ඇන්ඩ්‍රොමීඩියා ගැලැක්සිය : ගැලෙක්ස් (GALEX) නිරීක්ෂණාගාරය

Posted by

අභ්‍යාවකාශයේ සිට ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සිය ගැන කෙරෙන නිරීක්ෂණ වැදගත් වන්නේ හුදෙක් එහි චලනය ගැන සලකද්දී එය කොයිබට යන්නේ ද යන්න ගැන පමණක් නොව තාරකා  බිහිවීම පිළිබඳව එහි මෑතක ඉතිහාසය ගැන සලකද්දී එය කොයිබ වී ද නැතිනම් කොයබ තිබුණේ යන්න ද අපට දැනුම් දෙන නිසාවෙනි. ගැලෙක්සි සහ ස්පිටිසර් මගින් හෙළි කරනු ලැබ ඇති කරුණ රත් තාරකා සහ ධූලි වලා මුදු ආකාර තැටි පැතිරී යාම ප‍්‍රකාශ තරංග ආයාමයේදී පහසුවෙන් භූමියේ සිට පෙනී යන්නේ නැත. ඇන්ඩ්‍රොමීඩා ගැලැක්සියේ තාරකා බිහිවීම් සමහරක් මෑතක අතීතයේ ගැලැක්සි ඝට්ටන හේතුවෙන් මුල පිරෙන්නට ඇතැයි යන්නට එය වැදගත් ඉඟියකි.

ගැලෙක්ස්(GALEX)

A 2

ඇන්ඩ්‍රොමීඩා සහ අනෙකුත් ගැලැක්සි ආකාශය හරහා අහඹු ලෙස පැතිරී ගොස් නැත. ආකෘතිකව ඒවා දැකිය හැක්කේ, ඒවායේ අන්‍යෝන්‍ය ගුරුත්වය මගින් එකට බැඳී තිබෙන පොකුරු වශයෙනි. මෙම ගැලැක්සි පොකුරු ඉතා කුඩා කණ්ඩායම්වල සිට සාමාජිකයන් 1,000 ගණන් තරම් විශාල දක්වා වූ පරාසයක සම්බන්ධතා පවතී. ක්ෂීර පථය,  අන්ඩ්‍රොමිඩා සහ අසල්වැසි ගැලැක්සි 50 කට අධික සංඛ්‍යාවක් එක් වූ එඩිවින් හබල් විසින් ස්ථානීය කණ්ඩායම යනුවෙන් හඳුන්වනු ලැබූ පොකුරක් ලෙස සෑදී ඇත. එහි සාමාජික ගැලැක්සි අභ්‍යවකාශයේ මිලියන 10ක ආලෝක වර්ෂ දුරක පැතිර පවතී. අන්තර් ස්ථානීය කණ්ඩායම් අවකාශය  ක්ෂීර පථයෙහි අන්තස්තාරිය මාධ්‍යයට වඩාත් විශාලය එමෙන්ම වඩාත් හිස්ය. ඇත්තටම ගැලැක්සි පොකුරු අතර අවකාශය ඊටත් වඩා විශාල මෙන්ම හිස්ය. ඇත්ත වශයෙන්ම විශ්වය බොහෝ කොට හිස් අවකාශයකි.

ස්ථානීය කණ්ඩායම ගත් කළ ක්ෂිර පථය සහ ඇන්ඩ්‍රොමීඩා (Andromeda) අනෙක් ඒවාට වඩා බොහෝ සේ විශාල ගැලැක්සි වේ. ආලෝක වර්ෂ 200,000 විශ්කම්භයක් සහිත M31 ක්ෂීර පථයට වඩා විශාලය. එමෙන්ම, ඒ දෙක අතර ආලෝක වර්ෂ මිලියන 2.5 ක දුරක්ද පවතී. ස්ථානීය කණ්ඩායමේ අනික් එකම සර්පිලාකාර ගැලැක්සිය ති‍්‍රකෝණාකාර ගැලැක්සියයි. (Triangulum) එහි විෂ්කම්භය ක්ෂීර පථය ගැලැක්සියෙහි විෂ්කම්භයෙන් භාගයක් පමණ වේ. අනෙකුත් ස්ථානීය කණ්ඩායම් ගැලැක්සි කුඩා අක‍්‍රමවත් ගැලැක්සි සහ වාමන ඉලිප්සීය මන්දාකිණිය මේ කුඩා ගැලැක්සි බොහොමයක් ක්ෂීරපථයෙහි සහ ඵ31 හි චන්ද්‍රිකා වේ. තවද ඵ33 පවා ම ඵ31හි චන්ද්‍රිකාවක් විය හැකිය.

A 3

ස්ථානීය කණ්ඩායමේ සහ ඉන් ඔබ්බට ගැලැක්සි පරිණාමය වීම ඒවායේ තාරකා හැඩ ගැසීමේ වේගය හා තදින් බැඳී ඇත. ගැලැක්සිවල පාරජම්බුල අනුරූප, තාරකා හට ගැනීමේ සීඝ‍්‍රතාවයන් සහ ස්ථාන පිළිබඳ කදිම මිම්මක් සපයයි  කෙටිම ආයුෂ කාලයක් ගත කරන රත් ඡු සහ ඊ වර්ගයේ ප‍්‍රධාන අනුක‍්‍රමයේ තාරකා පාරජම්බුල අතරේ වඩාත්ම දීප්තිමත්ම ඒවා විම ඊට හේතුටයි.   වෙන වචනවලින් කියතහොත්, පසුගිය වසර මිලියන සිය ගණනක් තුළ එක් තාරකාවක් හැඩ ගැසීමේ සැලකිය යුතු පිපිරීමක් ඇති වී අනෙක් තාරකාවේ එසේ වී නැති නම් එකම ප‍්‍රභාවකින් යුතු සේ පෙනෙන ගැලැක්සි දෙකක් පාරජම්බුල අතරේ බෙහෙවින් වෙනස් ලෙස පෙනිය හැකිය. ගැලෙක්ස් (GALEX)  යන කෙටි නාමයෙන් හඳුන්වන ගැලැක්සි පරිණාම ගවේෂනය  (Galaxy Evolution Explorer) නම් චන්ද්‍රිකා නිරීක්ෂණාගාරය 2003 වර්ෂයේ අභාවකාශ ගත කෙරුණේ පසුගිය වසර බිලියන 10 තුළ ගැලැක්සිවල පාරජම්බුල පරිණාමය අධ්‍යයන කිරීම පිණිසය.

ගැලෙක්ස් හි වැදගත් ලක්ෂණයක් වන්නේ එහි විශාල දර්ශන ක්ෂේත‍්‍රයයි. එය පූර්ණ චන්ද්‍රයා මෙන්  දෙගුණයකටත් වඩා පළලින් වැඩිය. ඊට දුර ගැලැක්සි බොහොමයක් එක වර නිරීක්ෂණය කළ හැකිය. M31 හෝ  අැන්ඩ්‍රොමීඩා වාගේ ඇත්තටම විශාල ගැලැක්සි නිරීක්ෂණ සඳහා ඊට අවශ්‍ය වන්නේ දර්ශන තාරකා(pointings) කිහිපයක් පමණකි. හබල් දුරේක්ෂයේ පාරජම්බුල දර්ශන ක්ෂේත‍්‍රය ගැලෙක්ස් නිරීක්ෂණයන් සියයට 0.5ක විෂ්කම්භයකි. ඒ කියන්නේ ඵ31 ක අනුරූපනය සඳහා හබල් දුරේක්ෂයට දර්ශන තාරකා 100,000 ත් අවශ්‍ය වේ.

ගැලෙක්ස් හි සුවිශාල දර්ශන ක්ෂේත‍්‍රය ඇතිවන්නේ එහි කුඩා 0.5 මීටර දර්පනය හේතුවෙනි. එය ඇත්තටම කුඩා අභ්‍යවකාශ යානයකි. මෙම ආකාරයේ වැඩ කොටස් ඉටු කිරීම පිණිස මෙම ආකාර තාක්ෂණයක් උපයෝගී කරගනිමින් මෙම ආකාර කුඩා අභ්‍යාවකාශයානයකින් ඉටු කර ගැනිමට පුළුවන. ඇත්තටම ගැලැක්සිවල බර ක්ලෝග‍්‍රෑම් 250කි. එහි සූර්ය පැනල දිගඇරිය විටත් මුළු අභ්‍යවකාශ යානයම උසින් මීටර් දෙකක් පමණය; පළලින් මීටර් 3 කි. එය කොපමණ නම් කුඩා ද කියතහොත්  අහස්යානයක බඳට සවි කළ ගැලෙක්ස් සහිත වෙගාසස් රොකට්ටුවක් මගින් ඉහළ අහසේ සිට අභ්‍යාවකාශ ගත කිරීමට හැකි විය. ගැලෙක්ස්  එම රොකට්ටුවේ හේතුව තුළට එබ්බවිය හැකි තරමට කුඩා විය. මෙම රොකට්ටුව L-1011 නම් ජම්බෝ ජෙට් යානයේ බඩවතට සවි කර තිබූ අතර ජෙට් යානය ගුවන්ගත වී අඩි 40,000 උඩට නැංග පසු රොකට්ටුව මුදා හැරියේය. එවිට එහි එන්ජිම පණ ගැන්වී විනාඩි 10කින් පමණ පසුව පෘථිවිය වටා කක්ෂ ගත විය. පෙගාසස්රොකට්ටුවේ වාසිය වන්නේ විපරම් යානා සහ නිරීක්ෂණාගාර එය යොදා ගෙන අභ්‍යවකාශ ගත කිරීම පොළවේ සිට රොකට්ටු යවනවාට වඩා ලාභදායී වීමයි.

ගැලෙක්ස් කක්ෂ ගත කෙරුණේ පෘථිවියට ආසන්නව කිලෝමීටර 700ක පමණ උන්නතාංශයකින්ය 2013 දී එහි සේවය අවසන් කරනාතුරුම එය අපේ ගැලැක්සියෙන් උඩ සහ යට අහස නිරීක්ෂණය කළේය. ගැලැක්සි මිලියන ගණනාවක තාරකා හැඩගැසීමේ සීඝ‍්‍රතාවන් මැනීමට එය සමත් විය. ගැලෙක්ස් මෙහෙයුමේ සම්පූර්ණ වියදම ඩොලර් මිලියන 150ක් පමණ වේ. මෙය සාපේක්ෂව සලකන විට අඩු පිරිවැයකි.

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.