පෘථිවියේ භූ විද්‍යාව පිළිබඳ අපේ අවබෝධයෙන් වැඩි කොටසකට දායක වූයේ තැටි භූ කාරක හේතු (plate tectonics) විප්ලවය බව සාමාන්‍ය පිළිගැනීමයි. ඊට කලින් සිටි සිය සගයන්ගෙන් පෘථිවි විද්‍යාඥයන්ට උරුම වූයේ පෘථිවි අභ්‍යන්තරය පිළිබඳ එක්තරා අන්දමේ සරල චිත්රයකි. පෘථිවිය ලූණු ගෙඩියකට සමානය. පෘථිවියේ ගැඹුරින් ගමන් කරන භූ කම්පන තරංග (seismic waves) හැඟවූයේ කැඞී ගිය භූ තැටි සමට යටින් කිලෝමීටර 3,470ක මධ්‍යයේ පිහිටි උණු වූ ඝන යකඩ මත කිලෝමීටර 2,800ක පාෂාණමය ප්‍රාවරණයක් (rocky mantle)ඇති බවයි. ප්රාවරණය නැවත කිලෝමීටර 670ක දී ඉහළ හා පහළ ස්තර ලෙස අතුරු බෙදීමකට ලක්වේ. තවද පහළ ප්රාවරණයෙහි පතුලට වෙන්න කිලෝමීටර සියයක් දෙසීයක් ඝනකම තවත් ස්තරයක් ගැන ද ඉඟි කෙරේ.
පශ්චාත් භූකාරක හේතු විප්ලව සමයේ දී ද ලූණු ගෙඩි මොඩලය තවදුරටත් ප්රමුඛත්වයෙහි ලා සැලකිණ. පෘථිවියේ අභ්‍යන්තර කි‍්‍රයාකාරිත්වය පිළිබඳ ප්රමුඛ චිත්රයේ කිලෝමීටර් 670ක ගැඹුරෙහි දී පෘථිවි ග්‍රහයා හරය සමග ගත් විට ස්ථර තුනක බෙදීමකට ලක්කෙරිණ. කි.මී. 670 ට උඩින් ප්රාවරණය සෙමින් කැලතෙන්නේ උණු වී නටන නොගැඹුරු ජල හැළියක් මෙනි. කැළඹීමෙන් සාගර මධ්‍යයේ වැටිවලට තාපය හා පාෂාණ සැපයෙන අතර අභ්‍යන්තර සිසිල් කිරීමටත් මෙන්ම ගැඹුරු මුහුදේ අගාදයන්හීදී පැරණි භූ තැටි පෝරු ගිලා බැස්සවීම් ලබාගැනීමටත් ඉඩ සැලෙස්. හාවයිවලදී මෙන් යමහල් සෑදීම පිණිස කිලෝමීටර 670ට ම වාගේ උඩින් ගිනියම් වූ පාෂාණ ගොටුවක් උඩට නැගීමට ඉඩ ඇත. එහෙත් මේ දෙකම සිදු නොවීය. පෘථිවි හර ප්රාවරණ මායිමේ සිට ඉහළටම දුම් ගොටු යවමින් ප්රාවරණය පතුලේ සිට මුදුනට ප්රාවරණය පතුලේ සිට මුහුනට කැළැඹුනු බව සුළු පිරිසක් ඉදිරිපත් කරන විකල්ප මතයකි.
එන්ට එන්ටම විදග්ධ භාවයට පත්වන භූ කම්පන අනුරූප පෘථිවි යන්ත්‍රයෙහි සංකීර්ණතාව පිළිබඳ දර්ශනය වර්ධනය කිරීමට වසර හතළිහක් තිස්සේ යොදාගනිමින් කරන ලද ගවේෂණ සමත් වුවද පෘථිවිය කි‍්‍රයා කරන ආකාරය පිළිබඳ විවාදය සමනය කිරීමට එතරම් පිටුවහලක් ලැබී නැත. මහ පොළොව හරහා වඩාත් සමාන ආකාරයකට භූ කම්පනමාන (seismometers) බෙදී යන විට භූ කම්පන අනුරූප තවදුරටත් වර්ධනය වනු ඇත. උෂ්ණත්වය සහ සංයෝජනමය බලපෑම් අතර සුවිශේෂිතා හඳුනාගැනීමට භූ කම්පන දත්ත දැනටමත් සමත් වෙයි. මෙම භූ කම්පන දත්ත අර්ථ නිරූපණය ඉදිරිපත් කිරීමට, පරීක්ෂණාගාර තුළ වැඩ කරන ඛනිජ භෞතිකඥයෝ ගැඹුරු ප්රාවරණ තත්ත්වයන් යටතේ පවතින පාෂාණවල තවත් ගුණාංග හඳුනා ගැනීමට කි‍්‍රයා කරති. මෙයට තවමත් බාධාවක් වශයෙන් පවතින්නේ ප්රාවරණ සංයුතියේ අස්ථිර විස්තරයි. තවද, භූ කම්පන විද්‍යාව, ඛනිජ භෞතික විදයාව සහ ගුරුත්ව විචල්‍යයන් වැනි සියුම් භූ භෞතික නිරීක්ෂණ පදනම් කර ගනිමින් ආකෘති තනන්නන් පෘථිවි අභ්‍යන්තර සමස්ත යාන්ත්‍රණය වඩාත් නිවැරදිව අනුකරණයක් කිරීමට හෙවත් විඩම්බනය කිරීමට සමත් වෙනු ඇත. තවත් අවුරුදු 40 ක් යද්දී අපට සම්පූර්ණ චිත්‍රය පැහැදිලිව ලබාගැනීමට වෙතැයි සිතිය හැකිය.
මෙලෙස එන්ට එන්ටම සංකීර්ණ බවට පත්වන ග්රහලෝකමය අභ්‍යන්තර යන්ත්‍රය කෑලි කෑලිවලට ගලවා විමසා බලන්නේ කෙසේද? මන්ද, තැටි භූකාරක හේතු විප්ලවකාරීන්ට සිය කටයුතු කරගෙන යාම සඳහා වසර 50කට වැඩි කාලයක් ගිය වැයවු අතර සොයා බැලීමට ඕනෑ වූයේ භූතැටිවලින් මදක් ගැඹුරට පමණකි.
AAAS Science හී පළවූ How does Earth’s Interior Work? ලිපිය ඇසුරෙනි.