විදු නැන නුවණ – Science Literacy for All

කැරපොත්තන් ඇවිද්දවන්න ගෙන යන බඔර පැටික්කියෝ

දෙබරුන්, බඔරුන් ගැන අපට බොහෝ විට මතක් වෙන්නේ මිනිසුන්ට ඔවුන්ගෙන් ප‍්‍රහාරයක් එල්ලවන විටක පමණයි. ඉන් එහාට මේ කෘමීන් ගැන අපේ උනන්දුව මදය. ඇන්නොත් විෂ සහිත සතෙකු නිසා සමහර විට ඔවුන් ගැන සොයා බැලීමට එතරම් වෙහෙසක් නොගන්නවා විය හැකියි. එනිසා ඔවුන්ගේ ගති ලක්ෂණ චර්යා ගැන අපේ දැනුම ද අඩුය. එහෙත් බඔරු (wasp) ගැන සොයා බලන විද්‍යාඥයන් එතරම් දුලබ නැත. ඔවුන් මේ කෘමියා ගැන සොයා ගෙන ඇති තතු සමහරක් පුදුම එළවන සුළුය. අද තතු මගින් ගෙන එන්නේ බඔර දෙමාපියන් සිය පැටවුනට අඛණ්ඩව ආහාර සැපයීම සඳහා අනුගමනය කරන පුදුම දනවන ක‍්‍රියා මාර්ගයක් ගැනයි.

Untitled-Duplicated-02මාණික්‍ය බඔරා (jewel wasp= Ampulex compressa  ) සතු සිත් වශී කරන සුළු වර්ණ අප රවටන සෙයකි. මන්ද, එම වර්ණවත් බවට යටින් ඇති බයංකර බව ඉන් සැගවෙන හෙයිනි. මේ විශේෂයේ මව්වරු සිය දරුවන්ගේ ආහාරය පිණිස පණපිටින් කැරපොත්තන් ගෙන ගොස් දෙති. බඔරුන්ගේ ගැහැණු සතෙකුට කැරපොත්තෙකු හදි ගැහුනු විට ඇය ඌට දෙවරක් ම විදියි – – එක් වාරයක් කැරපොත්තා ගේ සිරුරේ මැද කොටසටය. එසේ කරන්නේ උගේ ඉදිරිපස ගාත් අචලීකරණයටයි(immobilize). දෙවන වර ඇය විදින්නේ කෙළින්ම කැරපොත්තා ගේ මොළයටයි: මෙහිදී ඇය විදින විෂ කැරපොත්තා සිහි මුළාවට පත් කොට උගේ චර්යාව වෙනසකට ලක් කරයි. සිත අවුල් තත්ත්වයෙන් සිටින මෙම කැරපොත්තාගේ ස්පර්ශක හෙවත් අන්තිකාවන්ෙගන් අල්වාගෙන බල්ලෙකු රැුහැනෙන් අල්වා රැගෙන යන ආකාරයට ඇදගෙන යා හැකිය. මෙලෙස සිය වදය වෙත ගෙන යනු ලබන කැරපොත්තාව අැය මුද්‍රා තබා උගේ බඩ මත බිජුවක් දමන්නීය. කීටයා ඉන් එළියට විත් පණ පිටින් ම කැරපොත්තාව කෑමට පටන් ගත් විට පවා අසරණ කැරපොත්තා අරගලයත්, සටනක් කිරීමට ඉදිරිපත් නොවේ.

Untitled-Duplicated-03

බඔරා විද්ද කැරපොත්තා වෙනත් ආබාධ නොමැතිව සෞඛ්‍ය සම්පන්නව සිටින බවක් පෙනී ගියත්  මෙලෙස සන්සුන්ව සිටින්නේ මන්දැයි යන්න බෙන් ගුරියන් විශ්ව විද්‍යාලයේ රාම් ගල් සහ ප්‍රෙඞ්රික් ලිබර්සැට් යන දෙදෙනා විසින් සොයා ගනු ලැබ ඇත. ඒ අදහා ගැනීමට බැරි තරම් සූක්ෂම මෙවලමක් මගින් කැරපොත්තා ඇවිදීමට ඇති අභිපේ‍්‍රරණය අඩු කිරීම මගින්. පර්යේෂකයන් දෙදෙනා, මෙලෙස විෂ විදින ලද කැරපොත්තාගේ, පත්ල අඩක් විදුලිය ගැන්විය හැකි කුටීරයක තැබූහ. සාමාන්‍ය කැරපොත්තෙකුට නම් පා මාංශපේශී ගැස්සීමට හෙවත් ස්ථූරණයට ප‍්‍රමාණවත් තරම් බලයක් සහිත කම්පනයක් එම කැරපොත්තා ආරක්ෂාව පතා ඇවිදගෙන යාමට තරම් ප්‍රබලවේ. කැරපොත්තන්ට මුලින් දෂ්ට කළ විට උන් එවැනි ආකාරයට හැසිරුණත්, පසුව ඔවුන්ගේ ප‍්‍රතිචාර ඉක්මණින් වෙනස් වේ. පැයක් ගතවෙද්දී, ඔවුන්ගේ පාද මාංශපේශී සාමාන්‍ය ආකාරයට සංකෝචනය වන්නේ වී නමුත්, කඩිනමින් ඇවිදයාමට සැලැස්වීමට නම් පස් ගුණයක් වැඩියෙන් වෝලටීයතාවක් ලබා දිය යුතු වේ. මෙය පැය හතරක් යන විට 10 ගුණයක් ප‍්‍රබල විය යුතු බව පෙනී ගියේය. කැරපොත්තන් සැබෑ ආකාරයට ඇවිද්දවීමට එක දිගට කම්පන හතරක තරම් සංඛ්‍යාවක් ලබාදීමට ද සිදුවිය. මෙම අත්හදා බැලීමේ දී කැරපොත්තන්ගේ ප‍්‍රතිචාර සාමාන්‍ය තත්ත්වයට පත්වීමට පැය 72 ක් ගත වූ අතර ඒ දෂ්ට කළ විසෙහි බලපෑම ශුන්‍ය වීමට පටන් ගැනීමෙන් පසුවය. එහෙත් සැබෑ ලෝකයේ දී ඒ වන විට කැරපොත්තන්ගේ ඉරණම විසඳී හමාරය.

Untitled-Duplicated-04

පර්යේෂකයන් දෙදෙනා දක්වන අන්දමට ‘‘කැරපොත්තන්’’ ඇවිදීමට තීරණයක් ගැනීමේ දී ඌණතාවක් මතුවේ. ඇවිදීමට පටන් ගත්ත ද දිගටම ඇවිදයාමට ඇති ඉඩ කඩ ද අඩුය. මෙම කැරපොත්තෝ ජලය පිරි සිලින්ඩරයක තැබීමෙන් ගල් සහ ලිබර්සැට් මෙය ප‍්‍රදර්ශනය කළහ. මෙලෙස ජලයට වැටීම විනාඩි කිහිපයක් ඇතුළත ගැලවී යාමට ඔවුන් පොළඹවන සුළු මරණීය තත්ත්වයකි.  සාමාන්‍යයෙන් සිදු වන්නේ ජලයට වැටුණු විගසම කැරපොත්තන් පිහිනීමට පටන් ගැනීමයි. එමෙන් ම ඔවුන් සිය කාලයෙන් 90% ක් ම ගත කරන්නේ ගිලෙන්නේ නැතුව දිවි බේරා ගැනීමටයි. එහෙත් බඔරුන් දෂ්ට කළ කැරපොත්තන් ද පිහිණීම ඇරඔූ නමුත් එය දිගටම පවත්වාගෙන ගියේ නැත. පාද චලනය සිදු වූයේ සෑම විණාඩියකට ම තත්පර 10 කි. ඒ ඔවුන් වඩාත් මහන්සි වී සිටි නිසා නොවේ. කෙසේ වෙතත් මොවුන් ජලයෙන් ඉවත් කොට උඩු යටිකුරු තැබූ විට නිසි ආකාරයට හැරීමට උත්සාහ කරන්නට වුනේ පාද  සලමිනි. සාමාන්‍යයෙන් කරන ආකාරයට මින් පෙනී ගියේ බඔර විෂ කැරපොත්තන්ගේ සාමාන්‍ය චාලක හැකියා(motor skills)  කෙරෙහි බලපෑමක් නොමැති බවයි. විෂ උන්ගේ ඉගිලීමේ හැකියාව කෙරෙහි ද බල නොපෑවේය.

පර්යේෂකයන් දෙදෙනාගේ අදහස වන්නේ, ඔක්ටොපමයින්, ඩොපමයින් වැනි ඇතැම් සංඥා සංනිවේදන රසායන කෙරෙහි බලපෑමක් ඇති කරනවා විය හැකි බවයි. මෙවැනි රසායන කෘමීන්ගේ සංචලනයන් හා අභිපේ‍්‍රරණරණයන් කෙරෙහි බලපෑමක් ඇති කරන බව සොයා ගෙන තිබේ. අන්ද මන්ද වූ කැරපොත්තන් ඔක්ටොපමයින් එන්නත් කිරීමෙන් යළි ප‍්‍රකෘත තත්ත්වයට පත් කළ හැකි බව මෙම පර්යේෂණ කණ්ඩායම ම කළින් අවස්ථාවක පෙන්වා දී ඇත. ක්‍රමය  කුමක් වුවත් බඔර විෂ පූර්වායන මෙවලමක් (precision weapon) බව පැහැදිලිය. එය විචාරයෙන් තොරව කැරපොත්තාගේ ප‍්‍රතිචාරිත්වය (responsiveness) හෝ සංචලන හැකියාව ඉලක්ක කරන්නේ නැත. එම විෂ ගොදුරෙහි මොළයට කොපමණ නම් අනුකූල ද කියතහොත් ඉන් බලපෑමක් ඇතිවන්නේ ඇවිදීමට සම්බන්ධ සුවිශේෂී ස්නායු පරිපථ පමණකි.

National Geographic  හි පළවූ  The wasp that walks cockroaches ලිපිය අනුවයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: