මන්දාකිණි සත්තු උයන ගැන තතු ගෙන ආ ලිපි පෙළෙහි දී මන්දාකිණි හෙවත් ගැලැක්සි ගැන මූලික කරුණු සම්බන්ධව අපි සාකච්ඡුා කර ඇත්තෙමු. දැන් අපි හබල් සත්ව උයනෙහි (2016 මාර්තු 23 දා ලිපිය බලන්න) වඩාත් අපූර්ව නැතිනම් අමුතු මන්දාකිණි කිහිපයක් ගැන සලකා බලමු. මේවායේ අමුත්තක් ඇතිවන එක් හේතුවක් තමයි ඒවා දෙස බලන දෘෂ්ටිකෝණයන්. වෙන වචන වලින් කියතහොත් වෙනත් මන්දාකිණියක සිට දකින දෘෂ්ටිකෝණයෙන් බැලූවහොත් ඒවා එතරම් ම ‘අමුතු’ ඒවා ලෙස නොපෙනෙන්ට ද පුළුවන.
NGC 3314 ලෙස නම් කර ඇති මන්දාකිණියේ එකිනෙකට වෙනස් සර්පිලාකාර බාහු කට්ටල දෙකක් තිබෙන බවක් පෙනී යයි. මෙය ඇත්තට ම සර්පිලාකාර මන්දාකිණි දෙකක් අතර ඝට්ටනයක් ද? එය එසේ වන්නට නොහැකිය. මන්ද, සර්පිලාකාර මන්දාකිණි ඝට්ටනය වන විට අපට උදම් වලිග (tidal tails) පෙනෙන හෙයිනි. ඒත් ඉතින් NGC 3314 ගැලැක්සියේ අනුරූපවල අපට උදම් වලිග පිළිබඳ කිසියම් හෝඩුවාවක් දැක ගැනීමට නොහැකිය. එසේ නම් මෙතැනදී සිදුවන්නේ කුමක් ද? ඇත්තටම මෙය, එක සර්පිලාකාර ගැලැක්සියක් – ඒ කියන්නේ අභිමුඛව පෙනෙන ගැලැක්සිය ඉදිරියෙන් ආනත වූ(inclined ) ගැලැක්සිය සමග අහඹු පෙළ ගැසීමේ අවස්ථාවකි.
හබල්ගේ නියාමය යොදාගෙන බලන විට අභිමුඛව ඇති මන්දාකිණිය පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ 117 ක් දුරිනි. වඩාත් දුරින් පිහිටි ආනතිත ගැලැක්සිය දුරින් ආලෝක වර්ෂ 140 කි. ඒ ගැලැක්සි දෙක එකිනෙකෙන් ආලෝක වර්ෂ මිලියන 20 කට වැඩි පරතරයකින් පිහිටා ඇත. ඇත්ත වශයෙන් ම නම් ඒවා එකිනෙක හා අන්තර් ක‍්‍රියා කරන්නේ (ගැටෙන්නේ) නැත. මෙය හුදෙක් පර්යාලෝකය පිළිබඳ කාරණාවකි. සර්පිලාකාර මන්දාකිණි සම්බන්ධයෙන් පර්යාලෝකය පිළිබඳ කාරණාව විශේෂ සාධකයක් ලෙස පවතී.
M101 මන්දාකිණියෙහි හබල් අභිමුඛ අනුරූපයක් ඇත. මෙම මන්දාකිණිය ඇතැම් තැන්වල බඹර චක‍්‍ර (Pinwheel) මන්දාකිණිය ලෙස ද හැඳින්වේ. එය ක්ෂීර පථය මන්දාකිණියෙහි විෂ්කම්භය මෙන් දෙගුණයකි. පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ මිලියන 25 ක් ඈතිනි. පෙර සඳහන් කළ අනුරූපයෙහි අපට හුරුපුරුදු දූවිලි තුළ සර්පිලාකාර බාහු ද එමෙන් ම තරුණ තාරකා ද දැක ගත හැකිය. මෙම මන්දාකිණිය කොපමණ නම් ඝනකමකින් යුක්ත ද? අභිමුඛ පර්යාලෝකයකින් එය එතරම් ප‍්‍රකට නොෙව්. එහෙත් කෙනෙකු බඹර චක‍්‍ර අනුරූපය හොඳින් පරීක්ෂා කරමින් එහි අද්දරයට ආසන්නයේ අනුරූප බාහුවල (ඔරලෝසුවේ මුහුණත) 10:30 දැක්වෙන පිහිටීම කෙරෙහි අවධානය යොමු කළහොත් දුර ඈත යස්ටි සහිත සර්පිලාකාර මන්දාකිණියක් දැක බලා ගැනීමට ප‍්‍රමාණවත් මට්ටමකට දූවිලි තුනීව පවතින බව පෙනී යනු ඇත.
සර්පිලාකාර මන්දාකිණි ගැන සළකතොත්, දුර පිළිබඳ බොහොම දළ මිම්මක් ලෙස කෝණික ප‍්‍රමාණය (angular size) දැකිය හැකිය. මෙලෙස බෙහෙවින් දළ අන්දමට කළ හැකි හේතුව වන්නේ සර්පිලාකාර මන්දාකිණි ආකෘතිකව (typically) ක්ෂීර පථය මන්දාකිණියේ සුළු සාධකයක් ඇතුළත පැවතීමයි. මෙය කෙනෙකුට ඉලිප්සීය මන්දාකිණි සම්බන්ධයෙන් අනුගමනය කළ නොහැක්කකි. මන්ද කියතහොත්, ඉලිප්සීය මන්දාකිණි වඩාත් විශාල පරාසයක පැවතීමයි. ප‍්‍රමාණය අතින් ගත් කළ එය දහසක සාධකයකි. තවද, ඉලිප්සීය මන්දාකිණි සළකන විට, ඒවා බොහෝ විට විවිධ පර්යාලෝකයන්ගෙත් බැලූවද එක සමානය.
කෙසේ වෙතත්, ගැලැක්සි සත්ව උයනේ මෙයට වෙනස් ආකාරයක මන්දාකිණියක් ඇත. ඒ ආලෝක වර්ෂ මිලියන 45 ක් දුරින් පිහිටි ඉද්ද මන්දාකිණියයි(Spindle galaxy). එහි තාරකා ප‍්‍රභා මණ්ඩලයක් ඇති හෙයින් එය ඉලිප්සීය මන්දාකිණියක් මෙන් පෙන්නුම් කරයි. එහි තුනී ධූවිලි පථය අනුව ඉඟි කෙරෙන පැත්තට පෙනෙන තැටියකි. මෙම ගැලැක්සිය ඉලිප්සීය සහ සර්පිලාකාර යන මන්දාකිණි දෙවර්ගයෙහි ම ගති ලක්ෂණ පෙන්නුම් කරයි. එනිසා එය ඉලිප්සීය-සර්පිලාකාර දෙමුහුන් (hybrid) මන්දාකිණියකි. එය කාවාකාර මන්දාකිණියක් (lenticular galaxy) ලෙස හැඳින්වෙ මෙම ගැලැක්සිය අප දකින්නේ පැත්තකින් (edge on) නිසා අපිට එහි සර්පිලාකාර රටාව හරියාකාරව දැක ගත නොහැක. කෙසේ වෙතත් අපට එහි පැත්තේ ගති ලක්ෂණ දැක ගත හැකිය. ඒවා අනෙකුත් සර්පිලාකාර ගති ලක්ෂණ වලට සමානය. දීප්තිමත් න්‍යෂ්ටිය අවට රතු නෙරුම සහ තැටිය ඔස්සේ නිල් තාරකා සලකන විට වඩාත් සමීප රූපයකින් තැටියෙන් උඩට මතුවන කුඩා ධූවිලි සූත‍්‍රීකා පෙන්නුම් කරයි. එම ධූවිල උඩට ඔසවනු ලබන්නේ අති දැවැන්ත තාරකා වලින් එන තාරීය සුළං සහ දැවැන්ත තාරකා බිහිවීමෙන් ඇතිවන අධිනවතාරා පිපිරීම් (supernova explosions) මාර්ගයෙනි.
Visual Guide to the Universe (by Professor David M. Meyer) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්