විදු නැන නුවණ – Science Literacy for All

නියුරෝන සිදුකරන ආකාරයටම බැක්ටීරියාවලටත් විදුලිමය පණිවුඩ යැවිය හැකියි

විද්යුත් සංඥා කිරීම(electrical signalling) සිදුවන්නේ බහු ෙසෙලීය ජීවීන්(multi-cellular organisms)  තුළ පමණකැයි කලින් අදහස් කෙරිණ. බැක්ටීරියා යනු පුරාණ ජීවීන්(ancient organisms)  විය හැකියි. එහෙත් ඒවාට ආදි කල්පික(primitive) ජීවින්  කීම නොවටී. ඒක ෙසෙලවීම නොතකා ඒවාට සාමුහිකව හැසිරිය හැකිය. අසල්වැසි ෙසෙල සමග පෝෂණ කොටස් බෙදා හදා ගැනීම” අනෙක් ෙසෙල සමග සුසංයෝගීව චලනයවීම” සිය ගහනයේ පොදු යහපත වෙනුවෙන් සිය දිවි නසා ගැනීම පවා සිදුකිරීම සාමූහික චර්යා අතරට ගැනේ.

Bact

Quorum Sensing(සාමූහික සංජානනය?) යනුවෙන් දැක්වෙන සංඥා කිරීමේ කි‍්‍රයාදාමයන් තුළින් එවැනි සාමුහිත හැසිරීමට මගපාදන්නේ  ෙසෙලයෙන් ෙසෙලයට ගමන් කරන අණුකය. කෙසේවෙතත්, බැක්ටීරියාවලට එකිනෙකා හා “කතා කිරීමට” වෙනත් මාර්ගයක් ඇති බව අලූතෙන් මතුකර ගෙන ඇති සාක්ෂිවලින් අනාවරණය වෙයි. ඒ විද්යුත් සංඥා කිරීම මගිනි. මෙම යාන්ත‍්‍රණ කි‍්‍රයාදාමය ඇති වන්නේ බහු ෙසෙල ජීවීන් තුළ පමණකැයි කලින් විශ්වාස කෙරිණ.

දැනa කැලsපෝනිසා විශ්වවිද්‍යාලයෙහි සිටින අණුක ජිව විද්‍යාඥ ගුරෝල් සුවෙල් 2010 අධ්‍යයනයකට මුල පිරීය. Bacillus subtilis නමැති පස් අතරේ සිටින(පාංශු) බැක්ටිරියාව මිලියනකට අධික ෙසෙලවලින් සමන්විත ප‍්‍රජාවන් බවට වර්ධනය වෙමින් යහතින් වැජඹෙන්නේ කෙලෙසද යන්න සෙවීම අධ්‍යයනයේ අරමුණ විය. මෙම >Kවාසයක්(colony) තීරණාත්මක ප‍්‍රමාණයක් දක්වා වර්ධනය වීමෙන් අනතුරුව පර්යන්තයේ (මාඉමේ) සිටින බැක්ටීරියා ජ‍්‍රජනනය වීම නතර කර හර ෙසෙලවලට(core cells) ප‍්‍රමාණවත් පෝෂණ සැපයුමක් ඉතිරි කර තැබීමට කි‍්‍රයාකරන බව සුවෙල් ප‍්‍රමුඛ පර්යේෂණ කණ්ඩායමට පෙනී ගි ෙය්ය.

bact

එහෙත් මෙතැනදී ප‍්‍රශ්නයක් මතුවේ. මායිමේ සිටින ෙසෙල ප‍්‍රජානනයවීම ( ෙසෙල ප‍්‍රජානනය වන්නේ විභාජනය වීමෙනි) නතර කිරීම සඳහා පණිවුඩය ලබා ගන්නේ කෙසේද යන්න එම ප‍්‍රශ්නයයි. පසු කටයුත්තක් ලෙස මෑතක සිදු කරන ලද අධ්‍යයනයකින් සුවෙල්ට සොයා ගැනීමට හැකි වුණේ මෙම අපූරු සන්නිවේදනය සිදුවන්නේ අන්තර් ෙසෙල සංඥා මගින් බවයි. මෙම අවස්ථාවේ නම් එය විද්යුත් සංඥා විය. ෙසෙලයක් තුළට හා ඉන් පිටතට ආරෝපිත අංශුj, (charged particles) — මෙකී අවස්ථාවේ නම් පොටෑසියම් අයනවල– ගලායාම හෙවත් ප‍්‍රවාහය පාලනය කරන්නා වූ ෙසෙලයක මතුපිට (පෘෂ්ඨයෙහි) ප්‍රෝටීන එනම් අයන මාර්ග ඔස්සේ පණිවුඩ ගමන් කරයි. මේ මාර්ග ඇරීම හා වැසීම තුළින් අසල්වැසි ෙසෙලවල ආරෝපනයන් වෙනස් කළ හැකිය. ඒ මගින් එවැනි අංශු මුදා හැරීමට පෙළඹිය හැකි වන අතර එමගින් එක ෙසෙලයක සිට අනෙක් ෙසෙලය දක්වා විදුලි සංඥා සම්පේ‍්‍රෂණය කරයි. “බැක්ටීරියාවලට අයන  චැනල හෙවත් මාර්ග තිබුණු බව අප දැන ගෙන සිටියා. අප ඒවාට (ඒවා මගින් ඉටුවෙතැයි සිතන) විවිධ කාර්යභාරයන් පවරා තිබෙනවා. එහෙත් එසේ වන්නේ තනි ෙසෙලයක සන්දර්භය තුළයි” යනුවෙන් ප‍්‍රකාශ කරන සුවෙල් “එහෙත් දැන් අප දකින්නේ මිලියන ගණන් ෙසෙලවල චර්යාව සම්බන්ධීකරණයට ඒවා භාවිතා කරන අන්දමය” යි පෙන්වා දෙයි.

තොරතුරු යැවීම පිණිස අපේ මොළයේ ඇති නියුරෝන භාවිත කරන්නේද මෙයා කාරයේ විදුලි සංඳාය. මෙය මෙන්ම වෙනත් සොයාගැනීම් විද්‍යාඥයන්ට බලකර සිටින්නේ ඒක ෙසෙල ජීවය ගැන ඔවුන් යළි ඇගැයීමක් සිදුකළ යුතු බවයි. “බැක්ටීරියාව සීමිත එකක් ලෙස සැලකුනේ ඒවා බහුෙසෙලීය නොවන නිසයි” ස්ටීව් ලොක්ලස් පවසයි. ඔහු මෙම අධ්‍යයනයට සහභාගි නොවූවෙකි. ටෙක්සාස් සරසවියේ ජීව විද්‍යාඥයෙකි. එහෙත් මෙම තත්ත්වය වැඩිකලක් නොපවතිනු ඇත. ඊට හේතුව ඒක ෙසෙලික ජීවිහු බහු ආකාර චර්යා රටා පිළිබඳ සාක්ෂි එන්ට එන්ටම වැඩි වැඩියෙන් ලබාදෙන හෙයිනි.

Scientific American හි පළවූ  Bacteria Can Convey Electrical Messages the Same Way Neurons Do ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: