විදු නැන නුවණ – Science Literacy for All

බිම් පණුවෝ ක්ෂුද්‍ර ප්ලාස්ටික් ආහාරයට එක් කර ගනිති

                                                      ප්ලාස්ටික් දූෂණය ගැන තවත් පැතිකඩක්

සමුද්‍ර පරිසරයන් හි සුලබව හමුවන ක්ෂුද්‍ර ප්ලාස්ටික් ශරීර ගත වීම සාගර ජීවින්ට හානිකර ලෙස බලපායි. ගොඩබිම පරිසරය ද ප්ලාස්ටික් මගින් බොහෝ සෙයින් අපවිත‍්‍ර වී ඇත. එහෙත් ගොඩබිම වසන ජීවීන්ට ප්ලාස්ටික් මගින් සිදුව ඇති හානිය පිළිබඳ අපට ඇත්තේ අඩු දැනුමකි. හුඵර්ටා ල්වන්ගා සහ පිරිස විසින් සිදු කරන ලද විමර්ෂණයකට අනුව ශාක කොළරොඩු අතර ඇති පොලිතීන් ක්ෂුද්‍ර ප්ලාස්ටික් මගින් බිම් පණුවන්ට  සිදුවන හානිය සොයා බලන ලදී. මෙම සොයා බැලීම තාත්වික අයුරින් සිදු කිරිම සඳහා පර්යේෂකයෝ ක්ෂුද්‍ර ප්ලාස්ටික්, කොළ රොඩු තැන්පත් ව ඇති පස මතුපිටට  එකතු කළහ. පාලක පරීක්ෂණයක් (a control) වශයෙන් ඔවුහු ක්ෂුද්‍ර ප්ලාස්ටික් එකතු නොකරන ලද ශාක කොළ රොඩු තැන්පත්ව ඇති ස්ථාන ද වෙනමම තබා ගත්හ.Manila-plastic-bottle-collecting පර්යේෂකයින්්ට නිරීක්ෂණය වූයේ ක්ෂුද්‍ර ප්ලාස්ටික් එකතු කරන ලද ශාඛ කොළ රොඩු සහිත පරිසරවල ජීවත් වන බිම් පණුවන් ගේ බෝවීම, ක්ෂුද්‍ර ප්ලාස්ටික් එකතු නොකරන ලද ශාක කොළ රොඩු සහිත පරිසරවල ජීවත් වන බිම් පණුවන්ගේ බෝවීමට වඩා අඩු බව හා ඔවුන් ගේ මරණ සංඛ්‍යාව ද ඉහල මට්ටමක පවතින බවයි. තව දුරටත් ඔවුන්ට නිරීක්ෂණය වූයේ බිම් පණුවන් පස තුලට ක්ෂුද්‍ර ප්ලාස්ටික් පරිවහනය කරනු ලබන බවයි. තව ද ක්ෂුද්‍ර ප්ලාස්ටික් භූමිය මතුපිට ජලයට ද එක් විය හැකි බව පර්යේෂකයින්ගේ  අදහසයි.

(American Association for the Advancement of Science) SCIENCE හි පළවූ  Earthworms on a micro-plastics diet ලිපිය ඇසුරෙනි

පරිවර්තනය: චන්දන ෙතන්නෙතා්න්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: