විදු නැන නුවණ – Science Literacy for All

පිළිකා සෛලවලට ව්‍යාප්ත වෙන අතරේම ආක්‍රමණයේ යෙදෙන්නත් බැහැ

දරුණ පිළිකා සෛල නිස්කලංකව නිකන් බලා ඉන්නේ නැහැ. ඒ වෙනුවට සිදුවෙන්නේ ඒවා ද්වීතිකකරණයවීමයි(metastasize). එනම් ඒවායේ මුල් ස්ථානවල සිට සංක්‍රමණය වී සිරුරේ වෙනත් කොටස්වල අළුතෙන් අර්බුද(tumor) පිහිටුවීමයි. පිළිකාව පැතිරෙන්නට ගත් කළ එය මුලිනුපුටා දැමීම දුෂ්කරය. පිළිකා සෛල අනෙක් පටකයන් ආක්‍රමණය කිරීමේ හැකියාව කෙසේ ලබා ගන්නේ ද යන්න පිළිබඳ අළුත් හෝඩුවාවල් සංවර්ධනමය ජෛව විද්‍යාඥයන් විසින් සිදුකරන ලද අධ්‍යයන වලින් සැපයෙයි. මෙම හැකියාව සංක්‍රමණය (ද්විතීකකරණය) සඳහා පූර්වාවශ්‍යතාවකි. එමගින් හෙළිවන්නේ පිළිකාව ආක්‍රමණය සඳහා සෛල විභේදනය නතර විය යුතු බවයි. එහෙයින් මෙම ක්‍රියා දාම දෙක –  එනම් ආක්‍රමණය හා ව්‍යාප්ත වීම අනොන්‍ය වශයෙන් සුවිශේෂීයි. මෙම සොයා ගැනීම පිළිකා චිකිත්සා කෙරෙහි බලපෑමක් ඇති කළ හැකිය. සාමාන්‍යයෙන් මෙම චිකිත්සා වල දී ඉලක්ක කරන්නේ ව්‍යාප්ත වෙන පිළිකා සෛලයි.

එම සෛලවල මෙකී ආක්‍රමණකාරී ක්‍රියාදාමය පැහැදිලි කරනු වස් ස්ටෝනි බෲක් සරසවියේ ඬේවිඞ් මේටස් සහ ඩියුක් සරසවියේ ඬේවිඞ් ෂර්වුඞ් පාරදෘශ්‍ය පණුවෙකු වෙත යොමු වූහ. මෙකී පණුවාගේ සාමාන්‍ය වර්ධනයේ දී නැංගුරම් සෛල නැමැති සෛලය පාදස්ථ පටලය යනුවෙන් හැඳින්වෙන, බහිර්භගයෙන් ගර්භාශය ආරම්භක වශයෙන් වෙන්කෙරෙන, ව්‍යුහය හරහා කඩා බිඳ දමමින් පිටවෙයි. මෙම ක්‍රියාදාමය, මානවයන්ගේ පිළිකා සෛල රුධිර ධාරාවට එක්වීම පිණිස පාදස්ථ පටලය ආක්‍රමණය කරන ආකාරයට සමානය. මේ ආක්‍රමණය මගින් (අවසර දෙමින් හා අවහිර කරමින්) පිළිකා සෛල දුරස්ථ ස්ථාන කරා ගෙන යනු ලැබේ. මේ අනුව, ජෛව විද්‍යාඥයෝ සංක්‍රමණ(ද්වීතිකකරණ) ආකෘතික ජීවියෙකු ලෙසට Caenorhabditis elegans   යොදාගෙන ඇත. මෙම විශේෂය ජෛව විද්‍යාඥයන්ට පහසුවෙන් අනුරූපනය කිරීමට මෙන් ම ජානමය වශයෙන් මෑනවීමට පුළුවන.

  1. elegansහි සිය ගණන් ජාන විධිමත්ව පරීක්ෂා කිරීමෙන් පසුව පර්යේෂක කණ්ඩායමට නැංගුරම් සෛල ආක්‍රමණය පාලනය කරන ජානයක් සොයා ගැනීමට හැකි වී තිබේ. නැංගුරම් සෛලය අවහිර කළ විට එය පාදස්ථ පටලය ආක්‍රමණය කිරීමට අපොහොසත් විය. එහෙත් නැංගුරම් සෛල අනපේක්ෂිත දෙයක් ද සිදු කළේය: එය විභේදනය වීමට පටන් ගත්තේය. විලෝම වශයෙන් ගත්විට, පර්යේෂකයන් සෛල ව්‍යාප්තිය වැළැක්වූ විට නැංගුරම් සෛලය විභේදනය වීම නවතා ආක්‍රමණය කිරීම ඇරඹීය. අනතුරුව සිදු කළ පරීක්ෂණ වලින් පෙනී ගියේ, සෛල විභේදනය නතර කිරීම ආක්‍රමණය සඳහා අවශ්‍ය වනවා පමණක් නොව ප්‍රමාණවත් ද වේ.

වසාථවේදීන් විසින් සිදු කරනු ලැබු උපාබ්‍යානමය නිරීක්ෂණ එවැන්නක් දැක්වුවද, වඩාත් යථාර්ථවාදීව සළකතොත් පැවතිය හැක්කේ දෙකෙන් එකක් හෝ කුමන  එක  හොා්  යන තත්ත්වයයි. මෙම ක්‍රියාදාමයන් දෙක අනොන්‍ය වශයෙන් ගත් කළ සුවිශේෂී විය යුත්තේ මන්දැයි පැහැදිලි කෙරෙන ජානමය යාන්ත්‍රණය හෙළි කරගැනීමට ප්‍රථම වරට සමත් වූයේ මෙම නව අධ්‍යයනය මගිනි.

download

Developmental Cell සඟරාවෙහි පළ වූ මෙම අධ්‍යයන වාර්තාව පිළිකා රෝග ජෛව විද්‍යාඥයන් කලක් තිස්සේම ඉදිරිපත් කරන ගුප්ත නිරීක්ෂණයක් පැහැදිලි කිරීමට ද සමත් වෙයි. එම ජෛව විද්‍යාඥයන්ට අනුව බොහෝ ගැටිතිවල ආක්‍රමණ පෙරමුණ තුළ විභේදනය වන සෛල නොමැති අතර ඒ වෙනුවට ආක්‍රමණකාරී සෛල විභේදනය වන සෛල  පසෙකලා ගැටිති ප්‍රමාණයෙන් විශාල වද්දී සෞඛ්‍ය සම්පන්න පටක  වෙත ඉදිරියට ඇදෙන බව එම ගුප්ත නිරීක්ෂණය යි. ‘නව පර්යේෂණය පිළිකාව ගැන එක්තරා මට්ටමක දී අප සිතන ආකාරය වෙනස් කරයි’ යනුවෙන් පවසන මේටස් ‘අප පිළිකාව ගැන සිතන්නේ පාලනයකින් තොර සෛල විභේදනය වීමේ රෝගයක් ලෙසටය. ඒ නිසා ඇත්ත වශයෙන් ම බොහෝ පිළිකා  සඳහා  ලබාදෙන ඖෂධ ඉලක්ක කර ගන්නේ මෙකී, විභේදනය වන සෛලයි. ඒත් අපේ අධ්‍යයනයෙන් දැක්වෙන අන්දමට නම් මෙම විභේදනය නොවන සෛල ඉලක්ක කර ගන්නා ආකාරය අප සොයාගත යුතුය. මන්ද ඒවා ආක්‍රමණශීලි ඒවා වීමයි.‘

කෙසේ වෙතත්, මේ නව දැක්ම පිළිකා ප්‍රතිකාරයට යොදා ගන්නට ප්‍රථමයෙන් තවත් අත්හදා බැලීම් කළ යුතුව තිබේ.  “දැන් අපි මේ සරල මොඩලය අරගෙන වෙනත් වඩා සංකීර්ණ පද්ධති ඒ කියන්නේ පියයුරු පිළිකා ගැටිති වැනි පද්ධති ගැන සොයා බලන්න පුළුුවනි”යනුවෙන් ප්‍රකාශ කර සිටින්නේ ජෝන් හොප්කින්ස් සරසවිියේ පිළිකා සෛල ජෛව විද්‍යාඥ ඇන්ඩෲ ඊවෝල්ඞ්ය.  පියයුරු පිළිකා වලින් පමණක් එක්සත් ජනපදයේ වසරකට සිදුවන මරණ සංඛ්‍යාව 40,000 කි. කෙසේ වෙතත් පැතිරී යාමට ප්‍රථම පිළිකාව හඳුනා ගැනීමට ලැබුනහොත් වසර පහක ජීවත් වීමේ කාලය සියයට 100 කට ආසන්නය.

Scientific American  හි   Cancer Cells Can’t Proliferate and Invade at the Same Time   ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: