කිරීමේ හැකියාව අඩුවේ. මේ මග ගමන් කරන පර්යේෂකයන් වැඩිපුරම අවධානය යොමු කර ඇත්තේ ඩෙංගු වෛරසය පිළිබඳවය. එහෙත් සිකා පැතිරයන වේගය නිසා ඔවුන්ගේ ප‍්‍රයත්නයට හදිසි ස්වභාවයක් එක් කිරීමට හැකිවී තිබේ. කෙසේ වෙතත් මෙහිදී ද මේවායින් උපරිම ඵල නොලැබීමට තව වසර කිහිපයක් වක් ගතවෙනු ඇත.
American Association for the Advancement of Science(AAAS) – SCIENCE සඟරාවෙහි Zika virus_ Your questions answered ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: