ක්ෂීර පථය මැද අති දැවැන්ත කළු කුහරයක් පිළිබඳ සාක්ෂි

Posted by

(ක්ෂීර පථය) මන්දාකිණිය මධ්‍යයේ අති දැවැන්ත කළු කුහරයක් සහ වෙනත් සංසිද්ධි පිළිබඳව භූමි පාදක සාක්ෂි හේතුවෙන් එය අභ්‍යවකාශ ගවේෂණයන්ට මූලික ඉලක්කයක් බවට පත්වී ඇතග විශේෂයෙන්ම, චන්ද්‍රා X කිරණ නිරීක්ෂණාගාරය (Chandra  Xray Observatory) මෙම ප්‍රදේශයේ අධි ශක්ති ප්‍රභවයන් සහ උණු වායු පිළිබඳ පුරෝගාමී අධි විභේදන දර්ශනයක් සපයයි.

කොලොම්බියා (Columbia) ෂටලය මත චන්ද්‍ර නිරීක්ෂණාගාරය අභ්‍යාවකාශ ගත කෙරුණේ 1999 දී ය. ෂටලය අහසට නැංගේ චන්ද්‍ර නිරීක්ෂණාගාරය පමණක් නොව එය පෘථිවිය වටා ඉහළ කක්ෂයකට යවනු පිණිස වන රොකට් ද සමගය. ඒ අවධියේ මෙම ෂටලය මගින් ගෙන ගිය වැඩිම මුළු බර (අභ්‍යවකාශ යානයක ගෙන යන උපකරණ ආදිය ඇතුඵුව) මුළු බර එය විය.

ප්‍රමාණයෙන් ගත් කළ චන්ද්‍රා නිරීක්ෂණාගාරය හබල් දුරේක්ෂයට සමානය. චන්ද්‍ර අඩු පතන කෝණ දර්පන සහිත X කිරණ එළිය නාභිගත කරයි. X කිරණ වැඩි අධිශක්ති පෝටෝන(photons),  ආකෘතික දර්පනයක් මගින් අවශෝෂණය කරගනු ලැබේ. අඩු පතන කෝෂ දර්පන තුළින් පෝටෝන මෙම දර්පණ වෙතින් ඇතිල්ලීගෙන යන අතර චන්ද්‍ර ටෙලෙස්කෝපයෙන් ඒවා නාභිගත වෙන්නේ ඒ ආකාරයටයි. මෙකී දර්පණ මීටර් 1.2ක් දක්වා පරාසයක ඇතග ඒවාල 0.5 ක චාප තත්පර අවිභේදනයකින් යුතුව අංශක 1 ක දර්ෂණ ක්ෂෙත්‍රයක් සපයයි. මෙය, මීට පෙර තිබූ ඕනෑම X කිරණ ටෙලස්කෝපයකට වඩා 8 ගුණයක යහපත් විභේදනයකි.  පෙරට වඩා 20 ගුණයක් අඳුරු ප්‍රභවයන් සොයා ගැනීමට ද එය සමත් ය.

milky-way-final-3c

SAGITTARIUS A* වෙතට අවධානය යොමු කරමින් සැලකිය යුතු කාලයක් වැය කර ඇත. SAGITTARIUS A* වලින් නිකුත් වන X කිරණ ලෙළසිළු චන්ද්‍ර බල මගින් සොයා ගෙන තිබේ. ආකෘතිකවල ඒවා දිනකට එක වරක් ඇති වන අතර පැය කිහිපයක් පවතී. එමෙන්ම වස්තුව 10ක සාධකයකින් පමණ ප්‍රභාව වැඩි වේ. ඒවා කෙටි, වඩාත් මධ්‍යස්ථ අධෝරක්ත ලෙළසිළු තරම් සුලබ නැත. කෙසේ වෙතත් ආකෘතිකව අධෝරක්ත ළෙලසිළුවක් X කිරණ ලෙළසිළුවක් කැටුවයයි.

මෙකී ලෙළසිළු ඇතිවන්නේ කෙලෙසකද යන්න තවම පැහැදිලි නැත. මේ ලෙළ සිළු විවිධ තරංග ආයාමවලදී සැසඳීම පිණිස දිගටම ප්‍රයත්නයක් පවතී. මේ පිළිබඳ ඉදිරිපත් වී ඇති එක් අදහසක් වන්නේ ග්‍රහක නියා ඒවා ඇතිවන බවයි.

විශාල පරිමාණයෙන් SAGITTARIUS A* වටා ඇති X කිරණ විමෝචනය චන්ද්‍රා නිරීක්ෂණාගාරය හෙළි කර තිබේ. එය රත් වූ වායු සහ රත් දැවැන්ත තාරකාවලට අනුරූපී ප්‍රභව ගණනාවක් දක්වන්නකි. රත් වූ වායු පෙන්නුම් කරන්නේ මෙම ප්‍රදේශයේ බොහෝ සේ කැළඹුණු අන්තස්තාරිය මාධ්‍යයකි. එය රත්වන්නේ, අධිනවතාරව පිපිරීමක්, ඕජස්වී  අන්තස්තාරිය  සුළං සහ SAGITTARIUS A* මත් මගිනි. මෙය තාරකා බිහිවීම පිණිස ප්‍රශස්තම මාධ්‍යය නොවේ. කෙසේ වෙතත් අප මේ තාරකා සියල්ල දකින්නේ ඒවායේ වයස අනුවය. වයස් දක්වන විදිහට මේ තාරකා සෑදෙන්නට ඇත්ත් මෙයට වසර මිලියන 10කට පෙරය.

SAGITTARIUS A* වටා ඇති දැවැන්ත තාරකා එන්නට ඇත්තේ කොයිබින්ද?  එක මතයක් තමයි SAGITTARIUS A* වටා යෝධ වායු උපවයන තැටියක් ඇත යන්නයි. තරුණ තාරකා පොකුරක් හෝ වෙනත් ආකාරයක තාරකා පොකුරක් හෝ SAGITTARIUS A* වෙත සංක්‍රමණය වීමට ඇති ඉඩකඩ අඩුය. අනුරූපීවන අඩු ස්කන්ධ තාරකා බොහොමයක් ගැන සාක්ෂි නොමැත.

images

වඩාත් විශාල පරිමාණයකින් ගත් කළ ක්ෂීර පථයේ අභ්‍යන්තර ආලෝක වර්ෂ 500න් වැඩි කොටසක් මත X කිරණ විමෝචනය ප්‍රමුඛව ඇති බව චන්ද්‍ර දත්ත පෙන්නුම් කරයි. SAGITTARIUS A* කලාපය තුළම රත්වූ වායුවලින් අධිශක්ති විමෝචනය බොහොමයක් ඇති බව අපට චන්ද්‍ර අනුරූපයකින් දැක ගත හැකිය. එමෙන්මල විශේෂයෙන්ම SAGITTARIUS A* වලට උතුරින් සහ දකුණින් අපට X කිරණ විමෝචන දැක ගත හැකිවේ. ඇතැම්විට මෙය මෙකී සුවිශේෂී වස්තුවෙන් රත් වූ වායු පිටාර ගැල්මක් පෙන්වනවා විය හැකිය. මෙම කලාපය පුරාවටම රත් වූ වායුද ඇත්තේය. අධිනවකරා පිපිරීම් මෙන්ම අදාළ ශේෂයන් තිබෙන්නට ඇතැයි අපට අපේක්ෂා කළ හැකි අතර මෙම කලාපයේ සෑම තැනකම දැවැන්ත තාරකා ඇතැයි බලාපොරොත්තු විය හැක.

මෙම කලාපය දෙස බැලීමේ තවත් ක්‍රමයක් වන්නේ වෙනත් අභ්‍යවකාශ ටෙලස්කෝපයක් – විශේෂයෙන්ම ස්පිට්සර් මගින් සහ හබල් අභ්‍යවකාශ ටෙලස්කෝප – මගින් බැලීමයි. මෙකී චන්ද්‍ර කිරණ අනුරූප දෙකල ස්පිට්සර් අධෝරක්ත සහ හබල් ආසන්න අධෝරක්ත යන දෙකම හා සංසන්දනය කිරීමෙන් තාරකා විද්‍යාඥයන් මන්දාකිණියේ මැද කොටස පෙනෙන්නේ කෙබදු ආකාරයකටද යන්න සසඳා ඇති අතර ඔවුන් විසින් මෙකි මධ්‍යම ආලෝක වර්ෂ 250 කලාපය නිරීක්ෂණයක කරනු ලැබ ඇත.

රත් වූ ධූලි එහි අධෝරක්තය හරහා බලන ස්පිට්සර් නිරීක්ෂණ විශේෂයෙන්ම යෝග්‍යය. හබල් ටෙලස්කෝපය ගත් කළ ආසන්න අධෝරක්තයෙන්, ඉතා අධික විභේදනයේ දර්ශනයක් ලැබේ. එම දර්ශනයග නිහාරිකා ව්‍යුහය – වායු මගින් සිදුවන්නේ කුමක්ද යන්න ගැන හැඟීමක් ඇති කරයි. මේ සියල්ල එක් කළ කල චන්ද්‍රල ස්පිට්සර් සහ හබල් නිරීක්ෂණවල සංගතියක් ලැබේ. SAGITTARIUS A* ට ඔබ්බෙන් සංගෘහිත අනුරූපයෙහි බොහෝ ලක්ෂණ ඇත. පස් නිවුන් හෙවත් පහේ කණ්ඩායම් පොකුරක්ල ධනුද්ධර පොකුර සහ චාප සූත්‍රිකා ඒ අතර වේ.

ඇත්තටම පුළුල්ව පැතිරුණු රත් වායු, දැවැන්ත තාරකා අධිඝනත්වය සහ අති දැවැන්ත කලු කුහරය සමග ගත් කළ මන්දාකිණි කේන්ද්‍රයල ක්ෂීරපථය ගැලැක්සියේ වඩාත්ම විචිත්‍ර කලාපයයිග එහි සංසිද්ධි කොපමණ නම් දුරකට එකිනෙකට සම්බන්ධ දැයි යන්න ගැන ඉඟියක් වෙනත් අභ්‍යවකාශ නිරීක්ෂණාගාරයකින් – එනම් ෆර්මි ගැමා කිරණ ටෙලස්කෝපයෙන් මෑතක දී සැපයිණ. මන්දාකිණි කේන්ද්‍රයට උතුරින් ඉහළ නගමින් ද දකුණින් කිඳා බසිමින් ද ඇති විශාල ගැමා කිරණ බුබුළු දෙකක් එම ටෙලස් කෝපයේ නිරීක්ෂණ මගින් අනාවරණය විය. මෙම ව්‍යුහයේ සම්පූර්ණ දිග ආලෝක වර්ෂ 50ල000 කි.

ඇතැම් විට මේවා ඇතිවන්නට ඇත්ත් මන්දාකිණි කේන්ද්‍රයේ පිටාර ගැලීම් හේතුවෙනි. අපේ මන්දාකිණිය මධ්‍යයේ කළු කුහරය ඇතුළට බාගදා මෑතක විශාල ස්කන්ධයක් ඇතුල් වූවා විය හැකිය. එය පිටාර ගැලීමේ සිද්ධියකට මඟ පාදන්නට ඇත. ඇතැම් විට මන්දාකිණි කේන්ද්‍රය වටා මෙකී පොකුරෙහි ඇත්තේ හුදෙක් දැවැන්ත තාරකා පමණක් නොවේ. කළුකුහරයම මෙකී ඛණ්ඩිකා මෙහෙයවන විට විය හැකියි. අධිශක්ති මධ්‍යයේ අති දැවැන්ත කළුකුහර අනෙකුත් ගැලැක්සිවල ද සුලබව දැකිය හැකිය. එමෙන්ම සමහරක් ධ්‍රැවීය පිටාර ගැලීම් පෙන්නුම් කරයි.

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.