විදු නැන නුවණ – Science Literacy for All

පලතුරු කැබැල්ලක් ස්කෑන් කර එහි පෝෂණ අගය සෙවීම

පලතුරු වල ගුණය ගැන අප සැම දෙනාට ම හොඳ අවබෝධයක් ඇති බව කිව මනාය. පොත පත මෙන් ම වෙනත් නූතන මාධ්‍ය මගින් ද නිරතුරුව ම පලතුරු වල ගුණ ගැයේ. පලතුරු වල ගුණය කෙතරම් ස්ථාපිත වී ඇද්ද කියතහොත් ඒවා ආශ‍්‍රයෙන් ඇතැම් යෙදුම් ද බිහි වී ඇත. An apple a day, keeps the doctor away යන්න එබන්දකි. දිනපතා ඇපල් ගෙඩියක් කෑවොත් වෛද්‍යවරයෙකු මුණ ගැසීමේ අවශ්‍යතාව පහව යන බවක් ඉන් කියවේ. එහෙත් ගැටළුවක් මතුවන්නේ ඒවායේ ගුණය සම්බන්ධව ම නොව ගුණය දැන මැන ගන්නා ආකාරය පිළිබඳවයි.

දැන් ඇපල් ගෙඩියම නිදසුනක් ලෙස ගෙන මෙම කාරණාව විමසා බලමු. ඇපල් ගෙඩිය ගසෙන් කඩා ගත්තේ කවදා ද යන්න ගැන අපට නිසි වැටහීමක් නැත. කිව හැකි එකම දේ අප සිතනවාට වඩා වැඩි කාලයකට පෙර එය කඩන්නට ඇත යන්න පමණකි. (ඇමරිකා එක්සත් ජනපදය ගත්තොත් මාස හයක සිට වසරක පමණ කාලයක් දක්වා ඇපල් කල් තබා ගැනීමේ ස්ථාන වල ඒවා ලැගුම් ගෙන සිටින්නට පුළුවන). ඇපල් වල අඩංගු පෝෂණ කොටස් ගැන මතයක් අපට තිබුණත් එය නිශ්චිත. යථාතථ්‍ය දැනුමක් නොව හුදු අදහසක් පමණකි. එමෙන් ම එහි අඩංගු කැලරි ප‍්‍රමාණය ගැනද ඇත්තේ අදහසක් පමණි. ඇරැත් ඇපල් ගෙඩියෙන් ගෙඩියට කැලරි ප‍්‍රමාණය වෙනස් විය හැකියි.

999661656

නිදසුනට ඇපල් ගත්තත් සෙසු පලතුරු (සහ එළවළු) සම්බන්ධයෙන් තත්ත්වය ද මෙබඳුමය. එලෙස කල්පනා කරන්නේ නම් අළුත්් මාළු ගැන තත්ත්වයත් එලෙසම ය. එළවළු, පලතුරු, මාළු ආදිය පෝෂණ ගුණයෙන් යුක්ත බව පොදුවේ අප දනිතත් එදිනෙදා නිවසට රැගෙන එන එම ආහාරවල පෝෂණ ගුණය නිශ්චිතව ම අපට කිව හැකි ද? අවංකව පිළිතුරු දෙතොත් ‘නොහැක’ යන්නයි කීමට ඇත්තේ.

එහෙත් පෝෂණය හා වෙනත් අංශවලින් ද ආහාරයෙහි ගුණය ගැන දැන ගැනීමට අපට උපකාරී වන මෙවලමක් නැතිනම් උපකරණයක් ඇත: ඒ වර්ණවාලීමානය (spectrometer) නම් උපකරණයයි. මෙම උපකරණය ක‍්‍රියාත්මක වන්නේ, අධෝරක්ත ආලෝක කදම්භයක් අප තෝරා ගත් ආහාර අයිතමය මත යොමු කිරීමෙනි. තෝරා ගත් ආහාරයෙහි ඇතුළත ඇති රසායන මගින් එම අධෝරක්ත ආලෝකය කොපමණ ප‍්‍රමාණයක් අවශෝෂණය කර ගත්තේ ද යන්න මැනීමෙන් මෙම උපකරණයට එකී ආහාරයෙහි අණුක සංයුතිය හඳුනා ගත හැකිය. මෙය විස්තර කර දී ඇත්තේ හඳුනාගැනීමේ ගතිලක්ෂණයක් ලෙසය.  එමෙන් ම, තෝරා ගත් පලතුරක කැබැල්ලකින් එහි පෝෂණ සහ කැලරි අගය නිර්ණය කළ හැක්කේ ඒ ආකාරයෙනි.

කෙසේ වෙතත් මෙය අපේ නිවෙස්වලදීම කිරීමට හැකියාව ලැබීම පිණිස නම් තවත් කාලයක් ගතවෙනු ඇත. මන්ද එක් ඇපල් ගෙඩියකින් ලබා ගන්නා වර්ණාවලී මාන දත්ත එතරම් ප‍්‍රයෝජනයක් නැති හෙයිනි. ඒවා අර්ථවත් වීමට නම් ඇපල් ගෙඩි අති විශාල සංඛ්‍යාවක් තුළ ඇතිවන විවිධත්ව පරාසයන් සමග එය සංසන්දනය කළ යුතුවේ. වෙන වචන වලින් කියතහොත් ඇපල් පිළිබඳ දැවැන්ත දත්ත ගබඩාවක් තිබිය යුතු අතර ගැලපීමක් සොයා ගත හැකි වන්නේ ඒවා අතුරෙනි. නව අදහස ඉදිරිපත් කරන සමාගම දැනටමත් මේ අසීරු කාර්යය එනම්, දත්ත ආහාර ගබඩාවක් සකස් කිරීම ආරම්භ කර ඇත. සමාගම මේ වන විට පලතුරු කැබලි ලක්ෂ ගණනක් ස්කෑන් කර ඇත.

මෙයට අමතරව තවත් මෙවැනි උපකරණ වෙළඳ පොළට පැමිණෙමින් පවතී.     නමින් අදහස් කරන්නේ අතේ ගෙන යා හැකි වර්ණාවලී මානයකි. එය දියවැඩියාව හා හෘද රෝගීන්ට තමන් පරිභෝජනය කරන ආහාරවල කාබොහයිඩ්‍රේට්ස්, මේදය සහ සීනි ප‍්‍රමාණවල් මැනීමට උපකාරී වෙයි. උදාහරණයකට NIMA යනුවෙන් වෙළඳ පොළට පැමිණ ඇති උපකරණයෙන් ඔබේ ආහාරයෙහි  අසාත්මික කාරක(allergens) ඇද්දැයි විනාඩි සුළු ගණනක දී දැන ගැනීමට සලස්වයි. වර්ණාවලීමාන සුපිරි වෙළඳසැල්වල ආහාර අංශයේ සම්මත උපකරණයක් බවට පත්වීමට තව කලක් ගත විය හැකි වුවත් මෙම උපකරණයේ මූලාකෘතිය (prototype) දැනටමත් නිපදවා අවසන් ය.

ආහාර පරීක්ෂාව සඳහා මෑතක සොයාගත් උපකරණ     

යම්කිසි ආහාරයක් කල් ඉකුත් වී ආහාරයට යෝග්‍ය නොවන මට්ටමට පත්ව ඇත්දැයි පරීක්ෂාවට කොරියාවේ විද්‍යා හා තාක්ෂණ ආයතනයේ විද්‍යාඥයින් පිරිසක් විසින් ක‍්‍රමවේදයක් වර්ධනය කරගෙන ඇත. ආහාරය පිලූණු වී ඇති බව සොයා බැලීම පිණිස යොදා ගැනෙන්නේ ලේසර් කදම්භයකි.

පෙන්සිල්වෙනියා විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් නිපදවා ඇති මයික්‍රොචිපය කිරි සහ නරක්විය හැකි වෙනත් ආහාර තවත් කොපමණ කල් ඉිතිරිව ඇත්දැයි දැන ගැනීමට උපකාරී වෙනු ඇත.

Electro_Forkතම ආහාරයෙහි ලුණු ප‍්‍රමාණය සිමා කිරීමට උත්සාහ දරන්නන්ට සුබ ආරංචියක් ජපානයෙන් වාර්තාවෙයි. ටෝකියෝ සරසවියේ විද්‍යාඥයන් නිපදවා ඇති  මෙම උපකරණයෙන් දිවට ලුණු රසයක් දී සිරුරට ලුණු ඇතුළුවීම සීමා කිරීමට සමත් වුවත් සමත් වුවත් සීනි ශරීර ගතවීම අඩුකිරිමට හැකි පරිදි සීනි රසය පාවිච්චිකරන්නාට ගෙන දිමට සමත්වන්නේ නැත.

 

 

Smithsonian.com   හී පළවූ You May Soon Be Able to Scan a Piece of Fruit to Check Its Nutritional Value ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: