විදු නැන නුවණ – Science Literacy for All

සතුන් අතර සමලිංගික සබඳතා දුලබ නැතත් පළගැටියන් එම චර්යාවට පෙළඹෙන්නේ ඇයි?

සමලිංගික චර්යාවන් ‘‘ස්වාභාවික නොවන’’ බව අදහන පිරිස් සත්ව රාජධානිය සිසාරා බැලූවොත් බලවත් පශ්චත්තාපයට පත්වනු නොඅනුමානයි. මන්ද, ඇත්ත වශයෙන් ම සතුන් අතර එකම ලිංගිකයන් අතර ලිංගික චර්යාවන් බෙහෙවින් දැකිය හැකි හෙයිනි.         මේ සම්බන්ධෙයෙන් නිදසුන් කොතෙකුත් ගෙන හැර දැක්විය හැකියි. පරිණාමීය දෘෂ්ටි කෝණයකින් සළකන විට නම් මෙවැනි චර්යා ඵල රහිත බවක් පෙනී යන්නේ එම සම්බන්ධතාවකින් ජනිතයන් බිහි නොවන හෙයිනි. කෙසේ වෙතත්, මෙම චර්යා දිගින් දිගටම පැවතීමෙන් පෙනී යන්නේ ( ස්ත‍්‍රී පුරුෂ භාවය හඳුනාගැනීමට නොහැකිව) සතෙකු අතින් සිදුවන අත්වැරැුද්දකින් එය සිදුවනවාට වඩා සමලිංගික චර්යාවන් කිසියම් කාර්ය භාරයක්  ඉටු කරන බවයි. එසේ සිදුවන ඒ ඒ අවස්ථාවල ඊට බලපාන්නේ කුමන සාධකය දැයි සොයා ගැනීමට විද්‍යාඥයන් අපොහොසත් ව ඇති බව ද ඒ අතරම පිළිගත යුත්තකි.cricket

මේ පිළිබඳ නව අධ්‍යයනයක වාර්තාවක්  Animal Behaviour(සත්ව චර්යාව) නම් සඟරාවෙහි මෑතක පළවිය.   කැනඩාෙව්  සවානා අර්. ටී.  බවුටින් සහ පිරිස ඉදිරිපත් කර ඇති මෙම වාර්තාෙවන් පර්යේෂකයන් බලාපොරොත්තු වන අරමුන ලෙස දක්වා ඇත්තේ දුර්අනුයෝජනීය (maladaptive) බවක් පෙනී යන මෙම චර්යාව එළිමහනේ ගැවසෙන පළගැටියන් විසින් ප‍්‍රදර්ශනය කරනු ලබන්නේ මන්දැයි අවබෝධ කර ගැනීමය. පිරිමි පළගැටි යෝ වසම අත්පත් කර ගැනීම වස් එකිනෙකා සමග ගැටෙති. පිරිමි පළගැටියෙකුට වසමක් ලැබුණු විට ඔහු සිය ඉදිරි පියාපත් එකට ගාවමින් ‘‘ගායනා’’ කරන්නේ ස්ත‍්‍රී පළගැටියන් ආකර්ෂණය කර ගැනීම පිණිසයි. එවිට ස්ත‍්‍රී පළගැටියන් ගායනයේ යෙදෙන පිරිමි සතුන් ගැන සොයා බලා තමන්ට අභිමත පිරිමි සතා වෙත සම්ප‍්‍රාප්ත වේ. එවිට පිරිමි සතා ගැහැණු පළගැටියෙකු වෙත සිය පසුපස හරවන්නේ උදරය ඇගේ හිසට ආසන්න වන ආකාරයට ය. ඇය මනාප වුවහොත් ඉන් පසුව පළගැටි ගැහැණු සතා පිරිමි පළගැටියා මත නගියි.

කෙසේ වෙතත්, සමහර අවස්ථාවල පිරිමි පළගැටියන් වෙනත් පිරිමි පළගැටියන් වෙනුවෙන් ‘‘ගායනා’’ කරන අතර එම පළගැටියන් එකී පිරිමි සතා වෙත පැමිණෙන කළ ඔහු ඔවුන් දෙසට පසු පස පායි. (එහෙත් පැමිණි පිරිමි සතුන් ගායනය ඉදිරිපත් කළ පිරිමි සතා මත නගින්නේ නැත. මන්ද එළිමහනේ සිටින පළගැටියන් අතරේ ඇඟ මත නැගීම කරන්නේ ස්ත‍්‍රී පළගැටියන් වීම නිසයි. ඉතින් පිරිමි පළගැටියන් ඇතැම් අවස්ථාවල වෙනත් පිරිමි පළගැටියන්ගෙන් සංසර්ග අවස්ථාවක්  ලබා ගැනීමට තැත් කරන්නේ ඇයි? මෙය සිදුවන්නේ ඇයි ද යන්න ගැන බවුටින් සහ පිරිසට මත හතරක් ඇත.

mcricket

ඉන් පළමුවැන්නෙන් කියැවෙන්නේ අනෙකුත් පිරිමි පළගැටියන් හා සම්භෝගයකට පෙළඹෙන්නේ බාගදා සමාජයීය කාර්යයන් වෙනුවෙන් විය හැකිය යන්නය: පිරිමි සාමාජිකයන් හා සම්භෝගය ආක‍්‍රාමී ගතිය(aggression) හීන කිරීමට මග පෑදිය හැකිය. එමෙන් ම සමාජ සම්බන්ධතා හෝ  ප‍්‍රමුඛ ධූරාවලි ෙහවත්  අනුක‍්‍රමාධිපත්‍යයන්  ගොඩ නැගීමට හා පවත්වාගෙන යාමට ආධාර වීමට පුළුවන.

දෙවනුව, එකම ලිංගික චර්යාව ඇත්ත වශයෙන් ම සමහර විට ගැහැණු පළගැටියෙකු හා සම්භෝගයෙහි යෙදීමට ඇති අවස්ථා වර්ධනය කිරීමට බලපාන්නක් වීමට ඉඩ තිබේ. මෙය දෙයාකාරයක අරමුණක් ඇතිව සිදුවිය හැකි ය. බාගදා පිරිමි පළගැටියන්, මෙය ගැහැණු සතුන් ෙවත තම ‘‘පුරාජේරුව කියා පෑමට’’ අවස්ථාවක් කර ගන්නවා වෙන්නට ද පුළුවන. නැතහොත් පසුව ගැහැණු පළගැටියෙකු මුන ගැසුනුවිට සම්භෝගයෙහි යෙදීමේ අටියෙන් ‘‘පළපුරුද්දක්’’ ලබා ගැනීමට මෙය අවස්ථාවක් ලෙස සළකනවාද විය හැකිය.. පිරිමි සතෙකු හා සම්භෝගයෙහි යෙදීමේ දී පිරිමි පළගැටියා සිය ශුක‍්‍ර ධාතු වලින් කොටසක් එම ෂතාට හුවමාරු කිරීමෙන් පසුව එම සුක‍්‍ර ධාතු අනියම් ආකාරයකට ගැහැණු සතෙකුට පැවරීම ද සිදුවිය හැක්කකි. ( මෙය වෙනත් කෘමීන් හා ගෝනුසු, මකුළු හා කීඩෑවන් ඇතුළුඅරක්නිඩා ගණයේ සන්ධිපාදක සතුන් (arachnids) අතර සිදුවන්නක් ලෙස හඳුනාගෙන ඇත්තකි.)

තුන්වෙනුව, පිරිමි පළගැටියන් සම ලිංගිකයන් හා සම්භෝගයේ යෙදීමේ ප‍්‍රවණතාව ස්වාභාවික වරණය(natural selection) සීමා කරන්නකි. උදාහරණයකට වරණය පිරිමි සතුන්ට වඩාත් කැමැත්තක් දක්වන්නේ ඔවුන් වැඩිපුර ස්ත‍්‍රී සතුන් හා සම්භෝගයේ යෙදෙමින් ජනිතයන් වැඩියෙන් බිහි කිරීමට හැකි වන අයුරු ලිංගිකව වඩාත් ක‍්‍රියාකාරී නම් විය හැකිය. කෙසේ වෙතත්, ගැහැණු සතුන් හා වඩාත් ලිංගිකව ක‍්‍රියාකාරී පිරිමි පළගැටියන්, පිරිමි සතුන් සමග ද වඩාත් ලිංගිකව ක‍්‍රියාකාරී සතුන් විය හැකිය.

අවසාන වශයෙන් ගත් කළ, පළගැටි පිරිමි – පිරිමි පෙම්කෙළිය පිරිමි සතුන් හරි හැටි හඳුනාගැනීමට නොහැකිව ගැහැණු සතුන් යයි වැරදි කල්පනාවෙන් (පිරිමි සතුන් සමග) සම්භෝගයෙහි යෙදීම ද සිදුවිය හැක්කකි.

පර්යේෂකයන්ට පෙනී ගිය තවත් කාරණයක් වූයේ පිරිමි පළගැටියන් සම්භෝගයට වැඩියෙන් ම සොයන්නේ වඩාත් ආක‍්‍රාමී පිරිමි සතුන් බවයි. කෙසේ වෙතත්, ඔවුන් එසේ කරන්නේ කාබොහයිඩ්‍රේට් බහුල ආහාර ලබාදීමෙන් පසුව බව අණාවරණය විය. ඉන් හැඟී ගියේ මෙම චර්යාවට මදක් වැඩි වශයෙන් ශක්තිය අවශ්‍ය වන බවයි. එකම ලිංගික ලිංගික චර්යාව (same-sex sexual behavior) ඇතැම් අවස්ථාවල වඩත් ප‍්‍රකට පර්යේෂණාගාර තත්ත්වයන් යටතේ ය. එසේ වුව ද එළිමහනේ සිටින පළගැටියන් අතර ද එලෙසම මෙම චර්යාව සුලබ බව නව අධ්‍යයනය සිදු කළ පර්යේෂකයන්ට පෙනී ගියේය.

Scientific American හි පළවූ Why Do Male Field Crickets Mate with Other Males? ලිපිය අැසුෙරනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: