සැමට විදු නැන නුවණ – Science Literacy for All

අපේ සිරුරේ අවයව කොපමන තිබේද?

ප්‍රශ්නේ අහන කොටම අපට හිතෙන්නේ ඕකත් අහන්න දෙයක් ද කියලයි. ඒත් පිළිතුර ගැන කල්පනා කරන කොට තේරුම් යනවා උත්තරය නම්  හිතන තරම් පහසු නැහැ කියලා. මෙහෙම කියමු. අපේ ශරීරයේ ප්‍රධාන අවයව දහයක් හෝ එකොළහක් ඇති අතර තවත් පුංචි පහේ ඒවා  ගණනාවක්ම තියෙනවා.

ඔහොම ඔය විදිහට ඇයි ඉතින් අඩමානයට කියන්නේ? හරියටම, නිශ්චිතවම කියන්න බැරිද? ඒකට හේතුව තමයි අවයවය යන්න ගැන පැහැදිලි මතයක් නොමැතිකම. බන්ධනි(ligaments) සහ කණ්ඩරාවන් (tendons)අවයව ලෙස සලකනවාද? කුමක් අවයවයක් වශයෙන් සැලකෙන්නේ ද,  හුදෙක් කුමක් විශාල පද්ධතියක කොටසක්  ලෙස සලකනවාද ?

අවයවයක් යනු පොදු අවශ්‍යතාවන් සඳහා එක්ව ක්‍රියා කරන  පටක එකතුවක් ලෙස අර්ථ විග්‍රහ කර තිබෙනවා. වෛද්‍ය ශබ්දකෝෂවල දැක්වෙන්නේ එකක් හෝ ඊට වැඩි ගණනක විශේෂ කාර්යයන් ඉටු කරන සිරුරේ සාපේක්ෂව ස්වාධීන කොටසක් හැටියටයි.

ප්‍රධාන අවයව ලෙස සැලකෙන්නේ මොළය, හෘදය, පෙනහළු, අක්මාව, වකුගඩු, ආමාශය, බඩවැල, අන්ත්‍ර සහ සමයි. සිරුරේ විශලතම අවයවය කුමක් කිය ද හිතන්නේ? ඔව්, සම තමයි විශාලතම අවයවය. අපේ සිරුරේ බරින් එය සියයට 15ක් පමණ වෙනවා. සම, එයට යටින් ඇති සියල්ල ආරක්ෂා කරන අතර පිටතින් පැමිණෙන උපද්‍රව ගැන මුලින්ම අනතුරු හගවන්නේ ද සමයි. කම්පනයෙන් ඇවුරුම් කරන කුෂණයක් හෙවත් කුලිච්චමක් ලෙසත් එය ක්‍රියා කරනවා. ආක්‍රමණික පරපෝෂතයන්ට හා රෝග කාරකයන්ට එරෙහි බාධකයක් ලෙසත් එය කටයුතු කරනවා.

සම සිරුරේ විශාලතම අවයවය වුනාට හරීරාභ්‍යන්තරයේ විශාලතම අවයවය ලෙස සැලකෙන්නේ අක්මාවයි(liver). සාමාන්‍යයෙන් රාත්තල 3.5  ක් පමණ බර එය හරීරාභ්‍යන්තරයේ බරම අවයවයත් වෙනවා. රුධිරයෙහි රසායන බොහොමයක් නියාමනය කරන්නේ අක්මාවයි. එමෙන්ම එමගින් පිත බහිස්ස්‍රාවය කිරීමෙන් මේද බිඳදැමිමට උපකාරී වෙනවා. ශරීරයේ දිගම එමෙන්ම ශක්තිමත්ම අස්ථිය මොකක්ද කියලා ඇහුවොත් අප කවුරුත් පහේ දන්නවා එය කලල් ඇටය හෙවත් ඌර්වස්ථිය(femur) බව. එතකොට විශාලතම ධමනිය? ඔව් මහා ධමනියයි(aorta). අපේ සිරුරේ සැම කොටසකටම ඔක්සිජන් අඩංගු රුධරය රැගෙන යන්නේ මහා ධමනියයි තමයි. විශාලතම ශිරාව තමයි  සිරුරේ පහළ කොටසින් අපසු හෘදයට රුධිරය ගෙනයන මහා ශිරාව(vena cava).

මෙයට අමතරව සිරුරේ තවත් අවයව ගණනාවක් තිබෙන බව අප කවුරුත් දන්නවා. මේ සියල්ල ගැන දැනගන්න ඕන කරුණු කාරනා බොහොමයි. මෙහි ඇත්තේ හුදෙක් සරල හැඳින් විමක් පමණයි.

ASK A SCIENCE TEACHER: 250 Answers to Questions හි  How many organs are there in a person’s body?  ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: