සැමට විදු නැන නුවණ – Science Literacy for All

පෙම් බැඳුමකට ආලයත් රාගයත් එකසේ වැදගත්

පේ‍්‍රමවන්තියක හෝ පේ‍්‍රමවන්තයෙකු හැටියට ඔබ කවදාවත්ම හිතා තියෙනවාද ඔබ සැබවින්ම ආදරයෙන් වෙළී සිටිනවාද? එහෙම නැතිනම් ඇත්තටම රාගයෙන් වෙළී සිටිනවාද කියා. කාලය ගෙවී යද්දී තමයි ආලයෙන් වෙලී යන්නේ කියා ඔබ දැන සිටියාද? එහෙම වෙන්නත් කලින් සිතාගත හැකි විවිධ සාධක ගණනාවක මත ඒ මග රඳා පවතී. කෙනෙකුගේ පෞරුෂය සහ චිත්ත ස්වභාවය (personality and temperament) එම සාධකවලට බෙහෙවින් සම්බන්ධය. එමෙන්ම තම සහකරු හෝ සහකාරිය සමග ඔබට කොයිතරම් දේවල් පොදු ද යන්න ද ඊට බලපායි. ආදරය හෙවත් ආලය කියන්නේ තවත් පුද්ගලයෙකු කෙරෙහි ඇතිවන බලගතු හැඟීම හෝ  සෙනෙහස   සහ සැලකිල්ලයි. එය කාලයත් සමග චිත්තවේගී බැඳීමක් සාදන තියුණු ආකර්ෂණයකි. මෙම කාසියයෙහිම අනෙක් පැත්ත ගතහොත් රාගය යනු ලිංගික ස්වභාවයක් සහිත දැඩි ආශාවකි. එය පදනම්ව ඇත්තේ කායික ආකර්ෂණය මතයි. එමෙන්ම එය ඉක්මනින් සිදුවන්නකි.

රාගය ක‍්‍රමයෙන් ආලයට හැරිය හැකි නමුත් ඊට කලක් ගතවේ. දෙදෙනෙකු අතරේ ඇතිවන රාගය ආලය බවට පරිවර්තනය වන්නේ ඔවුන් ඇත්තටම අනෙක් පුද්ගලයා පූර්ණ වශයෙන් ‘දැනගැනීමට’ හැකිවීමෙන් පසුව පැන්ටසි මට්ටම පසු කළ විටයි. ආලයෙන් වෙළීමේ අවධි තුනක් හඳුනා ගැනීමට හෙලන් පිෂර් වෛද්‍යවරිය සමත්ව සිටියි. ඇය රොමෑන්තික ආදරය පිළිබඳ ප‍්‍රකට පර්යේෂිකාවකි. අනංගයා, හී සැරයක් විද ඇති බව ප්‍රකට වන  සලකුණු අතර කොපුල් රත්පැහැ ගැන්වීම, අත්ල තෙත් ගතියක් ඇතිවීම හා හදවත වේගයෙන් ගැස්සීම දැක්විය හැකියි.

  1. අවදිය: රාගය

ආදරයෙන් බැඳීමේ ප‍්‍රථම අදියර රාගයයි. එය මෙහෙයවනු ලබන්නේ දැඩි ආශාවෙනි. (කාමරතිය ලෙසද දැක්වේ) මෙම අවධියේදී ලිංගික හෝමෝන වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එය එසේ විය යුතුය. මන්ද ආශාවක් නොමැති නම් අවසානයේ ආලයක් ඇති වන්නේ කෙලෙසද? විශේෂඥයන් පවසන අන්දමට මෙම අවධිය මාස 6 සිට වසර දෙකක පමණ කාලයක් පවතී. ඔබ රාගයෙන් වෙළී සිටින බවට ඇති සලකුණු.

x          ඔබගේ ආශාව දනවන අයගේ ශාරීරික පෙනුම කෙරෙහි ඔබගේ අවධානය යොමුවේ.

x          චිත්තවේගී කතාබහට ආශාවට වඩා ලිංගිකව හැසිරීමට දැඩි ආශාවක් දක්වනවා

x          සැබෑ හැඟීම් සාකච්ඡුා කරනවාට වඩා සම්බන්ධතාව ෆැන්ටසි මට්ටමේ තබාගැනීමට රුචියක් දක්වයි.

x          ඔබ ආලවන්තයන් මිස මිතුරන් වීම අත්‍යවශ්‍ය නොවේ.

 

2 අවධිය: ආකර්ෂණය     

පිවිතුරු පෙම මිස රාගය පිටු දකිමයි කියන අය විශේෂයෙන් කියවා බැලිය යුතු ලිපියක්.

මෙය ආළය ඉහවහා යන අවදියයි. ඔබේ පේ‍්‍රමවන්තයා හෝ පේ‍්‍රමවන්තිය ගැන දහවල් සිහින දකිමින් දකින්නේ නම් නිදිමත හෝ බඩගින්න ගැන තැකීමක් නැතිනම් ඔබ මෙම අවදියට පිවිස ඇති බව දත යුතු. ආකර්ෂණ හෝ මෝහයෙන් මුළාවන (infatuation) අවධියේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන ස්නායුක හෝමෝන (neurohormones) වන්නේ ස්නායු සම්පේ‍්‍රෂකයන් වන ඩොපමයින් (Dopamine) නොරෙපිනෙෆ‍්‍රයින් (Norepinephrine අනුවේගී ස්නායු පද්ධතියේ ස්නායු අත හමුවන හෝමෝන විශේෂයක්) සහ සෙරොටොනින්ය(Serotonin ආවේගාත්මක සහ ආක‍්‍රමණශීලී ස්නායු සම්පේ‍්‍රෂකයක්) .  අපේ හදවත තදින් ගැහෙන්නට පටන් ගන්නේ ‘මට නම් පිස්සු හැදීගෙන එනවා වාගේ’ දැනෙන්නේ මෙම හෝමෝනවල කි‍්‍රයාකාරිත්වයෙනි. ‘පිස්සුවක් නොවන ආදරයක් ආදරයෙක් වෙන්න බැහැ’ යයි ස්පාඤ්ඤ ජාතික නාට්‍යකරැෙවකු හා කවිෙයකුවන Calderón de la Barca කීවේ කට කහනවාටම නොවේ.

3 අවධිය: තද බල ආදරය සහ ඇල්ම

ආදරය, සෙනෙහස දිනා ගැනීමට උත්සාහ දරන පෙර පෙම් කාලය(courting period) පසුකර ගොස් පෙම්වතුන් යුවලක් එකිනෙකා හොඳින් අවබෝධ කරගෙන එකිනෙකාගේ සම්පූර්ණ පෞරුෂය  මෙන්ම එකිනෙකාගේ ශක්තීන් හා දුර්වලකම් හෙවත් හැකියාවන් හා නොහැකියාවන් දැන හඳුනා ගැනීමෙන් පසුවද එකිනෙකාට ආලය කරමින් ඔහු හෝ ඇගේ යථා ස්වභාවයම පිළිගැනීමට කැමැති වන විට බලපවත්වන ස්නායුක හෝමෝනය වන්ෙන් ඔක්සිටොසින්ය(Oxytocin). මෙය තමයි පේවීෙම් හොමෝනය(commitment hormone) සුරතාන්තය හෙවත් මෙවුන්දමෙහි(orgasm) අවසන් අවස්ථාවේදී මුදා හැරෙන හෝමෝනය මෙයයි. වැඩිහියන් ඉතා සමීපවන විට දෙදෙනා අතර බැදීම ප‍්‍රවර්ධනය කෙරෙන හෝමෝනය මෙය යයිද විශ්වාස කෙරේ. යුවළක් ලිංගිකව එක්වන අවස්ථා වැඩිතරමට බැඳීමද බලපවත්වන බව මෙම න්‍යායායෙන් කියැවේ. රොමැන්තික ආලය සහ ඇබ්බැහිය(ආසක්තිය) යන දෙකටම මොළ එකම ක‍්‍රියාවලියක් පොදුවේ බලපායි. අප ආදරයෙන් බැඳෙන්නට, වෙළෙන්නට පෙළඹෙන්නේ එකම බුද්ධි මට්ටමක, පොදු රුචි අරුචිකම් ඇති සහ මනා පෙනුමක් සහිත අය සමගයි.

lust-of-love

ආලයෙන් වෙලීමේදී කාලයද වැදගත් සාධකයකි. දෙදෙනාම ඒ වන විට ආලයෙන් බැදීමට සූදානමින් හා කැමැත්තෙන් සිටිය යුතුය. දෙදෙනා ලිංගික වශයෙන් ඉහළ තෘප්තියක් විඳිමින් හොඳම මිතුරන් ලෙස පසුවන්නේ නම් දිගු කාලයක පවතින ඉහළ රොමෑන්තික ආදරයකට මුල පිරේ. තව කෙනෙකු හා ස්ථිර සම්බන්ධතාවයක් ඇති කර ගැනීමට ඔබ කැපැවී නැතිනම් එම අය සමග අයාෙල් සැහැල්ලුවට (casually) ලිංගිකව එක්විය යුතු නැතැයි කියැවේ. මන්ද සුරතාන්තයට පත්වන විට බන්ධන හෝමෝන මුදා හැරෙන හෙයිනි. ”මා පවත්වාගෙන යන්නේ සැහැල්ලු සබඳතාවක්” යයි එවැනි අවස්ථවල කීම තමන්වම රවටා ගැනීමකි. සැහැල්ලූ සබඳතා කෙළවර වන්නේ තදබල බැඳීමකිනි. ආලය සහ රාගය අතර සමබරතාවයක් පවත්වාගෙන යා හැකි අය තමයි වඩාත්ම පී‍්‍රතිමත් යුවළක් වන්නේ. දෙපාර්ශවයම සිය රොමෑන්තික සම්බන්ධතාවයේදී සවිමත්ව, උත්කර්ෂවත්ව එමෙන්ම ප‍්‍රමෝදයට පත්වීමට මඟ මග පාදාගැනිමට  නම් සිය සම්බන්ධතාවයේදී ආලය සහ රාගය යන දෙකම එක සේ වැදගත්ය.

MichelleAlva.com හි Love and Lust: Why both are Important in a Romantic Relationship ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: