විදු නැන නුවණ – Science Literacy for All

චව් – චව්: මානවයන්ගේ කථනයට ආධාර වූයේ පුරා – බොජුන් ද?

මානවයන්ගේ දත් හා හණු කුඩාවීමට අපගේ පරිණාමීය ඉතිහාසය පුරාවට ආධාර වන්නට ඇත්තේ මස් ලෑටිගෑම (meat-gnawing = ලියා කෑම) විය හැකි බව විද්‍යාඥයෝ සොයා ගනිති. මස් කුඩා කැබැලි බවට පත්කොට ඒවා හැපීම පුරාතනයේ හොමිනිනායි සාමාජිකයන්ට (hominini) ආහාර ගැනීම පිණිස අඩු වේලාවක් ගත කිරීමට හා අඩු වෙහෙසක් වැය කිරීමට ආධාර වෙන්නට ඇත. නැවත මෙම වෙනස්කම්, ඔවුන්ගේ පූර්වජයන්ට වඩා කථනය හා භාෂාව පරිණාමය වන්නට මගපාදන්නට ඇතැයි විද්‍යාඥයෝ පවසති.  මානව වක්ත‍්‍ර ව්‍යුහය වෙනස් කරමින්, මෙලෙස ශක්ති අවශ්‍යතා වැඩි වෙද්දී හැපීමේ හා ජීර්ණයවීමේ හැකියාවන් අඩුවීමේ විරුද්ධභාස සම්මිශ‍්‍රණය පැහැදිලි කර ගැනීම පිණිස ආහාර පිස අනුභව කිරීම වැනි මානවයන්ගේ භෝජනයෙහි වෙනසකම් ආධාර විය හැකි යයි මින් පෙර සිදු කෙරුණු පර්යේෂණවලින් ඇඟවෙයි.

11 1

ගල් ආයුධ යොදා ගනිමින් මස් කැබලි කර නිතර හපමින් ආහාරයට ගැනීම, කාලයත් සමග මානවයන්ගේ දත් සහ හණු කුඩා වී යාමට හේතුව පැහැදිලි කිරීමෙහි ලා උපකාරී විය හැකි බව පර්යේෂකයෝ දැන් ප‍්‍රකාශ කර සිටිති. ‘මෙයට වසර මිලියන 25 කට පෙර කෑම පිසීම පිණිස නිරතුරුව පහසුකම් නොමැති අවධියේදී ද ආදි මානවයන් මස් අනුභව කළ බවට සාක්ෂි තියෙනවා. නිදසුනක් ලෙස කැපුම් සලකුණු සහිත කුණුපයන් (carcasses with cut marks) අපට හමු වී තිබෙනවා. එම කාලයටම වගේ අයත් ශිලා ආයුධයන් දැක ගන්න පුළුවන්’යයි හාර්වඞ් විශ්වවිද්‍යාලයේ ජීවි විද්‍යාත්මක මානව විද්‍යාඥ ඩැනියෙල් ලිබර්මෑන් පවසයි.

විද්‍යාඥයන් අවධානය යොමු කරන්නේ හැපීම කෙරෙහිය. චිම්පන්සි සහ අනෙකුත් වානරයන් ගතහොත් ඔවුන් දවසෙන් භාගයක් ගෙවන්නේ හප හප ඉන්නටයි.’ ලිබර්මෑන් පෙන්වාදෙයි. ‘මෙයට පරස්පර වශයෙන් නූතන මානවයන් අතුෙරන් යැපුම් කෘෂිකර්මාන්තයේ යෙදෙන්නේ සිය කාලයෙන් සියයට 5ක් පමණයි ආහාර සැපීමට ගත කරන්නේ. ඒ හැරුණු කොට කාර්මික සමාජවල වෙසෙන්නන් ඊටත් බෙහෙවින් අඩු කාලයක් සමහරවිට දවසකට විනාඩි කිහිපයක් පමණයි ඒ සඳහා වැය කරන්නේ’ යනුවෙන් ලිබර්මෑන් පවසයි.

11 3

අමු මස් සැපීමෙන් මානවයන්ගේ හණු කුඩා වීමට මග පෑදුනේය යන සිය උපන්‍යාසය පරීක්ෂා කිරීම පිණිස විද්‍යුත් උපකරණද උපයෝගී කරගනිමින් පර්යේෂකයෝ ස්වේච්ඡා පිරිසක් යොදා ගත්හ. මෙම පර්යේෂණයේදී එක “කටක්” හැපීමට කොපමණ පේශි තන්තු (muscle fibres) සම්බන්ධ ද එමෙන්ම එම තන්තු කොපමණ කි‍්‍රයාකාරී වීද යන්න විග‍්‍රහ කෙරිණ. එමෙන්ම “කටවල්” හපන විට පුද්ගලයෙකු කොපමණ බලයක් යොදා ගන්නේද යන්නත් සොයා බැලින. ස්වේච්ඡා පිරිසට හැපීමට දුන් ආහාර වුෙය් එළු මස්, අලවර්ග, කැරට් සහ බීට්ය. එළු මස් සාපේක්ෂව තදබවින් දඩ මසට වඩාත් ආසන්නය. අලවර්ග, කැරට් සහ බීට් ආදී මානවයන්ගේ ආහාරයෙහි වැදගත් කොටසක් බව කලින් සිදු කළ පර්යේෂණවලින් දැක්විණ. ස්වේච්ඡා පිරිසට මේවා සැපීමට ලබා දුන්නේ අමුවෙන් හෝ අවම පිළියෙල කිරීමකිනි. පිළියෙල කිරීම සඳහා යොදා ගැනුනේ ආදි මානවයන්ගේ එදා තිබූ ක‍්‍රම තුනකි. ගල් පතුරුවලින් පෙති ගැසීම, ගල් වලින් කෙටීම හෝ තැලීම සහ ගින්නේ පිලිස්සීම එම ක‍්‍රම තුනයි.

මස් ඉරා ගැනීම පිණිස මානවයන්ගේ දත් සැකැසී ඇත්තේ ඉතා අඩු වශයෙන් බව පෙනී ගිය කරුණකි. ‘අපේ දත් වඩාත් ළංවන්නේ වංගෙඩි මෝල්ගස්වලටයි’ ලිමර්මෑන් පෙන්වා දෙයි. ‘එලෙසම නොපිසු එළවළු හැපීමට වඩා අඩු සැපීමේ ප‍්‍රයත්නයක් තමයි මස් සැපීමට වැයුවුණේ. සමස්තයක් වශයෙන් ගත් කළ, තුනෙන් එකක් මස් සහ තුනෙන් දෙකක් එළවලූ සහිත භෝජනයක් ආහාරයට ගැනීමේදී (මෙය නූතන අපි‍්‍රකානු දඩකරු  අන්ත ගවේෂකයන්ගේ {modern African hunter-gatherer} භෝජනයට සමාන වූවකි.) සහ ආහාරයට ගැනීමට පෙර මස් පෙති ගැසීමෙන් ද එළවළු ගල්වලින් කෙටීමෙන්ද හැපීමේදී සීස‍්‍රතාව 17%න් අඩුකර ගැනීමට ද 26% අඩු ශක්තියක් යෙදවීමටද ආදිකාලීන මානවයන්ට හැකිවන්නට ඇතැයි පර්යේෂකයෝ තක්සේරු කරති.

11 2

මෙලෙස මස් සහ මෙවලම් භාවිතය නිසා ආදි මානවයන් තුළ හැපීමට අදාළව කුඩා ශාරිරික ලක්ෂණ වර්ධනය වන්නට ඇත. මෙය ඉන් පසුව අනෙකුත් ලක්ෂණ පරිණාමය වීමට මග පාදන්නට ඇත. නිදසුනක් ගතහොත් කෙටි හණුව වඩා හොඳින්  කථනය පිණිස ආදී මානවයන්ට ආධර වන්නට ඇතැයිද එය භාෂාව පරිණාමය වීමට උපකාරී වන්නට ඇතැයි ද පවසන ලයිබර්මැන් හොම්බ කෙටිවීමෙන් හිසෙහි ස්කන්ධ කේන්ද‍්‍රය ඉදිරියට යාමෙන් දිවීමේදී ස්ථාවර භාවයක් ලබා දීමට ද බලපාන්න ඇතැයිද පවසති.

 

Live science හි පළවු  Nom Nom! Paleo Diet Helped Humans Evolve Speech ලිපිය ඇසුරෙන් සැකසුණි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: