සැමට විදු නැන නුවණ – Science Literacy for All

ඩයිනෝසරයන්ට මරු කැඳ වූ ග‍්‍රහක ආවාටය කැනීමට විද්‍යාඥයෝ සැරසෙති

මෙයට වසර මිලියන 66 කට පෙර යෝධ ග‍්‍රහකයක් පෘථිවිය මත කඩා වැටීමෙන් අනතුරුව ඇති වූ තත්ත්වය පිළිබඳ වානිජ කැනීම් දත්ත අළුතෙන්  විශ්ලේෂණය කිරීම මගින් විද්‍යාඥයන්ට යම් ඉඟි සැපයේ. ඩයිනසෝරයන් සහ පෘථිවිය මත ජීවීන් බොහොමයක් ම නෂ්ටප‍්‍රාප්ත කළ ග‍්‍රහක කඩා වැටීම සිදු වූ ස්ථානය චික්සුලබ් ආවාටය යි (Chicxulub crater).

24F14F4F00000578-2921547-image-a-15_1421935978467

 

ආවාටයේ අවසාදිත කැන විදීමෙන් විද්‍යාඥයන් අදහස් කරන්නේ නස්පැත්තිදායක ඝට්ටනයෙන්  පසුව යළිත් වතාවක් ජීවය හටගෙන වර්ධනය වූ ආකාරය අධ්‍යයනය කිරීමට හැකිවේය යනුවෙනි. ‘කාලයාගේ ඇවෑමෙන් ජීවය යළි ඇතිවීම තුළින් අපට අනාගතය පිළිබඳව යමක් උගෙන ගත හැකිය’ යි  භූභෞතිකය සඳහා වූ ටෙක්සාස් ආයතනයේ (University of Texas Institute for Geophysics) පර්යේෂණ මහාචාර්ය ෂෝන් ගුලික් පවසයි. ටෙක්සාස් සරසවියේ, මැක්සිකෝවේ ජාතික විශ්ව විද්‍යාලයේ සහ අන්තර්ජාතික සාගර ගවේෂණ වැඩසටහනෙහි විද්‍යාඥයන් කණ්ඩායමක් එක්ව එළඹෙන අප‍්‍රියල් මාසයේ දී ආවාටය කැනීම ආරම්භ කිරීමට නියමිතයි. ‘‘අපට මෙමගින් සොයා ගත හැකි වෙතැයි අපේක්ෂා කරන දේවල් ගැන අදහසක් තියෙනවා’’ගුලික් පෙන්වා දෙයි. ‘ආරම්භක වශයෙන් ජීවයෙන් තොර කාලච්ෙඡ්දයක් අපට බලාපොරොත්තු විය හැකියි. ඊළඟට ජීවය යළි ආරම්භ වීම හා කාලයත් සමග තව තවත් විවිධත්වයට පත් වූ ආකාරය බලාගත හැකිය’. කැනීම් කටයුතු සම්පූර්ණ වීමට මාස 2 ක් ගතවේ යයි අපේක්ෂිතයි.

Main

කිලෝමීටර 10 ක් (හැතැප්ම 6 ක්) පළල, ග‍්‍රහක ඝට්ටනය මැක්සිකෝ බොක්කේ භූ රූපය වෙනස් කළ ආකාරය දැක්වෙන වානිජ කැනීම් දත්ත පිළිබඳ නව විශ්ලේෂණයක් නිකුත් වීමෙන් අනතුරුව කැනීම් වැඩසටහන ක‍්‍රියාත්මක විය. මෙම ග‍්‍රහකය කඩා වැටීමෙන් අවසාදිත ඝන සැතපුම් 48,000 විස්ථාපනය විය. මෙම ප‍්‍රමාණය  සුපීරියර් විල් 17 ක් පිරවීමට තරම් ප‍්‍රමාණවත් ය. කඩා වැටීමේ ඝට්ටනය නිසා ඇති වූ භූ කම්පන වලින් අවසාදිත බුරුල් විය. එමෙන් ම එහි දී ඇති වූ සුනාමි තත්ත්වයන්ගේ බලපෑමෙන් ජීර්ණාවශේෂ අඩි සිය ගණනක් මැක්සිකෝ බොක්කට එකතු වූ බව විද්‍යාඥයෝ දක්වති. අවසාදිතවල මෙම චලනය සැතැපුම් සිය ගණනකට පැතිරී ගිය අතර යුකටාන් සහ කැරීබියානු ද්‍රෝණිය පාෂාණ, වැළි, බොරළු සහ බෝල්ඩරවලින් පවා වැසී ගියේය.

චික්සුලබ් ඝට්ටනය අදහා ගැනීමට නොහැකි තරමට ප‍්‍රබලය. විද්‍යාඥයන් විශ්වාස කරන්නේ එය හිරෝෂිමාව මත හෙලූ පරමාණු බෝම්බය මෙන් බිලියන ගුණයක් බලවත් විය හැකිය යනුවෙනි. එහි ඝට්ටනය ස්වභාවික විපත් ඇති කරන (එක සිදුවීමක්් තවත් සිදුවීම් වැලකට මුල පුරන) ඩොමිනෝ ආචරණයකට(a domino effect) මුල පිරී මුළු පෘථිවිය ම දූවිලි සහ අවසාදිත වලින් සැදුම්ලත් ඝන ඇතිරිල්ලකින් වැසී ගියේය. මේ පිළිබඳව ඇති ජනප‍්‍රිය සිද්ධාන්තයකින් කියැවෙන්නේ ඝට්ටනයෙන් ඇති වූ ජීරණාවශේෂ, බලගතු සුනාමි සහ යෝධ භූ කම්පන හේතුවෙන් (මිහිපිට මෙතෙක් සැරිසරා ඇති විශාලතම මෘගයන් වන) යෝධ ඩයිනසෝරයන් සහ අති විශාල සාගරික උරගයන් විනාශ මුඛයට පත් වූ බවයි. ක‍්‍රිටේසිය පේලියෝජීන මායිම ලෙස හැඳින්වෙන මෙම ජීරණාවශේෂ ගෝලීය වශයෙන් දක්නට හැකිය. එය වැදගත් වන්නේ පෘථිවියේ කාල රේඛාවෙහි මහා නෂ්ටප‍්‍රාප්ත වීම සිදු වූ අවස්ථාවක් සලකුණු කරන හෙයිනි. විද්‍යාඥයන් ලොව පුරා මෙම ජීර්ණාවශේෂ අධ්‍යයනය කළ නමුදු වානිජ මට්ටමේ කැනීම් සිදුවන හේතුවෙන් කිසිම දිනක මැක්සිකෝ බොක්කේ දී ඒ ගැන සොයා බැලීමට හැකියාවක් නොලැබිණ. අවසාදිත අති විශාල ප‍්‍රමාණය තැන්පත් වන්නට ඇත්තේ දින හෝ සති කිහිපයක් තුල බව විද්‍යාඥයන්ට දැන ගැනීමට හැකි වූ බව අධ්‍යයනයේ ප‍්‍රධාන කතෘ ජේසන් සැන්ෆර්ඞ් සහ ගවේෂණ භූ විද්‍යාඥ වෙව්රොන් කියා සිටිති. සැන්ෆර්ඞ් දක්වන අන්දමට ඝට්ටනයට පෙර මැක්සිකෝ බොක්ක වඩාත් විශාලව පැවතිණ.

64290.ngsversion.1422283775663.adapt.1190.1

ග‍්‍රහක කඩා වැටීම් තුලින් සිදුවන ඝට්ටන වෙනත් ග‍්‍රහලෝක වල මතුපිට (පෘෂ්ඨය) විශාල වශයෙන් වෙනස් කිරීමට හේතු වූ බව ගුලික් පෙන්වා දෙයි: ‘‘ඇතැම් සිදුවීම් අපේ ග‍්‍රහ ලෝකයේ රූප විද්‍යාව (morphology), ස්තර විද්‍යාත්මක ප‍්‍රස්තර (stratigraphic layers ) සහ පැහැදිලිවම ජීවය කෙරෙහි දීර්ඝ කාලීන බලපෑම් ඇති වේ’’ යනුවෙන් ගුලික් පවසයි.

ඝට්ටනය වූ අවස්ථාවේ සිදු වූ දෙය තේරුම් ගැනීම, අනාගතයේ දී පෘථිවිය හා දැවැන්ත ග‍්‍රහකයක් ගැටුනොත් කුමක් සිදුවේ දැයි පුරෝකතනය කිරීමට පර්යේෂකයන්ට ආධාර විය හැකි යයි හෙතෙම කියයි. ‘‘ඒ ආකාර සුවිශාල ඝට්ටන සිදුවීම ඇති වූ විට ඇතිවිය හැකි භූ විද්‍යාත්මක සහ පරිසරාත්මක ක‍්‍රියාදාමයන් බොහෝමයක් අවබෝධ කර ගැනීම පිණිස කැපවූ විශාල තොරතුරු දේහයකට අපේ කටයුතු ද දායක වනු ඇති’’ යයි සැන්ෆර්ඞ් පෙන්වා දෙයි.

වර්තමානයේ නාසා විද්‍යාඥයන් කණ්ඩායමක් අන්තරායකර විභවයක් සහිත ග‍්‍රහක සෙවීමේ යෙදී සිටිති. ‘‘පෘථිවි ආසන්න වස්තූන් (near earth objects)’’ 12,000 ට වැඩියෙන් සොයා ගෙන ඇති අතර ඉන් 1,500 ක ගමන් මග පෘථිවි කක්ෂය හරහා වැටෙයි. ඒවා අනතුරුදායකය. වාසනාවකට මෙන් දත්ත පෙන්නුම් කරන්නේ පෘථිවියට මෑතක හානි ගෙනෙන යමක් නොමැති බවයි. අපේ ග‍්‍රහලෝකයේ අනාගතය ගැන ග‍්‍රහක ඝට්ටන මගින් මතු කරන බලපෑම් අවබෝධ කරගැනීම පිණිස අප තවත් ටිකක් ළං වී ඇත.

(American Association for the Advancement of Science) SCIENCE හි පළවූ  Scientists gear up to drill into ‘ground zero’ of the impact that killed the dinosaurs ලිපිය සහ CNN International හි පළවූ  Scientists to drill at site of dinosaur-killing asteroid crater යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: