ප‍්‍රභාවෙත් අධිකතම ක්වොසාරය(The Brightest Quasar)

Posted by

සුපිරි යෝධ ඉලිප්සීය මන්දාකිණියක් වන M87, ක්ෂීර පථයට වඩා විශාල වන අතර ස්කන්ධයෙන් බොහෝ සේ වැඩිය. එහි මැද සූර්යයාගේ ස්කන්ධය මෙන් බිලියන හය ගුණයක ස්කන්ධයක් සහිත කළු කුහරයකි. වර්ගෝ පොකුරේ (Virgo cluster) අනෙකුත් මන්දාකිණි හා ගැටීමෙන් කාලයාගේ ඇවෑමෙන් M87 වර්ධනය වී ඇත. එවැනි ඝට්ටන, කළු කුහරය ඇතුළට වායු එක් කිරීමට මුල පිරිය හැකිය. එය, එහි හරයෙන් නිරීක්ෂිත ද්‍රව්‍ය ධාරවක් පිට කිරීමට මග පාදයි.  අහසේ M87 න් අංශක 10 ක් ඈත්ව මෙතෙක් හඳුනා ගනු ලැබූ ප‍්‍රථම ක්වොසාරය පිහිටා ඇත. ( Quasar = ව්‍යාජ තාරීය වස්තු (Quasistellar Object) යන්නට යෙදෙන ඉංග‍්‍රීසි නමින් සාදාගත් වචනයකි) එය හැදින්වෙන්නේ  3C273 යනුවෙනි. අහසේ ප‍්‍රභාවත්ම ක්වොසාරය ද එයයි.  3C273 ආලෝක වර්ෂ 100,000 ක් දිග ධාරාවක් හෙළි කරයි. මෙය, එහි බල ප‍්‍රභවය වන අති දැවැන්ත කළු කුහරය වීම හා ගැලපේ.

නව තාක්ෂණය සමග ආකාශය ගවේෂණය කිරීම

තාරකා විද්‍යාවේ විශාලතම සොයා ගැනීම් බොහෝ විට ආරම්භ වන්නේ නව තාක්ෂණය සමගින් කලින් ගවේෂණය කර නැති තරංග ආයාම ඔස්සේ ආකාශය ගවේෂණය කිරීම මගිනි. රේඩියෝ තාරකා විද්‍යාව 1950 ගණන් වලදී කරළිය මැදට පැමිණෙද්දී ආකාශයෙහි ප‍්‍රභාවත් රේඩියෝ ප‍්‍රභව ගණනාවක් තාරකා විද්‍යාඥයන්ගේ ඇස ගැසුණු අතර ඒවායේ ස්ථානගත වීම  නාමාවලි ගත කිරීමට කැටලො ග් කිරීමටඔවුහු පටන් ගත්හ. එවැනි වඩාත් ප‍්‍රකට කැටලොගයක් සකස් කරන ලද්දේ එංගලන්තයේ කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් විසිනි . එය හැඳින්වෙන්නේ තුන්වැනි කේම්බි‍්‍රජ කැටලොගය හෙවත් 3C කැටලොගය ලෙසිනි.

3c273

සොයා ගනු ලැබූ මෙකී රේඩියෝ ප‍්‍රභවයන් සාමාන්‍ය තාරකා නිසා හටගන්නා විය නොහැකිය.  මන්ද, ආකෘතික වශයෙන් ගත් කල තාරකා රේඩියෝ ප‍්‍රභව දුලබ වීමේ හේතුවෙනි. රේඩියෝ අලෝකය විමෝචනය කරන අසාමාන්‍ය ප‍්‍රභවයන් ඇත්නම් ඇත්තටම ඒවා අනෙකුත් තරංග ආයාම ඔස්සේ නිරීක්ෂණය කිරීමට අවශ්‍ය වෙයි-විශේෂයෙන් ම ප‍්‍රකාශ තරංග ආයාම ඔස්සේ ගවේෂණය කිරීම අවශ්‍ය වේ. එහෙත් මෙය එම කාලවකවානුවේ දුෂ්කර කාර්යයක් වූයේ ආකාශයෙහි මෙකී රේඩියෝ ප‍්‍රභවයන්ගේ ස්ථානගත වීම දැන සිටියේ යාන්තමින් වීම හේතුවෙනි.

මෙසේ මෙකී ස්ථානගතවීම ගැන දැන ගැනීමට අපහසුවීමට හේතුව වූයේ විභේදනය සළකනවිට තනි-තැටි රේඩියෝ ටෙලස්කෝප (single-dish radio telescope) සමගින් ආකාශය අනුරූපගත කිරීමේ සීමාවන් තිබීමයි. නිදසුනක් ගතහොත් ඔස්ටේ‍්‍රලියාවේ පාකේස් රේඩියෝ ටෙලස්කෝපයේ තැටියෙහි විෂ්කම්භය මීටර් 64 කි. මෙම රේඩියෝ තරංග ආයාමවල පවතිද්දී – විශේෂයෙන් ම සෙන්ටිමීටර 20 පවතිද්දී පාකේස් ටෙලස්කෝපය චාප විනාඩි 11 ක විභේදනයකින් ආකාශය අනුරූප ගත කරයි. කිසියම් විශේෂිත ප‍්‍රභවයක් කෙරෙහි යොමුවීමට තරම් නොවන සේ එය අඩු  විභේදන ප‍්‍රමාණයකි. එහෙත්, චන්ද්‍රයා එකී වස්තුව ඉදිරියෙන් පසුකර ගමන් කරද්දී ඇතිවන අන්තර්ධානය (occulation = එක් ඛගෝලීය වස්තුවක් මගින් තවත් ඛගෝලීය වස්තුවක් වසා ගැනීම ) රේඩියෝ ස්ථානගත වීම දැන ගැනීමට යොදා ගත හැකිය.

3C කැටලොගයේ  273 වැනි වස්තුව චන්ද්‍රයා මගින් අන්තර්ධානය වන බව 1962 දී තාරකා විද්‍යාඥයන්ට තේරුම් ගියේය. චන්ද්‍රයා අහසෙහි එම කොටස පසුකර යනු ඇතැ. ඒ වකවානුවේ දී 3C273 නිරීක්ෂණය පිණිස පාකේස් රේඩියෝ ටෙලස්කෝපය යොදා ගනු ලැබූ අතර මෙම රේඩියෝ ප‍්‍රභවයේ ස්ථානගත වීම ප‍්‍රකාශ තරංග ආයාම වලදී නිල් පැහැ තාරකා වස්තුවකට අනුරූපක විය : කුඩා ටෙලස්කෝපයක් මගින් දැකබලා ගැනීමට තරම් මෙම වස්තුව ප‍්‍රමාණවත් ප‍්‍රභාවෙන් යුක්ත විය.

3C273 සේම, අවසානයේ දී තවත් රේඩියෝ ප‍්‍රභවයන් කිහිපයක් නිශ්චිතව සොයා ගැනීමට හැකි විය. මෙහි දී සිත ඇදී යන කාරණාව වූයේ ඒවා ද නිල් පැහැති තාරකා සේ පෙනී යන දෙය හා ගැලපීමයි. මෙම වස්තූන් ව්‍යාජ තාරීය විකිරණ ප‍්‍රභවයන් (quasistelar radio sources) ලෙස හැඳින්විණ. ක්වොසාර යනුවෙන් කෙටිව හැඳින්වීමට යෙදුනේ එයයි. ප‍්‍රකාශ තරංග ආයාමවල දී හඳුන්වා ගනු ලැබූව ද මෙකී ක්වොසාර වල ස්වභාවය සම්පූර්ණ අභිරහසක් විය. තාරකා කොහොමටවත් රේඩියෝ තරංගවල දී ප‍්‍රභාවත් නොවීම ඊට හේතුවයි. Maarten-Schmidtක්වොසාර්වල ස්වභාවය තාරකා විද්‍යාඥයන්ට අභිරහසක්ව පැවති 1960 ගණන්වල සිටි එම තාරකා විද්‍යාඥයන් අතර මාටන් ප්මිඩ්ට් (Marten Schmidt) නම් තරුණ තාරකා විද්‍යා මහාචාර්යවරයෙක් කැල්ටෙක් ආයතනයේ සිටියේ ය. එවකට ලෝකයේ තිබූ විශාලතම ටෙලස්කෝපය වන   අගල් 200- පැලොමාර් ටෙලස්කෝපයට ප‍්‍රවිශ්ට වීමට කැල්ටෙක් ආයතනයට හැකියාව තිබුණි. මෙය මුලින්ම එළිය දුටුවේ 1948 දීය. එවක් පටන් වසර 45 යනතුරු පෘථිවිය මත තිබූ විශාලතම ප‍්‍රකාශ ටෙලස්කෝපය එය විය.

 

පැලොමාර් ටෙලස්කෝපය යොදාගෙන ෂ්මිඞ්ට්  3C273හි  වර්ණාවලියක් ලබා ගත්තේය. එය කිසිසේත් ම මන්දාකිණි තාරකාවන් බඳු නොවීය. ආකෘතිකව ගතහොත් මන්දාකිණි තාරකා ඒවායේ වර්ණාවලියෙහි පටු අවශෝෂණ රේඛා පෙන්නුම් කරයි. එහෙත් මෙම වස්තුව ප‍්‍රදර්ශනය කළේ පුළුල් විමෝචන රේඛාවන්ය. විමෝචන රේඛා, දැනසිටි කිසිම මූල ද්‍රව්‍යයක් හා සැසඳිය මුලදී ඔහුට නොහැකි විය. මේවා ඇත්තටම හයිඩ‍්‍රජන් විමෝචන රේඛා බවත් එමෙන්ම ඒවා විශාල ප‍්‍රමාණයකින් රක්ත විස්ථාපනය වී ඇති බවත් ඔහුට වැටහී ගියේය. මනින ලද රක්ත විස්ථාපන ප‍්‍රවේගය තත්පරයකට කිලෝමීටර 48,000 කි.

Visual Guide to the Universe (by Professor David M. Meyer) ග‍්‍රන්ථය ඇසුරෙන් සැකසෙන ලිපි මාලාවක තවත් ලිපියක් 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.