සැමට විදු නැන නුවණ – Science Literacy for All

ත‍්‍රස්තවාදයට උල්පන්දම් දීම: අන්තවාදීන් බිහිවන්නේ කෙලෙසද?

සාමාන්‍ය ජනතාව අන්තවාදය කරා මෙහෙයවනු ලබන්නේ කුමක් මගින්දැයි  පැහැදිලි කිරීමේදී සමූහ ගතිකයේ මනෝවිද්‍යාව සැලකිය යුතු සම්මාදමක් දරන බවක් පෙනී යයි.

අද ලෝකයේ වඩාත්ම සිත් සසල කරවන ප‍්‍රවණතා ගතහොත් ත‍්‍රස්තවාදයේ සීඝ‍්‍ර හා අතිශය ප‍්‍රචණ්ඩ නැග්ම ප‍්‍රධාන තැනක් ගනී. 2015 ගෝලීය ත‍්‍රස්තවාදී දර්ශකය(Global Terrorism Index) අනුව ත‍්‍රස්ත කි‍්‍රයා සම්බන්ධ මරණ සංඛ්‍යාව විසි එක්වැනි සියවසේ ආරම්භයේ සිට සීඝ‍්‍රයෙන් ඉහළ යමින් මරණ 3,329 යේ සිට 2014 වන විට දශ ගුණයකින් ඉහළ යමින් 32,685 දක්වා වැඩි වී ඇත. 2013 සහ 2014 අතරතුර පමණක් මරණ සංඛ්‍යාව සියයට 80කින් වැඩිවීමක් දැක්වීය. සමස්තයක් වශයෙන් මුළු ජනසමාජයටම මතුවන්නාක් මෙන් සමාජ මනෝවිද්‍යාඥයන්ට ද  හදිසි ප‍්‍රශ්න පෙළක්ම ඉදිරිපත් වෙයි. මේසා කෲර අන්දමට තම සහෝදර මානවයන්ට සැලකීමට අන්තවාදී කණ්ඩායම්වල මානවයන්ට  හැකිවන්නේ කෙසේද? ඔවුන්ගේ ම්ලේච්ඡ කි‍්‍රයා පටිපාටිය ලොවපුරා තරුණ කොටස්වලට ආකර්ෂණයක් ඇති කරන්නේ ඇයි? ඔවුන්ව බඳවා ගැනීම සිදුකරන්නේ කවරහුද? එමෙන්ම අහිංසක ජීවිත ඉලක්ක කර ගැනීමේදී ඔවුනට ඇතිවන සිතුවිලි මොනවාද?

මරාගෙන මැරෙන බෝම්බ කට්ටලයක් පැලදීමට නැතහොත් ඝාතක අවියක් ලෙලවීමට හැකියාව ඇත්තේ අපට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් මනෝව්‍යාධියන්ට හෝ පරපීඩකයන්ට පමණකැයි බොහෝ දෙනා  දෙවරක් නොසිතාම තීරණය කරති. එහෙත් කණගාටුවෙන් වුවද කිව හැක්කේ එම උපකල්පන වැරදි සහගත බවයි. 1960 ගණන්වල සහ 1970 ගණන්වල සිදු කළ සම්භාව්‍ය අධ්‍යයන්ගෙන් ඉස්මතුවන්නේ වෙනත් මතයකි. ස්ථාවර, මනාව ගළපාගත් ගති පැවතුම් සහිත පුද්ගලයන් පවා ඔවුන් සමග කිසිම ආරෝවක් නොමැති මිනිසුන්ට බලගතු ආකාරයෙන් හානි පැමිණවීමට හැකි බව එම අධ්‍යයනවලින් පෙන්නුම් කළේය.

මේ සම්බන්ධයෙන් වැදගත් නිදසුනක් ලෙස නිතර ලේඛනවලදී උපුටා දැක්වෙන ස්ටැන්ලි මිල්ග‍්‍රෑම්ගේ ‘අධිකාරීබලයට කීකරුවීම’ (obedience to authority) පර්යේෂණය දැක්විය හැකිය. පර්යේෂණාගාර ලෝගුවක්  පැළඳි පර්යේෂකයන් විධාන කළ විටකදී,  තමන් සේම ස්වේච්ඡා සේවකයන් වන අන් අයට (ඔවුන් සිතා සිටින අන්දමට මරණීය වෙන) විදුලි සැර කැවීමට ස්වේච්ඡා සේවකයෝ ඉදිරිපත් වෙති. සහෝදර මනෝවිද්‍යාඥයෙකු වන පිලිප් සිම්බාඩෝ ද ස්ටැන්ෆර්ඞ් සිපිරිගෙයිදී සමාන අත්හදා බැලීමක් සිදු කර ඇත. සිසුන් දෙපිරිසකට බෙදා කොටසකට බන්ධනාගාර ආරක්ෂකයන්ගේ භූමිකාවද අනෙක් කොටසට සිරකරුවන්ගේ භූමිකාවද පැවරිණ. අත්හදා බැලීමේදී පෙනී ගියේ බන්ධනාගාර ආරක්ෂකයන්ගේ භූමිකාව පැවරුණු සිසුන් සිරකරුවන් ලෙස පෙනී සිටිසිසු පිරිස පර්යේෂණයට සහභාගීවූ තම සහෝදර සිසුන්ට අඩන්තේට්ටම් කිරීමටත් නිගා කිරීමටත් පෙළඹුන බවයි.

Terror Main

මෙවන් අධ්‍යයනවලින් ඔප්පු වන එක කරුණක් ඇත. එනම් සුදුසු තත්ත්වයන් යටතේ  ඕනෑම අයෙකු අතිශය ප‍්‍රචණ්ඩකාරී කි‍්‍රයාවලට නැඹුරුවිය හැකි බවයි. ත‍්‍රස්තවාදීන්ටද එය එලෙසමය. උන්මූලවාදීන් අප වැඩිදෙනා විශ්වාස කරන අන්දමට බිය කරු කෲරතරයන්ය. එහෙත්, මනෝවිද්‍යාත්මක පර්යාලෝකයකින් බලන කල ඔවුන්ගේ බහුතරය මිල්ග‍්‍රෑම් සහ සිම්බාඩෝගේ අත්හාදා බැලීම්වලට සහභාගිවූවන්ට වඩා කෲර බවක් නොදක්වති. මෙයාකාර ඝාතකයන් ගැන අධ්‍යයනයෙහි දිගුකලක් යෙදී සිටින මානව විද්‍යාඥයෙකු වන ස්කොට් අම්රාක් පවසන අන්දමටත් මොවුන්ගේ බහුතරය සාමාන්‍ය පුද්ගලයන්ය. අට්රාන් පෙන්වා දෙන අන්දමට සාමාන්‍ය පුද්ගලයකු භක්ති උන්මාදකයෙකු (a fanatic) බවට පත්වන්නේ ආවේනික පෞරුෂ දුර්වලතාවක් හේතුකොට ගෙන නොව පුද්ගලයන් වෙනස් කිරීමට සමත් සමූහ ගතිකයන් නිසාවෙනි. අට්රාන් මේ බව 2010 පළ කළ ඔහුගේ Talking to the Enemy නම් ග‍්‍රන්ථයේ සඳහන් කර ඇත.

මිල්ග‍්‍රෑම් හා සිම්බාඩෝ කල්පනා කරන අන්දමට මෙම සමූහ ගතිකයන් සම්බන්ධ වන්නේ අනුකූලතාවයටයි (conformity):එ නම් නායකයෙකුගේ අණට කීකරුවීමට හෝ බහුතරයේ අදහසට එකඟවීමටයි. කෙසේ වෙතත්, කණ්ඩායම් ඇතුළත මෙන්ම කණ්ඩායම් අතරදී පුද්ගලයන් හැසිරෙන ආකාරය පිළිබඳ අපේ අවබෝධය පසුගිය අඩ සිය වස තුළ වර්ධනය වී ඇත. පුද්ගලයන් කණ්ඩායම් තුළ දී සොම්බි හෙවත් පිල්ලියක් බවට පත් වන්නේය නැතහොත් ඔවුන්ගේ මනස් සෘෂ්ටිකයන් හෙවත් තදින් පක්ෂග‍්‍රාහී පුද්ගලයන් විසින් පහසුවෙන්ම මොළ සේදීමට ලක් කරනු ලැබීමට හැකිවෙතැයි යන මතය මෑතක අධ්‍යයනවලින් අභියෝගයට ලක්ව තිබේ. ත‍්‍රස්තවාදීන් වීමට ඉඩ ඇති අයගේ මනස කි‍්‍රයා කරන අන්දමට සහ ඔවුන් අන්තවාදය වෙත තල්ලූ කරනු ලබන්නේ කුමන ආකාරයේ අත්දැකීම්ද යන්න ගැන මෙම නව අධ්‍යයන යම් ආලෝකයක් හෙළයි.

milf

විශේෂයෙන්ම, අන්තගාමමීවීම රික්තයක් තුළ සිදුවන්නක් නොවන බව අප උගනමින් සිටින්නෙමු. එය එක්තරා දුරකට මෙහෙයවනු ලබන්නේ  කණ්ඩායම් අතර බෙදීම් මගිනි. අන්තවාදීහු මෙම බෙදීම් නිර්මාණය කිරීමට ඒවායින් වාසි සලසාගැනීමට මෙන්ම ඒවා උග‍්‍ර කිරීමට මාන බලති. සියලූම මුස්ලිම් ජාතිකයන් කෙරෙහි බිය ගන්වන සුළු හා වෛරී ආකල්පයකින් සැලකීමට මුස්ලිම් නොවන ප‍්‍රජාවේ ප‍්‍රමාණවත් සංඛ්‍යාවක් උසි ගැන්වීමට, පෙළඹවීමට ඔබට හැකි යයි හිතමු. එවිට සිදු වන්නේ කුමක්ද? කලින් අන්තවාදය පිටු දක්නා වූ මුස්ලිම් පිරිස් ද, තමන්ව කොන් කර අන්තයකට තල්ලු වී ඇතැයි ද ඇතැයිද එහෙයින් තමන් අතරේ සිටින වඩා රැඩිකල්වාදීන් පවසන දැයට ඇහුම්කන් දිය යුතු යයි ද සිතන්නට පටන් ගැනීමයි. එලෙසම සියලූම බටහිර ජාතිකයන්ට වෛරයෙන් සැලකීමට මුස්ලිම්වරුන් ප‍්‍රමාණවත් සංඛ්‍යාවක් පොළඹවා ගත හැකි නම් එවිට බටහිර වැසියන්ගේ බහුතරය වඩා ගැටුමට බර නායකත්වයට අනුබලදීමට පටන් ගනු ඇත. ඉස්ලාමීය අන්තවාදීන් හා ඉස්ලාම් භීතිකාවෙන් පෙළන්නන් එකිනෙකාට මුළුමනින්ම විරුද්ධ ලෙස සැලකීමට අප බොහෝ විට පුරුදුව සිටියත් මේ දෙපාර්ශ්වය ගැලවී යා නොහැකි අන්දමින් එකිනෙකාට සම්බන්ධය. මෙම වැටහීම අපට දක්වන්නේ ත‍්‍රස්තවාදය නම් වසංගතයට පිළියම් සෙවීමේ වගකීම ‘ඔවුන්ට’ මෙන්ම ‘අපට’ ද එකසේ පැවරෙන බවයි.

Scientific American හි පළවූ Fueling Terror: How Extremists Are Made නම් ලිපිය ඇසුරෙනි

කියවන්න 2016 අප්‍රෙයල්  4දා පළවූ ත්‍රස්තවාදෙය් මෙනාවිද්‍යාව   ලිපිය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: