විදු නැන නුවණ – Science Literacy for All

මිහිකත මත ජීවය හා ඛනිජ සහ-පරිණාමය වූ හැටි

ඛනිජ භෞතික විදiාඥ හා භූභෞතිකඥ රොබට් හේසන්, විද්‍යාව පිළිබඳ කානගී ආයතනයේ පර්යේෂණ විද්‍යාඥයෙකි. හේසන් කල්පනා කරන්නේ ඛනිජ යනු සත්ව හා ශාකවලට මුළුමනින්ම වෙනස් දෙයක් ලෙසටය. දිනක් නත්තල් උත්සවයකදී මුනගැසුණු ජිව විද්‍යා න්‍යායාචාර්යවරයෙකු,  පෘථිවිය බිහිවන අවධිවල — ඇතැම්විට ජීවය මිහිපිට බිහිවන අවධිවල ඛනිජ හා අද අපට දක්නට ලැබෙන ඛනිජ අතර වෙනසක් ඇත්දැයි හේසන් ගෙන් විමසීය. මේ ගැන අවධානය යොමු කළ හේසන් සිය සගයන් හා එක්ව සොයා බලන්නට වූයේ ජීවය පරිණාමය වූවාසේ ඛනිජද ක‍්‍රමයෙන් විපර්යාසයන්ට භාජනය වුණේ ද යන්න ගැනයි. මේ දෙකෙහි සහසම්බන්ධය සොයාබැලීමට සිදුකෙරෙන මෙම අධ්‍යයනය හා සම්බන්ධව හේසන් සමග පවත්වන ලද සාකච්ඡාවක සම්පිණ්ඩනයකි මෙහි දැක්වෙන්නේ.

azurite_arizona_usa.jpg__600x0_q85_upscale

පෘථිවිය මත ජීවය හුදකලාව හට ගත්තක් නොව. එය හටගෙන වර්ධනය වීමේදී ඛනිජවල සහාය ද ඊට ලැබෙන්නට ඇතැයි විද්‍යාඥයෝ පෙන්වා දෙති. එමෙන්ම ජීවය පරිණාමය වෙද්දී අලූතෙන් ඛනිජ සෑදීමට ඉඩ සලසන රසායනික කඩිති අපමණ සංඛ්‍යාවක් නිර්මාණය වන්නට ඇතැයි ද ඔවුහු විශ්වාස කරති. ‘භූගෝලයේ සහ ජිවගෝලයේ මෙම එකට ඈදුණ සම පරිණාමය අපට දැක ගත හැකියි. ජීවිතය පාෂාණ උත්පාදනය කරයි; පාෂාණ ජිවිතය උත්පාදනය කරයි” යනුවෙන් හේසන් කියා සිටියි. මෙයින් හැඟීයන්නේ අපට ජිවිතයේ කතාන්දරය නොකියා පාෂාණවල කතාන්දරය කිව නොහැකිය යන්නය. 5,000ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක ඛනිජ විශේෂ ඇති බව අපි අද දනිමු. මේ සැම එකක්ම එකිනෙකින් කැපී පෙනෙන රසායනික සංයෝග සහ ස්ඵටික ව්‍යුහයන්ගෙන් සමන්විතය. තවද, එම පන්දහස් සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක්ම පෘථිවිය මත ජිවිතය ඇති කළ විපර්යාසයන්ගේ ප‍්‍රතිඵලය.

calcite_cumbria_england.jpg__600x0_q85_upscale

විශ්වයේ හටගත් ප‍්‍රථම ඛනිජය එසේ නම් කුමක් විය හැකිද? මහා පිපුරුම  සිදු වූ විගසම සියල්ල පැවතියේ අධික උෂ්ණත්වයකිනිි. මදක් ඝනීභවනය වීමෙන් පසුවද විශ්වයේ වැඩි කොටස සමන්විත වුණේ හයිඩ‍්‍රජන් සහ හීලියම් වායුවලිනි. ඒවායින් ඛනිජ හට නොගනී. මන්ද ඒවා වායු වන හෙයිනි. ඛනිජ වීමට නම් ස්ඵටික විය යුතුය. ඊළඟට සිදුවුණේ හයිඩ‍්‍රජන් සහ හීලියම් වායු විශාල තාරකා ලෙස ඝනීභවනයවීමයි. තාරකා යනු න්‍යෂ්ටි සංස්ලේෂණය (nucleosynthesis) හෙවත් ආවර්තිතා වගුවේ සියලූ මූල පදාර්ථ සෑදීමයි. මෙකී අනෙකුත් පදාර්ථයන් ගෙන් තමයි ඛනිජ සෑදෙන්නේ.

එකී ප‍්‍රථම තාරකාව බිහිවීමෙන් පසුව ප‍්‍රථම ස්ඵටිකය සැදුනේ කුමන කාලයකදී ද? මීට පිළිතුරු සෙවිය යුත්තේ බොහෝ ජව සම්පන්න තාරකාවල හෝ ස්ඵෝටනය වන අධීනවතාරාවන්ගේ (supernovas) වායුමය කංචුක තුළය. මෙකී වායුමය කංචුක ව්‍යාප්තව සිසිල්වෙද්දී, ප‍්‍රමාණවත් තරම් ඉහළ මූල පදාර්ථ සාන්ද්‍රනයක් සහ ප‍්‍රමාණවත් තරම් පහළ මට්ටමක උෂ්ණත්වයක් මුල්ම ස්ඵටික නිපදවීමට ඇතිවෙයි. ඒ ප‍්‍රථම ස්ඵටිකය අප සිතන අන්දමට දියමන්තියෙහි අන්වීක්ෂීය විශේෂයන්ය. මන්ද කීවොත් තාරකා කාබන්වලින් පොහොසත්වීම සහ හඳුනාගෙන ඇති  ඕනෑම ස්ඵටිකයක ඉහළම උෂ්ණත්වයේදී දියමන්ති බිහිවීමත් යන කාරණාව නිසාය.

rhodochrosite_peru.jpg__600x0_q85_upscale

එතකොට පෘථිවිය මත මුල්ම ඛනිජ ගැන කීවොත්? මුල්ම තාරකා වටකොට තිබූ වායු සිසිල්වෙද්දී ඉතාමත් සුලබ මුල පදාර්ථයන් වන සිලිකන්, ඔක්සිජන්, මැග්නීසියම්, නයිටජන් සෑදීමට තුඩු දුන් තවත් එකිනෙකට වෙනස් ස්ඵටික කිහිපයක් බිහිවන්නට ඇත. විශ්වය හැඩි කළ මුලම ඛනිජ ස්ඵටික විශේෂයන් වන්නේ මේවාය. එමෙන්ම අවසානයේ නව සෞරග‍්‍රහ මණ්ඩල සෑදීමට මග පෑදු මහ වලාවන්ගේ ධූලි හටගන්නේ මෙම මුල් ඛනිජ ස්ඵටික වලිනි. අපේ පෘථිවිය සෑදුනේද එවැනි වලාවකිනි.

මුල්ම ග‍්‍රහලෝකවල ඛනිජ 400 හෝ 500ක් තිබෙන්නට ඇත. අනතුරුව, පෘථිවිය වැනි ග‍්‍රහයන් බිහිවෙද්දී අපට තවත් ඛනිජ 1,500ක් පමණ ලැබෙන්නට ඇත. ඒ සියල්ල සෑදෙන්නට ඇත්තේ තනිකර රසායනික හා භෞතික කි‍්‍රයාදාමයන් තුළිනි. ඉන් ඔබ්බට අප දන්නා තරමට තව තවත් ඛනිජ සෑදීමට තරම් භෞතික හෝ රසායනික කි‍්‍රයාදාමයන් පෘථිවිය වැනි ග‍්‍රහලෝකවලට නොවීය. ඔව්, ජීවය හට ගන්නා තුරුම එවැනි කි‍්‍රයාදාමයන් නොවීය. ඛනිජ පෘෂ්ඨයන් ආරක්ෂා කරයි;  සංවිධානය කරයි සහ රටා සාදයි. ඒවා මෙම අණු ගෙන, තෝරා සාන්ද්‍රගත කරයි. ෙසෙල පටල සහ බහු අවයවක (polymers) වැනි ව්‍යුහයන් සෑදීම පිණිස එන්ට එන්ටම දීර්ග වන ප‍්‍රතිචාර දක්වයි. ඒ ආකාරයට සාගරයේ හෝ වායුගෝලයේදී පහසුවෙන්ම සංවිධානය වීමට අණුවලට නොහැකි බව අපි දන්නෙමු – මන්ද කීවොත් ඒවා අතිශය තනුකය (dilute)අතිශය සසම්භාවීය ජිවය හට ගැනීමේ ප‍්‍රධාන පියවරෙහි දී අණු එකට එක්කර ගැනීමට අවශ්‍ය වන්නා වූ ශක්තිය සහ සාන්ද්‍රණ යාන්ත‍්‍රණය යන දෙකම සපයන ලද්දේ මෙකී පෘෂ්ඨයන් මගිනි.

දැන් මතුවන ප‍්‍රධාන තම ප‍්‍රශ්නය මෙයයි. ඛනිජ පෘෂ්ඨයක් මත සංවිධානය වූ අණුවල සිට තමන්ගේම අනුරුවක් () තනන අණුක කට්ටලයක් දක්වා ගමන කෙසේ සිදුවීද? තතු ඉදිරි ලිපියකින් ඒ ගැන සාකච්ඡුා කරමු.

Smithsonian Science හි පළවු Life and Rocks May Have Co-Evolved on Earth ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: