ලෝකය සෑදී ඇත්තේ මූල ධාතු හතරකින් කියලා පුරාණ ග‍්‍රීකයෝ විශ්වාස කළා. වාතය, පොළව, ගින්දර සහ ජලය එම හතරයි. වාතය, පොළව සහ ජලය යන තුනම පදාර්ථයේ ස්වරූපයි(forms of matter). එහෙත් ගින්දර කියන්නේ පදාර්ථයේ ස්වරූපය වෙනස් කරන රසායනික ක‍්‍රියාදාමයක්. ඔන්සිජන්, දැව හෝ ගැසෝලීන(පෙට්රෝලියම් වලින් පිරිපහදු කරගන්නා ඉන්ධනය) අතර ප‍්‍රතිචාරයක් ලෙස ගින්දර හැඳින්විය හැකියි. කෙසේවෙතත්, වාසනාවකට වගේ දැව හෝ ගැසෝලීන තිබු පමණින්ම ගින්නක් හට ගන්නේ නැහැ.
ගින්න හටග ැනීමට ඉන්ධනය එක්තරා උෂ්ණත්වයක් කරා ඉහළ යායුතුයි. ඒ උෂ්ණත්වය හඳුන්වන්නේ ජ්වලන උෂ්ණත්වය හැටියටයි. දැව ඇවිළෙන, දැවෙන විට අපේ අවධානය දනවන නොයෙක් දේ සිදුවෙනවා. මුලින්ම දැවෙහි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 500ක් පමණ දක්වා ඉහළ යායුතුයි. මෙතරම් ඉහළ ජ්වලන උෂ්ණත්වයක් ඇති කරන කාරණා කිහිපයක්ම තියෙනවා. අකුණු (විදුලිය), නාභිගත ආළෝකය, ඝර්ෂණය හෝ දැනටමත් දැවෙමින් ඇති යමක් ප‍්‍රමාණවත්වෙනවා. දැඩි තාපය හේතුවෙන් දවෙහි සෙලියුලෝස් (ශාක බිත්ති සෑදී තිබෙන කාබොහයිඞ්රේට හා කෙඳි ද‍්‍රව්‍ය) වියෝජනය වන්නේ වායුවක් මුදාහරිමිනුයි. ඒ වායුව අප හ\ුන්වන්නේ ‘දුම‘ හැටියටයි. දුම හැදෙන්නේ හයිඩ‍්‍රජන්, ඔක්සිජන් හා කාබන් වලින්. දැව දැවී ඉතිරිවන දෑ වල සංඝටකදෙකක් තියෙනවා. ඒකක් අඟුරු. අඟුරු තනිකරම වාගේ කාබන්. අනික තමයි අළු. අළු කියන්නේ දැවෙහි නොදැවී ඉතිරි වූ සියල්ලටයි. වැඩිකොටම කැල්සියම්, යකඩ සහ පොටෑෂ්. අපේ ලිප් සඳහා අපි කඩෙන් අඟුරු මිළදී ගන්නා විට අපි ඇත්තටම ගන්නේ දුම් සහිත වායුව සම්පූර්ණයෙන්ම පාහේ ඉවත් කිරීමට තරම් ප‍්‍රමාණවත් තරමට දැනටමත් දවන ලද දැවයි. එහෙම ලබාගන්නා අඟුරු දැවෙන විට එතරම් දුමක් නොඑන්නේ ඒ නිසයි. අඟුරුවල ඇති කාබන් ඔක්සිජන් සමග එක්කාසු වෙනවා. මෙය ඉතා සෙමින් සිදුවන ප‍්‍රතිචාරයක් නිසාවෙන් අඟුරු බොහො වේලාවක් දැවෙනවා. මෙහිදී රසායනික ප‍්‍රතික‍්‍රියා දෙකම – එනම් දැව වායු දුම මුදා හැරීම සහ කාබන් නිපදවන අ`ගරු මේ දෙකම මගින් දැඩි තාපයක් නිපදවේ එමගින් තමයි ගින්න පවත්වාගෙන යන්නේ.
අනෙක් අතට ඉන්ධන දැවිම තනි පියවරකින් ඉටුවෙන ක‍්‍රියාවක්. ගැසොලීන වාෂ්පීකරණයට තාපය හේතුවෙයි. ගැසොලීන දැවෙන්නේ රත්, තාපශීල වායුවක් ලෙසටයි. එසිදී අඟුරු නොමැති අතර දුම ද ඇත්තේ ඉතා සුළු වශයෙනි. ගින්නක් නිවිමට තාපය හෝ ඉන්ධන මූලය හෝ දෙකම ඒ දෙකම හෝ ඉවත් කළ යුතුය.
ගින්න අපට ඉමහත් විනාශයක් අත්පත් කරදිමට සමත්. පැතිර යන ගින්නකින් නිවාස ගොඩනැගිලි ඇතුලු සියළු දේපල මෙන්ම මිනිස් සහ සත්ව ජිවිත විනාශයට පත්ෙවයි. වෙනත් ඔ්නෑම ස්වභාවික බලවේගයකට වඩා ජීවිත විනාශ කරන්නේ ගින්නයි. ආදි කාලයේ සිටම ගින්දර යුද අවියක් ලෙස යොදාගෙන ඇති බව රහසක් නොවේ. කෙසේවෙතත් නිසියාකාරව යොදා ගතහොත් ගින්දර මිනිස් අපට අපමණ සේවයක් සැලසන කීකරු සේවකයෙකු බවට පත් කර ගත හැකි බව අපි කවුරුත් දනිමු. අපට ආළෝකය හා රස්නය සැපයිමට, ආහාර පිසදිමට, ලෝහ මෙවලම් තැනීමේදී සහාය විමට, අෙප් බලාගාර බලගැන්වීමටත් ගින්න අවශ්‍යවේ. ජලය රත් කොට වාෂ්ප වීමට සැලැස්වීමෙන් කාර්මික විප්ලවයට මුලපිරීමට උපකාරී වුයේද ගින්නයි. මානවයා ගිනි දැල්ල ෙමල්ල ෙකාට සිය වර්ගයාෙග් යහ පැවැත්ම ස හා ෙයාදාෙගන අැත.
ASK A SCIENCE TEACHER: 250 Answers to Questions හි What’ is fire? ලිපිය අැසුෙරනි