සැමට විදු නැන නුවණ – Science Literacy for All

යෞවනෝදය: එයා දැන් ලොකු ළමයෙක්

 වැඩිවියට පත්වීම (Puberty) ගැන දත යුතු වැදගත් සියල්ල

teengroup   111111

යෞවනෝදය කියන්නේ කුමකටද?

වැඩිවියට පත්වීම යනුවෙන් සාමාන්‍ය වහරේ යෙදෙන යෞවනෝදය හෙවත් ‘ලිංගික පරිපාකය’ යන්නෙන් සැබැවින්ම අදහස් කරන්නේ කුමක්ද? මේ ගැන වැඩිහිටියන් මෙන්ම වැඩිහිටියන් වෙන්න ඉන්නා අයත්  ඕනෑතරම් අසා ඇතත් ප‍්‍රශ්නයක් ලෙස නැගූ විට බෙහෝදෙනෙකුට එකවර වාක්‍යයකින් හෝ දෙකකින් පැහැදිලි පිළිතුරක් දීමට අපහසුයි. ඇරත්, මේවා අපේ සමාජයේ එළිපිට සාකච්ඡාවට, කතාබහට ගන්නවාත් අඩුයි. යෞවනෝදය ගැන කෙරෙන කතා බහේදී වුණත් වැඩි වශයෙන්ම බාලිකාවන්ට පමණක් සම්බන්ධ කර කතා කිරීමද මෙහි ඇති එක් සීමාවක් ලෙස දැක්විය හැකියි. කතා බහ කළත් නොකළත් වැඩිහිටි තත්ත්වයට පත්වන තුරු ජීවත්වන්නේ නම් ස්තී‍්‍ර – පුරුෂ භේදයකින් තොරව ශාරීරික හා මානසික වශයෙන් අප මුහුණ දෙන තත්ත්වයක් ලෙස මෙය හැඳින්වීමට පුළුවන.

අපේ ශරීර වර්ධනයවීමටත් වෙනස්වීමටත් පටන් ගන්නා අවධිය ලෙසත් යෞවනෝදය හැඳින්වීමට හැකියි. කුඩා බිළිදෙකුව සිටි අවධිය හැරුණු කොට ජීවිතේ වඩාත්ම වේගයෙන් ශරිරය වර්ධනය වන්නේ,වෙනස් වන්නේ මේ අවධියේදීය. කොයි රටක ජීවත් වුවත්, පිරිමියෙකු හෝ ගැහැනියක වුණත්  කුළෑටි හෝ දඟකාර වුවත් උස් වුවත් මිටි වුවත් වැඩිවියට පත්වීම වැළැක්විය හැක්කක් නොවේ.

webmd_33333

මිනිස් අප එක්තරා වයසකට පැමිණි විට මොළය විශේෂ හෝමෝනයක් මුදා හැරීමත් සමගම වෙනස්කම් සියල්ල ඇරඹේ. එය හැඳින්වෙන්නේ ගොනැඩොට්‍රෝපිත මුදාහරින හෝර්මෝනය(gonadotropin-releasing hormone, or GnRH) හෙවත් රෝහීතර්පණ හෝමෝනය ලෙසටයි. කෙටි නම GnRH යන්නයි.  පිටියුටරි ග‍්‍රන්ථිය (pituitary gland = මොළය එක්කම යටින් පිහිටි මෑ ඇටයක හැඩය ගත් ග‍්‍රන්ථිය) වෙත GnRH ළඟා වූ විට එම ග‍්‍රන්ථිය රුධිරධාරාවට තවත් යෞවනෝද හොමෝන දෙකක් මුදා හරියි. ඒවා නම් කෙටියෙන් LH ලෙස දැක්වෙන ලූටීනීකරණ හෝමෝනය  (luteinizing hormone) සහ FSH වශයෙන් කෙටියෙන් දක්වන සපුනිකා උත්තේජක හෝමෝනය (follicle-stimulating hormone) වේ. බාලක බාලිකා දෙපාර්ශවයේම සිරුරේ මෙම හෝමෝන අඩංගුය. එමෙන්ම බාලකයෙක්ද බාලිකාවක්ද යන්න මත මෙම හොමෝන සිරුරේ විවිධ කොටස්වල කි‍්‍රයාත්මක වේ.

ගැහැණු-පිරිමි ළමුන්ගේ සිරුරේ ඇතිවන වෙනස්කම්

පිරිමි ළමයින් ගතහොත් මෙම හෝමෝන රුධිරය දිගේ ගමන් කර ටෙස්ටොස්ටරෝන් හා ශුක‍්‍රාණු නිපදවීම සඳහා වෘෂණවලට සංඥාව නිකුත් කරයි. යෞවනෝදයේදී පිරිමි ළම ෙයකුගේ ශරීරය තුළ වැඩිම වෙනස්කම් සිදුකිරීමට හේතුවන හෝමෝනය ටෙස්ටොස්ටරොන්ය. ප‍්‍රජනනය කිරීමට නම් පිරිමින් ශුක‍්‍රානු ෙසෙල නිපදවිය යුතු වේ.

8iRrqr_web 4444444

ගැහැනු ළමයින්ගේ ශරීරය තුළ FSH සහ LH යන හෝමෝන දෙකම ඉලක්ක කරගන්නේ උපතේ සිටම ඩිම්බ තැන්පත්ව තිබෙන ඩිම්බ කෝෂයි. මෙම හෝමෝන, එස්ට්‍රොජන් යනුවෙන්  තවත් හෝමෝනයක් නිපදවීම පිණිස ඩිම්බ උත්තේජනය කරයි. FSH සහ LH එක්ව මෙම එස්ට්‍රොජන් හෝමෝනය ගැහැනු ළමයකුගේ සිරුර පරිපාක වීමට මඟපාදන අතර ඇය ගර්භනී භාවයට සූදානම් කරයි.

ඉතින් යෞවනෝදයේදී ඇත්ත වශයෙන් සිදුවන දේවල් ඒ ආකාරයි. මෙකී හෝමෝන නැතිනම් රසායන ඔබේ සිරුරේ ඒ මේ අත යමින් ගැටවරවියේ ඔබ වැඩිහිටියෙකු බවට පරිවර්තනය කරන්නේ වැඩිහිටි මට්ටමේ හෝමෝන සමගය.

යෞවනෝදය සාමාන්‍යයෙන් ආරම්භ වන්නේ, ගැහැනු ළමුන්ගේ නම් වයස අවුරුදු 7 සිට 13 දක්වා අතරද, පිරිමි ළමුන්ගේ නම් 9 සිට 15 දක්වා අතරද වේ. සමහරුන්ගේ යෞවනෝදය මීට මදක් කලින්ද මදක් පසුවද ආරම්භ විය හැකිය. අප සැම දෙනාම එකිනෙකාට මද වශයෙන් වෙනස් නිසා සෑම දෙනාම තමන්ගේ සිරුරේ කාල සටහන අනුව යෞවනෝදය ඇරඹී දිගටම සිදුවේ. ඔබේ සමහර මිතුරු මිතුරියන් තවමත් කුඩා ළමුන් මෙන් පෙනී යද්දී තවත් සමහරු වැඩිහිටියන් මෙන් පෙනෙන්නේ මේ හේතුවෙනි.

එකවරම වාගේ ඇරඹි සීඝ‍්‍රයෙන් සිදුවන ශරීර වර්ධනය යෞවනෝදයේ කැපී පෙනෙන ලක්ෂණයකි. ‘බලා ඉන්දෙද්දි ලොකු වෙලා’ යනුවෙන් සමහරවිට  කියනු අසන්නට ලැබෙන්නේ මේ හේතුවෙනි. ස්තී‍්‍ර – පුරුෂ ළමුන් දෙපිරිසටම මෙය පොදුය. ශාරීරික වශයෙන්  යෞවනෝදයත් සමග ඇතිවන වෙනස්කම් හුදෙක් උස් – මහත් වීමට පමණක් සීමා නොවේ. මෙහිදී පිරිමි ළමුන් සහ ගැහැනු ළමුන් අතර වර්ධනය වන ආකාරයෙහි ඇතැම් වෙනස් කම් පැහැදිලිව දැක ගත හැකියි. පිරිමි ළමුන්ගේ උරහිස් පළල් වන අතර ඔවුන්ගේ සිරුරු මාංශපේෂීවලින් පොහොසත්ෙව්. කටහඬ ගැඹුරුය. සමහර පිරිමි ළමුන්ගේ පියයුරු මදක් වඞීමට ඉඩ ඇති නමුත් ඉන් බොහොදෙනෙකුගේ මෙම වර්ධනය යෞවනෝදයෙන් නිමාවත් සමගම අවසන් වේ.

ගැහැණු-පිරිමි ළමුන්ගේ සිරුරේ ඇතිවන ලිංගික වෙනස්කම්

image134 666666

පිරිමි ළමුන් අතර මෙයට අමතරව ලිංගික වශයෙන්ද වෙනස්කම් ඇතිවේ. ශිෂ්ණය දිගින් මෙන්ම ඝනකමින් ද වැඩිවේ. වෘෂණවල විශාල වීමක්ද මෙම අවධියේ දැක ගත හැකිය. මේ සියලූ වෙනස්කම් පෙන්නුම් කරන්නේ  යෞවනෝදයේදී බලාපොරොත්තුවන අන්දමට ඔවුන්ගේ සිරුරු වර්ධනය වන බවයි.

hqdefault 55555555

ගැහැනු ළමුන්ගේ සිරුරු යෞවනෝදයත් සමගම වඩාත් වක‍්‍රාකාර වීමට (රවුම් හැඩයක් ගැනිමට) පටන් ගනියි. නිතඹ තරවෙයි. තන පුඩු යට සුළු ඉදිමුමකින් ආරම්භ ඔවුන්ගේ පියයුරු වැඞීමට පටන් ගනී. සමහර අවස්ථාවල එක් පියයුරක් අනෙකට වඩා සීඝ‍්‍රයෙන් වර්ධනය කර විය හැකිය. එහෙත් බොහෝ විට ඒවා ක‍්‍රමයෙන් එක සමානවේ. සිරුරේ බර යම් පමණකින් වැඩිවීම බාලිකාවන්, කාන්තාවන් බවට වර්ධනයවීමේ කි‍්‍රයාදාමයෙහිම කොටසක් නිසා ස්වභාවිකව සිදුවන බර වැඩිවීම වැළැක්වීම පිණිස ආහාර පාන සීමා කිරීම සෞඛ්‍යයට අහිත කර විය හැකියි. බර වැඩිවීම කොයි අවස්ථාවක වුණත් ප‍්‍රශ්නයක් යයි සිතේ නම් උචිතම කි‍්‍රයාව වනුයේ වෛද්‍යවරයා සමග ඒ ගැන සාකච්ඡුා කිරීමයි.

බාලිකාවන්ගේ පියයුරු වර්ධනයවීමට පටන් ගෙන සාමාන්‍යයෙන් වසර 2 හෝ දෙකහමාරක් පමණ වන විට ඔවුන්ට සිය ප‍්‍රථම ඔසප්වීමට ඇතිවේ. යෞවනෝදය හෙවත් ලිංගික පරිපාක හොමෝන ඒවායේ කාර්යය ඉටුකරමින් සිටින බවට, ඇයට ලැබෙන ඉගි අතර මෙය ද එකකි.

කාන්තාවකට ඩිම්බකෝෂ දෙකක් ඇති අතර එක එක ඩිම්බකෝෂයෙහි ඩිම්බ දහස් ගණනක් තිබිය හැකිය. ඔසප් චක‍්‍රයෙහිදී එක් ඩිම්බයක් ඩිම්බකෝෂයෙන් එළියට අවුත් පැලෝපීය නාලය ඔස්සේ ගොස් ගර්භාෂයෙන් (දරු බොක්ක යනුවෙන්ද හැඳින් වේ) ගමන නිම කරයි. ගර්භාෂය, ඩිම්බකෝෂයෙන් ඩිම්බය පිටවීමට පෙර රුධිරය හා පටක අතිරේකව යොදා ගනිමින් එහි ආස්තරය (පටලය) ගොඩ නගා සකසයි. ඩිම්බය, ශුක‍්‍රානු ෙසෙලයකින් සංසේචනය වී ඇත්නම් එය ගර්භාෂයෙහි රැඳී සිට බිළිදෙකු බවට වර්ධනය වෙයි. එසේ වර්ධනය වීමේදී ගර්භාෂයේ බිළිඳා සෞඛ්‍ය සම්පන්නව සහ ආරක්ෂිතව සිටීමට එහි අතිරේක රුධිරය සහ පටක උපයෝගී කර ගනියි. බොහේ විට සිදුවන ආකාරයට ඩිම්බය සංසේචනය නොවන්නේ නම් එයට තවදුරටත් ඩිම්බ කෝෂ ආස්තරයෙහි අතිරේක රුධිරය හා පටක අවශ්‍ය වන්නේ නැත. එවිට ඩිම්බය යෝනිය හරහා ඔසප්වීම ලෙස පිටවේ. ඔසප් කාලය (menstrual period) සාමාන්‍යයෙන් දින 5 ත් 7 ක් පවතින අතර එම ඔසප් කාලය ආරම්භ වී සති දෙකකින් පමණ අලූත් ඩිම්බයක් මුදා හැරේ. මෙය ඔසප් චක‍්‍රයේ මැද සලකුණු කරයි.

ate 77777

යෞවනෝදය ගැන සාකච්ඡා කළ යුතු තවත් කරුණු තතු ඉදිරි ලිපියකින් බලාපොරොත්තු වන්න.

The Nemours Foundation, Nemours Web හි පළවූ  Everything You Wanted to Know About Puberty ලිපිය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

w

Basic HTML is allowed. Your email address will not be published.

Subscribe to this comment feed via RSS

%d bloggers like this: