අපේ ක්ෂීර පථය මන්දාකිණිය වෙනත් මන්දාකිණියක් හා ගැටේවිද?

Posted by

               අද හෙට නොවුණත් අනාගතයේදී සිදුවිය හැකි බවට සාක්ෂි

ඇන්ඩ්‍රොමේඩා M31 මන්දාකිණියේ මධ්‍යයේ කළුකුහරය වටා මෙයට වර්ෂ මිලියන 200කට පෙර තාරකා බිහිවීමේ ක්ෂණික වර්ධනයක් ඇති කිරීමට මගපාදන්නට ඇත්තේ කුමක් විය හැකි ද? අපේ මන්දාකිණිය වන ක්ෂිර පථය මධ්‍යයේ ඇති කළු කුහරය ආසන්නයේ මෙයටත් වඩා තරුණ තාරකා සම්බන්ධයෙන්ද මෙවැනිම ප‍්‍රශ්න නැගේ. M31 සම්බන්ධයෙන් නම් ස්පිට්සර් සහ ගැලෙක්ස් ඉඟියක් සපයා ඇත. මේ ඉඟිය ඇරඹෙන්නේ අපි M31හි ප‍්‍රකාශ අනුරූපයක් M31 හිම ස්පිට්සර් මයික්‍රෝන 8ක අනුරූපය සමග සංසන්දනය කරන විටය. ඇන්ඩ්‍රොමීඩා මන්දාකිණියෙහි සම්භාව්‍යරූපී සර්පිලාකාර රටාවක් දූවිලි මගින් ප‍්‍රදර්ශනය නොකරන බව ස්පිට්සර් දසුන දක්වයි. එහි ඇතුළත වළල්ලක් සහ පිටත වළල්ලක් ඇති බවක් පෙනී යයි. ආකෘතික සර්පිලයක මෙයාකාරයක ව්‍යුහයක් තිබිය යුතු නොවේ. මෙයාකාරයේ ව්‍යුහයක් තාරකා විද්‍යාඥයන්ට ආකෘතිකව නිරූපණයට හැකිවූයේ M32 කුඩා වාමන ඉලිප්සාකාර ගැලැක්සිය  වසර මිලියන 200කට පමණ පෙර ඇත්තටම ඇන්ඩ්‍රොමීඩාව සමග ඝට්ටනය වන්නට ඇතැයි යන අදහස ඇතිවයි. එකී ඝට්ටනය M31හි හරයේ දී තාරකා සෑදීම උත්තේජනය කරන්නට ඇතැයි සිතිය හැකිය.

images

ඇන්ඩ්‍රොමේඩාවේ මෙකී සර්පිලාකාර නොවන ව්‍යුහය ගැලෙක්ස් අනුරූපවලින් ද ප‍්‍රකට වේ. ඝට්ටන සිද්ධියක් සමග ගැලෙක්ස් පාරජම්බුලයේ අනුරූප එක්කම ස්විට්සර් අධෝරක්තනයේ අනුරූප තුළින් සිදුකෙරෙන නිරීක්ෂණය සමග ගැලපීමක් දක්වන අතර එය ප‍්‍රකාශ නිරීක්ෂණ මගින් ප‍්‍රකට නොවීය.

 

M32 ට අදාළ සෙනාරිය හෙවත් සිදුවීම් පෙළට අමතරව, M31 මෙන්ම ක්ෂිර පථය මන්දාකිණි ඒවායේ කුඩා චන්ද්‍රිකා මන්දාකිණි සමග අතීතයේදී අන්තර් කි‍්‍රයා කර ඇති බවටත් ඇත්ත වශයෙන්ම ඉන් කිහිපයක් අවශෝෂණය කර ගෙන ඇති බවටත් සැලකිය යුතු සාක්ෂි තිබේ. මෙකී ප‍්‍රධාන මන්දාකිණි දෙක (M31හා ක්ෂිරපථය) අතර ආලෝක වර්ෂ මිලියන 2.5ක අතිවිශාල පරතරයක් තිබුණේ වී නමුත් මෙම සුවිශාල සර්පිලාකාර මන්දාකිණි දෙක අවසානයේදී නැතිනම් අනුශාංගිකව එකට ගැටිය හැක්කේද? හබල් දුරේක්ෂයෙන් රැුස් කර ගනු ලැබ ඇති තොරතුරු අනුව ඇන්ඩ්‍රොමේඩාව අනාගතයේදී ක්ෂිර පථය හා මුහුණට මුහුණලා හෝ ඒ ආසන්න ආකාරයේ ඝට්ටනයක් ඇති විය හැකි බව ඇත්ත වශයෙන්ම පෙනී යයි.

තාරකා බිලියන සිය ගණනක්ද, අන්තස්තාරීය වායු සහ ධූවිලි විශාල ප‍්‍රමාණයක්ද එමෙන්ම අති දැවැන්ත කළු කුහරයක් ද (super massive black hole) සහිත සුවිශාල මන්දාකිණි දෙකක ඝට්ටනය සිතින් මවාගැනීමට දුෂ්කරයි.  එහෙත් වාසනාවකට මෙන්, එවැනි සංකීර්ණ අන්තර්කි‍්‍රයාකාරකම් අධිවේගී පරිගණක සහ අසංක්ලිෂ්ට මෘදුකාංග උපයෝගී කර ගනිමින් ආකෘතිගත කිරීමේ හැකියාව දැන් ඇත. එවැනි ව්‍යායාම සිදු කෙරෙන්නේ ගුරුත්වයේ බලපෑම්, වායු ගලායාම් (gas flows) සහ ඝට්ටන මගින් පේ‍්‍රරිත තාරකා හට ගැනීම් සැලකිල්ලට ගනිමිනි.

මෙකී ආකෘති අපට කුමක් පෙන්වනු ඇත්ද? ඉදිරි වසර බිලියන 4 තුළ ඇන්ඩ්‍රොමේඩාව සෙමින් සෙමින් ක්ෂීර පථය ගැලැක්සිය කරා පැමිණෙනු ඇත. මේ මන්දාකිණි දෙක එකිනෙක පසුකර යෑමේ කි‍්‍රයාව වායුවල උදම් අවර සඳහාත් මන්දාකිණි දෙකෙන්ම තාරකා ඉරා උගුල්ලා දමමින් පාර මන්දාකිණිමය අවකාශයට විසී කරදැමීමටත් මග පාදනු ඇත. කෙසේ වෙතත්, මෙම මන්දාකිණි අතර ඝට්ටන තාරකා මත තාරකා ගැටීමක් ඇති කිරීමට ඇත්ත වශයෙන්ම මග පාදන්නේ නැත. එවැන්නක් සිදුවුණොත් ඒ ඉතාමත්ම සුළුවෙනි. සිදුවන්නේ. ඊට හේතුව, මෙකී මන්දාකිණි දෙකෙහි තාරකා අතර සාමාන්‍යයෙන් අතිවිශාල දුරක් පැවතීමයි.

images (1)

මෙකී තාරකාවන් සියල්ලට සම්න්ධ ගුරුත්වයට, තාරකාවන් කළඹවමින් ඒවා අභ්‍යවකාශය පුරා සෑම තැනකම යැවීමේ පුදුමාකාර බලපෑමක් තිබිය හැකිවේ. මේ නැටුම මෙසේ සිදුවෙද්දී ඊළඟ අවුරුදු බිලියන 3 තිස්සේ එකිනෙකා පසුකරයමින් මෙම මන්දාකිණි දෙක එකට එක් වෙන්නේ හෙවත් සංයෝග වෙන්නේ (merge) අත්‍යවශ්‍යයෙන්ම වායුවලින් තොර ඉලිප්සාකාර මන්දාකිණි හැටියටය. වායු යම් ප‍්‍රමාණයක් උදම් මගින් මන්දාකිණි අතර (අන්තර් මන්දාකිණි) අවකාශයට නෙරපා හැරෙන අතර යම් ප‍්‍රමාණයක් ලෙස ඝට්ටනයෙන් කම්පිත කෙරෙනු ඇත.

Visual Guide to the Universe (by Professor David M. Meyer ) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.