විදු නැන නුවණ – Science Literacy for All

සවිඥානකත්වය(mindfulness) සහ චිකිත්සාව කොන්දේ රුදාවට පිළියමයමක්?

රෝගීන් යොදා කෙරුණු පරීක්ෂණවලදී පෙනී යන්නේ සාම්ප‍්‍රදායානුකූල ප‍්‍රතිකර්මයන්ට වඩා සවිඥානකත්වය(mindfulness) පාදක කරගත් පීඩන සහන සහ ඥානන චර්යා චිකිත්සාව වඩාත් සාර්ථක පිළියමක් බවයි.

1 b

නිදන්ගත කොන්දේ වේදනාව ලොව පුරා ජනතාව බහුතරයක් පෙළන ව්‍යසනයක් ලෙස දැක්විය හැකියි. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් මිලියන 25ක ජනතාව මෙම තත්ත්වයට ගොදුරුව ජීවත්වන බව වාර්තා වී ඇත. වැඩිකරන දින මිලයන ගණනක් අහිමිව යාම, ශාරීරික කි‍්‍රයාකාරිත්වය අඩුවීම හෝ සීමාවීම මෙන්ම මානසික අවපාතයට හෙවත් විෂාදයට (depression) එය මග පාදයි. අබිංවල  ආසක්ත ගුණයන්ට සමාන ගුණ ඇති සංයෝග ඇති ඖෂධ (opioid medications), ශාරීරික චිකිත්සාව, කශේරුක විසම්පීඩනය(spinal decompression) සහ තවත් නොයෙකුත් ප‍්‍රතීකාර මගින් එක්තරා අන්දමක සහනයක් කොන්දේරුදාවට ලබා දිය හැකිය. එහෙත් දිගු කාලීනව වේදනාව පාලනය සඳහා ඇති විකල්පයන් සීමිතය. කෙසේ වෙතත්, ව්‍යාප්ත නොවන(non-invasive) එමෙන්ම  ඖෂධවලින්තොර චිකිත්සා දෙකක් මගින් විශාල වාසි සලසා ගත හැකි බව අලූත්ම පර්යේෂණවලින් පෙන්නුම් කරයි.

1 a

මෙම පර්යේෂණය සඳහා සමූහ සෞඛ්‍ය සමූපකාරය මෙන්ම වොෂිංග්ටන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක්, 342  දෙනෙකුගේ කොන්දේ පහළ කොටසෙහි වේදනා රෝග ලක්ෂණ වෙනස් වන ආකාරය විශ්ලේෂණය කර බැලූහ. මෙම 342 දෙනාම එක්කෝ ඥානන චාර්යා චිකිත්සාව හෝ සවිඥානකත්වය පදනම් කරගත් පීඩන අඩුකිරීමේ ප‍්‍රතිකාර ලද අයයි. සවිඥානකත්වය පදනම් කර ගත් පීඩන අඩු කිරීමේ චිකිත්සාවට පාදක වී ඇත්තේ බෞද්ධ භාවනාව සහ යෝගාසනයි. ඒවායේ යෙදෙන්නන්ට සිය සිරුරේ සංවේදන ගැන සහ ඒවා සම්බන්ධයෙන් කි‍්‍රයා කළ යුතු ආකාරය මෙම දෙකෙන්ම ඉගැන්වේ. අනෙක් අතට ඥානන චර්යා චිකිත්සාව යනු එක්තරා අන්දමක කථක චිකිත්සාවකි. එම ප‍්‍රතිකාර ක‍්‍රමයට සහභාගිවන්නට ඍණාත්මක සිතුවිලි සම්බන්ධයෙන් මෙන්ම ඍණාත්මක චර්යා වෙනස් කිරීම සම්බන්ධයෙන් කි‍්‍රයා කිරීම සඳහා චිකිත්සාව උපකාරී වේ.

මාස හයක් තිස්සේ ප‍්‍රතිකාර කිරීමෙන් පසුව, ඥානන චර්යා චිකිත්සාව කණ්ඩායමේ පිරිසෙන් 58%ක් ද, භාවනා ප‍්‍රතිකාර කණ්ඩායමේ පිරිසෙන් 61%ක්ද සිය කි‍්‍රයාකාරිත්වයෙහි අර්ථවත් වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත් වූහ. මේ කණ්ඩායම් දෙකම අත්පත් කරගත් ප‍්‍රගතිය සම්ප‍්‍රදායානුකූල වේදනා චිකිත්සාවලින් ලබාගන්නවාට වඩා වැඩිය. (සම්ප‍්‍රදායානුකූල කණ්ඩායමේ ප‍්‍රගතිය 44%කි). ” මේ නව අධ්‍යයනය ගැන ඇත්තේ බලවත් උනන්දුවක් මන්ද මෙය කිසිම ඖෂධීය මැදිහත්වීමක් නොමැති ප‍්‍රතිකාරයක් නිසායි. ඒ නිසාම ඖෂධවලින් ඇතිවන අතුරු ආබාධවලින්ද නිදහස්” යයි ජොන් හොප්නික්ස්  විශ්වවිද්‍යාල වෛද්‍ය පාසලේ වෛද්‍ය මාධව් ගොයාල් නිව්යෝක් ටයිම්ස් පුවත්පතට කියා සිටී.

1 c

තවද, මෑතක අවුරුදුවල සිදුකරන ලද අනෙකුත් අධ්‍යයන මගින් අනාවරණය කරන ලද කරුණු කාරණා ද මෙම අධ්‍යයනයෙන් සනාථ කර තිබේ. එනම් වේදනාව, කාංසාව (anxiety) සහ අනෙකුත් නිධන්ගත ප‍්‍රශ්න ගැන කි‍්‍රයාකිරීමේදී සවිඥානකත්වය සහ ඥානන චර්යා චිකිත්සාව බලගතු මෙවලම් ලෙස යොදා ගත හැකි බවයි. ‘’මම වසර තිහක් තිස්සේ කොන්දේ රුදාව ගැන පර්යේෂණ සිදුකරනවා. මෙහිදී විප්ලවකාරී අදහස ලෙස සැලකිය හැක්කේ එය හුදෙක් තනිකරම ශාරිරික ප‍්‍රශ්නයක් පමණක් නොවන කායික විසඳුම් සහිත ප‍්‍රශ්නයක් බවයි. එය ජීව මානසික සමාජ ප‍්‍රශ්නයක්(bio psychosocial) යනුවෙන් පවසන්නේ අධ්‍යයනයේ ප‍්‍රධාන කර්තෘ ඩැනියෙල් චර්කින්ය.

කෙසේ වෙතත්, පුවත්පත් නිවේදනයක ඔහු සඳහන් කරන්නේ වේදනාව හුදෙක් හිසේ මවාගත් දෙයක් නොවන බවයි. ‘අපේ සොයා ගැනීම් වැදගත්. මන්ද වේදනාව ඇතුළු අනෙකුත් පීඩා ස්වරූපවලට ගත මෙන්ම සිතද සම්බන්ධ බවට එන්ට එන්ටම වැඩිවෙන සාක්ෂි ගොඩට අපේ සොයා ගැනීමද එක්වන නිසයි’ යනුවෙන් පවසන ඔහු ‘මනෝ – කාය හෙවත් නාම රුප සම්බන්ධය(mind-body) හොඳින් තේරුම් ගැනීම සහ පිළිගැනීම, ශාරීරික ප‍්‍රතිකාර මගින් පමණක් ඵලදායි ලෙස පාලනය කළ නොහැකි හැමවිටම නිදන්ගත කොන්දේ රුදාව සහ අනෙකුත් අභියෝගාත්මක තත්ත්වයන්ට මුහුණ පා සිටින පුද්ගලයන්ගේ ජීවිතවල ප‍්‍රගතියක් ඇතිකිරීම පිණිස එම අයට මෙන්ම ශායනික වෛද්‍යවරයන්ට(clinicians) නව අවස්ථාව ලබා දෙන බව කියා සිටියි.

ප‍්‍රතිකාර ක‍්‍රමය සඳහා ඇති විශාලතම බාධකය කෙසේ වෙතත්, නිලධාරිවාදය විය හැකියි. භාවනා කිරීම වැනි ප‍්‍රතිකාර බෙහෙවින් නිර්දේශිත සහ ඵලදායී වුව ද රක්ෂණ සහතික බොහොමයක් මගින් ආවරණය නොවන බව ඩැනියෙල් චර්කින් පෙන්වා දෙයි. සහතික ලත් භාවනා පුහුණුකරුවන් මෙන්ම ඥානන චිකිත්සකයන් හිඟකම දක්වන්නේ අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීම පිණිස වෘත්තියෙහි නියැළෙන්නන්(practitioners) බොහෝ ප‍්‍රදේශවල ප‍්‍රමාණවත්ව නොමැති බවයි.

Smithsonian Smart News හි පළවූ The Cure for Lower Back Pain? Mindfulness and Therapy ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: