විදු නැන නුවණ – Science Literacy for All

අත් සේදීම පිළිබඳ තිත්ත ඇත්ත

ඇමරිකාවේ උතුරු කැරොලිනා ජනපද රජය මගින් සිදු කරන ලද අධ්‍යයනයකින් අත් සේදීම ගැන අලූත් කරුණු ගණනාවක් හෙළිකර ගැනීමට හැකි වී තිබේ. වැඩ අධික සෞඛ්‍ය සේවකයන් තත්පර දහයකට වඩා අත් සේදීමට ගත නොකරන බව මේ අධ්‍යයනයෙන් හෙළි වේ. වාසනාවකට මෙන්, එම සේවකයන් අත් සේදීමට ගත කරන්නේ සුළු වේලාවක් වුවද සේදීමට සබන් එකතු කර ගැනීමට අමතක නොකරති. සබන් ගා අත් සේදීම වඩාත් ඵලදායීය. එහෙත්, මධ්‍යසාරය පදනම් කරගත් ජලය යොදා නොගන්නා අත්සේදීමේ ද්‍රව්‍ය කෙරෙහි විශ්වාසය නොතැබිය යුතු බව පර්යේෂකයෝ පෙන්වා දෙති. මන්ද, එය පහසුවෙන් වැඩි වුවත් ඵලදායි බවෙන් හීන නිසාවෙනි.

how-to-prevent-common-colds

මෙම උතුරු කරොලීනා අධ්‍යයනය, එම වර්ගයේ වඩාත්ම පරිපූර්ණ පර්ය්ෂණය ලෙස දැක්වේ. ඊට ස්වේච්ඡාවෙන් 62 දෙදෙනෙක් සහභාගිවූ අතර අත් ෙස්දීමට සනීපාරක්ෂක නිෂ්පාදන 14 ක් යොදා ගැනිණ. සබන් යොදා අත් අතුල්ලමින් තත්පර ගණනාවක් මුළුල්ලේ සේදීම විෂබීජ බොහොමයක් පළවා හැරීමට ඉවහල්වල වන බව පර්යේෂකයන්ට පෙනී ගියේය. ‘කලින් සිදු කරන ලද අධ්‍යයනවලදී පුද්ගලයන් අත් පිරිසිදු කිරීමට තත්පර 30ක් වැනි ප‍්‍රමාණයක් වැය කරන තිබුණා. ඒත් සාමාන්‍ය භාවිතයේදී සෞඛ්‍ය සත්කාර සේවකයන්  අත් පිරිසිදු කරන්නේ එලෙස නොවෙයි. ප‍්‍රායෝගික තත්ත්වය වෙනස්. ඉතින් අපට  ඕනෑ වුණේ ප‍්‍රායෝගික මෙන්ම තාත්වික තත්ත්ව යටතේ විවිධ සේදීම් නිෂ්පාදන පරීක්ෂා කර බලන්න’යැයි එමිලි සීක්බර්ට්-බෙනට් පවසයි. ඇය උතුරු කැරොලිනා සරසවියේ මහජන සෞඛ්‍ය වසංගත අධ්‍යයනවේදිනියකි.

අධ්‍යයනයෙන් පෙනී ගිය අන්දමට සබන් සහ ජලය උපයෝගී කරගනිමින් අත් අතුල්ලා සෝදා ගැනීමෙන් සාමාන්‍ය සෙම්ප‍්‍රතිෂ්‍යාව, හෙපටයිටිස්  සහ විෂබීජ මගින් බෝවෙන රෝග ගණනාවක්ම වළක්වා ගත හැකියි. අප සුපිරි වෙළෙඳ සැලකදී මිල දී ගන්නා බෝතල් තුළ අති සබන් දියර වන ප‍්‍රති ක්ෂුද්‍රජීවී කාරකයන් (Anti-microbial agents)  බැක්ටීරියා අඩුකිරීමට වඩාත්ම යෝග්‍ය බව  අධ්‍යයනයෙන් හෙළි විය. වතුර යොදා නොගන්නා, මධ්‍යසාරය පදනම් කරගත් නිෂ්පාදනවල ප‍්‍රතිඵල විචල්‍ය වූ අතර සමහර අවස්ථාවල ප‍්‍රතිඵල දුර්වල විය. සීක්බර්ට් – බෙනට් පෙන්වා දෙන්නේ කිහිපවර යොදා ගන්නා විට ප‍්‍රතිඵලය තවත් හීන වන බවයි.

handwashing-banner1

අත්වලින් වෛරස ඉවත් කිරීමට ඇති හොඳම ක‍්‍රමය වන්නේ සබන් සහ වතුර යොදා ගනිමින් අත් දෙකෙන්ම අතුල්ලා ඉවත් කිරීම බව පර්යේෂකයෝ නිගමනය කරති. සමහර වෛරසවල අසීරු තත්ත්වයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩි අතර විෂබීජ නාශකවලට සාපේකෂව ප‍්‍රතිරෝධ දක්වයි. ‘’මේ අධ්‍යයනය බොහොම වැදගත් වෙනවා මන්ද, සෞඛ්‍ය සත්කාරක සේවා ආශි‍්‍රත ආසාදන මරනවලට වගකියයුතු ප‍්‍රධාන හේතු පහ අතරට වැටෙන නිසා. ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් මෙම ආසාදනවලින් වසරක් පාසා 90,000 පමණ මරණ සිද්ධවෙනවා’ යයි පවසන්නේ උතුරු කැරොලිනා සරසවියේම සහෝදර පර්යේෂක විලියම් රුටාලායි. ‘සනීපාරක්ෂක සේවා ආශ‍්‍රිත ආසාදන සිද්ධීන් අත්සේදීමේ ස්වස්ථතාමය චර්යාවන් මගින් අඩුකර ගත හැකිවා පමණක් නොව එකිනෙකට වෙනස් කි‍්‍රයාකාරී ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන හා ක‍්‍රමද දැන් බහුලව ලබා ගත හැකියි.

778

මේ අතර අත් නොසේදීම නිසා ලොව පුරා ළමුන්ට හානි පැමිණෙන බව ඇමරිකා එක්සත් ජනපද රෝග පාලනය කිරීමේ හා වළක්වා ගැනීමේ මධ්‍යස්ථානය(Centre for Disease Control and Prevention – CDC) පෙන්වා දෙයි. වසර පහට අඩු ළමුන් මිලියන 1.8ක් ඒ කියන්නේ ලක්ෂ 18ක් සෑම වසරකම පාචනය ආශ‍්‍රිත රෝග හා නියුමෝනියාව නිසා මිය යන බව එම මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කරයි. ලොව පුරා ළමයින්ගේ මරණවලට ප‍්‍රධාන වශයෙන් බලපාන තත්ත්වයන් දෙකකි, ඒ. සබන් යොදා අත් සේදීමෙන් පාචනය නිසා රෝගාතුරවෙන ළමුන් තුන්දෙනෙකුගෙන් එක් අයෙකු ද නියුමෝනියාව වැනි ශ්වසන ආසාදනවලට ගොදුරුවන ළමුන් පස්දෙනෙකුගෙන් එක් අයෙකු පමණද ආරක්ෂා කිරීමට මග පෑදේ. තවද, අත්සේදීමේ යහපත් පුරුදු සමහර වාතාවරනයන්හිදී ළමා සංවර්ධනය ඉහළ දැමීමටද හේතු බන බව ක්‍ CDC ය පවසයි.

LiveScience  හී The Dirty Truth about Washing Your Hands  යන ලිපිය සහ

CDC: Show Me the Science හි Why Wash Your Hands? යන ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: