විදු නැන නුවණ – Science Literacy for All

විද්‍යාව වෙනුවෙන් තල්මසුන්ගේ අසූචි සොයා යන සුනඛයෝ

මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරන්නන් සහ වෙනත් අපරාධකරුවන් නීතයේ රැුහැනට හසුකර ගැනීමේදී සුනඛයන්ගෙන් අමිල සේවාවක් ඉටුවන බව අපි කවුරුත් දනිමු. මෙහිදී කැපී පෙනෙන්නේ පොලිස් සුනඛයන්ය. ඔවුන්ගේ දස්කම් ගැන අපට නිතර නිතර අසන්නට ලැබෙන්නේ ඒවා ගැන මාධ්‍යය මගින් පුළුල් ප‍්‍රචාරයක් ලැබෙන හෙයිනි. එහෙත් ජන මාධ්‍යයෙන් වසන්ව, විද්‍යාභිවර්ධනය සඳහා විශේෂයෙන්ම සංරක්ෂණ පර්යේෂණවලදී නිහඬ එහෙත් ඉමහත් සේවාවක් සිදුකරන සුනඛයන් පිරිසක් ගැනයි මේ තතු වාර්තාව.
වොෂින්ටන් සරසවියේ සංරක්ෂන ජීව විද්‍යා මධ්‍යස්ථානයේ පර්යේෂණ වැඩ සටහනකට සම්බන්ධව මෙම සුනඛයෝ ‘සේවය’ කරති. වැඩ සටහන නම් කර ඇත්තේ සංරක්ෂණ සුනඛ වැඩසටහන යනුවෙනි. පුහුණු සුනඛයෝ 17 ක් ඊට දායක වෙති. තර්ජනයට ලක්වූ සහ ආපදාවන්නට ලක්වූ විශේෂ ගණනාවකම මළ පහ සෙවීමට මොවුන් පුරුදු කර ඇත. මින් සමහරක් තිත් වවුලන් (spotted owls), අමරිකානු අදුන් දිවියන් (cougars) සහ කරිබුවන් (caribou – උතුරු ඇමරිකානු පිණිමුවන්) සොයා යාමට පුහුණු කර ඇති අතර ඇතමෙක් වෘකයින්, යෝධ ආමඩිලාවන්(giant armadillo) හා කොටින් හඹා යති. අත්දැකීම් බහුල සුනඛයන්ට වෙන් වෙන් වශයෙන්, සත්ව විශේෂ 13ක වර්චස් හඳුනා ගැනීමට හැකිය. මෙසේ එකතු කරගන්නා නිදර්ශන මගින් පර්යේෂකයන්ට අදාළ සතාගේ ආහාරපාන, ජානමය හැඩගැස්ම, පාරිසරික විෂ, උද්භාර හෝමෝන සහ අනෙකුත් කායික දර්ශක ලබා ගැනීමට හැකිවේ.

නිරීක්ෂණෙයහි ෙයෙදන සුනඛෙයක්

නිරීක්ෂණෙයහි ෙයෙදන සුනඛෙයක්

1997 දී සංරක්ෂණ සුනඛ වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ සැමුවෙල් වසර් විසිනි. හෙතෙම 1980 ගණන්වල සිට වන ජීවී අධ්‍යයන වෙනුවෙන් මල හෝමෝන විශ්ලේෂණයෙහි යෙදී සිටියි. තර්ජනයට පත් විශේෂ මත පැටවෙන පීඩනය හඳුනා ගැනීමේදී වඩාත් පුළුල් පරිමාණයක් වුවමනා බව වටහා ගත් වැසර් වනජිවීන් නිරික්සනය සඳහා මත්ද්‍රව්‍ය සෙවීමේ යෙදෙන සුනඛයන් පුහුණු කරන ක‍්‍රමවේද යොදා ගැනීමට තීරණය කළේය. පැවරෙන කාර්යයන් සඳහා එක් තනි වර්ගයක් පමණක් යෝග්‍යයි සැලකෙන්නේ නැත. එහෙයින් විවිධ වර්ගවල සුනඛයෝ මේ සඳහා පුහුණු කෙරෙති. එහෙත් ඒ සෑම වර්ගයකටම පොදු කාරණා තුනක් ඇත. ඉහළ ශක්තියක් තිබීම ඉන් එකකි. එමෙන්ම බෝල හෙවත් පන්දු සමග කී‍්‍රඩා කිරීමට අධික කැමැත්තක් තිබීම ද වැදගත්ය. එමෙන්ම ඔවුන්ව මෙහෙයවන මානව සාමාජිකයන් පුද්ගලයන් හා එකට එක්ව වැඩ කිරීමේ හැකියාවද පොදුවේ දැකිය හැකිවේ. මේ සුනඛයන් බලා කියා ගන්නා අය සුනඛයන් සමග වැඩ කරමින්ද, කී‍්‍රඩා කරමින්ද දවස පුරා ඔවුන් සමග ජීවත් වෙති. සංරක්ෂණ සුනඛ (Conservation Canine) පුහුණු වැඩසටහනෙහි මූලිකම අංගය ලෙස සැලකෙන්නේ (වීසිකරන ලද)බෝලය සොයා ආපසු රැුගෙන ඒමයි.

2
සතුන් පිළිබඳ දත්ත සෙවීමේ ආක‍්‍රමණශීලී ක‍්‍රමවේදයන් හි(Invasive data collection methods ) යම් යම් අඩුපාඩු හා අවාසි ඇත. රුධිරය, ලොම් හෝ අසූචි සාම්පල ලබාගැනීම පිණිස සතුන් කොටුකර හෝ උගුල් අටවා අල්වා ගත යුතුවේ. කැමරා සහ වෙනත් උපකරණ සහිත කොලර යෙදූ විට සතාගේ චර්යාවන් කෙරෙහි ඉන් බලපෑමක් ඇතිවේ. එහෙත් සුනඛයන් මෙම කාර්ය සඳහා යොදවා ගැනීමට හැකිවීමේ හේතුවෙන් එවා මගහරවා ගැනිමට අවස්ථාව සැලසෙන අතර එකතු කර ගැනීමට හැකිවී තිබෙන දත්ත පරිමාවද ගතහොත් එය මින් පෙර අනුගමනය කළ ක‍්‍රමවලින් සොයා ගන්නවාට වඩා බෙහෙවින් වැඩිය. නිදසුනක් දක්වතොත් ජීව පටක පරීක්ෂාවන් උපයෝගී කරගනිමින් එක වසරක් ඇතුළත මිනීමරු තල්මසුන් 10 කගේ පටක සාම්පල ලබා ගැනීමට පර්යේෂකයෝ සමත් වූහ. එයත් කිසි අවස්ථාවක හෝ එකම තල්මසාගෙන් නොවේ. සෑම වාරයකම අසූචි සාම්පල 150 ක් එකතු කර ගැනීමට සුනඛයන් නිසා මඟ පෑදී තිබේ. තෝරා ගනු ලැබූ සත්වයා පිළිබඳව වසර ගණනාවක් මුළුල්ලේ ස්වාභාවික භූමිප‍්‍රදේශ හරහා සැතැපුම් සියයකට අධික ප‍්‍රමාණයක් තුළද අධ්‍යයනය කිරීමට එය උපකාරි වේ. තනි තනි තල්මසුන් ගැන මින් පෙර කිසි කලෙක නොවූ අයුරු විස්තරාත්මකව දිගටම සෙවිල්ලේ සිටීමට විද්‍යාඥයන්ට මෙමගින් අවස්ථාව උදා වී තිබේ.

3
අසුචී විශ්ලේසණයෙන් විද්‍යාඥයන්ට තොරතුරු ගණනාවක් හෙළිදරව් කර ගත හැකිවේ. සතෙකුගේ ජාන අනන්‍යතාව, ගැහැනු – පිරිමි බව (ලිංගිකත්වය) ගොදුරට ගන්නේ කුමක්ද එම ගොදුර කොයිබින් පැමිණේද යන්න ඉන් කිහිපයකි. මෙයට අමතරව, විවිධ හොමෝන වර්ගවල මට්ටම තල්මසෙකු ගර්භනීව සිටියද එසේ නම් ගර්භනී බව කොයිතරම් කාලයක සිටද යන්නද සෙවීමට මෙම විශ්ලේෂණ ඉවහල් වේ. DDT හා PCBs වැනි ප‍්‍රස්තිතික (දිගටම පවතින) කාබනික දූෂක ඇතුළුව සතකුගේ සිරුර තුළ ගොඩ නැගී ඇති දූෂක (contaminant) මට්ටම් අසූචි සාම්පල විශ්ලේෂණයෙන් හෙළිවෙයි. අසුචි සෙවීම පිණිස සුනඛයන් යොදා ගැනීමේ වාසියක් වන්නේ එම තොරතුරු පක්ෂග‍්‍රාහී නොවීමයි.
මිනීමරු තල්මසුන් (orcas) ගැන දිගු කාලීන අධ්‍යයන සඳහා සිය වෘත්තීය ජීවිතයේ ඉතිරි කාලය පුරාවට සුනඛයන් සම්බන්ධ කර ගැනීමට අදහස් කරන බව වැසර් කියා සිටියි. බහුලව ඇති අනෙකුත් මුහුදු විශේෂ ගැන ද ඒ අතරවාරයේ සංරක්ෂණ සුනඛ වැඩසටහන මගින් අවධානය යොමු කරනු ඇත. මධ්‍යධරනී කැස්බෑ විශේෂයක් වන ගැන දත්ත එකතුව වැඩිකිරීම පිණිස නුදුරු අනාගතයේදීම සුනඛ කණ්ඩායම් සමග වැඩ කිරීමට සැලසුම් කර ඇතැයි ප‍්‍රංශ පර්යේෂණ මධ්‍යස්ථානයේ පාරිසරික විශේෂඥ ඩෙප්නි ගාම්බියානි කියයි. වවුලන් ගැන සෙවිල්ලෙන් සිටින ජීව විද්‍යාඥ ජෙනිෆර් හාට්මෑන් සංරක්ෂණ සුනඛ වැඩසටහන සමග හවුල්ව කි‍්‍රයා කරයි. ‘බල්ලෙකු නැතුව ක්ෂේත‍්‍ර කටයුතු කරන්නේ යයි මං නිකමට හිතුවා. ඒක කරන්න බැරි දෙයක්. ක්ෂේත‍්‍රයේදී ඔවුන් අපේ අත් පා වගේයි යනුවෙන් හාට්මෑන් පවසයි.

මෙය වඩා නිවැරදිව කිව්වොත් ඔවුන් අපේ නාස් වගෙයි.

Smithsonian Science හි Meet the Dogs Sniffing Out Whale Poop for Science ලිපිය අැසුෙරනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: