විදු නැන නුවණ – Science Literacy for All

පූසන්  ‘පුරු පුරු‘ ගාන්නේ ඇයි?

බිළාල හෙවත් බළල් පවුලේ සාමාජිකයන් බොහොම දෙනෙක් පුරු පුරු හඩක් නගන බව අපි කවුරුත් දන්නවා. ඒ පවුලේ සෙසු සාමාජිකයන් අතුරෙන් වැඩි දෙනෙකු ගැන අපට ඒ තරම් අත්දැකිම නැතත් නිවෙස්වල ඇතිකරන බළල්ලු නගන  හඩ නෑසූ කෙනෙකු නැති තරම්. බැළලිය පැටවුන්ට කිරි දෙන අවස්ථාවල දී වගේම අප බළලෙකු අතගාමින් හෝ සුරතල් කරමින් ඉන්නා විට දී සහ ඔවුනට කෑම සපයන අවස්ථාවල මේ පුරු පුරුව පැහැදිලිව අහගන්න පුළුවන්. මේ අනුව අප බොහෝ දෙනෙත් එළඹෙන නිගමනය තමයි පූසා ගේ පුරු පුරුව ප‍්‍රීතිය හෝ් තෘප්තිය ප‍්‍රකාශ කිරීමෙ මගක්ය යන්න. එහෙමත් නැතිනම් සිය පැටවුන් සමග සංනිවේදනයේ යෙදෙන මගක් ලෙසට.

purring-mysteries-gemini-face

එහෙත් සමහරවිට පුරුපුරුවට හේතුව හොයාගන්න පුළුවන්වන්නේ බළලාගේ ජීවිතයේ පීඩනයට පත්් අවස්ථාවලින් විය හැකියි. පශු වෛද්‍ය වරයෙකු වෙත රැගෙන ගිය අවස්ථාවල හෝ තුවාලයක් නිසා ඔත්පලව ඉන්නා අවස්ථාවල බොහෝ විට පූසන් පුරු පුරු හඩ නගනවා. එහෙම නම් හැම පූසෙකුම පුරු පුරු හඩ නගන්නේ තෘප්තියට පත් අවස්ථාවලම පමණක් නොවෙයි. මේ ‘තේරවිල්ල‘ නිසා  බළලුන් නගන මෙම හඩ ගැන පර්යෙෂණ පැවැත්වීමට විද්‍යාඥයන්ව පොළඹවනු ලැබුවත් තවමත් ඒ ගැන මත එකගත්වයකට පැමිණ නැහැ.

බළලුන් සිය ස්වරාලයික(laryngeal) සහ ප‍්‍රාචීරක හෙවත් ඩයප‍්‍රමය(diaphragmatic) පේශීවල විටින් විට නැතිනම් සවිරාමව සිදුකරන සංඥකිරිම තුළින් මෙ හඩ මතුවන බව  විද්‍යාඥයන් පෙන්වාදී තිබෙනවා. බළලුන් ආශ්වාහ කිරීමේදී මෙන්ම ප‍්‍රාශ්වාස කිරීමෙදී සමානුයෝග රටාවකට මෙන්ම  25ත් 150ත් අතර සංඛ්‍යාතයකින් පුරු පුරුව නගනවා. මේ සංඛ්‍යාත පරාසය අස්ථි ඝනත්වය වැඩිදියුණු කිරීමට මෙන්ම සුවවිම වර්ධනය කිරීමට ඉවහල් විය හැකියයි විවිධ පර්යේෂකයන් පෙන්වා දී තිබෙනවා. අස්ථි ඝනත්වය වැඩිදියුණු කිරීම හා  සුවවිම වර්ධනය කිරීම අතර ඇති මෙම සම්බන්ධය අස්ථි ඝනත්ව හානිය සහ මාංශ පේශි ක්ෂීණතාව  ඇතුළු අභයවකාශගාමීන් මුහුණ පාන ඇතැම් ප‍්‍රශ්න වලට විසඳුම් සෙවීමේ දි උපකාරී විය හැකිය.

maxresdefault

දිගු කාල ඡේද තුළ විවේක ගැනීම හා නිදා ගැනීම තුළින් බළලුන් ශක්තිිය සංරක්ෂණය කිරීමට පුරුදුව ඇති හෙයින් මෙම පුරු පුරුව ශක්තිය යහමින් වැය නොකර පේශි සහ අස්ථි උත්තේජනය සඳහා බළලුන් යොදා ගන්නා යාන්ත‍්‍රණයක් ද විය හැකියි. මිනිසුන් විසින් හීලෑ කරන ලද නිවසේ ලගින අනෙක් සගයන් වන සුනඛයන් අතරේ තරම් අස්ථි සහ පේශී අසාමාන්‍යතාවන් බළලුන් අතරේ දක්නට ලැබෙන්නේ නැත. එමෙන්ම සුනඛයන් අතරේ වඩා ප‍්‍රචලිත අස්ථි රෝග තත්ත්වයන් සමනය කරගැනීමට පූසන්ට පුරුපුරුව ආධාර වෙන්නත් පුළුවන්ලු

Scientific American’s :  Ask the Experts හී පළවූ Why do cats purr? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: