විදු නැන නුවණ – Science Literacy for All

අරුම පුදුම ගැලෙක්සි: හෝග්ගේ වස්තුව

හබල් සත්ව උයනේ අප හුවා දක්වන මන්දාකිණිය සොයා ගනු ලැබුවේ ඇමරිකානු තාරකා විද්‍යාඥ ආතර් හෝග්ය (Arthur Hoag). ඒ 1950 දීය. එහි අලංකාර සමමිතිය සැලකිල්ලට ගන්නා විට, M82 මන්දාකිණියට සම්බන්ධිත අන්තරීක්ෂ ප‍්‍රචණ්ඩත්වයෙහි ප‍්‍රතිඵලයකට වඩා වෙනත් ගැලැක්සියක් හා අන්තර් කි‍්‍රයාවක ප‍්‍රතිඵලයක් වීමේ හැකියාව ඉතා අඩුය. පියවි ඇසින් දැකිය හැකි සීමාවට වඩා හෝග්ගේ වස්තුව 10,000 ගුණයක් දුබලයි. එහි හරහට චාප තත්ත්පර 45ක් පමණ වේ. එහි පැරණි තාරකා සහිත කහ හරය හරහට ආළෝක වර්ෂ 17,000ක්  පමණ වේ. එමෙන්ම, එහි තරුණ තාරකාවල නිල් කවයෙහි අභ්‍යන්තර සහ බාහිර විෂ්කම්භ පිළිවෙළින් අළෝක වර්ෂ 75,000ක් සහ 120,000කි.  හරය සහ කවය අතර මන්දාකිණි අවකාශය අවශ්‍යයෙන්ම හිස් වාගේ පෙනී යයි.

 

හෝග්ගේ වස්තුව වර්ගී කෙරෙන්නේ වළලූ හෙවත් කවාකාර මන්දාකිණියක් ලෙසය. කවි චක‍්‍ර මන්දාකිණියද  (Cartwheel galaxy) මෙකි දුලබ පංතියේ මන්දාකිණිවල සාමාජිකයෙකි. වළලූ මන්දාකිණි පිළිබඳ අදහස මෙන්ම ඒවා බිහිවන්නේ කෙලෙසද යන්න අනෙකුත් වළලූ මන්දාකිණිවල කාලයෙහි  ආනුරූප මගින් තවදුරටත් ගවේෂණය කළ හැකිය. Arp 148 (පහත දක්වා ඇති සංස්කාරක සටහන බලන්න) යනු  අලෝක වර්ෂ මිලියන 500ක් ඈතින් පිහිටි අන්තර් කි‍්‍රයාකරන මන්දාකිණි යුගලයකි. AM 0644-741 නැමති තවත් මන්දාකිණියක වළලූ මන්දාකිණි පරිණාමය තවදුරටත් ප‍්‍රකටව දැකිය හැකිය. මෙම මන්දාකිණිය පිහිටා ඇත්තේ ආළෝක වර්ෂ මිලියන 300ක් ඈතිනි. අළෝක වර්ෂ මිලියන 400ක් ඈතින් පිහිටි Arp 147 ඝට්ටනයක් වැලකී කලක් ගිය තවත් මන්දාකිණියකි.

hoag_hubble_960

මෙකී වළලූ මන්දාකිණි සියල්ලෙහිදීම ඝට්ටනයක් ඇතිවීමට තුඩුදිය හැකිව තිබූ හවුල්කරු බිහිවීම උත්තේජනය කළ වළලූ මන්දාකිණිය සිටියේ ළඟපාතය. එහෙත් හෝග්ගේ වස්තුව ගතහොත් එය එසේ නොවේ. එය ආසන්නයේ වෙනත් කිසිම මන්දාකිනියක් නොමැත. ඝට්ටනයක් නොවු බවට සමහරක් අදහස් ද ඉදිරිපත් වී ඇතත්, හෝග්ගේ වස්තුවේ කවාකාර ව්‍යුහයේ සරල සමමිතිය පැහැදිලි කිරීමට එම අදහස්වලට දුෂ්කර කාර්යයක් වී තිබේ.

සංස්කාරක සටහන

Arp148 යනු  මන්දාකිණි දෙකක් අතරේ ඝට්ටනයක විස්මය ජනක ආනිසංශයකි. මේ ගැටුමේ ප‍්‍රතිඵලය වී ඇත්තේ වළලූ හැඩය ගත් මන්දාකිණියක්ද එහි සගයෙකු ලෙස දිග වලිගයක් සහිත මන්දාකිණියක්ද බිහිවීමයි. මේ මන්දාකිණි දෙකෙහි දෙමාපිය මන්දාකිණිවල ඝට්ටනයෙන් කම්පන තරංග බල පෑමක් ඇති වූ අතර ද්‍රව්‍යය මධ්‍යයට ඇදගැනීමටත් ඉන් අනතුරුව කවාකාරව පිටතට ව්‍යාප්තවවීමටත්, මග පැදීය.  වළලූ මන්දාකිණියට ලම්බකව දිග හැඩයේ සගයෙකු ඇතිවීමෙන් පෙනී යන්නේ, තවමත් මන්දාකිණි දෙක ගැටෙමින් පවතින බවයි.

මයෝලීගේ වස්තුව (Mayoali’s Object) ලෙසද නම් කර ඇති Arp 148 සොයා ගනු ලැබුවේ ලික් නිරීක්ෂණාගාරය නිකලස් යු. මයෝල් විසිනි. ඒ 1940 මාර්තු 13 දාය. එය පිහිටියේ දළවශයෙන් ආළෝක වර්ෂ 500ක් ඈතින් පිහිටි, මහ වලසා තාරකා මණ්ඩල අතර වඩාත්ම ප‍්‍රකට තාරකා ඇති මණ්ඩලයෙහිය.

Arp 148

මෙම අනුරූපය හවල් අභ්‍යවකාශ ටෙලස්කෝපය මගින් ගන්නා ලදුව එහි 18 වැනි සංවත්සරය  නිමිත්තෙන් 2008 අපි‍්‍රයෙල් 24 දා නිකුත් කරන ලද්දකි.

අමුතු මාදිලියේ මන්දාකිණි පිළිබඳව ආප් (Arp) කැටලොගයේ මෙය 148 ලෙස සඳහන් වේ. Arp148 යනුවෙන් හඳුන්වනු ලබන්නේ එහෙයිනි. මෙම කැටලොගය සකස් කරන ලද්දේ ඇමරිකානු ජාතික තාරකා විද්‍යාඥ හෝල්ටන් කි‍්‍රස්ටියන් ආප් (1927 -03-21 – 2013-02-28) විසිනි.

Visual Guide to the Universe (by Professor David M. Meyer) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: