සැමට විදු නැන නුවණ – Science Literacy for All

නම්‍යශීලී කශේරුක අධිරෝපිතයන් පක්ෂඝාත මීයන්ට යළි ඇවිදීමට සලසයි

               සිරුර  සමග ඇදෙන නව උපකරණය ප‍්‍රදාහය අඩුකිරීමට මග පාදයි

පිටකොන්දේ හෙවත් කණ්වකෙය් සවිකෙරෙන කෙරෙන අධිරෝපිතයන්ට (implants)  අත්වන්නේද මොළයේ අධිරෝපනය කෙරෙන උපකරණවලට අත්වන ඉරණමමය – එනම් ඒවා පටක ගර්ෂණයෙන් සීරීමට තුඩු දෙන හේතුව නිසා ප‍්‍රදාහයට මග පාදමින් අවසානයේ ශරීරය විසින් ප‍්‍රක්ෂේප කිරිමද සිදුවේ. ස්විට්ස්ලන්තය පදනම් කරගත් විෂයාන්තර interdisciplinary පර්යේෂණ එකමුතුවක් මගින් දැන් මීට පිළියම් ලෙස ඇදෙන සුළු අධිරෝපිතයක් නිපදවා තිබේ. ලයිබර්ගේ නව මොළ අධිරෝපිතය මෙන්ම මෙය ද එය සිරුරේ  ගිල්වන ස්ථානයේ පඨකවල භෞතික ගුණයට ගැලපෙන්නකි.

Spinal-Injury-A-Better-Chance-With-Flexible-Implantables

මෙකී ඊ-ඩුරා හෙවත් ඊ දෘඪ (e-dura) අධිරෝපිතය සාදා ඇත්තේ දෘඪමාතෘව(dura mater)  හෙවත් වරාශිකාවේ (මොළයේ හා සුෂුම්නාවේ ඇති බාහිර කොටස) ප‍්‍රත්‍යස්ථතාවට (elasticity) සමාන ප‍්‍රත්‍යස්ථතාවක් ඇති සිලිකෝන් රබර් වලිනි.  දෘඪමාතෘව යනු සුසුම්නාව මෙන්ම  මොළයද වටකොට ඇති ආරක්ෂිත හමයි. අවට ඇති පටකවල චලනය අනුකරණයට මෙම ගතිලක්ෂණය නිසා අධිරෝපිතයට ඉඩ සැලසේ. ඊ දෘඪ අධිරෝපියටම කාවද්දා උත්තේජනය සඳහා ඉලෙක්ට්‍රෝඩද ඖෂධ චිකිත්සාව උදෙසා ක්ෂුද්‍ර චැනල ද ඇතැයි ස්විට්සර්ලන්ත ෆෙඩරල් තාක්ෂණික ආයතනයේ (Federal Institute of Technology) මහාචාර්ය ස්ටෙෆ්නි ලැකුවර් පවසයි. ඇදීමට ඉඩ සලසන්නේ ඉතා සියුම් (අන්වික්ෂීය) සිදුරු සහිතව තනා ඇති අතිශය තුනී රත්රන් රැහැන්ය.  ඒ වගේම, ඉලෙක්ට්‍රෝඩද ඇදෙන සුළු විශේෂ ප්ලැටිනම් – සිලිකෝන් මිශ‍්‍රණයක දවටා ඇත.

මාස දෙකක් තිස්සේ පැවති අත්හදා බැලීමකදී විද්‍යාඥයන්ට පෙනී ගියේ ඊ දෘඪ කණ්ටකීය අධිරෝපිතයක් සහිත මීයන්ට පාලන කණ්ඩායමේ අධිරෝපිත රහිත මීයන්ට මෙන්ම ඉනි මගක් ඔස්සේ ගමන් කළ හැකි බවයි.  එහෙත් සාම්ප‍්‍රදායානුකූල ප්ලාස්ටික් අධිරෝපිත (ප්ලාස්ටික් අධිරෝපිතද නම්‍යශීලී වුවත් ඒවා ඇදෙන සුළු නොවේ)  සහිත මීයන් ඉනි මග නගිද්දී ශල්‍ය කර්මයයෙන් සති කිහිපයකට පසු ඇද වැටෙන්නට පටන් ගත්තේය. එම මීයන්ගෙන් අධිරෝපිත ඉවත් කළ විට විද්‍යාඥයන්ට දැන ගන්නට හැකි වුණේ සාම්ප‍්‍රදානුකූල අධිරෝපිත සහිත මීයන්ගේ සුසුම්නාව පැතැලි වී හානියට පත්ව තිබූ බවයි. එහෙත් ඊ දෘඪ අධිරෝපිත සහිත මීයන්ගේ සුසුම්නාව යහපත්ව පැවතිණ. තවද, සෙලියුලර් පරීක්ෂණවලින් හෙළිවුණේ සම්ප‍්‍රදායානුකූල අධිරෝපිතයට දැඩි ප‍්‍රතිශක්ති ප‍්‍රතිචාරයක් පෙන්නුම් කරයි. ඊදෘඪ අධිරෝපිත සහිත මීයන්ගේ මෙය අවම මට්ටමක පැවතිණ.

Flexible-Implantables-digital-healthඅත්හදා බැලීමේ අවසාන කොටස ලෙස පර්යේෂකයෝ පක්ෂඝාතයට ලක්වූ මීයන්ගේ සුසුම්නාවෙහි ඇටවුම කෙලින්ම අධිරෝපණය කළහ. ඖෂධ චිකිත්සාව සහ ඊදෘඪය හරහා සැපයූ විද්‍යුත් උත්තේජනයක සම්මිශ‍්‍රනයකින් අනතුරුව මීයන්ට යළි වරක් ඇවිදීමට හැකි විය. මෙම අත්හදා බැලීම්වල සාර්ථකත්වය අනුව යමින් පර්යේෂකයන් අදහස් කරන්නේ අනාගතයේදී සුසුම්නාවේ හානි පැමිණි පුද්ගලයන්ටද ඊ දෘඨ යොදා ගැනීමටද මොළයෙ අධිරෝපිතයක් ලෙස පමණක් නොව මිනිස් සිරුරේ සෙසු කොටස්වලට සිදුවන ස්නායු හානි හරිගස්සා ගැනීමටද හැකි වනු අැති බවයි.

American Scientific  හී පළවූ  Flexible Spinal Implants Help Paralyzed Rats Walk Again ලිපිය ඇසුරෙනි

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: