මන්දාකිණි දෙකක් එකට ගැටෙන විට …

Posted by

ක්ෂීර පථයට මන්දාකිණියට ආසන්නතමව පිහිටි සර්පිලාකාර මන්දාකිණි හැටියට ති‍්‍රකෝණය (Triangulum) සහ ඇන්ඩ්‍රොමීඩා (Andromeda) මන්දාකිණි වෙනත් කිසිම සර්පිලාකාර මන්දාකිණියකට වඩා බොහෝ විස්තරාත්මකව නිරීක්ෂණය කරනු ලැබ ඇත. තාරකා බිහිවීම පිළිබඳ පාරජම්බුල සංඥා අනෙකුත් තරංග ආයාමවල සංඥා සමග ගැලෙක්ස් යොදා ගෙන මනාව සංසන්දනය කිරීමට මෙම විස්තර මට්ටම මග සලසයි. අපි ති‍්‍රකෝණය මන්දාකිණිය ගත්තොත්, ගැඹුරු පුළුල් ක්ෂේත‍්‍ර ප‍්‍රකාශ අනුරූපයක් (deep wide-field optical image) මගින් හෙළි කරනු ලබන්නේ ලිහිල්ව එකට ඇදුණු සර්පිලාකාර බාහු සහිත කුඩා න්‍යෂ්ටියකි. මෙම සර්පිලාකාර බාහුවල සිදුවෙමින් පවතින තාරකා හට ගැනීම, තරුණ රත් තාරකාවල නිල් ආලෝකයන් සහ මෙකී තාරකා මගින් රත් වූ නිහාරිකා විමෝචනවල රෝස පැහැ ලප මගින් නිරූපණය වේ. M33 මන්දාකිණියේ දීප්තිමත්ම රෝස පැහැ කොටස හබල් දුරේක්ෂය මගින් අනුරූපය කරනු ලැබ ඇත. මෙය ස්ථානීය කණ්ඩායමේ (Local Group) තාරකා බිහිවන විශාලතම කලාපයන් හා සම්බන්ධ වේ. මෙකී වායුමය නිහාරිකාව හැඳින්වෙන්නේ NGC 604 ලෙසටය. එය පළලින් ආලෝක වර්ෂ 1500කි. එහි කේන්ද්‍රයෙහි, O පන්තියේ තාරකා 250කට අධික සංඛ්‍යාවක් ඇතුළුව වසර මිලියන 3ක් වයසැති තාරකා පොකුරකි.

merginggalaxies

විශාල පරිමාණයෙන් ගත් කළ, ගැලැක්ස් නිරීක්ෂණාගාරයට සම්පූර්ණ M33 මන්දාකිණිය නිරීක්ෂණය කළ හැකි අතර අප මේ ප‍්‍රකාශ තරංග ආයාම ඔස්සේ දකින මෙම බාහු සොයා ඒවා පාරජම්බුල මගින් පෙනෙන්නේ කෙලෙසද යන්න අධ්‍යයනය කළ හැකිය. දුරස්ථ පාරජම්බුල හා ආසන්න පාරජම්බුල දෙකෙහිම සංයුතියක් වන ගැලෙක්ස් අනුරූපයක් තිබේ.

පාරජම්බුලයෙන් M33 දෙස බලන ගැලෙක්ස් නිරීක්ෂණයන්ට අමතරව එහි ධුලි සංසන්දනයන් පිළිබඳව අධෝරක්තයෙන් යම් තොරතුරු අපට ලබාදීමට ස්පිට්සර් අභ්‍යවකාශ ටෙලස්කෝපයට හැකිය. ධූලි කොපමණ නම් ඝනද කිව්වොත් බොහොමයක් තරු එළිය ඉන් වළකින තරම්ය. ඒවැනි බොහෝ ප‍්‍රදේශ එහි ඇත. NGC 604 ම වැනි අනෙකුත් ප‍්‍රදේශවල පාරජම්බුල වළිය ඉතා ප‍්‍රභාවත් වන්නේ එම කලාපවල මදක් අඩුවෙන් ධුලි ඇති හෙයිනි.

ඇන්ඩ්‍රොමිඩා මන්දාකිණිය ගත් විට, වඩාත් විශාල න්‍යෂ්ටියක් සහ M33 ට වඩා, වඩාත් තදින් බැදුණු සර්පිලාකාර බාහු ගැඹුරු පුළුල් ක්ෂේත‍්‍ර ප‍්‍රකාශ අනුරූපයක් මගින් හෙළි කෙරේ. වයස්ගත තාරකා හේතු කොට ගෙන න්‍යෂ්ටික ප‍්‍රදේශය කහ පැහැයෙන් පෙන්නුම් කරයි. ඇළය ගතහොත් ඇන්ඩ්‍රොමීඩාව, M33 ට වඩා ඇළය (ආනතිය) බොහෝ වැඩි නිසා ප‍්‍රකාශ තරංග ආයාමවලදී එහි සර්පිලාකාර රටාව පැහැදිලි මදිය. අපේ දෘෂ්ටි රේඛාවෙහි දී එය ඇත්තටම අංශක 77 ක කෝණයකින් ඇළය.

මෙකී සර්පිලාකාර රටාව වඩාත්ම ප‍්‍රකටව දැකිය හැක්කේ ඇතුළත බාහුවලය. අපට නිල් තාරකා එමෙන්ම එකී නිල් තාරකා හා සම්බන්ධ රතට හුරු රෝස පැහැති නිහාරිකාවන්ද බහුලව දැකිය හැක්කේ ඇන්ඩ්‍රොමීඩාවේ පිටත බාහුවලයි.

download

තවද, ඇසල ඇති ඇන්ඩ්‍රොමීඩාවේ වාමන චන්ද්‍රිකා දෙක කෙරෙහි අෙප් සැලකිල්ල යොමු කිරීමද වැදගත්ය. මෙයින් M32 මන්දාකිණි තැටියේ ඉහළින්ද,  M110 තැටියේ පහළින්ද පිහිටා ඇත. එවැනි වාමන චන්ද්‍රිකා සාමාන්‍යයෙන් සෑදී ඇත්තේ වයස්ගත තාරකාවලිනි. එමෙන්ම ඒවා සාමාන්‍යයෙන් අන්තස්තාරීය පදාර්ථයන්ගෙන් හීනය. M32 හරහට දුර ආලෝක වර්ෂ 7,000 ක් පමණ වේ. එහි ස්කන්ධය M31 ස්කන්ධය මෙන් 0.5කි. M110 සමීප රූපයකින් ධුලි වලා කිහිපයක් හෙළිවෙයි. එමෙන්ම, මෙම වාමන අණ්ඩාකාර     තුළ මෑතක තාරකා හට ගැනීමක් ගැන ඇතැම් සාක්ෂිද තිබේ. M110, M32 ට වඩා මදක් විශාලය. මදක් අඳුරුය.

M31 හි කේන්ද්‍රයේ ආලෝක වර්ෂ 35ක් හබල් දුරේක්ෂය මගින් අධි විභේදනයකින් අනුරූපනය කර ඇත. වසර මිලියන 200ක් පමණ පැරණි නිල් තාරකා මධ්‍යම පොකුරක් ඉන් හෙළි කෙරේ. මෙම නිල් තාරකා පොකුර වටකොට වයස්ගත රතු තාරකා වළල්ලක් ද ප‍්‍රකට වේ. මෙකී තාරකාවල වර්ණාවලීක්ෂ  දත්ත() මෙන්ම ඒවායේ ප‍්‍රවේගයන් පදනම් කරගෙන ඒවායේ ප‍්‍රවේගයන් නිර්ණය කිරීමෙන් දැක්වෙන්නේ මෙකී තාරකා කේන්ද්‍රයේ ඇති යම් වස්තුවක් වටා මෙකී තාරකා කක්ෂගතව ඇති බවයි. මෙම වස්තුව අනිවාර්යයෙන්ම කළු කුහරයකි. එම කළු කුහරයෙහි ස්කන්ධය සූර්ය ස්කන්ධ මිලියන සියයකි.

ඊළඟ ලිපියෙන් තව කොටසක්.

Visual Guide to the Universe (by Professor David M. Meyer) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.