බහීර් ග‍්‍රහයන් එකවර විශාල සංඛ්‍යාවක් සත්‍යාපනය කිරීමේ  නාසා නව ක‍්‍රමය

Posted by

දැනට දන්නා පිට සක්වල ග‍්‍රහ ලෝක සංඛ්‍යාව එකවරම සියයට 60කින් ඉහළයයි. ඒනාසා ආයතනයේ කෙප්ලර් මෙහෙයුම මගින් නව ග‍්‍රහයන් 1,284ක් සත්‍යාපනය කරනු ලැබීමෙන් අනතුරුවය. ග‍්‍රහයන් මෙපමණ සංඛ්‍යාවක් එකවර සොයා ගනු ලැබූ ප‍්‍රථම අවස්ථාව මෙයයි. සත්‍යාපනය සිදු කර ඇත්තේ කෙප්ලර් අභ්‍යවකාශ ටෙලස්කෝපයේ 2015 ජූලි ග‍්‍රහ අපේක්ෂක කැටලොගය විශ්ලේෂණය කිරීමෙන් අනතුරුවය.

කැටලොගයට අනුව ග‍්‍රහ ලෝක බවට පත්වීමේ විභවය සහිත වස්තු සංඛ්‍යාව 4,302කි. මෙයින් වස්තූන් 1,284කට ග‍්‍රහ ලෝක වීමේ විභවය සියයට 99කට වැඩියි. එය ග‍්‍රහ තත්ත්වය ලබාගැනීම පිණිස අවශ්‍ය අවම ප‍්‍රමාණයයි. මෙයට අතිරේකව ග‍්‍රහ ලෝක බවට පත්වීමේ විභවය සහිත වස්තු 1,327ක් ඇතත් ඉහත් කී අවශ්‍ය අවම ප‍්‍රමාණය නොමැති හෙයින් ඒවා ගැන තවදුරටත් අධ්‍යයන කළ යුතුව ඇත. මෙයට කලින් වෙනත් ශිල්ප ක‍්‍රම මගින් සත්‍යාපනය කරනු ලැබූ ග‍්‍රහ අපේක්ෂකයන් 984ක් ද මේ සමගම වලංගු කර ඇත.

කෙප්ලර් දුර ඈත ග‍්‍රහයන්ගෙන් ලැබෙන විහින්න සංඥා හසුකර ගනී. එ නම් මේ මැයි 9 දා බුද ග‍්‍රහයා සූර්යයා පසු කර යාමේදී සුදුවූ ආකාරයව ග‍්‍රහයෙකු එහි තාරකාව පසුකර යාමේ දි ඇතිවන ප‍්‍රභාවේ අඩුවීමේ සංඥාවයි. මෙයට දශක දෙකකව වැඩි කාලයකදී අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයෙන් පරිබාහරව ප‍්‍රථම ‘ග‍්‍රහයා‘ සොයා ගන් ලැබීමෙන් අනතුරුව පර්යේෂකයන් ග‍්‍රහ අපේක්ෂකයන් එකින් එක ගැන සොයා බැලීමේ අධික වෙහෙසකර සත්‍යාපන ක‍්‍රියා දාමයක් අනුගමනය කරති. එහෙත් අළුතෙන් සොයා ගනු ලැබූ බහීර් ග‍්‍රහයන් පිළිබඳ නිවේදනය නිකුත් කෙරෙන්නේ එකටර ග‍්‍රහ අපේක්ෂකයන් ගණනාවක් ගැන සොයා බලන නව සංඛ්‍යාලෙඛනාත්මක ක‍්‍රමයක් අනුගමනය කිරීමේ ප‍්‍රතිඵලයක් හැටියටය. ‘‘පාන් කපන විට බිම වටෙන කුඩා කැබලි එකිනෙක අහුලා බලන්නත් පූළවන්. හැබැයි ඒ ප‍්‍රමාණයෙන් අඩු නම්. එකවර බිම වැටෙන ප‍්‍රමාණය වැඩි නම් කොස්සකින් එකතු කරන්න පුළුවන්. සංඛ්‍යාලෙඛනාත්මක ක‍්‍රමය තමයි නාසා ආතනයේ කොස්ස‘‘ යයි නිව් ජර්සි හී ප‍්‍රින්ස්ටන් සරසවියේ සහකාර ජර්යේෂක තිමොති මෝර්ටන් කියා සිටියි.

kepler-exoplanet-discoveries-small-habitable-zones

ඒවායේ ප‍්‍රමාණය පදනම් කර ගන්නා විට අළුතෙන් වලංගු කළ ග‍්‍රහ තොගයෙන් 550 ක්ම පෘථිවිය මෙන් පාෂාණමය ග‍්‍රහයන් විය හැකිය. ඉන් 9 ක් ඒවායේ තාරකාව වටා කක්ෂගතව ඇත්තේ වාසයට යෝග්‍ය කලාපය තුළය.(එනම් ද‍්‍රව ජල කඩිති සෑදීමට හැකි උෂ්ණත්වයකින් හෙබි) මෙම නවය එකතුවීමත් සමගම සුවිශේසී බහීර් ග‍්‍රහ කණ්ඩායම 21 දක්වා ඉහළ යයි.

NASA මැයි 10දා නිකුත් කළ NASA’s Kepler Mission Announces Largest Collection of Planets Ever Discovered   නිවේදනය ඇසුරෙනි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.