ගැලැක්සි සත්ව උයනේ වෙනස් ආකාරයක් ගන්නා ආලෝක වර්ෂ මිලියන 45 ක් දුරින් පිහිටි ඉද්ද මන්දාකිණිය(Spindle galaxy) ගැන අපි තතු අප්‍රිෙයල් 06දා කලාපෙය් සදහන් කෙළමු.(ෙමතැනින් කියවන්න) තාරකා ප‍්‍රභා මණ්ඩලයක් ඇති මෙම ගැලැක්සිය ඉලිප්සීය සහ සර්පිලාකාර යන මන්දාකිණි දෙවර්ගයෙහි ම ගති ලක්ෂණ පෙන්නුම් කරන අතර එහි තුනී ධූවිලි මංතීරු අනුව ඉඟි කෙරෙන පැත්තට පෙනෙන තැටියකි.
කෙසේ වෙතත් පැත්තෙන් දැකිය හැකි සර්පිලාකාර මන්දාකිණි සියල්ලම මගින් රේඛීය ධූවිලි මංතීරු පෙන්වන්නේ නැත. ESO 510 – G13 නමින් හැඳින්වෙන තවත් ගැලැක්සිය මගින් විපරීත තැටියක් හෙළි කරනු ලැබේ. මෙම මන්දාකිරිණිය පිහිටා ඇත්තේ ආලෝක වර්ෂ මිලියන 150ක් දුරකිනි. එය දළ වශයෙන් ක්ෂීරපථය මන්දාකිණිය ප‍්‍රමාණය තරමට ඇති නමුත් එහි තැටිය විපරීතය. මේ ආකාරයේ විපරිතවීම් හඟවන්නේ මෑතක වෙනත් මන්දාකිණියක් හා අන්තර් කි‍්‍රයාකාරකම්ය. එමගින් ඇත්තටම, තරු පිපුරුමක්ද() උත්පාදනය වන්නට ඇත. මන්ද කීෙවාත්, මෙම මන්දාකිණියේ දකුණු කොටසෙහි නිල් පැහැ කලාපයක් ඇති හෙයිනි. ඇතැම් විට මේ කලාපය ඇති වන්නට ඇත්තේ වෙනත් මන්දාකිණියක් ආසන්නයෙන් ගමන් කිරීමක් සමග ඇතිවන තරු බිහිවීමේ අධි ක‍්‍රියාකාරකම් හා සම්බන්ධවය.
NGC 6670 යනු, ගැටීමේ කි‍්‍රයාදාමයට ඇත්තටම යොමු වී තිබෙන පැත්තෙන් දිස්වන සර්පිලාකාර මන්දාකිණි දෙකකි. එය ආලෝක වර්ෂ මිලියන 400ක් පමණ ඈතින් පිහිටියේය. NGC 6670 අනුරූපයක දැක්වෙන පරිදි මන්දාකිණි දෙකෙහි න්‍යෂ්ටි එකනෙකට ආළෝක වර්ෂ 50,000ක් පමණ ඈතින් පිහිටා ඇත. ධූවිලි අතරේ දිස්වෙන දීප්තිමත් නිල් පැහැය දක්වන්නේ තරු බිහිවීමේ අධි ක‍්‍රියාකාරකමක්ය. මෙම ඝට්ටනය වන මන්දාකිණි යුගලයේ තාපනය වූ ධූවිලි හේතු කොට ගෙන ඇතිවන අධෝරක්ත දීප්තිය, සූර්ය බිලියන 100කට සමානය.
වඩාත් ප‍්‍රකට තරු බිහිවීමේ අධි ක‍්‍රියාකාරකම් මන්දාකිණිය පිහිටා ඇත්තේ ආළෝක වර්ෂ මිලියන 12ක් පමණක් වන දුරකිනි. සුරුට්ටු ගැලැක්සිය හෙවත් M 82 යනුවෙන් දැක්වෙන මෙම මන්දාකිණියෙහි හබල් අනුරූපයකින් දිස්වන ආකාරයට නම් පෙනී යන්නේ එහි මධ්‍යය පුපුරාගොස් ඇති බවකි. හරයේ සිට ආළෝක වර්ෂ 10,000 ඉහළට නගින රත්පැහැ නිහාරිකා වායු සහ ධූලි රොටු දැක ගැනීමට පුළුවන. එහෙත් අප හරයෙහි සිදුවන දෙයින් අපේ නෙත් වෙනතකට යොමු කළ හොත් අපට මෙම මන්දාකිණියේ නිල් පැහැ ප‍්‍රධාන දේහය පෙනෙන්නේ සර්පිලාකාර මන්දාකිණියක් මෙනි.
හබල් දුරේක්ෂයට M 82 මන්දාකිණියේ හරය අභ්‍යන්තරයට යොමුවිය හැකිය. එහි සමීප (හරයෙහි) රූපයකින් අපැහැදිලි ප‍්‍රභාවත් තිත් 200ක් පමණ හෙළි වෙයි. මේ සෑම තිතක්ම තරුණ, දැවැන්ත මිලියනයක් දක්වා වූ තාරකා සහිත තාරකා පොකුරකි. හරහට ආලෝක වර්ෂ 20ක් පමණ වන මෙම මන්දාකිණියේ අභ්‍යන්තරයටම වෙන්නට පිහිටි ආළෝක වර්ෂ 1,000හි සමස්ථ ක්ෂිර පථයෙහි මෙන් දශ ගුණයක තාරකා බිහිවීමේ අනුපාතයක් ඇත.
මේසා දැවැන්ත තාරකා එකම විට බිහිවෙද්දී මෙම දැවැන්ත තරු බිහිවීමේ අධි ක‍්‍රියාකාරකම් මන්දාකිණි සුපිරි සුළඟ නම් සුළඟ ජනනය කරයි. බලගතු තාරීය සුළං සියල්ල සහ මෙම දැවැන්ත තාරකා හා සම්බන්ධ කර සැලකෙන අධිනව තාරා පිපිරීම් වායු අතිවිශාල ප‍්‍රමාණයක් පිට කර දමයි. ඒ එක්කම එය අනෙකුත් ස්ථානවලදී වායු සම්පීඩනයට ලක් කරන අතර තව තවත් තාරකා බිහි කරයි. මේ ආකාරයේ අතිවිශාල තරු බිහිවීමේ අධි ක‍්‍රියාකාරකම් කි‍්‍රයාකාරකම් තවත් තාරකා සෑදීමට මඟපාදනවා පමණක් නොව මන්දාකිණියේ අභ්‍යන්තරයෙන් වායු විශාල ප‍්‍රමාණයක් පිට කර හරියි.
මෙය අපට දැකිය හැක්කේ හබල් දුරේක්ෂයේ අධි විභේදන අනුරූපවල පමණක් නොවේ. චන්ද්‍ර × කිරණ නිරීක්ෂණාගාරයේ සහ ස්පිට්සර් අධෝරක්ත නිරීක්ෂණාගාරයේ M 82 අනුරූප සලකන විට මෙකී පිටාර ගැලීම් තරු බිහිවීමේ අධි ක‍්‍රියාකාරකම් හා සම්බන්ධිත මාදිලියේම තරු බිහිවීමේ අධි ක‍්‍රියාකාරකම් අපට දැකිය හැකිය. හරය ආසන්නයේ ප‍්‍රභාවත් × කිරණ ප‍්‍රභවයක්ද මේ තුළින් උඩට නැගෙන උණු වූ වායුද දැක ගත හැකිවේ. අධෝරක්තයෙන් ගත හොත් ස්පිට්සර් අනුරූප M 82 මධ්‍යයයෙන් වඩාත් විශාල තාපනය වූ ධූලි රොටු පවා දැක ගත හැකිය. මුළු අහසෙහිම, වඩාත්ම ප‍්‍රභාවත් අධෝරක්ත මන්දාකිණිය ඇත්තෙන්ම මෙයයි.
M 82 මන්දාකිණිය තුළ මේ සා දැවැන්ත තරු බිහිවීමේ අධි ක‍්‍රියාකාරකම් ඇති වන්නේ මන්ද? තරු බිහිවීමේ අධිකි‍්‍රයාකාරිත්වයක් M 82 සිට අළෝක වර්ෂ 130,000 ක් ඇතින් පිහිටි M 82 නම් සුවිසාල සර්පිලාකාර මන්දාකිණියක් පුළුල් කේන්ද්‍ර ප‍්‍රකාශ දර්ශනයකින් පෙන්නුම් කරනු ලැබේ. මෙම මන්දාකිණි දෙකෙහි චලනයන් මැන බැලීම් පදනම් කර ගන්නා විට පෙනී යන්නේ වසර මිලියන සිය ගණනට පෙර M 81, M 82 බොහෝ ආසන්නව පසු කර ගොස් ඇති බවයි. M 81 මන්දාකිණිය M 82 ට ආසන්න වෙද්දී කුමක් සිදුවන්නට ඇත්ද? M 81 හි ගුරුත්වයට සම්බන්ධිත උදම්බල මගින් M 82 මන්දාකිණියෙහි හර වායු වළාවන් සම්පීඩනය කරනු ලැබීමෙන් පසුව මෙකී තරු බිහි වීමේ අධි කි‍්‍රයාකාරිත්වයෙහි ආරම්භ වන්නට ඇත. මෙලෙස නොගැටී ආසන්නයෙන් පසු කර යාම් මගින්ද මන්දාකිණිවල පෙනුම සහ පරිණාමය කෙරෙහි වැදගත් බලපෑමක් ඇති කළ හැකි වේ.
Visual Guide to the Universe (by Professor David M. Meyer) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්