විදු නැන නුවණ – Science Literacy for All

චන්ද්‍රයාගේ කක්ෂගත ගමන: සංගම් මාසය සහ නක්ෂත‍්‍ර මාසය

එක් පුර පසළොස්වක දිනයක් ගෙවි තවත් පුර පසළොස්වක දිනයක් ලබන දවස අද. පසුගිය පුර පසළොස්වක දිනයේදීත් අපි තතු මගින් චන්ද‍්‍රයා ගැන කතා කරා. ඒ චන්ද‍්‍ර කලා ගැනයි. පසළොස්වක කිව්වහම වක 15ක්. ඒ කියන්නේ ඊ ළග පුර පසළොස්වක දිනය ලබන්නේ වක 15x 2=  30ට පසුවයි.  එ නම් දින 30කට පසුවයි.  ඒත්  ඇත්තටම පසළොස්වක දිනයක් ලබන්නේ දින 30කට වරක්ද?  කියවා බලන්න.

2

චන්ද‍්‍රයා, එක් පුරපසළොසවක් දිනක සිට අනෙක් පුරපසළොස්වක දිනට එළෙඔන්න දළ වශයෙන් මාසයක් පමණ ගතවන බව අප කවුරුත් පාහේ දන්නා කාරණයක්. චන්ද‍්‍ර කලා සැමකක්ම ගත්තත් එහෙමයි. වෙන විදිහකට කිව්වොත් එක් වත්ද‍්‍ර කලා චක‍්‍රයක් සම්පූර්ණ සඳහා සාමාන්‍යයෙන් මාසයක් ගතවෙනවා.  ඒත් හැබෑවටම ගත්තොත් එය මාසයක්ම නොවෙයි. ඒකට කියන්නේ සංගම් මාසය(synodic period or lunation) කියලා. සංගම් මාසය හරියටම කිව්වොත් දින 29.6305882 ක් වෙනවා. චන්ද‍්‍රයාගේ පරිභ‍්‍රමණය සමග පෘථිවියද සූර්යයා වටා ගමන් කරන බව අප දන්නවා. මේ නිසා සූර්යයාත්, පෘථිවියත්, චන්ද‍්‍රයාත් එක කෙළින් පිහිටිමට ගතවන කාලය තමයි එය. ඒ තමයි පොළවේ සිට දකින්නෙකුට (නිරීක්ෂණය කරන්නෙකුට) දකින ආකාරයට චන්ද‍්‍රයාගේ එකම පිහිටීමේ සිට එකම කලාවේ සිට නැවත එම පිහිටීමට හෙවත් කලාවට ඒමට ගතවන කාලය. චන්ද‍්‍රයා පෘථිය වටා ගමන් කරනු අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් බැහරව සිට නිරීක්ෂණය කරන අයෙකුට තාරකාවල දෘෂ්ටිකෝණයෙන් දකින්නේ නම් ඒ සඳහා ගතවන කාලය දළ වශයෙන් දින දෙකක් පමණ අඩුයි. හරියටම කිව්වොත් දින 27.3217 යි. මෙය හඳුන්වන්නේ නක්ෂත‍්‍ර මාසය(sidereal period or orbital period)හෙවත් චන්ද‍්‍රයා පොළව වටා එක් පරිභ‍්‍රමණ කාලයන් සඳහා ගතවන කාලය ලෙසටයි.

3

ඉතින් මෙහෙම සංගම් මාසය සහ නක්ෂත‍්‍ර මාසය   අතර වෙනසක් ඇතිවන්නේ කොහොම ද? මේකට දෙන්න පූළුවන් කෙටිම පිළිතුර තමයි අපි චන්ද‍්‍රයා නිරීක්ෂණය කරන්නේ චලනය වන වේදිකාවක සිට නිසා යන්නයි. මේ අනුව චන්ද‍්‍ර චක‍්‍රයේදී වසරක් තුළ පෘථිවියත් සූර්යයා වටා  යන ගමනෙහි දළ වශයෙන් එක මාසයක් ගෙවා අවසන්. මේ නිසාවෙන් චන්ද්‍රයාට සාපේක්ෂව අපේ දෘෂ්ටිකෝණය වෙනස්වනවා මෙන්ම එලෙසම කලාව ද වෙනස් වෙනවා.

අප මතක තබා ගත යුතු තව කාරණාවක් තමයි සංගම් මාසය සහ නක්ෂත‍්‍ර මාසය නියම(exact)  සංඛ්‍යා වුණත් චන්ද‍්‍ර කලා යථාථත්‍ය ලෙස(precisely) ගණනය කළ නොහැකි බව. චන්ද‍්‍රයාගේ කක්ෂගත වේගය සහ පිහිටීම හෙවත් චන්ද‍්‍ර චලනය හුදෙක් සරලව දින ගණන බෙදීමෙන් කළ හැක්කක් නොව සංකීර්කීර්ණ සමීකරණ භාවිතයෙන් කළ යුත්තක්.

moonconnection.com යන වෙබ් අඩවියේ  Understanding The Moon Phases (The Moon’s Orbit) ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: