භාෂාව ගැන කතා කරද්දී අප බොහෝ දෙනෙකු භාෂා විශේෂඥයන් නොවන බව සැබවි. එහෙත් විශේෂඥයන් නොවූවත් අප අතරේ සමහරුන් ශබ්දානුකරණය යන්න ගැන අසා තිබෙන්න පුළුවන. මෙය ඉංගී්රසියෙන් කියැවෙන්නේ onomatopoeia යනුවෙනි. එහි තේරුම ශබ්දයක් විස්තර කිරීමට එම ශබ්දය අනුකරණය කරන වචනයක් යන්නයි. ඉංගී්රසි භාෂාවේ නම් මෙයට උදාහරණ සෙවීම අසීරු නැහැ. බස් (buzz) ටික් – ටොක් (tick-tock) ඉන් දෙකකි. පමණයි. තී‍්‍රරෝද රථ හැඳින්වීමට මෑතක එක්වී ඇති ටුක්-ටුක් (tuk-tuk) යන්නද තී‍්‍රරෝද රථය ධාවනය වෙද්දී නැගෙන ශබ්දය අනුකරණයෙන් සාදා ගනු ලැබූ වචනයකි. ‘ඩෝං‘ ‘පටෝරියං‘ ‘පටාස්‘ වෙග්ම ‘හචිං’ යන වචන ගැනත් සිතා බලන්න.
කෙසේ වෙතත්, වාග් විද්‍යාඥයන් නම් කල්පනා කරන්නේ ඕනෑම භාෂාවක මේ ආකාරයට තැනෙන වචන ගණන අනුපාතික වශයෙන් සුළුය යනුවෙනි. එහෙත් මේ කි‍්‍රයාදාමය කෙසේ සිදුවන්නේද, යන්න ගැන ඇත්තටම විද්‍යාඥයන්ට අවබෝධයක් නොමැත. ශබ්ද වචන බවට පත්වන්නේ කෙසේදැයි යන්න සොයා බැලීම පිණිස සිදුකෙරෙන ප්‍රථම අධ්‍යයනයේදී පර්යේෂකයෝ ‘දුරකතනයl’ ආකාරයේ කී‍්‍රඩාවක් යොදා ගත්හ.
මෙහිදී පර්යේෂකයන් ස්වේච්ඡාවෙන් අධ්‍යයනයට සහභාගිවන 16 දෙනෙකු තෝරා ඔවුනට දන්වා සිටියේ වතුර වැක්කිරීම, කඩදාසි ඉරීම වැනි ශබ්ද අනුකරණය කරන ලෙසයි. පටිගත කරන ලද එම ශබ්ද ඉන් අනතුරුව තවත් ස්වේච්ඡා පිරිසකට ඇසෙන්නට සලස්වන ලදී. මෙලෙස එම පිරිස තවත් පිරිසකට එය අසන්නට සලස්වමින් කි‍්‍රයාදාමය දිගටම කරගෙන යනු ලැබීය. කාලයක් සමගම විස්මය දනවන දෙයක් සිදුවිය. එනම්, මෙම අනුකරණය කරනු ලැබූ ශබ්ද නැතිනම් හඩවල්, වචන මෙන් ඇසෙන්නට පටන් ගැනීමයි. ඔවුනට ස්ථාවර ශබ්දය හා ස්වර වර්ධනය කර ගැනීමට හැකි වූ අතර ඒවා කොපමණ සවිධි ගතියක් ගත්තේද කියහොත් අලූතෙන්ම ශ්‍රවණය කරන ස්වේච්ඡා පිරිසට ඒවා කිසි අපහසුවකින් තොරව නැවත කීමට හැකි විය.
මේ අනුව කඩදාසියක් ඉරීමේදී ඇතිවන ඇදෙන සුළු ඝර්ෂන ශබ්දය රූපාන්තරයට ලක්වී ‘චායෑහ්’ බවට පත්වූ අතර වතුර කලතන හඬ පරිවර්තනය වූයේ ග්ලොං-ග්ලොං’ යන වචනය ලෙසටය. (මෙතැනින් වීඩියෝව බලන්න පුළුවනි : https://youtu.be/BncVac0hC9Y) එපමණක් නොව වෙනත් කණ්ඩායමකට මෙම අලූත් ‘වචන’ අසන්නට පර්යේෂකයෝ සැලසූහ. එහිදී පෙනී ගියේ නව වචනයට අදාල මුල් ශබ්දය හරිහැටි අනුමාන කිරීමට එම පිරිසට හැකි වූ බවයි. මෙම අනුමාන කිරීම් අහඹු ලෙස සිදුවන ප්‍රමාණය ඉක්මවා නිවැරදි විය.
පර්යේෂකයන් කියන අන්දමට මෙම අධ්‍යයනයෙන් කාරණා දෙකක් ගම්‍ය වේ. ඉන් පළමුවැන්න : අර්ථවත් ශබ්ද අර්ථවත් වචන බවට පෙරළීමට ජනතාවට හැකිය යන්නය. දෙවැන්න, මේ ආකාරයේ ශබ්දය පදනම් කරගත් වචන මානව භාෂාවේ අප කලින් සිතා සිටියාට බෙහෙවින් වැඩිවිය හැකිය යන්නයි.
(American Association for the Advancement of Science) SCIENCE හී පළවූ Buzz! Thwack! How sounds become words ලිපිය ඇසුරෙනි