සැමට විදු නැන නුවණ – Science Literacy for All

අපේ ඇහේ ඉංගිරියාව (කනිණිකාව) කළු පාට ඇයි

මේක සරල ප‍්‍රශaනයක් බවයි බැලූ බැල්මට පේන්නේ

මහා ප‍්‍රාඥ. මහා විµdඥ ඇල්බට් අයින්ස්ටයින්ගේ ජිවිතයේ අවසන් කාලයේ දි ඔහුගෙන් විමසනු ලැබුවා ඔහුගේ සාර්ථකත්වයේ රහස මොකක්ද කියලා.   ඔහු ඊට පිළිතුරු දුන්නේ මෙහෙමයි:”සරල ප‍්‍රශ්න ඇහීම මට කවදාවත් එපා වුණේ  නැහැ. තාමත් මම ඒවා අහනවා”’ අපේ ඇහේ ඉංගිරියාව(pupil) කළු පාට ඇයි කියන එකත් සරල ප්‍රශනයක් වගෙයි.  අයින්ස්ටයින්නුත් කියන හැටියට ඒ වගේ ප්‍රශ්න  අහන ඒකත් ෙහාදයි.   හැබැයි ප්‍රශ්නය සරල වුණාට පිළිතුර ඒතරම් පැහැදිලි නැහැ.

කළු  ඉංගිරියාව කියන්නේ ඇහේ තාරා මණ්ඩලයේ (iris)මැද තිබෙන විවරයයි. තාරා මණ්ඩලයෙන් ඇහේ කාචයට(lens) ආළෝකය ඇතුලු වීමෙන් පසුව දෘෂ්ටිවිතානය(retina) මත නාභිගත(focus) කෙරෙනවා. අපේ ඇස් නිල්, දුඹුරුආදී වශයෙන් කුමන පැහැය ගත්තත් අප කාගේත් ඉංගිරියාව කළු පාටමයි. ඉතින්  කළුවෙන්න හේතුව  ඉංගිරියාව තුළින් ඇතුල්වෙන ආලෝකය සම්පූර්ණයෙන්ම ඇහැ ඇතූළත අවශෝෂණය වී ඉන් කිසිවක් පරාවර්තනය නොවිමයි.

අපි නිකමට හිතමු,  කළුනෙවෙයි වෙන පාටක් කියලා. රතුයි කියමුකෝ. සූර්යාලෝකය, තාපදීප්ත ආලෝකය(incandescent light) හා ප‍්‍රතිදිපන ආළෝකය(fluorescent light) වශයෙන් වෙවා සුදු ආළෝකය පාට හතකින් සමන් විත වන බව අප කවුරුත් දක්වානේ?  ඔව් රතු, තැඹිලි, කහ, කොළ, නිල්, ඉන්ඩිගෝ සහ දම්(ROY G BIV යන්නෙන් දැක්වෙන: red, orange, yellow, green, blue, indigo,and violet)’  ඉතින් කෙනෙකුට රතු ඉංගිරියාවක් තිබුණා නම්  එය ආලෝකයේ රතු කොටස පරාවර්තනය කරන නිසා එම පැහැය ඇස තුළට ඇතුල්වන්නේ නැහැ.මෙය අප දකින හැමදෙයෙහිම වර්ණය විකෘති කරන්න බලපානවා. හරියට වර්ණ කළ වීදුරුවකින් අවට බලනවා වගෙයි. ඒ හන්දා රතු සිට දම් දක්වා වර්ණාවලියේ සියළු පැහැයන් අපට දැකීමට නම් අනිවාර්යයෙන්ම ඉංගිරියාව කළු විය යුතුමයි

images (3)

Eye_iris

 

සාමාන්‍ය ආළෝක තත්ත්වයන් යටතේ ඇහේ ඉංගිරියාෙව විෂ්කම්භය මිලිමිටර් හතරක් පමණවෙනවා. දීප්තිමත් ආළෝකය පවතින විට මිලිමිටර් තුනේ සිට  අඳුරු ආළොකය පවතින විට මිලිමිටර් අටක් පමණ වන තුරු  ඉංගිරියාෙව ප‍්‍රමාණය වෙනස් වෙනවා. අපට වඩා හොඳන් නාභිගතව වස්තූන් දැක ගත හැකි දුර පරාසයක්  සඳහා වගකියන්නේ  ප‍්‍රමාණයයි. අපට තද අව්වේ යමක් දැකිම අසීරු වුණහම ඇස් පුංචි කර බලන්න අපි පෙළෙඹන්නේත් ඒ නිසයි

ASK A SCIENCE TEACHER: හි 54.Why are the pupils of our eyes black?  ලිපිය ඇසුරෙනි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: