සැමට විදු නැන නුවණ – Science Literacy for All

පෙන්ගුයින් පක්ෂීන්ට පියාඹන්න බැරි ඇයි?

අලි ඇත්තු, කොටි, ගවයින්, බල්ලන් පමණක් නොවෙයි මිනිස් අපිටත් පියාඹන්න බැරි බව අප කවුරුත් දන්නා කාරණයක්. සත්තු කොහොම වුණත් මිනිස්සු පියාඹන්න බැරි බව පිළිගන්න කැමති වුණේ නැහැ. ඒ නිසා නොයෙකුත් උත්සාහ දරලා පියාඹන්න කොහොම වුණත් අහසින් ගමන් කරන්න මිනිසුන් සමත් වෙලා තිබෙනවා. ඒත් හැබැයි අලි ඇත්තු වගේ අනෙක් සතුන්ට නම් පියාඹන්න තරම් වාසනාවක් ළඟකදි උදාවේවි කියලා හිතන්න අමාරුයි. කොහොම වුණත් පියෑඹීම ගැන අපට ආදර්ශය සැපයුනෙත් සත්ව ලෝකයෙන්මයි. ඔව්, ඔබ හරි. පක්ෂීන්ගෙන්. හැබැයි පක්ෂීන් කියලා පොදු වචනයකින් හැඳින්වූවාට පියාඹන්න බැරි පක්ෂීන්ද ඉන්නා බව රහසක් නොවෙයි. ඉන් කිහිප දෙනෙකුගේ නම් මතක් කළොත්  පැස්බරා, කැසොවරියා, කිවි, සේරා සඳහන් කළ හැකියි. හැබැයි මේ ලිපියේ මාතෘකාවෙන් අහන්නේ පෙන්ගුවින් පක්ෂීන්ට පියාඹන්න බැරි ඇයි කියලා. ඇත්තටම ඇයි එ්? කියවා ගෙන ගිහින්ම බලමු.

sq1103_why-don't-penguins-fly_main

අනෙක් බොහෝ පක්ෂීන් මෙන් පෙන්ගුයින්ද සිය බුදින ස්ථාන (feeding grounds) හා බෝවෙන ස්ථාන (breeding grounds) අතර බොහෝ දුර බැහැර එහා මෙහා යා යුතුය. එහෙත් වෙනත් බොහෝ පක්ෂීන් කරන්නාක් මෙන් පියාහැඹීම වෙනුවට පෙන්ගුයින් කරන්නේ පීනා යාමයි. (ඔව්, ඔව් පෙන්ගුයින් කියලා මාළු වර්ගයක් නොවෙයි පෙන්ගුයින් පක්ෂීන් ගැන තමයි අපි මේ කතා කරන්නේ.) පෙන්ගුයින්ගේ මේ ගමන ඉතා අසීරු එකක්. හැබැයි එම පාක්ෂීන්ට මෙන්ම විද්‍යාඥයන්ටත් මෙය අසීරු කාර්යයක් වෙලා. මන්ද කියතොත් පෙන්ගුයින් සිය කිමිදීමේ හැකියාව පරිණාමීය වශයෙන් වර්ධනයවෙද්දී, ඔවුනට සිය පියාඹීමේ හැකියාවද රඳවා ගැනීමට නොහැකිවුණේ ඇයිද යන්න විද්‍යාඥයන්ටත් ඇත්තටම ගැටලූවක්.

නව අධ්‍යයනයකින් පැහැදිලි කරන්නේ පක්ෂීන්ට එකවර දක්ෂ පියාඹන්නන් හා දක්ෂ කිමිදුම්කරුවන් විය නොහැකි බවයි. මන්ද පක්ෂීන් කිමිදීමට අනුවර්තනය වෙද්දී පියෑඹීමේ හැකියාවන් දුර්වල විය යුතු හෙයිනි. පර්යේෂණය සිදුකරනු ලබන්නේ කැනඩාවේ විනිපෙග් හි මැනිටෝබා සරසවියේ ජිව විද්‍යාඥ කයිල් එළියට් ප‍්‍රමුඛ කණ්ඩායමක් විසිනි. ඔවුහු, පෙන්ගුයින් වෙනුවට තවමත් පියෑඹීමට යම් හැකියාවක් ඇති කිමිදුම්කාර මුහුදු පක්ෂීන් විශේෂ ගැන සැලකිල්ල යොමු කළහ. බැඳි පටල පාද (webbed feet) දිය යට දී උපයෝගී කර ගනිමින් පැද යන විශේෂයක් වන සාමුද්‍ර දියකාවන් සහ දිය යටදී පීනා යාම පිණිස සිය අත්තටු සලන විශේෂයක් වනු මුරයන් (murre (Uria lomvia) ද තෝරා ගනු ලැබූ විශේෂ අතර විය. ඔවුහු මුරයන්ට කිමිදෙන වෙලාව මෙන්ම ගැඹුර හා උෂ්ණත්වය මනින උපකරණ දිය කාවන්ට ගැඹුර, උෂ්ණත්වය හා කිමිදීම් අතර ත්වරණ වෙනස්කම් මනින උපකරණද සවි කළහ. ජලයට වන් පසු පක්ෂීන් කොපමණ කාබන් ඩයොක්සයිඞ් හා ජලවාෂ්ප ප‍්‍රමාණයක් ඉවත් කරන්නේද සෙවීම අරමුණ විය. කිමිදීමට හා පියැඹීමට කොපමණ නම් ශක්තියක් වැය කළේ ද යන්න මැනීමටද එමගින් මඟ පෑදේ.

සුලබ මු ෙර් පක්ෂියා

සුලබ මු ෙර් පක්ෂියා

දැනටමත් පාත්තයන් හා පෙන්ගුයින් වැනි පක්ෂීන්ට අදාළව සිදුකෙරුණ පර්යේෂණ ප‍්‍රතිඵල හා මෙම ප‍්‍රතිඵල සංසන්දනය කෙරිණ. එවිට පරීක්ෂකයන්ට පෙනී ගියේ මුරයන් මෙන්ම දියකාවන් යන පක්ෂීන් දෙවර්ගයම පියැඹීම සඳහා අතිවිශාල ශක්ති ප‍්‍රමාණයක් වැය කරන බවයි. පියාඹන පක්ෂීන් අතර දැන සිටි වැඩිම ප‍්‍රමාණය ඇත්ත වශයෙන්ම මෙය විය. කිමිදීමේදී පාදවලින් දිය තුළ පැද යන දිය කාවා එම ප‍්‍රමාණයේ පෙන්ගුයින් පක්ෂියෙකුට වඩා ශක්තිය වැය කරයි. වැය කරතැයි අපේක්ෂිත ශක්තියට තටු යොදා ගන්නා මුරයන් කිමිදීමට දියකාවන්ට වඩා අඩු ශක්තියක් යෙදුවද පෙන්ගුයින්ට වඩා ශක්තියක් යෙදවීම 30%කින් වැඩිය. එකම ප‍්‍රමාණයේ අධ්‍යයනයේ ප‍්‍රතිඵලවලින් පෙනී යන්නේ මුරයන් පරිණාමීය වශයෙන් ‘පිහිතුඩක්මත’ (අවිනිශ්චිත තත්ත්වයක) සිටිනා බවයි. මූලික වශයෙන් මුරයන් එක්කෝ ඔවුන්ගේ පියාපත් ප‍්‍රමාණය අඩුකරගත යුතුය. නැතිනම් කිමිදීම වැඩිදියුණු කිරීම පිණිස ශරීර ප‍්‍රමාණය ලොකු කර ගත යුතුයි. මේ දෙකින් කුමක් කළත් දෙකම පියැඹීම අඩාල කර දමනවා’ යනුවෙන් මිසූරි සරසවියේ පක්ෂී විද්‍යාඥයෙකුවන (ornithologist) රොබට් රික්ලෙෆ් පවසයි. ඔහු මෙම අධ්‍යයනයේ සම කතුවරයායි.

මුරයන්ගේ පියාපත් තවමත් සැකසී ඇත්තේ පියෑඹීමට නිසා දියයට දී ඒවායින් කාල් ගෑමක් (drag) සිදුවන බව එළියට් සහ සගයින් පිරිස කල්පනා  කරති. එපමණක් නොව මුරයන්ගේ කුඩා සිරුර බරෙන් අඩු වීම පියෑඹුම ඇරඹීම සඳහා පහසුවක් වන  අතර සාපේක්ෂව  තර සිරුරක් සහිත පෙන්ගුයින් පක්ෂීන්ට වඩා ශරීර ඉක්මනින් සිහිල් වේ.

“මෙතන ප‍්‍රශ්නය තියෙන්නේ දියකාවන් සහ මුරයන් දෙආකාරයකට සිය සිරුර සිසිල් කර ගැනීමයි”. යනුවෙන් ස්වොන්සී සරසවියේ පක්ෂී විද්‍යාඥ රෝයි විලියම්ස් පවසනවා. මුරයන්ගේ පියාපත් තුල වැඩියෙන් වාතය රැුගෙන යන අතර කිමිදි උඩට මතුවෙද්දීම වියළි පවතී.

කෙසේ වෙතත් දකුනු ඉලිනොයිස් විශ්වවිද්‍යාලයේ පක්ෂී විද්‍යාඥ ජේම්ස් ලිව්වෝන් එලියට් සහ කණ්ඩායම් පරිශ‍්‍රමය බෙහෙවින් ඇගැයීමට ලක්කරයි ‘කිමිදීමේ හැකියාව වර්ධනය කරගැනීම පිණිස ඉගිලීමේ හැකියාව කැප කළ යුතු බව මෙතරම් පැහැදිලිව දැක්වීම අති විශිෂ්ටයි. දැන් අපට වුවමනා කරන්නේ මෙම පක්ෂීන්ගේ ශරීර උණුසුම්ව කබා ගැනීම  සඳහා වැය වන ශක්තිය සුවිශේෂීව සොයා බලන පර්යේෂණයක් තමයි.

Scientific American  හි   Why Penguins Cannot Fly?  ලිපිය අැසුෙරනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: