සැමට විදු නැන නුවණ – Science Literacy for All

වතුර උරා ගත් විට අපේ ඇඟිලි රැළි ගැසෙන්නේ ඇයි?

මුලින්ම සඳහන්  කරන්න  ඕන මිනිසුන්ගේ ඇඟිලි තුඩු ජලය අවශෝෂණයෙන් හෙවත් උරා ගැනීම නිසා රැළි නොගැසෙන බව. අපේ සම, බාහිරින් එන ජලය, බොහොමයක් ඈත් කොට තැබීමට සමත් සෑහෙන හොඳ බාධකයක්. දිය නෑමේදී හෝ රෙදි සේදීමේදී හෝ ජලයේ අත් තබා ගෙන වැඩිවේලාවක් ගත කිරීමේදී අපේ ඇඟිලිවලට ජලය අවශෝෂණය වන්නේ නම් සිදුවිය යුත්තේ ඒවා ඉදිමී, රවුම් හැඩයෙන් මහතට පෙනීමයි. එසේ නොමැතිව, හැකිළීයාම නොවේ. ඒත් අපේ අත් දැකීම අනුව ජලයේ තරමක වේලා ගත වන විට  ඇඟිලි තුඩු රැළි ගැසෙන බව අපි දනිමු. ඇත්තටම මෙලෙස ඇඟිලි රැළි ගැසෙන්නේ ඇඟිලි තුඩු අභ්‍යන්තරයේ දියර අඩුවීම නිසාවෙනි.

ඉතින් පිටතින් වැඩි ජලප‍්‍රමාණයකට නිරාවණය වූ විට අපේ ඇඟිලි අභ්‍යන්තරයෙහි  දියර ඇතිවන්නේ කෙසේද? භෞතික නැතිනම් කායික වශයෙන් ගත් කළ මෙම බලපෑම පෙනෙන්නේ විරුද්ධාභාසයක්  ලෙසටය. එසේ නම් මෙය පැහැදිලි  කරන්නේ කෙසේද? ජලයේ තරමක වේලා තිබෙන විට ඇඟිලිවල සම රැළි ගැසෙන්නේ ඇත්තටම අකි‍්‍රය ශාරීරික බලපෑමක් හෝ ප‍්‍රතිචාරයක්ම නොව සකී‍්‍රය වූ ජිව විද්‍යාත්මක ප‍්‍රතිචාරයක් වීම හේතුවෙනි. ස්නායු හානියකට පත් පුද්ගලයෙකුට ඉන් අනතුරුව ජලය නිසා ඇඟිලි රැළි ගැනීමක් කිසිදා ඇතිනොවන බව විද්‍යායෝ මෙයට වසර 100කට පමණ පෙර දැන සිටියහ. එසේ නම් පැහැදිලි වන්නේ ඇඟිලි රැළි ගැසීම පාලනය වන්නේ අපේ ස්නායු පද්ධතියෙන් බවයි. ස්නායු සංඥා හේතුකොට ගෙන ඇඟිලි තුඩුවල රුධිරවාහිනී හකුළුවන්නේ ඇඟිලි තුඩු වල දියර ප‍්‍රමාණය අඩුකරමිනි. මිදි ගෙඩියක් වියළි හැකිළී, වියළි මිදි ගෙඩියක් බවට පත්වන්නා සේ ඇඟිලි තුඩු වල දියර හීනවී යාම ඒවා හැකිලී යාමට බලපායි.

fingers

ඇඟිලි හැකිලීම සකී‍්‍රය ස්නාසවේදී ප‍්‍රතිචාරයක් වන නිසා පරිණාමීය වශයෙන් ඊට  චරණයක් හිමිවන්නට ඇත. එසේ කියන්නේ, මෙම ප‍්‍රතිචාරය කිසියම් ආකාරයකින් පැවැත්ම සඳහා වාසියක් සැලසිය හැකි හෙයිනි. එත් හැකිලීමක් කෙනෙකුගේ පැවැත්මට උපකාරීවන්නේ කෙලෙසද?  මේ ප‍්‍රශ්නය දිගු කලක් තිස්සේ මතුකෙරෙන අතර තවමත් හරිහැටි විසඳීමකට ළඟා වී නොමැත. කෙසේ වෙතත්, 2011 දී සිදු කරන ලද පර්යේෂණයක් විසඳුමක් පිළිබඳ ඉඟියක් පළ කරයි. Brains, Behavior and Evolution නම් සඟරාවේ වාර්තා කර ඇති පරිදි 2AI පරීක්ෂණාගාරයේ මානව සංජානනය පිළිබඳ අධ්‍යක්ෂ මාක් චැන්ගිසි සහ සගයන් විසින්, ඇඟිලිතුඩුවල රැලි ගැසෙන්නේ තෙත් ඇඟිලිවලින් අල්ලන විට ‘ගැම්ම’ තහවුරු කිරීමට බවට සාක්ෂි සොයා ගනු ලැබ ඇත. ‘ග‍්‍රහණය කළ පෘෂ්ඨයෙන් ජලය කාර්යක්ෂමව ඉවත් කිරීමේ හැකියාව ඇඟිලි රැළි ගැසීමේ රූපාකාරය තුළ ඇතැ’යි ඔවුහු ප‍්‍රකාශ කරති. වැස්සට ඔරොත්තුදීම පිණිස විශේෂයෙන් සාදන සපත්තු අඩි කට්ටවලින් ඇතිවන ග‍්‍රහනයට වඩා තෙත්වීමෙන් ඇතිවන රැළි, හොඳ ග‍්‍රහණයක් ඇති කරයි. තෙත්වීමෙන් ඇතිවන රැළි, අනෙක් අතට, වඩාත් න්‍යමශීලී තෙත් පෘෂ්ඨයක් මත තබා ඇඟිලි තුඩ තද කිරීමෙන් ඇඟිල්ල යටින් ඇති ‘දියර’ මිරිකා හැරෙන අතර ඇඟිල්ලෙහි සම්පූර්ණ සම පෘෂ්ඨය හකුළුවයි.

fingertipග‍්‍රහණය වර්ධනය කරගත් මානවයෙකුට වැසි වසින විට වඩා හොඳින් මෙවලම් සහ ආයුධ භාවිත කළ හැකි අතර ගංගා ඇළ දොළවලින් ආහාර එක්කර ගත හැකිය. මේ ආකාරයෙන් අත් ඇඟිලි ජලයට ප‍්‍රතිචාර දැක්වූ ආකාරය අපේ ආදිතමයන්ට සිය පැවැත්ම සඳහා කැපී  පෙනෙන වාසියක් අත්කර දෙන්නට ඇත. කයිරියාකොස් සහ සගයන් පිරිසක් 2013 වසරේ සිදු කළ පර්යේෂණයකින් පෙනී ගියේ පර්යේෂණයට සහභාගි වූවන්ට තෙත් ටීක් බෝල සහ ධීවර කටයුතුවලදී යොදා ගන්නා ‘බරු’,  බදුනකින් තවත් බදුනකට දැමීමේදී තෙත්වීමෙන් ඇඟිලි රැළි ගැසුනු විට කැපී පෙනෙන ආකාරයේ වැඩි වේගයකින් එම කාර්යය සිදු කල හැකි බවයි. තෙත් වූ වස්තූන් ග‍්‍රහණයකිරීමේදී මෑනවීමට හෙවත් හැසිරවීමට හා ඒවා විවිධ කාර්යයන්ට යෙදවීමේදී ඇඟිලි රැලි ගැසීම අපගේ එම හැකියාවන් වර්ධනය කරන බව මෙමගින් ඔවුහු පෙන්වා දුන්හ. මේ ආකාර ප‍්‍රතිඵල සනාථ කිරීම පිණිස තවත් පර්යේෂණ සිදු කළ යුතු බව පිළිගත යුත්තකි. එහෙත් මෙම අධ්‍යයන කිහිපය හඟවන්නේ  තෙත් වීමෙන් ඇතිවන ඇඟිලි රැළි ගැසීමට ග‍්‍රහණය වර්ධනය වීමේ උපන්‍යාසය වලංගු පැහැදිලි කිරීමක් විය හැකි බවයි.

Science Questions with Surprising Answers හී පළවූ  Why do my fingers absorb water and become wrinkled? ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: